GNS Blog

2009 February 9

“ලං.ග.ම”යේ දියුණුව ‘දැයට කිරුලේදී’ දුටිමි…

Filed under: Technology — Tags: , , — GNS @ am 7:38

දැයට කිරුල ලාංඡනය

අපි දැයට කිරුල බලන්න ගියේ සිකුරාද බව මතක ඇතිනේ, මේ සටහන ලියන්න අද (සඳුදා) වෙනකම් හි‍ටියෙ ඇයි කියල හි‍තෙනවත් ඇති නේද?

හෙතුව පහළට යනකන්ම කියෙව්වොත් දැනගන්න ලැබේවි‍‍..

—–

අපි කවුරුත් දන්න CTB නොහොත් ‘සිලෝන් ටකරන් බස්’ දන්න කාලෙ ඉඳලම මහ ‘අල’ සේවාවක් ලබා දුන්න බව නොරහසක්.

නමුත් දැන් දැන් ඒ තත්වයෙන් මිදිලා පොඩ්ඩක ඔලුව උස්සමින් ඉන්න වග ටිකක් තදට පේන්න තියෙනවා.

දුර ගමන් සේවා සඳහා ‘කිරි කිරි’ බස් රථ එහෙමත් දාලා නොවැ (පොඩි පාරවල් වලටත් දාලා නැතුවම නොවෙයි)

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොලේ ආකෘතියක්

පිටකොටුව

—–

මේ ඔවුන් හන්ඳුන්වල දෙන්නෙ ඔවුන්ගෙ වෙබ් අඩවියෙන් අපිට ගත හැකි ප්‍රයෝජන ගැනයි.

ඔවුන්ට අනුව මෙම වෙබ් අඩවිය (www.sltb.lk) පෙබරවාරි 07 වන දින දියත් කල යුතු වුවත් මේ වන තුරුත් එය දියත් වෙලා නම් නැහැ‍.

කෙසේ වෙතත් ඔවුන් සඳහන් කල ආකාරයට නම් මෙමඟින් අපට අප ප්‍රදේශයට අදාල ඩිපෝව පිලිබඳ සියළුම තොරතුරු ලබාගත හැකියි.

එනම් ඩිපෝ පෙලගැස්වීම (ranking)ට අනුව තම ඩිපෝවට හිමි ස්ථානය (රූපයේ පෙනෙන්නේ එහි රූප රාමුවකි), ‍දෛනික ලාභය, ඩිපෝවේ ක්‍රියාකාරකම් (බස් ධාවනය වන මාර්ගයන්, හිමි බස් රථ ප්‍රමාණය ආදිය) වැනි තොරතුරු මේ මඟින් ලබාගත හැකියි.
මෙන්න ඊලඟ item එක,

මේකෙන් පුළුවන් අදාල බස් රථය දැනට මාර්ගයේ කොතැනද තියෙන්නේ කියා දැනගැනීමට. මෙය සිදුකරන්නේ කොන්දොස්තර මහතා අත ඇති ටිකට් යන්ත්‍රයට සිම් එකක් දමා එය GPS device එකක් බවට පත්කිරීම තුලින්. (‍කොන්දොස්තර වෙන කොහෙ හරි ගියත් බස් එක එතන තියෙන බව පෙන්වීම වෙනමම කතාවක් :D ). කෙසේ වුවත් මේ තො‍රතුරු දැනගැනීමට නම් අපිට ‘ලං.ග.ම’ට ඇමතුමක් ලබා දීමට හෝ පණිවුඩයක් (SMS) යැවීමට සිදුවෙනවා. මොකද අපිට කෙලින්ම මේ අඩවියට යන්න බෑ. :(

මෙන්න දවසේ මාතෘකාව,

මේ තියෙන්නේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොල. දැන් ඒකෙ ආරක්ෂක කැමරා සවි කරලලු තියෙන්නෙ. අපිට බලන්න දෙන්නෙම නෑ ලු. ඒකෙන් බස් නැවතුමට එන්නෙ කවුද, කරන්නෙ මොනවද කියල ඔක්කොම පරිපාලනය අධිකාරියට‍ බලන්න පුළුවන්.

මමත් ඉතින් ගොනා වගේ ඔක්කොම අහගෙන ඉඳල ගෙදර ඇවිල්ල ගියා ඔවුන්ගේ වෙබ් අඩවිය(sltb.lk)ට. ෂික්! වැඩ නෑ!!

ඒ පාර, නිකන් ඉන්න එකේ ඔය screenshot එකේ තියෙන IP Address එකට ගිහින් බැලුවා. අපොයි! Password Protected.

ආපු එකේ හිස් අතින් යන්නෙ මොකටද කියලා එකේ ඉලක්කමෙන් පටන් ගත්තා පොඩි testing ව්‍යාපාරයක්. මෙන්න වැඩ !!!

32 Comments »

  1. මේ කියන දේවල් ටික ප්‍රදර්ශනයට විතරක් සීමා නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා. මොකද හුඟක් ඒවා හඬ මිස වැඩ නෑනේ.

    Comment by චරිත — 2009 February 9 @ pm 12:30

  2. අනේ අපේ ගමනාගමන මණ්ඩලය හෑල්ලු කරන්න එපා. 1958 පෑලියගොඩ මදනායක මුදලි තුමාගෙ කබල් බස් රථ 10 තමයි නුවර කොළඹ දිව්වෙ. 1958 ජනවාරි පලමුවැනිදා ඉඳල අලුතෙන් ලංගම මර්සිඩීස් බෙන්ස් බස් රථ වලින් නුවර ගියේ. ඊට පස්සෙ නොයෙක් තර්ජන එල්ල වුනා, ආපහු බස් රථ පෞද්ගලීකරණය වෙලා තවත් නොයෙක් ජරමර ආව. දන්නව නේ ආන්ඩු පෙරලුනාම වෙන දේවල්. ඕව අස්සෙ ආත්මාර්ථකාමී, තමන්ගෙ මඩිය තර කරගන්න අයත් ඉන්නව. ඉතින් දියුනුවක් ලබන්න බොහොම වෙහෙසක් දරන්න වෙනව.

