GNS Blog

2009 March 31

අන්තර්ජාලයේ ඇසෙන සිංහල රේඩියෝ…

Filed under: Internet,Music — Tags: , , — GNS @ pm 10:29

අද ලංකාවෙ FM නාලිකා කීයක් කියල තියෙනවද? අපෝ මීටරේ කරකවන කරකවන තැන FM එකක්.

‘තවත් FM නම් එපා’ කියලා බෝඩ්ගහගෙන ඇවිත් තියෙන්නෙත් FM එකක්මයි. මට නම් ඔලුව විකාර වෙනවා තියෙන FM ගොඩ අහපුවහම :(

මම නම් මේ කියන්න යන්නෙ මීටරේ කරකවල අල්ලන Radio ගැන නෙමෙයි. මීටර් වෙනුවට URL පාවිච්චි කරන Radio (Web Radio) ගැන. මෙව්වා බොහොමයක්ම ලංකාවෙන් පිට ඉන්න ලාංකික‍යන්ව ඉලක්ක කරගෙන විකාශය කරන ඒවා.

කෙටියෙන්ම කියනවනම් මේක මාර ‘කික්’ :D

මොකද කියනව නම් මේ නාලිකා වල වෙළඳ දැන්වීම නෑ. (දැන්වීම් තියෙනවා. නමුත් සාපේක්ෂව ඉතා අඩුයි)

අනිත් එක මේව වල තොරතෝංචියක් නැතුව කෑ ගහන සෙට් එකකුත් නෑ – ඒක නිසාම කොල් කර කර සිංදු ඉල්ලන්නෙත් නෑ. සිංදු සිංදු සහ සිංදු විතරයි තියෙන්නෙ. ඒක නිසා එකක් tune (tune කිවුවට tune කරන්න දෙයක් නෑ ඉතින් ;) ) කරගත්තහම පැලෙන්න සද්දෙ දාගෙන අහන්න පුළුවන් (ඔය කිවුවට පැලෙන්නෙ නෑ ඉතින්).

කොහොම හරි මේ තියෙන්නෙ මම කැමති channel කීපයක්. (මම අහන්නෙ 2~3යි. හැම එකක්ම අහන්න බෑනෙ ;) )..



J9 Radio‍ (www.j9-radio.com)
ජපානයේ සිට විකාශය කරයි (අහන්න)


3 Sinhala Web Radio (www.3sinhala.com)

ඇ.එ.ජ. සිට විකාශය කරයි. (අහන්න)


Nilwala Radio (www.nilwalaradio.com)

ශ්‍රී ලංකාවේ සිට විකාශය කරයි (අහන්න)


Vinsada Radio (www.vinsada.com)

මේකත් ශ්‍රී ලංකාවෙන්ම තමයි (අහන්න).



තව Radio නම් ගොඩක් තියෙනවා. නමුත් කන් දෙකයිනෙ තියෙන්නෙ. ඒක නිසා මේ ටික වැඩිත් එක්ක. :D

තව මම ගාව තිබ්බ FM වල *.pls ගොනු වගයක් මෙතනින් බාගන්න…
මේ FM ඔක්කොම jetAudio (අවසන් අනුවාදය 7) වල හොඳට වැඩ.
jetAudio නැත්නම් පහත සබැඳුමෙන් බාගන්න.

jetAudio 7.0.0.3001Plus VX

(21MB)


ආ… තව දෙයක්, මේ නාලිකා CastRipper වලින් එළටම record කරගන්නත් පුළුවන්.

( CaseRipper ගැන දැනගන්න ඉන්ද්‍රනාම අයියව හම්‍බවෙන්න )

2009 March 28

මගේ Pen එක ගියා…

Filed under: Technology — Tags: , , , — GNS @ am 7:54

උදේ පාන්දරම මාර නෝන්ඩි වැඩක්නෙ උනේ.

මම මේ files වගයක් ‍copy කරන්න කියලා pen එක ගැහැවුවා.

