GNS Blog

2012 January 7

ඉඟුරු-ඔය සිට ගල්බොඩ දක්වා.. | From InguruOya to Galboda..

Filed under: Travel — GNS @ pm 11:51

කස්ටියටම 2012 අවුරුද්දට ආයුබෝවන්..!

2012 අවුරුද්ද පටන්ගන්න කලින් 2011 ඉවර කලේ රේල්-හයික් එකකින්. හයික් එක ගියෙ ඉඟුරු ඔය ඉඳන් ගල්බොඩට. ඉඟුරු ඔය කියන්නෙ ප්‍රධාන දුම්රිය මාර්ගයෙ නුවර ඉඳන් බදුල්ල පැත්තට නාවලපිටියට පස්සෙ දුම්රිය ස්ථානය. ගල්බොඩ කියන්නෙ ඉඟුරු ඔයට පස්සෙ ස්ටේෂන් එක. ස්ථානය පැහැදිලි මදි වගේ නම් මේ ලින්ක් එකෙන් ගිහින් සිතියමෙන් බලන්න පුළුවන්.

ගමන සංවිධානය a.k.a. නඩේ ගුරා තමයි හොරණ දුම්රිය ස්ථානාධිපති මිස්ටර් වික්ස්. (වික්ස් ටොපී හදපු කෙනා නෙමෙයි, එයා Vicks මෙයා Wickz). තව ගමනට සහභාගි උනේ ඉන්දරේ, සෝරෝ, කණියා, බනියා, ප්‍රියන්ත අයියා සහ මම යා. තව, එනවා කියලා කවුරුවත්ම පොලු තිබ්බේ නෑ.  ;) උදේ 5.55 කොටුවෙන් පිටත් වෙන “පොඩි මැණිකේ“ කෝච්චියෙන් තමයි කට්ටිය පිටත් උනේ. කට්ටියව තැන් තැන් වලින් එකතු කරගෙන කෝච්චිය ඉඟුරු ඔයට යනකොට වෙලාව උදේ 10.15යි. එතන ඉඳන් තමයි පාද යාත්‍රාව අරඹන්නෙ.

ඉඟුරු ඔය ඉඳන් ඉතින් අඟලක් අඟලක් ගානෙ ෆොටෝ ගහන ගමන් ඉබි ගමනින් තමයි ඉස්සරට ඇදුනෙ. ගමනෙ මුළු දුර කිලෝ මීටර් පහක් විතර. අපේ ඉලක්කය දවල් දෙකයි තිහට ගල්බොඩට එන, පහළට එන “පොඩි මැණිකෙ” අල්ලගන්න එක. ඉඟුරුඔය – ගල්බොඩ අතරෙ තියෙන වැදගත් තැන් තමයි අංක 12 සහ 13 බිංගෙවල් දෙක. ඒ, ඒ බිංගෙවල් දෙක පිහිටලා තියෙන්නෙ පාලම-බිංගෙය-නැවත පාලම-නැවත බිංගෙය ආකාරයට වීම. ඉඟුරුඔය සටේෂන් එකට පස්සෙ ඉස්ටේෂන් එක ගල්බොඩ උනත්, අතර මැද අප්‍රධාන දුම්රිය නැවතුම්පොළවල් දෙකක් තියෙනවා ඒ, ‘හඟරන්ඔය‘ සහ ‘පෙන්රෝස්‘. එහෙම දුම්රිය නැවතුම් පොළවල් හුඟක්ම දකින්න තියෙන්නෙ උඩරට දුම්රිය මාර්ගයෙ. ඒ, තේ වතු ඇතුලෙ හැදිච්ච පුංචි ගම්මාන  වල ඉන්න අයට යන්න එන්න වෙනත් පාරවල් නැති නිසා, අදාල තේ වතු යායෙ නමින් පුංචි ස්ටේෂන් හදල තියෙන නිසා. ප්‍රධාන මාර්ගයෙ යන ප්‍රධාන කෝච්චි එකක්වත් මේ පුංචි නැවතුම්පොළවල් වල නවත්තන්නෙ නෑ. මේවගෙ නවත්තන්නෙ පොඩි දුරවල් දුවන කෝච්චි. (උදා : නාවලපිටිය – හැටන් දුවන කෝච්චිය).