    Comment by සරත් ගුණතුංග — 2009 February 9 @ pm 2:25

  3. යකෝ 12345 කියලා පාස්වර්ඩ් දෙන සිස්ටම් ඩිවෙලොපර් ලත් ඉන්නවනෙ මේ රටේ. අපි මෙහේ පාස්වර්ඩ් ෆීල්ඩ් එකට @ මාර්ක්, සිම්පල්-කැපිටල් මිශ්‍රණ, අල්ෆා-නියුමෙරික් පද හද හදා ඉන්නවා.

    Comment by chandima — 2009 February 9 @ pm 2:32

  4. @ සරත් ගුණතුංග

    මේක ‘ලං.ග.ම’ය හෑල්ලු කිරීමට ගත්ත උත්සහයක් නම් නෙමයි.
    ලංගමයේ අලුත් එලි දැක්වීම් ඉදිරිපත් කිරීමට (‍ඒකෙ පොඩි ආරක්ෂක හිලක් තිබුන එක වෙනම කතාවක්) ගත්ත උත්සහයක්.

    කොහොම වුනත් ‘අපි’ නම් දන්න කාලෙ ඉඳල තිබුන ලංගමයට එතරම් හොඳ සේවාවක් සපයපු එකක් නෙමෙයි. මොකද පනස් ගණන් වල අපි ඉපදිලා නැහැනේ ;)

    අහල නම් තියෙනවා පුද්ගලික අංශය එන්න කලින් ලංගමය යහතින් තිබූ බව නම්… :D

    Comment by GNS — 2009 February 9 @ pm 2:42

  5. @ chandima

    ඒක වෙනමම කතාවක්.
    හරි මිනිහෙක් අතට මේ සිස්ටම් එක ගියොත් සිද්ධ වෙන දේ තවත් කතාවක්… :D

    Comment by GNS — 2009 February 9 @ pm 2:47

  6. දැයට කිරුලේ ලංගම කුටියට මම ද ගොඩ වූයෙමි. ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ අංශය මගින් අළුතෙන් දියත් කිරීමට බලාපොරොත්තු වන ආදර්ශ ව්යාොපෘතීන් මම ද ලක් පුරවැසියෙක් ලෙස ඉතාමත් ආඩම්බරෙන් අ‍සා සිටියෙමි. ඔවුනගේ ERP system එක මගින් දිනෙන් දින සංඛ්යාා ලේඛන වාර්ථා ලබා ගන්නා හැටි මම ද දුටිමි. එය ඉතාමත් ප්රේයෝජනවත් ලෙස දැනට භාවිතයට ගන්නා බව අසා දැනගතිමි. ඇත්තේන්ම එය නම් ලංගම වැනි ආයතනයකට වර්තමානයේ නව තාක්ෂනය සමග ඉදිරියට යැමට මහගු පිටුවහලකි.
    ‍ඔවුනගේ මධ්යටම බස්නැවතුම්පල අධික්ෂනය කිරීම පිනිස හා බස් රථ හදුනා ගැනීමේ නවතම ආදර්ශ ක්රටමවේදයන් ඉදිරියේ දී ක්රිපයාත්මක කිරීමට ලැබෙන්නේ නම් ලංගම බස් රථ ධාවනය කිරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂමව හා ගුනාත්මකව සිදු කිරීමට හැකිවෙනු ඇතැයි රටට දැයට හිතකාමී ශ්රීඅ ලාංකිකයෙකු ලෙස ආඩම්බර වෙමි.
    හිතවත් ගයන්ත, ලංගමය යනු නැවත සීඝ්රදයෙන් පුනර්ජීවනයක් ලබමින් පවතින ආයතනයක් ලෙස ඔබ විසින් තම හෘද සාක්ෂියට එකගවන්නේ නම් බස්නැවතුම්පල අධික්ෂනය කිරීමේ ව්යාවපෘතියේ IP Address එක හා Password එක මෙවැනි ඕපාදූප වෙබ් අඩවියකින් ප්රේසිද්ධ කිරීම පිලිබදව මම පිලිකුලෙන් යුතුව හෙලා දකිමි. ඔවුනගේ අඩු පාඩු ඇතොත් ඒවා අවශ්යි වග කිව යුතු තැන් වලට දන්වනවා වෙනුවට අපගේම සහෘද පිරිසකගේ මෙවැනි ව්යාැයාමයන් හෑල්ලුවට ලක් කිරීම සුජාතක ලක් පුතුනගේ වගකීමක් වේද ?
    කළුතර උදයංග.

    Comment by A.D. Udayanga Senanayake — 2009 February 9 @ pm 5:09

  7. @ A.D. Udayanga Senanayake

    ඔබගේ තර්කයට මා කිසිසේත්ම එකඟ නොවෙමි.
    නමුත් මේ දැන් මා හට දැකගැනීමට හැකි වූයේ එම අඩවිය අක්‍රිය බවයි.
    එහි අදහස නම් බළධාරීන්ගේ කනට ද මේ පුවත ගොස් ඇති බවයි.
    රාජ්‍ය අංශය සමඟ ගණුදෙණු කිරීමට මාගේ කැමැත්තක ‍නැත්තේ ඔවුන් ගේ අනවශ්‍ය ප්‍රමාදයන් නිසාය.
    නමුත් අද වැනි රජයේ නිවාඩු දිනක වුවත් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ඔවනට සිදුවූයේ මෙ‍හි ආරක්ෂක සිදුරු ඇති බව මහජනයා දැනගත් නිසාය.
    ඒ සඳහා මෙවැනි “ඕපාදූප :( ” වෙබ් අඩවියකින් වුවත් දායක විය හැකිවීම පිළිබඳ මම සතුටු වෙමි.