මේ තියෙන්නෙ කියපු එක

http://gayantha.gns.googlepages.com/lost4gbpen1.png

Disk Management එකට ගියාම මෙහෙමත් කියනවා.

http://gayantha.gns.googlepages.com/lost4gbpen2.png

කොහොම උනත් Transcend Pen තමයි ‍මට නම් සෙට් වෙන්නෙ. මේ තියෙන්නෙ ඒක වැඩ කරන කාලෙ (අද ට කලින්) ගත්ත එකක්.

http://gayantha.gns.googlepages.com/lost4gbpen.png

2008 August වල ගත්තෙ. ඒක නිසා Warranty එක පොඩ්ඩක් claim කරලාම බලනවා…

බැරි උනොත් ඉතින් ශාකුන්තල අයියාගේ පරීක්ෂණාගාරයට යවන්න තමයි වෙන්නෙ :D

බලමු මොනව වෙයිද කියලා…

පසු සටහන: මේක මාව දාලා ගිය ජයග්‍රාහී දෙවෙනි Pen එක. මට මේ දවස් වල Pen වලින් අපලයක් වත් තියෙනවද කොහෙද :)

2009 March 27

කෝච්චි පෙට්ටි…

Filed under: Miscellaneous — Tags: , , — GNS @ am 7:15

අපි හැමදාම කරන්නෙ කෝච්චිය ආවහම නැගල යන එකයි, අදාල ස්ටේෂමට ගියහම බැහැල යන එකයි.(ආහ්! ඇයි පරක්කු උනහම බනින එක? :P ) ඒත් කෝච්චි පෙට්ටි එකට එකක් සම්බන්ධ වෙච්ච හැටි ගැන කවදාවත් හිතුවද?

මේ තියෙන්නෙ අපි trip එකක් ගිය වෙලාවක නිකං ඉන්න බැරුවට ගහපු පිංතුර වගයක්. (Trip නෙමෙයි, කොහෙ ගිහිල්ල ගැහැවුවත් ඉතින් එකම තමයි. මොකෝ කෝච්චියෙ කෑලි මාරු වෙනව යැ. :P )

පෙනේද කෝච්චියෙ එන්ජිමයි, පෙට්ටියි සම්බන්ධ වෙන විදිහ?
කෝච්චි

මම අධ්‍යයනය කරපු විදිහට නම් සම්බන්ධ කරන ආකාර 2ක් තියෙනවා. රතුපාටින් පෙන්නල තියෙන්නෙ එක ආකාරයක්. කහපාටින් අනික..

(කහ පාට එක පැහැදිලි නැත්නම් ‍පහල පිංතූරය බලන්න. ඒකත් පැහැදිලි මදි නම් click කරල ‍original image එකම බලන්න)
කෝච්චි

බැලූ බැල්මට නම් කහ පාටින් ලකුණු කරල තියෙන විදිහ අලුත් වගේ. සෑම බලවේග කට්ටල (Power-Set) වලත් පාවිච්චි කරන්නෙ ඒ ක්‍රමයයි.

නමුත් Locomotive වලදි මේ Connectors වර්ග දෙක පාවිච්චි කරන්නෙ එන්ජිම අනුවයි. ඒත් පෙට්ටි අතර සම්බන්ධතාවයට ගොඩක් වෙලාවට (මම දැකපුවගෙන් නම් 100%ක්ම) යොදාගන්නෙ කහපාටින් ලකුණු කරල තියෙන අකාරයයි.

ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අනිත් විදිහ පාවිච්චි වෙන්නෙ නෑ කියලා. (පාවිච්චි වෙන්නෙ නැත්නම් ඔය ගහල තියෙන්නෙ මොකටද නේද? අනික ඔය පිංතුරෙ ගත්තෙ බදුල්ල Station එකේදි එන්ජිම සවි කරන්නට පෙර සහ පසු :D )
කොහොම හරි මට කියන්න ඕනෙ උනේ අර කලින් පිංතුරෙ ගැන. ඒකෙ එන්ජිමයි පෙට්ටිය අතරේ සම්බන්ධතාවය යොදාගෙන තියෙන කොක්කෙ size එක පේනවනෙ? අර තරම් පෙට්ටි ගොඩක් මේ පොඩි කොක්කෙන් කොහොම අදිනවා ඇද්ද නේ??? :)

2009 March 25

මැජික්…

Filed under: Miscellaneous — Tags: , , — GNS @ pm 11:02

මැජික්…

එච්චර අලුත් මාතෘකාවක් නෙමෙයි. දැන් නම් (Copperfield වගේ) හොඳම වැඩකාරයෙක් ගෙ මැජික් ඇරෙන්න සාමාන්‍ය මැජික් ශිල්පීන්ගෙ මැජික් නැගල යන්නෙ නැති තරම්‍..

අපි හැමෝටම තියෙන ප්‍රශනයක් තමයි කොහොමද මේ මැජික් කරන්නෙ කියලා. හැබැයි ඒ ගැන දැනගන්නකං විතරයි ඒක මැජික් එකක් වෙන්නෙ. ඊට පස්සෙ ඒක නිකන්ම නිකන් මෝඩ ක්‍රියාකාරකමක් විතරයි. මට එහෙම හිතුනෙ මේ TV Series එක බැලුවට පස්සෙ.

TV Series එකේ නම “Breaking the Magician’s Code : Magic’s Biggest Secrets Finally Revealed”…

මේක පටන් අරන් තියෙන්නෙ නම් අද-ඊයෙ නෙමෙයි වගේ. කොහොම උනත් 2008 අවුරුද්දෙ තමයි මේක නැගල ගිහින් තියෙන්නෙ. (වැඩිම Episodes ගානක් නිකුත් වෙලා තියෙන්නෙ 2008දි, තවමත් එය විකාශය වෙනවා. මේ වන විට කොටස් 13යි විකාශය වෙලා තියෙන්නෙ)…

http://gayantha.myblog.lk/files/2009/03/magic1.jpgමෙය මේ වන විට විකාශය වෙන්නෙ ඇමරිකාවෙ MyNetworkTV නම් නාලිකාවක. (අපිට කො‍යින්ද ඇමරිකාවෙ චැනල්? බලන්න ඕනෙ නම් ඉතින් Downloadම තමයි :) ) ඉදිරිපත් කරන්නෙ Val Valentino(පිංතූරෙ ඉන්නෙ මිනිහ තමයි) කියල කෙනෙක්. මිනිහ කලින් වෘත්තීය මට්ටමේ (World Class) මැජික් කාරයෙක්ලු නෙ…

http://gayantha.myblog.lk/files/2009/03/val_v.jpg

කොහොම උනත් මේක බලපුවහම හිතෙනවා මොන තරම් ඇන්දිල්ලක් අපිව අන්දවනවද කියලා. කරන විදිහ දැනගත්තත් එවුවා කරන්න අපිටනං නිකං මොකක්ද වගේ, මාට්ටු උනොත් කියලා… මාට්ටු උනොත් එච්චර Cha scene එකක් වෙන්නෙ. කොහොම හරි ඒ වගේ දෙයක් මාට්ටු නොවෙන්න කරන එක තමයි දක්ෂතාවය. (ඒකනෙ එවුවට මැජික් කියන්නෙ :D )

අන්තිමටම කියන්න තියෙන්නෙ ඔයා තදබල මැජික් රසිකයෙක් නම් මේක බලන්න එපා කියල තමයි. හේතුව තමයි කලින් කිවුවෙ. එහෙම Addict වීමක් නැත්නම් Download පාරක් දාලා කොටස් 2~3ක් විතර බලන්න ;)