කොහොම කොහොම හරි අප්‍රධාන දුම්රිය නැවතුම් පොළවල් පහු කරගෙන අපි හත් දෙනාගෙ කෝච්චිය හෙමින් හෙමින් අංක 12 බිංගෙ පහු කලා, පහු කරලා ගිහින් අංක 13 බිංගෙය ලඟ නැවතුනේ කොටුව-බණ්ඩාරවෙල නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය තෙවැනි ඇසට අසුකරගන්න. මේ අංක 12 සහ 13 බිංගෙවල් දෙකම එච්චි දිගක් නෑ. මීටර් 50ක්-60ක් විතර ඇති එකක්. කට්ටිය දැන් ස්ථානගත වෙලා ඉන්නවා 12ට විතර ගල්බොඩ පහු කරන ‘බණ්ඩාරවෙල ඉන්ටර්සිටිය‘ එනකන්. වැඩි වෙලා පරක්කු වුනේ නෑ. පැයක් විතර යන්න ඇති, ඔන්න දවල් 1ට විතර එනවා කෝච්චිය. ඒ හරියෙ කෝච්චිය (කඳු වටේ කැරකි කැරකි එන නිසා වෙන්න ඇති) කිලෝ මීටරයක විතර දුර ඉඳන් එනවා ඇහෙනවා. ඔන්න අංක 12 බිංගෙන් මතු උනා ලොවෙත් නැති කෝච්චියක්, පිටිපස්සෙන් පෙට්ටි දෙකකුත් ඇදගෙන. බලනකොට ඉන්ටසිටිය නෙමෙයි, නාවලපිටිය සහ හැටන් අතරෙ දුවන කෝච්චිය. මොනවා කරන්නද, ඉන්ටර්සිටිය කොයිවෙලේ හරි පාත්වෙයි කියලා බලාගෙන බලාගෙන ඉන්නවා කට්ටිය. කණියා ඒ අතරෙ කෝච්චියාට පින් දෙනවා, කණියා ගමනට සහභාගිවෙන්න අවස්ථාව දුන්න එකට, ඉස්සරහටත් මේ වගේ ගමන් වලට අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා කියලත් කිවුවා.

වෙලාව දවල් 1.45ට විතර ඇති, ඔන්න යන්තං අපි බලන් හිටපු කෝච්චිය එනවා, යාන්තම් පැය දෙකක් විතර පරක්කු ඇති. ඔන්න නියම “නගරාන්තර සීඝ්‍රගාමී“ කෝච්චි. මේයා එනකන් තමයි කට්ටිය පැය දෙකක් විතර ගස් ගල් උඩ නැගගෙන බලන් හිටියෙ.

කොහොම හරි බලන් හිටපු වැඩේ කරගත්තා, දැන් තියෙන්නෙ අංක 13 බිංගෙය පහු කරලා ගල්බොඩ දුම්රිය ස්ථානයට පැනගන්න එක. ඊට කලින් කස්ටිය ෆොටෝ එකක් ගන්න කියලා ප්‍රියන්ත අයියගෙ ත්‍රිපාදෙ (Tripod) එක අටවලා, කැමරාවත් අටවලා ලෑස්ති වෙනකොටම ඔන්න තවත් කෝච්චියක සද්දයක් ඇහෙනවා. බලනකොට අපි ඉස්සෙල්ලම බණ්ඩාරවෙල ඉන්ටර්සිටිය කියලා රැවටුන නාවලපිටිය-හැටන් කෝච්චිය හැටන් ගිහින්, හරවගෙනත් එනවා. :D

කොහොම හරි ඒකට යන්න ඉඩ දීලා කස්ටියගේ සමූහ ඡායාරූපයක් ගත්තා, මේං ඉන්නවා ගිය නඩේ..