    ප.ලි‍. : නැවත මෙවැනි “ඕපාදූප” වෙබ් අඩවි විවෘත කිරීමෙන් වලකින්න…

    Comment by GNS — 2009 February 9 @ pm 5:59

  8. “මෙය සිදුකරන්නේ කොන්දොස්තර මහතා අත ඇති ටිකට් යන්ත්‍රයට සිම් එකක් දමා එය GPS device එකක් බවට පත්කිරීම තුලින්”

    මා දන්නා පරිදි සිම් එකක් දමා GPS device එකක් බවට පත්කිරීම කළ නොහැක. කරුණාකර එය කරණා ආකාරය පැහැදිලි කරන්න.

    IP Address එක මකලා දාලනේ(“ඉතිරිය ඉවත් කරන ලදී”). කොහොමද අපි test කරලා බලන්නේ. තමන් කියන දේ බය නැතුව කියන්න.

    Comment by අනුර පෙරේරා — 2009 February 9 @ pm 6:39

  9. @ අනුර පෙරේරා

    1. මෙහෙමයි! ඒ ටිකට් යන්ත්‍රයෙහි GPS device එකක් අන්තර්ගතයි. ( ඔවුන් එය පරික්ෂා කිරීමට අපට ඉඩ දුන්නේ නෑ. ) එම නිසා වැඩි විස්තර මා දන්නේ නෑ.
    නමුත් එහිදී භාවිතා වූවේ පුද්ගලික බස් රථ වල ආකාරයේ ටිකට් යන්ත්‍රයක්.
    http://gayantha.gns.googlepages.com/ticketmachine.jpg

    2. ආරක්ෂක කැමරා පද්ධතියට ඇතුලුවන විස්තර ඉවත් කිරීමට සිදුවූයේ ප්‍රතිචාර අංක 6ට අනුවය.
    ඒ ඔහුගේ ප්‍රකාශයට මා කිසිසේතිම එකඟ නො‍වූවත් ඔහු නීතිමය වශයෙන් ක්‍රියාමාර්ගයක් ගතහොත් මා නීතිය ඉදිරියේ අසරණ වන නිසාවෙනි…

    Comment by GNS — 2009 February 9 @ pm 7:01

  10. ඔබ ටිකට් යන්ත්‍රය ගැන නිසි ආකාරව නොදැන එ ගැන ලියන්න එපා. වැරදි තොරතුරු මෙවැනි වෙබ් අඩවි තුලින් දිමෙන් මහජනතාව මෙවැනි වෙබ් අඩවි පිළිබද විශ්වාසය නැතුව යයි. තමා කියන දේ ගැන නිසි අධ්‍යනයකින් පස්සේ දාන්න.

    මම GPS device හා ටිකට් යන්ත්‍ර ගැන උනන්දු නිසා දන්නවා අර රැපේ තියෙන්නේ GPS device එකක් අන්තර්ගත ටිකට් යන්ත්‍රයක් නෙමෙයි. එකට සිම් එකක් දමා තැන දැන ගන්නව නම් GSM towers 3 කින් ස්ථානය හදුනා ගැනිමක් කරනවා ඇත්තේ. එ කිව්වේ GSM tracking.

    ප්‍රතිචාර 6 යේ මම තර්ජනයක් දකින්නේ නැ. මට හැගෙන්නේ ඔබ නීති විරෝධි වැඩක් කරලා කියලා.

    දැයට කිරුලේ ඔබ දුටු වෙනත් තොරතුරු තාක්ෂණයට අදාල කුටි ගැනත් ලියන්න.

    Comment by අනුර පෙරේරා — 2009 February 9 @ pm 7:48

  11. “දන්න කාලෙ ඉඳලම සිලෝන් ටකරන් බස් අල සේවාවක් ලබා දුන්නා” යැයි පැවසීමෙන්ම ඔබ ලංගම ගැන දන්නා තරම පැහැදිලි වේ. ඔබ දකුනු අප්‍රිකාව වැනි පිටස්තර රටක සිට ලංකාවට පැමිණි ඇතැයි සැක සිතේ. අනිල් මුනසිංහ ශ්‍රී මතානන් ගැන අබමල් රේනුවක් වත් නොදන්නා වසුරුවර්ධනලා පිටත මෙන්ම ලංගමය තුලද තව සිටිනා බැව් නොරහසකි.

    ලංගම සොයුර සොයුරියනි, ඔබගේ මෙම වෑයම ලක්වාසී අප පුල පුලා බලා සිටි හීනයයි. එය සැබෑවක් කරීමට ඔබගේ තොරතුරු තාක්ෂන අංශයට හැකිවේවායි අපේ නිමල පැතුමයි.

    Comment by D.R Sethsiriwardena — 2009 February 9 @ pm 8:14

  12. @ D.R Sethsiriwardena

    ඉහත මා කල ප්‍රකාශයන් ගැන මම පසු නොතැවෙමි.
    ඒ මම ලංගම ගැන දන්නා තරම නිසාවෙනි.

    ලංගමයේ වෙබ් අඩවිය නොබෝ දිනකදී දියත්වනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.

    ඉන් පසුද මා හට පසුතැවීමට සිදුනොවුනහොත් එය ලංගමයේම අවාසනාවයි. ;)

    Comment by GNS — 2009 February 9 @ pm 8:27

  13. ගයන්ත පුතා, මම මේටික ලියන්නේ ඔබ ගැන අහිතකින් නොවන අතර පිලිකුල මුසු ආදරයකිනි. මම අවුරුදු ගණනාවක් පිටරට වල සංචාරය කිරීම සහ වැඩ කිරීම තුලින් විවිධ අත්දැකීම් ලබා ඇති පුද්ගලයෙකි. අඩු වශයෙන් ලංගමය වැනි ආයතන තුල මෙවැනි නව තාක්ෂනයන් භාවිතයට ගැනීම ආඩම්බරයට කාරණයකි. අනෙක් රටවල් හා සසඳන කල ශ්රීන ලංකාවේ පොදු ප්රයවාහනය සඳහා තාක්ෂනය අවම වශයෙන් යොදාගන්නා බව පැහැදිලි වේ. මෙම නව උත්සාහය අගය කලයුතු අතර ඒ සඳහා අකුල් හෙලන ඔබ වැනි නොහික්මුන දරුවන් ගේ පශ්චාත්භාගය හරහා කෝටුපාර දීමට ඔවුනගේ දෙමව්පියන් උනන්ඳු කල යුතුය.

