අපි හැමදාම කරන්නෙ කෝච්චිය ආවහම නැගල යන එකයි, අදාල ස්ටේෂමට ගියහම බැහැල යන එකයි.(ආහ්! ඇයි පරක්කු උනහම බනින එක?
) ඒත් කෝච්චි පෙට්ටි එකට එකක් සම්බන්ධ වෙච්ච හැටි ගැන කවදාවත් හිතුවද?
මේ තියෙන්නෙ අපි trip එකක් ගිය වෙලාවක නිකං ඉන්න බැරුවට ගහපු පිංතුර වගයක්. (Trip නෙමෙයි, කොහෙ ගිහිල්ල ගැහැවුවත් ඉතින් එකම තමයි. මොකෝ කෝච්චියෙ කෑලි මාරු වෙනව යැ.
)
පෙනේද කෝච්චියෙ එන්ජිමයි, පෙට්ටියි සම්බන්ධ වෙන විදිහ?

මම අධ්‍යයනය කරපු විදිහට නම් සම්බන්ධ කරන ආකාර 2ක් තියෙනවා. රතුපාටින් පෙන්නල තියෙන්නෙ එක ආකාරයක්. කහපාටින් අනික..
(කහ පාට එක පැහැදිලි නැත්නම් පහල පිංතූරය බලන්න. ඒකත් පැහැදිලි මදි නම් click කරල original image එකම බලන්න)

බැලූ බැල්මට නම් කහ පාටින් ලකුණු කරල තියෙන විදිහ අලුත් වගේ. සෑම බලවේග කට්ටල (Power-Set) වලත් පාවිච්චි කරන්නෙ ඒ ක්‍රමයයි.
නමුත් Locomotive වලදි මේ Connectors වර්ග දෙක පාවිච්චි කරන්නෙ එන්ජිම අනුවයි. ඒත් පෙට්ටි අතර සම්බන්ධතාවයට ගොඩක් වෙලාවට (මම දැකපුවගෙන් නම් 100%ක්ම) යොදාගන්නෙ කහපාටින් ලකුණු කරල තියෙන අකාරයයි.
ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අනිත් විදිහ පාවිච්චි වෙන්නෙ නෑ කියලා. (පාවිච්චි වෙන්නෙ නැත්නම් ඔය ගහල තියෙන්නෙ මොකටද නේද? අනික ඔය පිංතුරෙ ගත්තෙ බදුල්ල Station එකේදි එන්ජිම සවි කරන්නට පෙර සහ පසු
)
කොහොම හරි මට කියන්න ඕනෙ උනේ අර කලින් පිංතුරෙ ගැන. ඒකෙ එන්ජිමයි පෙට්ටිය අතරේ සම්බන්ධතාවය යොදාගෙන තියෙන කොක්කෙ size එක පේනවනෙ? අර තරම් පෙට්ටි ගොඩක් මේ පොඩි කොක්කෙන් කොහොම අදිනවා ඇද්ද නේ???