© Priyantha | Edit : Zoro

සමූහ ඡායාරූපය අරන් අංක 13 බිංගෙන් එහා පැත්තට පැනගන්න කියලා හදනකොටම මෙන්න තවත් කෝච්චියක්! එන්න ගත්තහමත් එපා කියනකන්ම කෝච්චි.. ඒ සැරේ ආවෙ කොටුවෙන් 9.45ට බදුල්ලට පිටත්වෙන “උඩරට මැණිකෙ“. ලංකාවෙ දැනට තියෙන පරණම එන්ජිමක් තමයි ‘උඩරට මැණිකෙ‘ව ඇදගෙන ගියෙ, ඒ අංක 626 දරණ M2c වර්ගයෙ එන්ජිමක්. ඒකෙ තියෙන විශේෂත්වය, දැනට උඩරට මාර්ගයෙ දුවන එකම M2 එන්ජිම ඒක වීම ලු.

ණ්ඩාරවෙල නගරාන්තර දුම්රියට ඉඩදෙන්න තමයි මේ හැටන්-නාවලපිටිය කෝච්චියයි, උඩරට මැණිකෙවයි නවත්තගෙන ඉඳල තියෙන්නෙ. කොහොම හරි කෝච්චි නිසා ට්‍රැෆික් එකට අහුවෙලා  හිටපු අපි අන්තිමේදි යන්තම් අංක 13 බිංගෙය පහු කරගත්තා. බිංගෙය පහු කරපු ගමන්ම ගල්බොඩ, නොහොත් අපේ ගමනාන්තය. දවල් 2.15ට විතර ගල්බොඩ ස්ටේසමට ගිය අපි ඉස්ටේසම ගාව කඩේකින් තේ එකක් එහෙම බීලා, ආපහු ගෙවල් බලා පිටත් වෙන්න දවල් 2.40 (එනකොට 3ට විතර) කෝච්චියට ගොඩවුනා.

 

2011 September 10

සම්පත් නෙට් වෙනුවට “සම්පත් විශ්ව” | SampathVishwa instead of SampathNet

සම්පත් නෙට්, සම්පත් බැංකුවෙ අන්තර්ජාල බැංකු සේවාව දැන් සෑහෙන කාලෙක ඉඳන් ක්‍රියාත්මක වෙන සේවාවක්. ටිකක් විතර පරණ පාට UI (User Interface) එකක් සහ එක විට ටැබ් දෙකක වැඩ කටයුතු කරන්න බැරි අවුල තදටම තිබුන පද්ධතියක් තමයි සම්පත් නෙට්. එක ටැබ් එකක එක පිටුවක් Open කරලා, තවත් පිටුවත් තව ටැබ් එකක් open කලොත් ටැබ් දෙකෙන් එකක Session එක destroy වෙලා.. :D

Sampath Vishwa

අලුතින් හඳුන්වල දීල තියෙන “සම්පත් විශ්ව“ එකේ අර අවුල් නම් නෑ. UI එකත් ලස්සනයි, පහසුයි. බිල් ගෙවන පිටුව ගානට කැටගරි අනුව වර්ග කරලා තියෙන්නෙ,
Sampath Vishwa Payments Pageතවත් දෙයක්, සම්පත් නෙට් ගිණුමක් පවත්වගෙන යනවට සම්පත් බැංකුව රු700 ගාණක් අය කලා, සම්පත් විශ්ව ගිණුමකට වාර්ෂික ගාස්තුව රු500ක් කියල තමයි සම්පත් වෙබ් අඩවියෙ කියල තියෙන්නෙ, වැදගත්ම අංගය තමයි ක්‍රෙඩිට් කාඩ් විස්තර ඉතා පැහැදිලිව හා විස්තරාත්මකව නව අඩවියෙ දක්වලා තියෙන එක, අපි නම් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චියක් නෑ (ඇත්තම කියනව නම් කාඩ් එකක් ගන්න බැංකුවට පෙන්නන්න වත්කමක් නෑ :D ), අපි පාවිච්චි කරන්නෙ ඉතින් වෙබ් කාඩ් තමයි.. (ඔන්න වෙබ් කාඩ් පාවිච්චි කරන අයට බලාගන්න මාගල පිටින්ම දැම්මා ක්‍රෙඩිට් කාඩ් විස්තර පිටුව..)
Sampath Vishwa Credit Cards

ගෙවපු මුදල රුපියල් වලින්ම සහ ඩොලර් (හෝ වෙනත් ගෙවන ලද මුදල් ඒකකයෙන්) යන දෙකෙන්ම දක්වලා තියෙන එක ලොකු පහසුවක් (මොකද, කාට ගෙවුවද කියල මතක නෑ නෙ, කීයක් ගෙවුවද කියල විතරනෙ මතක)