    Comment by Dr.Danawardhana — 2009 February 9 @ pm 8:49

  14. අනේ දෙයියනේ… බස් එක තියන තැන බලා ගන්න බස් දුවල එපැයි. මම හැමදාම යන එන 125 මාර්ගයේනම් ලංගම සේවය අන්තිමයි. රෑට බස් ඇත්තෙම නෑ. ඔක්කොම බස් ගාල් කරල කට්ටියම බුදි. මගී අපි මහ මග.

    බැන බැන යන්න හරි පුද්ගලික බස් ටික නැතිනම් අපි හැමදාම මහ මග.

    කක්කුටු වලවල් හා වක්කඩවල් ගැන හොඳින් දන්න ආණ්ඩුව මේවද මූලිකත්වය දීල කරන්නෙ?

    අපිට බස් එක තියන තැන SMS වලින් දැනගන්න ඕනෙ වෙන්නෙ නෑ. අපිට ඕනෙ හැමදාම එකම කාලසටහනකට දුවන බස් සේවයක්.

    ඔය ඩිපෝ රෑන්ක් කරන්නේ නරකම ඒවා අතරින් හොඳම ඩිපෝව කියලද? අපිටනම් ලංගම තුලින් අමුත්තක් පේන්නෙ නෑ.

    එදා වගේම අදත් සීසන් වලින් යන ලමයින්ට බස් නවත්තන්නෙ නෑ. නැවැත්තුවත් ලමයින්ට දාහක් කෙනෙහිලි කම්. ආසන වල දුවිලි පිරිල එදා වගේම අදත්… වාඩි උනොත් ඉවරයි… ප්‍රයිවෙට් බස් වලින් සිගරැට් – ප්ලේන් ටි අරගෙන සෙනග ටික ප්‍රයිවෙට් බස් එකට තියල ‍බස් එක පදවනවා.

    සමහර විට ඉහලපෙලේ නිලධා‍රීන් මේව දන්නෙ නැතිව ඇති. ඔවුන්ට තේරෙන ප්‍රශ්නය SMS වලින් බස්එක තියන තැන බලා ගැනීම වෙන්න ඇති.

    ඒ කෙසේ වෙතත් ආරක්ෂාව සඳහා IT යොදාගත් ආකාරයනම් අනර්ගයි.

    අපි IT යොදාගන්න ඕනෙ අවශ්‍ය දේට .. අවශ්‍ය විදිහට… නැත්නම් IT ත් මිනිස්සු අතර විහිලුවක් වේවි…..

    Comment by වජිර — 2009 February 9 @ pm 9:21

  15. ගයන්ත මහත්මයා,
    මෙතන තියෙන ඔබේ අදහස් වලට වත් ඔබ කරපු වැඩේටවත් මම එකඟ නැහැ.
    ඔබට තිබුනේ මේ ප්‍රශ්නය හැකැ ඉක්මනින් ලංගම ට කියන්නයි, රටට ආදරේ පුද්ගලයෙක් විදියට. නැතුව ඒක තමංගෙ බ්ලොග් එකේ දාගෙන පොරක් වෙන්න හදන්න නෙමෙයි. ඔයාට ඕනෙ ඔයා මහ ලොකු හැකර් කෙනෙක් බව පෙන්නන්න නේ?

    මේ සිංහල රට කියල කිව්වට මේ දෙමළ මම ඔබට වඩා මේ රටට ආදරෙයි ගයන්ත මහත්මයා. ඕක මම මුලින්ම දැක්කනං මම කරන්නේ 119ට කෝල් කරන එක.

    පොර වෙන්න දඟලන්න කලින් පොඩඩක් කල්පනා කරන්න.

    Comment by දිලීපන් — 2009 February 9 @ pm 10:23

  16. @ දිලීපන්

    මට එහෙම කෝල් නොකරන්න නොතිබුනා නොවෙයි.
    නමුත් බැරි වෙලාවත් ඔවුන්, ඔවුන්ගෙ වැරැද්ද පිළිගන්නවා වෙනුවට ඔවුන් (මා ර‍ජයේ පද්ධති වලට අනවසරයෙන් ඇතුළු වූවා යැයි) මා පසුපස එළවීමට පටන්ගතහොත් මේ කුඩා දිවයින තුල මා කොතැනක කියා සැඟවෙන්නද?
    කෙසේ වෙතත් මාගේ අරමුණ මේ වන විට ඉෂ්ඨ වී ඇත. එනම් ඔවුන් එහි ආරක්ෂාව පිළිබඳ මේ වන විට නිසි ක්‍රියාමාර්ග ගෙන ඇත.
    වඩා වැදගත් වන්නේ විසඳන ආකාරය නොව විසඳුම නොවේද?

    Comment by GNS — 2009 February 10 @ am 7:14

  17. @ Dr.Danawardhana

    මා මෙම ලිපිය හරහා කීමට අදහස් කළ දෙය ඔබට වැටහී නැති හැඩකි.
    නැතිනම් ඔබගේ ප්‍රතිචාරය මා හට වැටහී නැත‍.

    මා 21වන සියවසේ දරුවෙකු ලෙස නව තාක්ෂණය උපරිමයෙන් භාවිතා කරන්නෙකු වශයෙන් ඊට අබමල් රේණුවක්න් හෝ අකුල් හෙලීමේ කිසිදු අවශ්‍යතාවයක් මා හට නම් ඇත.

    Comment by GNS — 2009 February 10 @ am 7:18

  18. @ වජිර

    මාගේ මෙම ලිපිය හරහා අර්බුද 2ක් පැන නැගී ඇත.

    ඉන් පළමු වැන්නට කදිම පිළිතුරක් ඔබ විසින් ලබා දී ඇත.

    මා මේ වනතුරු ඔබගේ වැනි පිළිතුරක් අපේක්ෂාවෙන් සිටියේ ‘කාලය’ ඉතා හොඳ පිළිතුරක්ම වන නිසාවෙනි.