ආඃ, තව දෙයක්. මේ මැජික් වල ලොකුම වැඩ කොටස කරන්නෙ ලොක්කා නෙමෙයි. වටේට ඉන්න නංගිලා හොඳේ…

මෙන්න මේ වීඩියෝ කෑල්ල බලලම window එක close කරලා දාන්න. :D

Magics Biggest Secret Finally Revealed With WWE Divas

2009 March 21

10 Years of Westlife

Filed under: Music — Tags: , , — GNS @ pm 12:17

ඊයෙ හාඩ් එක පොඩි සුද්දයක් දැම්මා. එතකොට අහුවුනා බලන්නම කියල ඉඳල පස්සෙ මඟහැරිච්ච වීඩියෝ එකක්. ඒ තමයි “10 Years of Westlife – Live at Croke Park Stadium”…

10 Years of Westlife - Live at Croke Park Poster

Westlife කියන්නෙ අයිරිෂ් ජාතිකයින් පිරිසකගෙන් සැදුම් ලත් සංගීත කණ්ඩායමක්. එම නිසාම විය හැකියි ඔවුන් තම දස වෙනි වසර තම රටේදීම, එනම් අයර්ලන්තයේ, ඩබ්ලින් නුවර, Croke Park ත්‍රීඩාංගනයේදීම සැමරුවේ. කෙසේ හෝ මෙම ප්‍රසංගයට 85,000කට අධික අති විශාල ප්‍රේක්ෂක සහභාගිත්වක් තිබූ බවයි සඳහන් වෙන්නෙ

(ප්‍රසංගයට සහභාගි වූවන්ගේ අදහස් )‍‍‍

Westlifeමෙහිදි මම දැක්ක විශේෂත්වයක් තමයි ඔවුන් 100%ක්ම සජීවී ලෙස ප්‍රසංගය ඉදිරිපත් කිරීම. ඔවුන් තම කටහඬ සඳහා තබා සංගීතය සඳහා වත් කලින් කල පටිගත කිරීම යොදාගත් බවක් නම් පෙනෙන්නට නැහැ…

ගීතය මුළුමනින්ම වාදනය කොට රසිකයින් රැවටීම සඳහා රැඟුම් පමණක් ඉදිරිපත් කිරීම ජයටම සිදුකරන ලාංකික සංගීත කණ්ඩායම් වලට( සෑම කණ්ඩායමක්ම ඒ වගේ කියනව නෙමෙයි මේ) මෙම යුරෝපීය POP සංගීත කණ්ඩායම දෙන්නේ කදිම ආදර්ශයක්…

ඔබත් Weatlife රසිකයෙක් නම් මෙය අනිවාර්යයෙන්ම නරඹලා ඇති. නැත්නම් Torrentමඟින් හා RapidShareමඟින් යන ක්‍රම දෙක ඔස්සේ බාගත කරගැනීමට තියෙනවා. (සල්ලි දීල DVD එකක්ම ගන්නව නම් ඒක වෙනම කතාවක් ;) )

රසිකයෙක් උනත් නැතත් පහත දැක්වෙන සබැඳුමේ ඇති වීඩියොව නර‍ඹන්න කියල මම ඉල්ලීමක් කරනවා. මෙය එම සජීවී ප්‍රසංගයෙන් කපල ගත්ත එකක්. මෙහි file size එක මෙගා බයිට් 23.6 යි. FileDen වල දාල තියෙන නිසා බාගන්න එක ප්‍රශ්නයක් නෑ.

Westlife – Swear it Again

or type ‘ http://bit.ly/c57e ‘

size – 23.6MB on FileDen.com

අන්තිමටම කියන්න තියෙන්නෙත් කලින් කියපු කතාවම තමයි…

“එහෙ ඉන්න උන්ට පුළුවන් නම් තමන්ගෙ කට හඬින් සජීවී සංගීතෙට සිංදු කියන්න, ඇයි මෙහෙ ඉන්න උන්ට බැරි ??? “

Older Posts »

Powered by WordPress