 

සම්පත් නෙට් වල තිබුන අවුලක් සම්පත් විශ්ව එකෙත් එහෙම්මම තියෙනවා, ඒ තමයි Password එක අමතක උනොත් බඩු පැකට් වෙන එක.. ඒ කියන්නෙ, Password Reset Option එකක් මේකෙත් නෑ, Password Reset කරගන්න නම් බැංකුවට ගිහින් ලියුමක් දෙන්න වෙනවා Account Lock එක ඇරලා දෙන්න කියල හරි, අලුතින් password එකක් දෙන්න කියල හරි.. බැංකුවෙන් ලියුම Card Center එකට යවලා, ඒකෙන් කරන හරිය කරලා, ආපහු බැංකුවට අලුත් Password එක එවලා, බැංකුවෙන් අපිට ලියුමක් එවලා අපි ගිහින් Password එක ගන්නකොට කොහොමත් සති දෙක-තුනක් ගිහින්..

Online Password Reset කරගන්න පහසුතමක් නැති තරමට හොඳයි හැබැයි සල්ලි එක්ක ගණුදෙණු කරනකොට. ඒත් ලඟම සම්පත් බැංකු ශාඛාවට ගිහින් password reset කරගන්න පුළුවන් උනා නම් ඒ හොඳටම ඇති..

කොහොඹ උනත් සම්පත් නෙට් ගිණුමක් තියෙන අය අදම Migrate වෙන්න, වෙබ් කාඩ් පාවිච්චර කරන අය අලුත් ගිණුමත් පටන් ගත්තට පාඩු නෑ. වැඩි විස්තර සම්පත් බැංකු වෙබ් අඩවියෙන් : Sampath Vishwa ..

2011 September 1

වෙබ් අඩවි සඳහා ෆේස්බුක් ලයික් | Facebook LIKE for Websites

Filed under: Public,Technology — Tags: , , , — GNS @ pm 3:00

“ෆේස්බුක් ලයික්“ මේ වන විට ඉතාම ජනප්‍රිය විශේෂාංගයක්. ෆේස්බුක් අඩවිය තුල මෙන්ම, වෙනත් වෙබ් අඩවි තුල පවා දක්නට ලැබෙන ලිපි, තම මිතුරන් හා බෙදාගැනීමට ෆේස්බුක් විසින් මේ අංගය හඳුන්වා දී තිබෙන්නෙ, මෙහි ඇති විශේෂම ලක්ෂණය තමයි තනි ක්ලික් එකකින් (Single Click) ලයික් කිරීම සිදුකල හැකි වීම. ඕනෑම අඩවියකට Like button එකක් යොදාගැනීමේ සරලම ආකාරය තමයි පහතින් දක්වල තියෙන්නෙ,

<iframe src="http://www.facebook.com/plugins/like.php?href=http://link_to_like"></iframe>

LIKE ක්‍රියාවලියෙදි පාර්ශව තුනක් දායක වෙනවා, ඒ ලයික් බොත්තම ඇති පිටුව (Current Page), ෆේස්බුක් අඩවිය, ලයික් කල යුතු පිටුව (Destination Page)

http://www.facebook.com/plugins/like.php?href=http://link_to_like

ඉහත සබැඳුමෙහි නිල් පාටින් දක්වා තියෙන්නෙ Facebook අඩවිය සම්බන්ධ වන ආකාරය, රතු පාටින් දක්වල තියෙන්නෙ ලයික් කල යුතු පිටුව, මේ මුළු සබැඳුම ම තියෙන්න පිටුව තමයි current page එක.
(destination url එක ලෙස current page එකම වුවත් භාවිතා කරල තියෙන්න පුළුවන්)