    Comment by GNS — 2009 February 10 @ am 7:21

  19. ඔබ ඉහත දක්වා ඇති ප්‍රතිචාර දෙස බැලිමේදි ඔබ තොරතුරු තාක්ෂණය කෙසේ වෙතත් මෙවැනි පොදු වෙබ් අඩවියක් ප්‍රයෝජනවත් කථිකාවක් සදහා භාවිතා කරනා ආකාරය නොදන්නා කෙනෙකු බව හැගේ.

    තමන් ලග ඇති දැනුම සැම විටම ලෝකයට ප්‍රයෝජනවත් ලෙස ලබා දෙන්න. ඔනැම දෙයක් දෙස උපහාසයෙන් බැලිම හා ඔනැම දෙයක වැරදි දැකිම ඔනැම කෙනෙකුට කළ හැකි සරල දෙයකි. අප රටේ බහුතරයකට ඇත්තේ මෙම පුරුද්දය. ඔබ වැනි තරුණයන් මෙලෙස හැසිරෙන්නේ නැතුව මනුෂ්‍ය වර්ගයේ යහපත සදහා තම දැනුම භාවිතා කරන්න.

    ඔබට මා 10 වන ප්‍රතිචාරයේ කියු දෙය සිහියට ගන්න. අධ්‍යනයකින් තොරව “ඒ මම ලංගම ගැන දන්නා තරම නිසාවෙනි.” වැනි ප්‍රකාශ මගින් ඔබගේ දැනුමේ තරම හා ඔබ බුද්ධිමත් හා ප්‍රයෝජනවත් කථිකාවක් ගොඩ නැගිමට කොතරම් සුදුසු පුද්ගලයෙක්දැයි යන්න තේරැම් යයි.

    මම හිතනවා ඔබට පුද්ගලික හෝ රජ්‍ය අංශයේ ව්‍යාපෘති දියත් කිරිම පිළිබද හොද පළපුරුද්දක් ඇතුව ඉහත කරුණු ලියන්න ඇති කියලා. එසේ නැතුව ඔබ ඉහත කරුණු සදහන් කර ඇත්නම් එවා තේරුමක් නැති ප්‍රකාශ වනු ඇත.

    ඔබට පුද්ගලික හෝ රජ්‍ය අංශයේ ව්‍යාපෘති දියත් කිරිම පිළිබද කෙතරම් පළපුරුද්දක් ඇත්ද?

    Comment by අනුර පෙරේරා — 2009 February 10 @ am 7:25

  20. @ අනුර පෙරේරා Post#10

    සැබැවින්ම මා විශ්වාස කලේද එය GSM තාක්ෂණය හරහා සිදුකරන්නක් බවයි.
    (දැනට ජංගම දුරකථනය හසුවී තිබෙන කුළුණ දැනගැනීමේ ක්‍රමවේදයන් හරහා)
    මා එය එම අවස්ථාවේ විමසා සිටියත් ඔවුන් කීවේ එය GPS හරහා ක්‍රියාත්මක බවයි‍. (මා හට GPS ගැන එතරම් දැනුමක් නැත. මා දන්නා පරිදි Dialog මගින් ලබාදෙන GPS සේවාවද කොළඹට සීමා වී ඇත)
    එම නිසා මා හට ඔවුන් විශ්වාස කරනවා විනා කිරීමට අන් දෙයක් නොමැත.
    ඔබ GPS පිළිබඳ හොඳ දැනුමක් ඇති පුද්‍ගලයෙකු නම් එම වරද නිවැරදි කිරීමට සහයෝගය ලබාදෙන්නේ නම් එය ඉතා අගය කොට සලකමි.

    Comment by GNS — 2009 February 10 @ am 7:45

  21. @ අනුර පෙරේරා Post#19
    පැහැදිලිවම ‘නැත’
    මා තවමත් ශිෂ්‍යයෙක් වන අතර කිසිදු ව්‍යාපෘති දියත් කිරීමක් පිළිබඳ තොරතුරු පිළිබඳ මා දැනුවත් නැත. :(
    මා නොදන්නා ලංගමය ගැන පවසනවාට වඩා මා දන්නා ලංගමය ගැන පමණක් මම පැවසීමි. මා හට ඇත්තේද ප්‍රතිචාර 14හි සඳහන් කර ඇති ආකාරයේ අත්දැකීම් පමණකි. එම නිසාවෙන් මා කල ප්‍රකාශයෙහි (මගේ කෝණයෙන්) එතරම් වරදක්ද නොදකිමි…

    Comment by GNS — 2009 February 10 @ am 7:50

  22. බස් එක තියන තැන් හොයන්න කලින් ගෙදර යන්න තව බස් ටිතත් පාරට දැම්මා නම් හොදයි කියලයි මට නම් හිතෙන්නේ..

    Comment by malee_msg — 2009 February 10 @ am 11:41

  23. gayantha,
    oba kala deyehi mata nam etharam kapee penena deyak nopene. Oba mehide mahaa loku thakshana hidasak soya dunneyaida mata nopene. E manda yath, ma ema kutiyata piwisi mohothe, ehi siti niladarin mata pawasuwe, e siyalu yanthranaya(setup) hudek pareekshana(testing) mattame thiyena bawai. Oba thorathuru thakashanaya pilibanda danumak aththe nam saha, oba yam ho ayathanayaka sewaya kota athnam, oba dannawa athi mewani pareekshana wyapruthi sandaha atham awastha wala password nodama athuluwiya haki bawa. Eya ekathara aakarayaka thamange hit count eka wadi kara ganeemata yoda ganna upaayakda wei. Mehidi owun ewan deyak karadai mata sakayak thibe. Atham wita owun mehi sapala thawaya maneema sandaha password nomathuwama meyata log weemata salasuwadai oba baluwehida. Ma danna yam sinhala puwathpathak ewani upayak pawichchi karai. Namuth hikmunu minisek lesa, hitha matha kalath mama ema web adawiya nopawasami. Mehidi oba kara aththe nohikmunu asheelachara wadaki. Mevan aya hacker world eke handunwanne idiot hackers lesaya. Manda, thama hack kala yai publish kireemata gos, thamama hack weemai.
    Awasaaana washayen, Dialog wisin colombo nagarayata dena GPS sewawa gana mama obagen dana ganeemata kamaththemi.Mewannak ma methek kal asa nomatha. Dialog eka meya karanne owungema sattelite paddathiyak pawichchi kotada? esenam eya thawa duratath GPS yana welanda namayen handunwiya hakida? Ekko oba mema thorathuru gana hondin danna ayeki. Eseth naththnam, poddak danagena godak liya pora wenna dagalana modayeki

