අද ලංකාවෙ FM නාලිකා කීයක් කියල තියෙනවද? අපෝ මීටරේ කරකවන කරකවන තැන FM එකක්.
‘තවත් FM නම් එපා’ කියලා බෝඩ්ගහගෙන ඇවිත් තියෙන්නෙත් FM එකක්මයි. මට නම් ඔලුව විකාර වෙනවා තියෙන FM ගොඩ අහපුවහම
මම නම් මේ කියන්න යන්නෙ මීටරේ කරකවල අල්ලන Radio ගැන නෙමෙයි. මීටර් වෙනුවට URL පාවිච්චි කරන Radio (Web Radio) ගැන. මෙව්වා බොහොමයක්ම ලංකාවෙන් පිට ඉන්න ලාංකිකයන්ව ඉලක්ක කරගෙන විකාශය කරන ඒවා.
කෙටියෙන්ම කියනවනම් මේක මාර ‘කික්’
මොකද කියනව නම් මේ නාලිකා වල වෙළඳ දැන්වීම නෑ. (දැන්වීම් තියෙනවා. නමුත් සාපේක්ෂව ඉතා අඩුයි)
අනිත් එක මේව වල තොරතෝංචියක් නැතුව කෑ ගහන සෙට් එකකුත් නෑ – ඒක නිසාම කොල් කර කර සිංදු ඉල්ලන්නෙත් නෑ. සිංදු සිංදු සහ සිංදු විතරයි තියෙන්නෙ. ඒක නිසා එකක් tune (tune කිවුවට tune කරන්න දෙයක් නෑ ඉතින්
) කරගත්තහම පැලෙන්න සද්දෙ දාගෙන අහන්න පුළුවන් (ඔය කිවුවට පැලෙන්නෙ නෑ ඉතින්).
කොහොම හරි මේ තියෙන්නෙ මම කැමති channel කීපයක්. (මම අහන්නෙ 2~3යි. හැම එකක්ම අහන්න බෑනෙ
)..
J9 Radio (www.j9-radio.com)
ජපානයේ සිට විකාශය කරයි (අහන්න)
3 Sinhala Web Radio (www.3sinhala.com)
ඇ.එ.ජ. සිට විකාශය කරයි. (අහන්න)
Nilwala Radio (www.nilwalaradio.com)
ශ්‍රී ලංකාවේ සිට විකාශය කරයි (අහන්න)
Vinsada Radio (www.vinsada.com)
මේකත් ශ්‍රී ලංකාවෙන්ම තමයි (අහන්න).
තව Radio නම් ගොඩක් තියෙනවා. නමුත් කන් දෙකයිනෙ තියෙන්නෙ. ඒක නිසා මේ ටික වැඩිත් එක්ක.
තව මම ගාව තිබ්බ FM වල *.pls ගොනු වගයක් මෙතනින් බාගන්න…
මේ FM ඔක්කොම jetAudio (අවසන් අනුවාදය 7) වල හොඳට වැඩ.
jetAudio නැත්නම් පහත සබැඳුමෙන් බාගන්න.
jetAudio 7.0.0.3001Plus VX
(21MB)
ආ… තව දෙයක්, මේ නාලිකා CastRipper වලින් එළටම record කරගන්නත් පුළුවන්.



Mamath den num godakma ahanne Nilwala Radio (www.nilwalaradio.com) eka thamai….
thanx anith radio tikath dunnata
Comment by Anush — 2009 March 31 @ pm 10:37
accept,change 1k unoth hodai thama.add ahala epa wela
Comment by Dishan — 2009 March 31 @ pm 10:37
ඇත්තටම මචං මේවා FM ද ? Webcast ද? අනේ මන්දා ඇයි FM කියන්නෙ කියලා
මම නම් ඉතින් ඕවා අහන්නේ VLC තමා… ගොඩක්ම YFM
එල ලිපියක් මචෝ
Comment by නාගයා — 2009 March 31 @ pm 10:50
වැඩේ නං මරු. ඒත් මම තාම අසීමිත Dialog Internet නිසා දිගටම ඇහුවොත් වැඩි දවසක් අහන්න වෙන්නෙ නෑ. තොරතුරට ස්තුතියි.
Comment by නිලන්‍ත — 2009 April 1 @ pm 8:14
ඒකම තමයි.මටත් තියෙන ප්‍රශ්නේ.අපේ ඉතින් සීමාසහිත සම්බන්දතානෙ තියෙන්නේ..mobitel
Comment by nuwan — 2009 April 3 @ pm 9:34
පිවිෙසන්න http://www.lankaepuwath.com නිවැරදි සිංහල ඒතන
Comment by කමල් — 2009 September 9 @ am 9:00