current page එක තුල ලයික් බොත්තම load කරගැනීමට ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ iFrame එකක් භාවිතයෙන් හෝ, FBML (Facebook Markup Language) භාවිතයෙන්.
පිටුව තුල දැමීමට අදහස් කරන්නෙ එක ලයික් බොත්තමක් පමණක් නම් මින් කුමන ක්‍රමය භාවිතා කලත් ගැටළුවක් නැහැ. නමුත් Like button එකකට වැඩි ගණනක් දැමීමට අදහස් කරනවා නම් FBML බාවිතා කරන එක වඩා උචිතයි.
FBML හි වාසිය නම්,
<script src=”http://connect.facebook.net/en_US/all.js#xfbml=1″></script> ලෙස <head> ඇතුලත් කර,
Like button එක ලෝඩ් කිරීමට අවශ්‍ය වූ විට <fb:like href=”link_to_like”></fb:like> ලෙස යෙදීමෙන් පමණක් ලයික් බොත්තම ලෝඩ් කරගැනීමට හැකිවීමයි.

තමන්ට අවශ්‍ය ආකාරයට ලයික් බොත්තමත් නිර්මාණය කරගැනීමට https://developers.facebook.com/docs/reference/plugins/like වෙත පිවිසෙන්න.


දැන් Like Button එක හදාගෙන ඉවරයි, කොහොමද දැන් වැඩේ වෙන්නෙ?

Facebook LIKE procedure
ඉස්සෙල්ලාම, Like Button එකෙන් ෆේස්බුක් අඩවියට කියනවා “මේ ලින්ක්“ එකට ලයික් එකක් දාන්න කියලා (Step 1),
ඊට පස්සෙ ෆේස්බුක් අඩවියෙන් අදාල destination page එකේ මූලික විස්තර ටික ඉල්ලනවා (Step 2)
අදාල පිටුවෙ මූලික විස්තර (පිටුවේ Title එක, පිටුවට අදාල Thumbnail එක ආදිය) meta tag වල දක්වලා තියෙනව නම් ඒ විස්තරත්, එහෙම දක්වලා නැතිනම් ඒ අවස්ථාවේ පිටුවේ තියෙන Title එක, පිටුවේ කොතන හෝ ඇති පින්තූරයක් thumbnail එක ආදිය මූලික දත්ත  ලෙස නැවත ෆේස්බුක් අඩවිය වෙත යැවෙනවා. (Step 3)


දැන් Destination Page එක ගැන පොඩ්ඩක් හොයල බලමු,
ඉහත සඳහන් කල මූලික විස්තර ෆේස්බුක් අඩවිය විසින් කියවනු ලබන්නේ Open Graph ටැග තුල විස්තර තියෙනවා නම් පමණයි, මෙහි තියෙන වාසිය තමයි, තමන්ට අවශ්‍ය දත්ත ෆේස්බුක් අඩවිය වෙත ලබාදෙන්න හැකි වීම.
පහත දැක්වෙන්නෙ මේ සඳහා අවශ්‍ය මූලික ටැග

<meta property="og:title" content="වෙබ් අඩවි සඳහා ෆේස්බුක් ලයික්  | Facebook LIKE for Websites" />
<meta property="og:type" content="article" />
<meta property="og:url" content="http://blog.gnslk.com/link" />
<meta property="og:image" content="http://www.gnslk.com/image" />
<meta property="og:site_name" content="GNS blog" />
<meta property="fb:admins" content="76399949708" />

මෙහි  og:type එක නිසි ආකාරයෙන් සඳහන් කරල තියෙන්න ඕනෙ, මෙම ලැයිස්තුවෙන් තමන්ගේ ලින්ක් එකට වඩා ගැලපෙන og:type එක තෝරාගන්න, https://developers.facebook.com/docs/opengraph/#types
තවද, මෙහි ඇති වැදගත්ම අංගය තමයි, fb:admins තුලින්, මෙම ලින්ක් එක අයිති කා හටද කියන එක සඳහන් කල හැකි වීම. මෙතනට අයිතිකරුගේ Profile ID එක යෙදීම තුලින් අදාල සබැඳුමට ලයික් කල අය පිළිබඳ විස්තර ලබාගන්න පුළුවන්.