මචෝ සිරාවටම මේක ඇත්තද? මේක ගත්තේ ගමනක් යන්න කලින්ද? අපොයි විනාශයි, එක මෝඩකමක් හින්දා මිනිස්සු කී දෙනෙක් කපෝතිද? හරි, අපි ගොඩාක් වෙලාවට කියන එකම කියයි. LTTE එකේ වැඩක් කියලා, එතකොට අත හොඳ ගන්න පුළුවන්නේ.
Comment by -බිன்ku- — 2009 March 27 @ am 9:12
මගේ අම්මෝ මට නම් බයේ බෑ ඒකනේ මම හැමදාමත් කියන්නේ බස් එකේ යන එක තමා හොදම කියලා අපේ ඩ්‍රියිවර්ලා sure බඩු…………!!
Comment by Uraj Deemantha — 2009 March 27 @ am 11:14
ayy internet yana eka
dan kochchiwala wifi thiyenawa neda rofl
Comment by Geeth — 2009 March 27 @ pm 5:48
Piksu hadena sanda kiuwalu
mechchara podi ekakin kohomada ochchara barak adinne:-s
Comment by Anush — 2009 March 27 @ pm 7:30
ඇත්තටම කෝච්චි පෙට්ටි ඇදන් යන්න බලයක් අවශ්‍ය වෙන්නේ නෑ. බලය අවශය වෙන්නෙ පෙට්ටි වලට අවශය ත්වරණය ලබාදෙන්නත් ප්‍රතිරෝධී බල වලට එරෙහිව ක්‍රියා කිරීමටත් පමණයි.
ඕනෑම වස්තුවක් මත බලයක් ක්‍රියා නොකරන විට එය නිශ්චලව පැවතිම හෝ ඒකාකාරී ප්‍රවේගයකින් ගමන් කරන බව නිව්ටන්ගේ නියම වලින් කියනවනේ
ඉතින් විද්‍යාත්මකව බැලුවම මේක පුදුම වෙන්න දෙයකුත් නෑ
කොච්චියේ තව වැකුම් වලිනුත් වැඩක් ගන්නවා. පොඩ්ඩක් හොයල බලන්නකෝ.
Comment by ගයාන් තාරක — 2009 March 27 @ pm 7:42
@ ගයාන් තාරක
ඔය කියන්නෙ ගාමක බල වගේ එකක් ද?
ඒ උනත් වේගෙ ගන්නත් එපායැ
Comment by GNS — 2009 March 27 @ pm 8:08
ඕක මෙහෙමයි. කහ පාටින් සලකුණු කරපු කොටසට (මුල් රූපයේ) හානි සිදු වෙලා වගේ පේනවා. මම හිතන්නෙ ඒක නිසා තමයි ඔය චුට්ටං කොක්ක පාවිච්චි කරල තියෙන්නෙ. ඒ කහ පාටින් සලකුණු කළ තැන තියෙන යෝධ කොක්ක තමයි මගී දුම්රිය මැදිරි ගණනාවක් එකට සම්බන්ධ කරන්න පාවිච්චි කරන්නෙ. නමුත් ඒකෙන් දුම්රියත් එන්ජිමත් එකට සම්බන්ධ කරන්න තරමක කාලයක් ගත වෙනවා.
ප්‍රධාන දුම්රිය ස්ථාන වල තියෙන දුම්රිය මැදිරි එහාට මෙහාට අදින්න පාවිච්චි කරන කළු පාට පොඩි Hunslet දුම්රිය එන්ජිම මතකද? අන්න ඒ චුට්ටං එන්ජින් එකට දුම්රිය මැදිරි අමුණන්නයි ඔය චුට්ටං කොක්ක. ඒක ඉක්මනට අමුණලා ඉක්මනට ගලවන්න පුළුවන්. හැබැයි වැඩි බරක් අදින්න බැහැ.
මම තව හොඳ ප්‍රශ්නයක් අහන්නම්. දුම්රිය රෝද පතුල (wheelbase) ආනතව (පොළවට සමාන්තර නොවෙන විධියට) කපල තියෙන්නෙ මොකද කියල පොඩ්ඩක් හොයල බලන්න. විද්‍යාත්මකව පහදන්න.
Comment by ශාකුන්තල — 2009 March 27 @ pm 8:15
වැකුම් වලින් ඉතින් බ්‍රේක්නේ… ඒ ක්‍රමය බරවාහන වලත් පාවිච්චි වෙනවා.
Comment by ශාකුන්තල — 2009 March 27 @ pm 8:16
කෝච්චි පෙට්ටි වලට ඒ තරම් දැඩි බැදිල්ලක් ඕනි නෑ නේද? පොඩ්ඩක් ඇද්දම දිගටම ඇදිලා යනවානේ???
Comment by malee — 2009 March 28 @ pm 9:30
ඒ උනත් පට්ටිපොල හරියෙ පට්ට කන්ද නෙ…
Comment by GNS — 2009 March 28 @ pm 9:31
f=ma dala balapuwahama nawaththala thiyeddi adinna vitharai oya kokkata loku balayak yedenne…
anika kandaka wage…
eeta amatharawa ooka eekakara prawegayen yanakota ooka matha balayak etharam athi wenne neh..(f=ma ta anuwa num kohomawath anna vidiyak neh. namuth garshana bala thiyana nisa yam kisi balayak yedeemata sidu wenawa)
mandanayen yanakota num kohomawathma oona wenne nane…
oya monawa unath kandaka yaddi num tikak awadanam wage kiyala hithenne nedda?
Comment by Anush — 2009 March 31 @ pm 4:07