    Comment by Weera Monkey — 2009 February 10 @ pm 2:15

  24. @ Weera Monkey

    1. මා කල දෙයෙහි කැපී පෙනෙ‍න දෙයක් මම ද නොදකිමි. මහා ලොකු තාක්ෂණ හිදැසක් පෙන්වා දීමක්ද මෙහිදී සිදු නොවිනි.
    2. නමුත් මෙවැනි පද්ධතියකට ඕනෑම පුද්ගලයෙකුට ඇතුල්වීමට ‘සිතාමතා’ ම සැලැස්වීම විහිලුවකි. එමඟින් hit counter එක කෙසේ වෙතත් blast counter එකනම් වැඩිකරගත හැක. (ඔවුන් මේ වනවිට එහි මුරපදය වෙනස් කර ඇති අතර එසේ ‘හිට්’ කරගැනීමට අවශ්‍ය නම් මුරපද වෙනස් කරන්නේ ඇයි?)
    3. මා මෙම ලිපියේ කොතැනකවත් ‘හැක් කිරීමක්’ පිළිබඳව කිසිදු ආකාරයක සඳහනක් කර නැත. යොදා තිබූ මුරපදය පහේ පංතියේ ශිෂ්‍යයෙකුට වුවත් අනුමාන කලහැකි බව පෙන්වාදීමක් පමණකි මෙහි සිදුවූයෙ.
    4. Dialog වෙතින් ලබාදෙන GPS සේවාව ගැන (ඔබට අනුව) මා වැනි ‘පොර වෙන්නට දඟලන මෝඩයෙක්’ ගෙන් අසා දැනගැනීමට පෙර ලොවම පිලිගත් Google හි සහය නොපතන්නේ ඇයිදැයි මා හට විශාල ප්‍රශ්නයකි.

    http://www.google.com/search?q=Dialog+GPS

    http://www.dialog.lk/en/mobile/services/gps/index.html

    http://www.dialog.lk/en/corporate/press/releases/pressRelease.jsp?id=185

    Comment by GNS — 2009 February 10 @ pm 3:25

  25. mehema ekak karannapuluwan nam hoday
    kohomada karanne kiyana eka thamay prashne
    me ape lankawane danne nadda

    Comment by geeth — 2009 February 10 @ pm 5:01

  26. Gayantha,
    Mura padaya wenas kara athda nadda, oba dun mura padaya niwaradida yanna soya ganeemata mata nohakke oba ema kotasa min iwath kara athi bawini. Oba idiripath kala thorathuru wala saawadya bawaya gana dan mata sakayak mathuwe. Oba penwa athi screen shot ekehi IP address ekada oba iwath kara atha.e thorathuru nawathath mehi pala karanne nam apata ema sakaya iwath kara gatha haka.

    2)mewani paddathiyak yanuwen oba adahas karanne kumak dai nodanimi. mage satahane mama thabuwe pareekshana mattame pawathina onama paddathiyaka password nomathiwa ho, sarala password bawithayen athuluweemata salasweema itha sulaba deyaki.eya ma pera sadahan kara athi paridi handinweema sandaha “Idiot Hacking” yana yedumada pawichchi we.Manda yath, pariganaka paddathiye athulanthaye athi data sturcture eka ho, wenath ewan design ekak nowana, public interface eka pareeksha kara ganeemata itha honda kramayak lesa mewan de sidu kireema itha sulaba deyaki.ehidi haki tharam pramanayak thama web adawiyata genwa ganeema atham wita prayojanwath we.Mewan kriya server load balancing waladi boho wita bawitha wanu ma daka thibe.Ma mehidi adahas karanne ma sadahan karana karuna nisaama mewan sarala password(oba kiyana ayurin.mata meya sanatha kara ganeemata nohakke oba thorathuru iwath kara athi bawini) ekak yoda webayata athulu weemata owun ida salasu bawa nowei. Atham wita owun nodanama eya sidu uwa wiya haka. Namuth ma pawasuwe, meya ewan atha pasu weemak weemata athi idakada menma, sitha matha sidu kala deyak weemeda ida kadak athi bawai.E sandaha athi idakada amathaka kota obe satahana liya athi bawin mama ema satahana thabuwemi.

    Obe prashnayata pilithuru denne nam, mura pada wenas kota athda, nathda , oba kalin sadahan kota maka athi mura padaya niwaradida yanna mata saka hara dana gatha nohaka.manda yath oba ewa dan iwath kara athi bawini. oba nawath ewa pala kala pasu api e pilibanda soya bala sakachcha karamu.

    3) Oba hack kireemak sadahan nokara athi bawa sabaaya. Sabawinma oba ewan deyak kara athi ayurakda nopene. Mamada oba ewan deyak kala yai sadahan nokalemi.Mama sadahan kale, oba Idiot Hacking yana upaayam margayata hasu u idiot keneku weemata ida athi bawa pamanaki. Kiyawa therum ganna.