මෙම Open Graph ටැග තිබිය යුත්තෙ Like Button එක මගින් point වෙන Destination Page එකේ <head> කොටස තුල,


Self Hosted WordPress සඳහා open graph දැමීමට අවශ්‍ය නම් පහත කේතය භාවිතා කල හැක.  මේ සඳහා Theme ෆෝල්ඩරය තුල ඇති header.php ගොනුව edit කල යුතුය

<meta property="og:title" content="<?php echo the_title() ?>"/>
 <meta property="og:type" content="article"/>
 <meta property="og:url" content="<?php echo get_permalink(); ?>"/>
 <meta property="og:image" content="fixed_image_url"/> (මෙසේ යෙදීමෙන් හැම විටම පෙන්වන්නෙ එකම පිංතූරය, Theme එක Featured Image සඳහා සහය දක්වයි නම් එක භාවිතා කරන්න)
 <meta property="og:site_name" content="Blog Name"/>
 <meta property="fb:admins" content="your_facebook_id" />

2011 August 30

කඩල ඇක්සිඩන්ට් එක

Filed under: Public,Travel — Tags: , , , — GNS @ pm 10:55

හැප්පුවා… එහෙමත් නැත්නම් හැප්පුනා… ලඟදි දවසක බයිසිකලේ ගිහින් ඇන්නා, කඩල කාරයෙක්ට.. පොඩි වැඩකට කඩුවෙල පැත්තට යද්දි සිද්ධිය උනෙ. හරියටම අලුත් නුවර පාරයි, කඩුවෙල ටවුන් එකයි අතර තියෙන බඩඉරිඟු කඩ ලයින් එකේ කෙනෙක්ට තමයි ඇන්නෙ.
බයිසිකලේ ගත්තත් හරි ඇක්සිඩන්ට් එකක් හැප්පිච්ච පළවෙනි වතාව. හිතට දුකයි, දුකටත් වඩා කේන්ති.

පාර හොඳටම පැහැදිලි, මම ගියා පැ.කි.මී.70ට විතර, කඩල තාච්චියක් ඉනේ තියාගෙන ඩයල් එකක් ආතල් එකේ පාර පනිනවා. ඔය වගේ ගෝත ඩයල් වලට හරියන්නම හෝන් එකකුත් හයි කරල තියෙන්නෙ බයිසිකලේ. මීටර් 200ක් විතර දුර ඉඳන් හෝන් කරන් ආවා, මූ නෙමෙයි බලන්නෙ, ආපු වේගෙන්ම මීටර් සීයක් විතර ගියා, ම්හු! වෙනසක් නෑ, එනපොට හොඳ නෑ වගේ තේරුන හින්දා ගැහුවා බ්රේක්, ඉන්දියන් බයික් නෙ, බසියිකලේට ඕනෙ වෙලාවට තමයි නවතින්නෙ, බුවා ගාවටම ගියා (හෝන් එකත් ගහගෙනම) බයික් එක නැවතුනා. ඒත් හැප්පුනා.. (හැප්පුනාද, හැප්පුවාද කියල මතකයක් නෑ. මට ඔය වගේ අසිහියෙන් පාරෙ යන ඩයල් එක්ක කොහොමත් මල.)

මං උට බැන්නා “කොහෙද මිනිහෝ යන්නෙ?“ ඌත් ඇරියෙ නෑ, “කොහෙද කැ#$ යන්නෙ, අයිං කරල නවත්තපිය බයිසිකලේ“ මොනව උනත් මම නෙ ඇන්නෙ, දැන් ඉතින් ගෙවපංකො අලාබෙ.. අයින් කරල නැවැත්තුව, අරූ ඌ දන්න කුණුහරුප ඔක්කොම කියල බනිනවා. බැන්නා මදිවට බුවා ඇවිත් නෙලුවා දඩාං ගාල මගෙ ඔලුවට.. (මම හෙල්මට් එක දාගෙන හිටියෙ), මට තවත් මල.. ඇයි යකෝ මුගෙ වැරැද්දට මුටම අලාබෙ ගෙවන්න නවත්තපුවම මුං අපිට කොකා පෙන්නන්න හදනවනෙ, වටේ පිටේ කඩ ලයින් එකේ අය සෙට් වෙන්න යනව වගෙත් තේරුන හින්දා මං එහෙම්මම බයිසිකලේ ස්ටාර්ට් කරං මාරු උනා. මොකටද නිකං අහක යන කඩල කන්නෙ..

