Archive for March, 2009
Mobile Partner වෙනුවට Mobile Connect ???
6අද Huawei E220, Unlock කරමුද? Post එකට ලක්මාල් සහෝදරයා විසින් එවපු එකක් මේක, ඒ තමයි Huawei E220 මොඩම් එකේ Firmware Upgrade එකක් කිරීම තුලින් Mobile Partner වෙනුවට Mobile Connect නමින් වෙනත් මෘදුකාංගයක් ස්ථාපනය කරගැනීම.
මේ Update එක ගැන කාලිංග අයියත් කියල තියෙනවා.
මුලින්ම මේ Update File එක Huawei වෙබ් අඩවියෙන් ලබාගතයුතුයි. ඒ සඳහා මෙම සබැඳුම භාවිතා කරන්න.
ඉන් පසු අන්තර්ජාලයෙන් Disconnect වී මෙය ස්ථාපනය ආරම්භ කරන්න (විනාඩි 2~3ක වැඩක්).
එච්චරයි.
…
My Computer හි පෙන්වන නව අයිකනය 
…
Splash Screen එක

…
අතුරු මුහුණත

…
පොඩි දෙයක්… මේකෙ සැකසුම් ටික නම් තමන්ටම හදාගන්න වෙනවා.

…
Mobile Partner වල තිබුන Download/Upload History එක පෙන්වන Chart එක මේකෙ නෑ. ඒ වුනත් SMS හෝ Contacts වින්ඩෝවලින් එකක විවෘත කිරීම මඟින් දැන් පවතින වේගය හා මෙතෙක් ලද උපරිම වේගය බලාගන්න පුළුවන්

……
පසු සටහන…
- මේකත් Mobile Partner වගේම තමයි.
- මේකෙ මොඩම් එක අඳුරගෙන Initialize වෙන්න Mobile Partner එකට වඩා වෙලා යනවා (ඒ කියන්නෙ මේක Initialize වෙනවා slow)
- Mobile Partner වල තිබුන Upload/Download History පෙන්නන වින්ඩෝව මේකෙදි නෑ
Update කරනව නම් මෙව්වත් සලකා බලන්න…..
Mobitel වෙතින් නොමිලේ MCA
10හම්මෝ! සෑහෙන කාලෙකින් මුකුත් ලියන්න බැරි උනා. කලින් පෝස්ට් එක නිකං site එකේ Home Page එක වගේ හරියටම මාසයක් (මාසෙකටත් දවස් දෙකක් වැඩියි) තිස්සෙ තිබුනා…
මාර්තු 7-8 විභාග එහෙමත් (නිදහසට කරුණු ඕනෙ නෑ එක්කො)
බ්ලොග් නිදිමත යන්නත් එක්ක පොඩි දෙයක් ලියන්න හිතුනා. (ඔය කිවුවට ලියන අනිත් එවුවා ලොකු එවුවා නෙමෙයි. හික් හික්!!
)
මොබිටෙල් දැන් MCA ( “Missed Call Alert” නොහොත් “මගහැරුනු ඇමතුම් දැනුම් දීම” ) නොමිලේ දෙනව කියල ආරංචියක් ආවා. මොබිටෙල් අඩවියෙ උඩින් පල්ලෙන් බැලුවට එහෙම එකක් හොයාගන්න බැරි වුනා. හම්බ උනේ Activate කරන code එක විතරයි. ඒ පාර Customer Care එකට කතාකරල ඇහුවා (වෙනද වගේ පෝලිමේ ඉන්න වුනේ නෑ. ටක් ගාලා සම්බන්ධ උනා
) බලද්දි කතාව ඇත්ත. දැන් හැම මොබිටෙල් සම්බන්ධතාවයකම MCA එක Free. මගෙ නම් ඉතින් උපහාරෙ නිසා කලින් ඉඳලම නොමිලේ නෙ. කවද ඉඳන්ද දන්නෙ නෑ හැම සම්බන්ධතාවයකම free කලේ..
කොහොම උනත් මේක Free කලාට දැනට ඉන්න පාරිභෝගිකයන්ට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඒක අපි විසින් ක්‍රියාත්මක කරගන්න ඔනේ. ඒකට ක්‍රම කිහිපයක් තියෙනවා.
1. පාරිභෝගික සේවා අංශයට කතා කරන එක
2. Mobitel Self-Care (#888#) Dial කරන එක
3. මොබිටෙල් අඩවියේ අපගේ ගිණුමේ ඇති Self Activation Services මඟින්.
4. Missed Call Alert, Activation Code එක (
) මඟින්.
අහන්න දෙයක් නෑ හැමෝම 1 ඇරෙන්න අනිත් 3ටම කැමතියි. කොහොම හරි මේක Activate කරපු ගමන් වෙන්නෙ අපේ Phone එකට Divert Number එකක් දාන එක. සරලව කිවුවොත් අපි අපේ Call Divert කරන එක තමයි මෙතනදි වෙන්නෙ.
Activate කලා කියමුකො. ඒත් මේක Active වෙන්නෙ Not Reachable අවස්ථාවට විතරයි. ඒ කියන්නෙ Phone එක Switch Off කරල තියෙන වෙලාවට එන Calls ගැන alert එකක් විතරයි එන්නේ. ඒ උනත් Phone එක On එකේ තියෙද්දිත් Call මගහැරෙන්න ඉඩ තියෙනවා. උපහාර වගේ පැකේජයක් නම් අනිත් එවුවට වඩා මේ අවධානම වැඩියි. ඒක නිසා Divert Calls වල –> Voice Calls වලට ගොස් Divert When Busy වලටත් MCA අංකය ඇතුලත් කරන්න. (අංකය +94710111000 ) එතකොට Signal ප්‍රශ්න, අපි වෙනත් ඇමතුමක හිටපුවාම වගේ අවුල් වලදිත් මග හැරිච්ච ඇමතුම් පිළිබඳ Alert එක එනවා.
මේ විදිහට දැනටමත් Activate කරන් ඉන්න අය ඇති. කතාව දැනගෙනත් Activate කලේ නැති අයත් ඇති. දැනගෙන හිටපු නැති අයත් ඇති.
දැන් ඉතිං හැමෝම මේක Active කරගන්නකො එහෙනම්…..
( මොබිටෙල් , මොබිටෙල් MCA හා වෙනත් සේවාවන් හා ඒවාට අදාල අංකයන් පිළිබඳ සියලුම අයිතීන් මොබිටෙල් සමාගම සතුය)