    3)Lowama piligath ma nodath Google magin GPS pilibanda ma neth youmu kala obata mahath pin. Oba mehi sadahan karana kisima link ekaka, Dialog arambu GPS sewawak sadahan nowe. Oba sadahan karanne Navigation sewawak pilibandawa wiya yuthuya. Navigation sewawak saha GPS sewawak yanu boho wenas kam athi sasandiya nohaki, wenas thakshana yoda ganna, namuth ekineka paahiya haki sewawan dekaki. Oba e deka patalawa gath ayurak peni yai.
    Dialog magin arambu GPS sewawak natha.E sandaha wathkamak ho adaaala upanga owun sathuwa nopawathi. Owunta kala haki deya nam wenath ayathana magin pawathwagena yana GPS sewawak prayoganayata gena weanth wenath sewawan laba deema pamani. Mehi oba dakwa athi web adawi walin pahadili wanne ewan Navigation paddathiyak idi kireema sandaha Dialog uthsaha kala ayurak misa, GPS sewawak labadeemata gath uthsahayak nowa.Oba GPS sewawa, saha, GPS magin labagatha haki sewawan gana mana awabodayak nomathiwa mewan prasidda web adawi wala thorathuru pala kireemen ihata yama ayeku pawasa athi ayurin, web adawi pilibanda podu maha janayage wiswasaya paludu wiya haka. Mata Google pawicci kireemata pawasana oba, Google nirmathrun wana Larry Page saha Sergey Brin yana mahathwarunge muulika sankalpayak mehidi binda atha.eya nama thama web adawiye athi thorathuru wala wiswasaneethwaya binda dama atha. Wisheshayen sinhalen liya athi heyin english nodath podu sinhala maha janaya meya kiyawa nomaga yaamata athi ida kada bohoya. Blog ekak patan ganeema kawarekuta ho kala haka. Namuth ehidi sathya niwaradi thorathuru pamanak laba deema nuwanathi pudgalayange wagekeema we.Obata palamu piyawara thaba blog ekak niramanaya kara atha.Eyata thuthi.Namuth ehi niwaradi saha niwaradima thorathuru pamanak(nam saha namma pamanak nyaya oba dannawa yai sithami) athulath nokalahoth ma kalin sadahan kara athi paridi oba ayath wanneda pora wennata dagalana modayan gonnataya.

    Comment by Weera Monkey — 2009 February 11 @ am 8:56

  27. @ Weera Monkey

    1 & 2. මාගේ අරමුණ වූයේ කැමරා පද්ධතියේ එවැනි අහඹු ඇතුල්වීමේ අවස්ථාවක් ඇති බව පෙන්වා දීම පමණි.
    නමුත් ඔවුන් දැන් මුරපදය වෙනස් කර තිබීමෙන් පැහැදිලි වන්නේ ඔවුන්ට එම අඩවියේ traffic එක වැඩි කරගැනීමට වුවමනාවක් නැති බවයි. (එසේ වූවානම් ඔවුන් IP address එකකින් නොනැවතී Domain එකක් යොදාගතයුතුව තිබිනි)
    එම නිසා දැන් එම අඩවියට ඇතුල්වීමට අවසර නැති නිසා IP Address එක තවදුරටත් මෙහි පළකිරීමට අවශ්‍ය නැත.
    .
    3.1 http://gayantha.myblog.lk/files/2009/02/dialoggps.jpg
    .
    3.2 Dialog මඟින් GPS සේවාව ලබාදීම යනුවෙන් මා අදහස් ‍කලේ Dialog හරහා එම සේවාව ලබාගත හැකි බවක් පමණි.
    අප ජාතික රූපවාහිනිය නැරඹුවාට එහි කුළුණු පිහිටුවා ඇති පිදුරුතලාගල හෝ හන්තාන පිළිබඳ අවධානයක් යොමු නොකරයි.
    Dialog TV බැලුවත් ඒ සඳහා ඔවුන් යොදාගන්නේ ඉන්දියාවට අයිති චන්ද්‍රිකා බව අපට අදාල නොවේ.
    AirTel හට තම සේවාවන් නිසි පරිදි ඇරඹීමට නොහැකි වූයේ ඔවුන්ට ලංකා‍වේදී චන්ද්‍රිකා භාවිතා කිරීමට බලපත් නොලැබුනු නිසා යැයි දැනට එයාටෙල් පාරිහෝගිකයන් සියළුදෙනාම දන්නා බවක් ද නොපෙනේ.
    එසේ නම් Dialog හි GPS සේවාව සඳහා මැලේසියාවෙන් (හෝ වෙනත් ඕනෑම ස්ථානයකින්) පහසුකම් ලබාගැනීමක් පිළිබඳව මෙහි සඳහන් කල යුතුමද?

    Comment by GNS — 2009 February 11 @ am 9:30

  28. ඹබගේ අදහස් දෙස බලනතොට මටනමි හිතෙන්නේ ඔබ දැයට කිරුළ කියන එකේ තේරුමවත් දන්නේ නැති කෙනෙක් වගේ . ඔබ දන්නවද දැයට කිරුළෙන් පෙන්වන්නේ ඉදිරි 5 වසරක ක්රි්යාත්මක කිරිමට බලාපොරොත්තු වන දේ . ඇත්තටම මට ඹබ ගැන දුකයි. ඹබ කියනා දේ අනුව පෙනෙ‍න්නේ ඔබ කිසිම දෙයක් හරියට නොදැන භාගෙට කියනා දේ අසා බොරුවට ඔබ දුප දොඩවන පුද්ගලයෙකු බවයි.

    Comment by avishka perera — 2009 February 11 @ am 9:32

  29. ගයන්ත යාළුවා, ඔබ දැයට කිරු‍ළ භූමියේ දුටුවේ ලංගම දියුණුවම පමණ ද? නැතිනම් ඔබ ලංගම තොරතුරු තාක්ෂනය ගැන ලිවීමට කරුනු රැස් කිරීම සඳහාම පමණක් දැයට කිරු‍ළ භූමියට ගියේ ද? ලංගම කුටියේ ඔබ වෙනත් කිසිදු දෙයක් දැක ඇති බවක් ද නොපෙනේ. ලංගම කුටියට ගොස් පින්තූර හොරෙන් ගෙන මුරපද සොයාගෙන මෙවැනි වෙබ් අඩවියකින් පල කිරීම සඳහා ඔබ උනන්දු කර සන්තෝසම් දුන් අය කවුරුන් ද?

    මා හට මෙවැන්නක් සිතුනේ දැයට කිරුළේ ඔබ වෙනත් දෙයක් දැක ඇති බවක් සඳහන් වී නොතිබූ නිසාවෙනි. අවසාන වශයෙන් දැයට කිරුළේ තේමාව වත් ඔබ දන්නා හැඩක් නොපෙනේ.