ඉහත සිදුවීම 9GAG රූප සටහනක් ආශ්‍රයෙන් :

කතාවෙන් ගතයුතු ආදර්ශ :

  • කොතනින් හරි ගෝතයෙක් පාර පැනීමට ඉඩ ඇති නිසා කොච්චර පාර ක්ලියර් උනත් කඩ ලයින් එකක් මැද්දෙන් වේගය 50 නොඉක්මවිය යුතුය
  • වැරදීමකින් හෝ හැප්පුනොත්, හැකි ඉක්මනින් එම ස්ථානයෙන් පලා යා යුතුය (කඩල කාරයක් සමඟ කතා කර විසඳාගත නොහැක. රැඳි සිටියහොත් සිදුවන්නේ බඩ පුරා කෑමටය)
  • ගෝත ඩයල් එකක් පාර මැද සර්කස් පෙන්වන බවක් දුටු විගස කොපමණ ශබ්ධයක් ඇති හෝන් එකක් තිබුනත්, එය නොගසා වාහනය නැවැත්වීමට සූදානම් විය යුතුය.
  • කඩුවෙල පැත්තෙන් යන විට අර බුවාගෙන් ප්‍රවේසම් විය යුතුය

 

නිමි

2011 August 15

නාලාගිරි දමනය

Filed under: Miscellaneous — Tags: — GNS @ pm 7:16

PS: මෙය මම විසින්ම තෙලැස්ට්‍රෝවට ලියන ලද්දක් බව කරුණාවෙන් සලකන්න

මේක අපි ඉස්කෝලෙ 11 වසරෙ (2005) ඉන්නකාලෙ වෙච්ච සීන් එකක්. සිංහල පොතේ හරි, සිංහල සාහිත්‍ය පොතේ හරි (කොයි පොතේද කියල මතක නෑ. දෙකම කලේ එකම සර් කෙනෙක්) තිබුනා “නාලාගිරි දමනය” කියලා පාඩමක් (බුද්ධාගම පොතේ තියෙන්න ඕනෙ එකක් තමයි. ඒ උනත් තිබුනෙ සිංහල පොතේ). ඒ කාලෙ ඔය ඇගයීම් බර ගානක් කරන්න තියෙනවනෙ, පොත් හදන්න, නාට්‍ය රඟපාන්න, ඊ.ටී.සී.. අපිට ඔන්න ඇගයීමක් ආවා, නාලාගිරි දමනය පාඩම අපි රඟපාන්න ඕනෙ. තමන් කැමති කොටසක් කරන්න පුළුවන්. විනාඩි පහක්-දහයක් විතර තමයි එක කණ්ඩායමකට ලැබෙන්නෙ. හැබැයි එකම කොටස ආපහු කරන්න බෑ. මුළු පන්තියම කණ්ඩායම් වශයෙන් ඔන්න කතාවෙ කෑලි කෑලි කලා කියමුකො. අන්තිම පේලිය නියෝජනය කිරීමේ (අන්තිම පේලියෙ හිටියත් හරි අවාසියකට කියල උනේ මෙච්චරද මංදා) ප්‍රීතිය නිමිත්තෙන් අපේ සෙට් එකට කරන්න පාඩමේ කොටසක් තියා එක වාක්‍යයක් වත් ඉතුරු වෙලා නෑ.

කට්ටිය කතා වෙනවා අපි මොකක්ද කරන පාට් එක කියලා. ඔන්න එතකොට එකෙක් පට්ට යෝජනාවත් ගෙනාවා. අ.පේ. කස්ටිය එකපයින් අනුමත කලා යෝජනාව. දැන් අපේ කස්ටියගෙ වාරෙත් ආවා. කස්ටිය රංග භුමියට සම්ප්‍රාප්ත උනා. පන්තියම වට වෙලා බලන් ඉන්නවා මුං මොකක්ද කරන්න යන පාට් එක කියලා.

අපේ ටීම් එකේ ලීඩර් තමයි ඉස්සෙල්ලාම එන්ටර උනේ. ඌ කස්ටියව ගානට හදනවා.

ලීඩර් : (පන්තියෙ අනිත් උංට) හා හා.. කට්ටියම පස්සට වෙන්න. මේ වගේ ෂෝ එකක් නිකං බලන්න දෙන්නෙ නෑ. ඉස්සරහ ඉඳන් බලනව නම් ඩබල් චාජ් කරනවා.

