ඔබගේ මොඩමයත් Huawei E220 (Vodafone) මොඩමයක්ද?
මෙන්න මේ වගේ..

කොහොමද උෂ්ණත්වය එහෙම?
ආයෙ කියල වැඩක් නෑ මගෙ එක නම් රත්වෙනවා පතුරු යන්නම.
මාර දුකයි,
ඒක හින්දා පොඩි ජිල්-මාට් එකක් කරල උෂ්ණත්වේ ටිකක් බැස්සුවා.
හරි හමන් Heat Sink එකක් නම් හොයාගන්න බැරි වුනා. කොහොම උනත් හම්බ වුන එක නම් අකුරට තමන්ගෙ වැඩේ කරනවා.


ටිකක් විතර බය හිතෙනවා නේද?
මෙන්න මේ දැන් ගත්ත SpeedTest Report එකක්
උෂ්ණත්වය අඩු කිරීමේ ව්‍යාපෘතියෙන් වේගයට නම් බලපෑමක් නෑ
(IDM වලින් 180-190KB/s සාමාන්‍යයෙන් එනවා. ඒත් ගිගා 6 නිසා ඒ තරම් ම වැදගත් නැති එක වෙනමම කතාවක්)

දැන් තියෙන ප්‍රශ්නෙ තමයි මේ Heat Sink එක නිසා භෞතිකව මොඩමයට හානියක් වෙනවද කියන එක (Modem එකේ Life Time එක අඩුවෙනවා වගේ දෙයක් ) එහෙම මුකුත් අතුරු විපාක තියෙනව නම් දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න හොඳේ? …




ඔයා මොඩෙම් එකේ පෙට්ටියෙ තිබ්බ විස්තරේ කියවල නෑ නෙ.. ඇයි දැක්කෙ නැද්ද මල්ටිටාස්කින් කියල. ඒකියන්නෙ ඉන්ටනෙට් යනවට අමතරව, බිත්තර තම්බා ගැනීම, කෝපි/තේ සෑදීම, රෙදි මැදීම වගේ දේවල් ගොඩක් කරගන්න පුලුවන් කියන එක…
හික්ස්
මම නම් හිතන්නෙ නෑ,උෂ්නත්වය වැඩි වෙන එක තරම්, අඩු වෙන එක හානියක් කියල.
Comment by ගයාන් කල්හාර — 2009 February 6 @ am 7:27
මගේ මොඩම් එකත් රත්වෙනවා වෙලාවකට. ඒත් පිච්චෙන තරම් රස්නයක් එන්නෙ නෑ. ඒත් ඉතින් වටපිට උෂ්ණත්වය වැඩි වෙලාවට නම් අම්බානක රත්වෙන වෙලාවලුත් තියෙනවා.
Comment by මලින්ත — 2009 February 6 @ am 9:53
@ ගයාන් කල්හාර
පිස්සු හැදෙනවනෙ. මම සාමාන්‍යයෙන් manual කියවනව අඩුයි
මල්ටි ටාස්කින් කියන්න මේ වගේද?
http://www.youtube.com/watch?v=TYIOIM6hHBk
උෂ්ණත්වෙ අඩු වෙන එක නෙමෙයි මම අදහස් කලේ.
උෂ්ණත්වෙ අඩුම අඩු වෙනව නම් අර Tom’s Hardware එකේ තිබුන 5GHz project වගේ දෙයක් කරන්න තිබුනනේ
මම අදහස් කලේ heat sink එකෙන් මුකුත් අයහපත් ප්‍රතිඵල ඇතිවෙයිද කියලා…
Comment by GNS — 2009 February 6 @ pm 8:55
@ මලින්ත
මොඩම් එක සාමාන්‍යයෙන් එක දිගට කොච්චර වෙලා විතර පාවිච්චි කරනවද?
මම නම් සෑහෙන්න වෙලාවක් එකදිගට පාවිච්චි කරනව.
කොහොම හරි බය හිතෙන තරමටම රත්වෙනවා…
Comment by GNS — 2009 February 6 @ pm 8:57
how much e220?
kohenda mila dee ganna puluwan?
what’s the best usb modem aduwata ganna puluwan?
please tell me?