    Comment by අනුර සිරිවර්ධන — 2009 February 11 @ am 9:50

  30. Obage prathicharayata anuwa ma hata pilithuru sapayeemata aththe karunu 2 kata pamani. Manda ithiri karunu sandaha pilithur deemata pramanawath karunu nathi bawini.

    3.1)
    Mehi itha niwaradiwa mage adahasa liya atha. Pahasuwen onama kenekuta therena paridida, oba wannawun awul karana lada adahasak niwaradi wana paridida eya satahan kota atha. Eyata Dialog ta thuthi.

    Mehi pawasa aththe Dialog GPS sewawa pawichchi kota(Specifically says “It uses GPS system”) thama paddathiya kriyathmaka karana bawaki. Nathahoth Dialog GPS sewawak Colombota ho Hanthanata ho, Malayasiyawata ho Piduruthalagalata ho, Agunukola palassata ho labadena bawak nowe. Owun uthsaha daranne danata pawathina GPS sewawa pawichchi kota owun Navigation system ekak handunwa deemata yana bawaki.

    Oba thawamath me dekehi wenasa handunagena nomathi bawak pene. Dialog hara GPS sewawak handunwadeemata owun that nokarai. Owun thath karanne GPS sewawa yoda gena navigation paddathiyak niramanaya kireemai. Me deka pahadiliwama dekaki.

    Jathika Rupawahiniya narambana api Piduruthalagala tower eka pilibanda ho owun ge pradana sampreshanagara kisiwak pilibanda wadi unanduwak dakwanne nathi bawa sathyaki. Eheth ema karuna saha meme karuna athi sambandaya kumakdai mata nothere. Ema siyalu kulunu saha sampreshanagara ema aayathanaya sathuya. Ema sampreshanagarayan magin nikuth wana signal hudek Rupawahini narabeema sandaha misa, eya yoda wenath sewa wiyuthpanna kireema sandaha nowe. Namuth GPS sewawa saha Navigation paddathiyak athara aththe meya hasa kisi seth sabadiya nohaki durastha bawayaki. Ekakin anikata awsya wana daththa sapayana athara anika ema daththa niruupanaya karana aakaaraya theeranaya kota emagin wenath paddathiyak nirmanaya karai.Obata meya pahadili wee yai sithami.
    Obage anek udaharanda me katha karana mathrukaawa samaga nobade. ehein e sandaha mata keemata yamak natha. Airtel satallite durakathana sewawa samagama GSM sewawada laba deemata mula sitama theeranaya kara thibu bawa ehi engineeru anshaye sewaya karana mage mithurangen mama asa dana gaththe meeta mohothakata peraya. Eya hudek obe danaganeema pinisa misa me mathrukawata kisi sethma adala nowana deyaki, namuth nawaththath oba sawadya thorathurak idiripath kala bawin niwaradi kalemi.

    Dialog ayathanaya, GPS sewawa Malayasiyawen ho an kawara ratakin ho laba gatha yuthuda yanna mehi sadahan wiya yuthumada lesa oba satahan kireemenma obage GPS sambandawa athi danumehi adu paadu pene. Mewan prasidda madyaka ewan thorathuru pilibandawa sinhalen liweemedi thawa tikak ho soya bala leewanam honda yai mata sithe. GPS sewawa laba ganeemedi ratak sambanda natha. Oba adahas karanuye GPS sewawa apa laba ganna wita kandaanka laba ganna chandrika kaksha gatha kala ratawalda? Ese nathuwa GPS sewawa Malayasiyawen ho koi thumpanen ho laba gannawayai keema Ibbagen Pihatu illeemata dewani natha.

    matada ihatha sadahan ek pudgalayek nagu prashanya itha honda prashnayak se sithe.
    Oba mema pradarahanyedi dutuwe, CTB kutiya pamanada? Ma nam gaman kala atham kuti wala thibu itha barapathala yai mata sithunu, sabawinma meyata wada barapathala, thakshanika dosha ethana siti niladaareen samaga sakachcha kalemi. Atham ewa piliganeemata tharam owun nihatha maani wu athara, owun ge karunu pahadili kireem walin maage waradi adahas niwaradi kara ganeemata maada nihathamanee wunemi.
    Paththaka sita mewan blogayak ho wirudda pakshayak ho goda nagagena waradi seweema ithama pahasu karyayaki.Obata awashya nam oba me yoda ganna blog adawiyenda durwalatha soya gatha haka. Pariganaka thakshana kshethraye ena mulika sindanthayak nam, palamuwara bugs free software liweeme hakiyawa itha alpa athara haki tharam ema sankyawa adu karaganeema mukya paramarthaya wiya yuthu bawai. pariganaka paddathi hack kireema itha winoda janaka kreedawak lesa pawdgalikawa mama salakami.Obe danuma pawichchi kota ewan sakreeya hacker keneku weemata uthsaha karanna. eya obatada lowatada prayoganawath wewi. Eheth cracker kenek weemen thamantada lowatada wadak sidu nowe. Oba hacker saha cracker athara wenasa danne yai sithami. Hacker community ekakin lowata labee athi anagi daayaada apamanaya. GNU/Linux pariganaka paddathiye wishala kotasak ewan communitya ekakin arambi ekaki. Mama mema lipiyata kelinma adala nowuwath me kotasa mehidi sadahan kale, oba wannawun niraparade thama sramaya awadakata yodawanu dakeemeni.

    Comment by Weera Monkey — 2009 February 11 @ pm 10:17

  31. Interesting article, i have bookmarked your site for future referrence :)

    Comment by yamaha service manual — 2009 March 30 @ am 3:41

  32. I’m new to this blog. Apologize for asking this though, but to OP…
    Do you know if this can be true;
    http://www.bluestickers.info/ringtones.php ?
    it came off http://ringtonecarrier.com
    Thanks :)

    Comment by whophyhopay — 2009 April 10 @ pm 11:57

RSS feed for comments on this post. TrackBack URL

Leave a comment

Powered by WordPress