ටීම් එකේ එකෙක් – “අනේ අයියෙ බැරිද පොඩි ඩිස්කවුන්ට් එකක් දෙන්න.”
ටීම් එකේ තව එකෙක් – “කකුල කකුල.. රිදෙනව කකුල.. පාගන්නෙ නැතුව අහකට වෙනවලා.”
(මෙය සූර පප්පා කාටූනයෙන් උපුටාගෙන එම නාට්‍ය සඳහා භාවිතා කරන ලද්දක් බව කරුණාවෙන් සලකන්න)
((විනාඩි පහක් විතර ඕකම කර කර ඉන්නවා අපේ ටීම් එකේ ලීඩර්))

සර් – කෝ කෝ දැන් ඇති කට්ටියව හැදුවා. ඉක්මනට පටන් ගන්න.

ලීඩර් – ආ.. හරි සර්.

(ආපහු මූ කට්ටියව හදනවා. එකෙක්ව ඉස්සරහට කරනවා, තව එකෙක්ව පස්සට කරනවා. ඊ.ටී.සී.)

සර් - “පටන් ගන්නෙ නැද්ද. දැන් ඇති ඔය.. “

මේ සැරේ නම් යක්සයා ආරූඩ වෙච්ච මූඩ් එකක් සර්ගෙ තිබුනෙ. ඒත් ඉතින් අපි තෝරගත්ත කොටසෙ හැටියට නොකරත් බෑ. ලීඩර් කාරයා වෙන දෙයක් වෙච්ච දෙන් කියලා හිතහදාගෙන

“සර් අපි පටන් අරන් තමයි තියෙන්නෙ.”

සර්ට එකසිය විස්සට මල දැන් නම්. “පටං අරන් තියෙන්නෙ? මොකක්ද තමුන් රඟපාන්න තෝරගත්ත කොටස?”

(මුළු පන්තියම මීයට පිම්බා වගේ බලං ඉන්නවා. සර්ට මල පැනලා හින්දා එකෙක්වත් හ්ම් සද්දයක් නෑ)

ලීඩර් – “අපි තෝරගත්තෙ සර්, නාලාගිරි ඇතා එනකං මිනිස්සු බලං ඉන්න සීන් එක”..

සුනාමියක් ලඟම එනව කියල තේරුන හින්දා අපි කස්ටියම අනිත් උං අස්සෙන් රිංගල ගිහින් පිටිපස්සෙන් හිටගත්තා.

සර්ගෙ මලේ උපරිමයට ලඟාවෙලා සර් බනිනවා. “(^*%&$%*((_(*&($#%*&)(_)(_)&(&^*^%”

ටික වෙලාවක් ඉඳලා ආපහු බනිනවා “පිටරටින් එක එක කුණුකන්දල් උස්සං ඇවිත් හඬකවලා ලමයිංගෙ ඔලු නරක් කරන ඉන්දියන් චැනල් බලන එක කට්ටියම වහාම නවත්තන්න ඕනෙ” (ඒ බනින්නෙ සූර පප්පා එකේ පාට් එකට) ඊ.ටී.සී.

තත්වය සන්සුන් උනාට පස්සෙ කට්ටියම සාමයෙන් පන්තියෙන් ගිහින් වාඩි උනා. පස්සෙ අපේ කාණ්ඩෙට වෙනම ඉස්පෙසල් දේශනයක් එහෙමත් හම්බ උනා. සර් අපිත් එක්ක ජම්මාන්තර වලියක් නැති නිසා තත්වය ගොඩින් බේරුනා. දැන් ඒ සර් ලු අපේ ඉස්කෝලෙ “විනය පාලක”. කොහොම උනත් අපේ කවුරුත් අදටත් දනනෙ නෑ ඒ ඇගයීමට අපිට ලකුණු කීයක් හම්බ උනාද කියලා.

 

නිමි

 

ප.ලි. – අපිට බැන්නට සර් ත් සූර පප්පා බලනවා ඇති. නැත්නම් කොහොමද එකම එක වාක්‍යකින් සූර පප්පා එකෙන් උස්සපු පාට් එක අල්ලගත්තෙ. :)

Older Posts »

Powered by WordPress