Comment by Mahi — 2009 February 6 @ pm 9:37
@ Mahi
E220 රු 5,490 යි.
ඔනෙම Dialog Arcade එකකින් ගන්න පුළුවන්.
( මොඩම් එක විතරක් නම් ගන්න පුළුවන්ද කියල දන්නෙ නෑ. කොහොම වුනත් connection එකට රු 2,000ක් යනවා )
විශ්ව විද්‍යාල හැඳුන්ම්පතකින් අරගන්න එතකොට රෙන්ටල් එක රු 1,500 + vat
දැනට ගන්න තියෙන HSDPA Modem වලින් අඩුම එක (මම දන්න හැටියට) මේක තමයි.
Mobitel, Airtel ල ගේ මොඩම් රු10,000 පනිනවා. ඒක නිසා Mobitel, Airtel ගන්නව වුනත් Dialog එකෙන්ම මොඩම් එක අරන් Unlock කරගන්න…
Comment by GNS — 2009 February 6 @ pm 10:12
උෂ්ණත්වය අඩු වෙන එක හොඳයි. උෂ්ණත්වය වැඩි වුණාම තමයි මොඩම් එකට භෞතිකව හානි වෙන්න පුළුවන්. නමුත් අවුලකට තියෙන්නෙ දුම්රිය ගමනකදි අන්තර්ජාලයට සම්බන්ධ වෙනව නම් ඕක පාවිච්චි කරන්න බැරි එක. එතකොට Super Glue පිහිටයි.
Comment by සමීර ශාකුන්තල — 2009 February 7 @ am 1:56
@ සමීර ශාකුන්තල
දුම්රිය ගමනකදි පාවිච්චි කරන්න කෝ ‘ලැක්ටොක්’ එකක්?
අනික අපි කෝච්චියෙ යන හැටියට ලැප්ටොප් එකක් තිබුනත්, දිග ඇරගන්න නම් හම්බ වෙන්නේ නෑ නේ…
Comment by GNS — 2009 February 7 @ am 8:06
මමත් භාවිතා කරන්නෙ Huawei E220 (Vodafone) මොඩමයක්, මගේ නම් කිසිම අවුලක් නෑ, සමහර දවස් වලට උදේ 9.30සිට රෑ 12.30 විතර වෙනකම් භාවිතා වෙනව. කිසිම අවුලක් නෑ
Comment by හර්ෂණ — 2009 February 8 @ pm 11:46
@ හර්ෂණ
මම මේක භාවිතා කරද්දි දැක්ක දෙයක් තමයි connect කරල තිබුනත්, ගොඩක් වේගයෙන් ඩවුන්ලෝඩ් කරන්නෙ නැත්නම් එච්චර රත්වෙන්නෙ නෑ (රත් වෙන්නෙම නැති තරම්)
කොහොම වුනත් මම ඊයෙ දවසට විතරක් ගිගා 6ක් ඩවුන‍්ලෝඩ් කරල තියෙනවා. හිතාගන්න පුළුවන් නේද රත්වීමේ තරම?
ඔයාගෙ ඩවුන්ලෝඩ් කිරීම් එහෙම කොහොමද?
Comment by GNS — 2009 February 9 @ am 7:43
Gayantha,
Mewan heatsink eke yedeemen oba kumak aramunu kaledai nodanimi.Meyin kisidu haaniyak obe modamyata sidu nowe. Kotinma mehidi obe modamayen nipadawena thaapaya ura ganeemak wath hari hati sidu nowe.manda, modamaya thula nipadawena thapaya wathaya madyayen gaman kota in pasu plastic madyayen gaman kota in pasuwada itha adu wargapalayk osse heatsink ekata athulu weemata athi itha aseeru dushkara maargaya nisai.Heat sink eka lokuwata thibeemen obata labena prathi pala ithaa seemithaya.Heat sink eka magin modamayen waathayata pita u saha plastic eka magin awashoshanaya kara ganna lada thaapaya yam kotasak pamanak ura ganu atha. Eyada itha alpa wanuye modamaya ha heat sink eka gatena wargapalaya itha adu bawini.
Mewan modama rath weema samanya deyaki. Oba sathuwa prushtika ushnathwa maneeme upangayak ath nama ushnathwa kihipayak satahan kara ganna. eya 50 C walata wadi 70 C walata adu agayak ganne nam, eya upkaranaye swabawika kriyakareethwayai.
Comment by Weera Monkey — 2009 February 11 @ am 9:10
@ Weera Monkey
මෙහි හීට්සින්ක් එකක් යෙදීමට මා හට සිදුවූයේ අධික උෂණත්වස නිසාවෙනි. සාමාන්‍යයෙන් මෙම මොඩම් අධික වේගයකින් ‘වැඩි වේලාවක්’ Download කිරීමට සෑදූ ඒවා නොවේය යන්න මගේ අදහසයි (සෑම රටකම අධිවේගී දත්ත හුවමාරු සම්බන්ධතා කිසියම් සීමාවකට යටත් කොට ඇත. විශේෂයෙන්ම ජංගම සම්බන්ධතා වලට එසේ කර ඇත).
එම නිසාවෙන් මා හීට් සින්ක් එකක් සොයනා අවස්ථාවේ අතට අසුවූ හීට් සින්කය ඒ සඳහා යොදාගත්තෙමි. (මොඩමයේ පෘෂ්ඨය සමඟ වඩා හොඳින් ගැටෙන හීට් සින්ක් එකක් මා හට තවමක් සොයාගැනීමට නොහැකි විය.)
කෙසේ නමුත් හීට් සින්ක් එක අසල යොදා ඇති Fan එක නිවා වැඩි වේලාවක් ඩවුන්ලෝඩ් කලහොත් මොඩමයට වඩා හීට් සින්ක් එක රත් වී ඇතිබව දැකිය හැක. (සාමාන්‍ය ඩවුන්ලෝඩ් කිරීම තත්පරයට කිලෝ බයිට් 170-180ක් පමණ වේ)
Comment by GNS — 2009 February 11 @ am 9:53
Moadamayata wada heat sink eka rath wee athi bawa obata danenne heat sink eka saada athi drawyaye gunayak nisa misaka, eya modamayata wada rath u nisa nowe. Plastic awaranayata Heat Sink dameema atheesarayata amuda gaseemaki. Fan eka yoda sanwahana magin thapaya iwath kireemata oba darana uthsahaya sarathaka ekaki. Oba Thapaya pilibanda hadaara athnam ma kiyana deya obata pahadili wiya yuthuya.
Ushnathwaya adika yai kee pamanin yama pramanathmaka adahasak gatha nohaka.Itha dala adahasak laba ganeemata obata ushnathwamanaya bawitha kala haka.Ehideeth obata laba gatha hakke plastic awaranaye ushnathwaya pamani.
Nyayathmakawa, ADSL handunwa deemen pasuwa pamini boho gruhastha modama download sandaha optimize kara athe. Ma me mathakadi Wireless Netgear ADSL router 1k miladee gathemi. Mehi waasiya nam eya open source weemai. Ema code desa balu kalada mata pene yanne eya wadath download kireemata optimize kara athi bawaki. Meya ADSL sandha bawin eya adaha gatha haka. Eheth obe wireless modamayada elesa download sandaha optimize kara athai mama anumaana karami. Daththa huwamaaru seemawakata yatath kota aththe modemaye athi thakshanika drawback ekakata wada, bandwith share kireeme uwamanaweni. Meme modamaya gana ma wadi wisthara nodanna namuth noothana 3.5G modama itha pahasuwen wadi welawaka nirupadrithawa 7.2 mbps wegayak laba ganeemata niramanaya kara athi bawa mage wataheemai. Ebawin obe modamaye rath weema itha saamanya bawa mage wataheemai.
Comment by Weera Monkey — 2009 February 11 @ pm 11:11
@ගයන්ත
මම නම් වැඩිය ඩවුන්ඩෝඩ් කරන්නෙ නෑ, සමාන්‍යයෙන් සෙනසුරුදා ඉරිදා දවස්වලට 500MB, 600 MB වගේ වෙබ් බ්‍රවුස් කරනව. පොඩි පොඩි ඩවුන්ලෝඩ් තමා යන්නෙ, වැඩිපුරම කෝඩ් සාම්පල්.
Comment by හර්ෂණ — 2009 February 17 @ pm 5:49