GNS Blog

2009 March 21

10 Years of Westlife

Filed under: Music — Tags: , , — GNS @ pm 12:17

ඊයෙ හාඩ් එක පොඩි සුද්දයක් දැම්මා. එතකොට අහුවුනා බලන්නම කියල ඉඳල පස්සෙ මඟහැරිච්ච වීඩියෝ එකක්. ඒ තමයි “10 Years of Westlife – Live at Croke Park Stadium”…

10 Years of Westlife - Live at Croke Park Poster

Westlife කියන්නෙ අයිරිෂ් ජාතිකයින් පිරිසකගෙන් සැදුම් ලත් සංගීත කණ්ඩායමක්. එම නිසාම විය හැකියි ඔවුන් තම දස වෙනි වසර තම රටේදීම, එනම් අයර්ලන්තයේ, ඩබ්ලින් නුවර, Croke Park ත්‍රීඩාංගනයේදීම සැමරුවේ. කෙසේ හෝ මෙම ප්‍රසංගයට 85,000කට අධික අති විශාල ප්‍රේක්ෂක සහභාගිත්වක් තිබූ බවයි සඳහන් වෙන්නෙ

(ප්‍රසංගයට සහභාගි වූවන්ගේ අදහස් )‍‍‍

Westlifeමෙහිදි මම දැක්ක විශේෂත්වයක් තමයි ඔවුන් 100%ක්ම සජීවී ලෙස ප්‍රසංගය ඉදිරිපත් කිරීම. ඔවුන් තම කටහඬ සඳහා තබා සංගීතය සඳහා වත් කලින් කල පටිගත කිරීම යොදාගත් බවක් නම් පෙනෙන්නට නැහැ…

ගීතය මුළුමනින්ම වාදනය කොට රසිකයින් රැවටීම සඳහා රැඟුම් පමණක් ඉදිරිපත් කිරීම ජයටම සිදුකරන ලාංකික සංගීත කණ්ඩායම් වලට( සෑම කණ්ඩායමක්ම ඒ වගේ කියනව නෙමෙයි මේ) මෙම යුරෝපීය POP සංගීත කණ්ඩායම දෙන්නේ කදිම ආදර්ශයක්…

ඔබත් Weatlife රසිකයෙක් නම් මෙය අනිවාර්යයෙන්ම නරඹලා ඇති. නැත්නම් Torrentමඟින් හා RapidShareමඟින් යන ක්‍රම දෙක ඔස්සේ බාගත කරගැනීමට තියෙනවා. (සල්ලි දීල DVD එකක්ම ගන්නව නම් ඒක වෙනම කතාවක් ;) )

රසිකයෙක් උනත් නැතත් පහත දැක්වෙන සබැඳුමේ ඇති වීඩියොව නර‍ඹන්න කියල මම ඉල්ලීමක් කරනවා. මෙය එම සජීවී ප්‍රසංගයෙන් කපල ගත්ත එකක්. මෙහි file size එක මෙගා බයිට් 23.6 යි. FileDen වල දාල තියෙන නිසා බාගන්න එක ප්‍රශ්නයක් නෑ.

Westlife – Swear it Again

or type ‘ http://bit.ly/c57e ‘

size – 23.6MB on FileDen.com

අන්තිමටම කියන්න තියෙන්නෙත් කලින් කියපු කතාවම තමයි…

“එහෙ ඉන්න උන්ට පුළුවන් නම් තමන්ගෙ කට හඬින් සජීවී සංගීතෙට සිංදු කියන්න, ඇයි මෙහෙ ඉන්න උන්ට බැරි ??? “

5 Comments »

  1. obata godak sthuthiy
    ape rate enna samahara gayakayonta(godak arata:P) shabdaagarayen pita sagewiwa keyata wath sinduwak kiyanna ba
    own karanne patigatha karapu CD thatiya dala kata hellima pamanay

    ehema ayata mewa hoda adarsha bawa mage hageemay

    Comment by geethq — 2009 March 21 @ pm 1:02

  2. Lankawe inna ayata wada num honda paatai.සජීවී ලෙස ප්‍රසංගය ඉදිරිපත් කිරීම kiuwata lankawe ahemmama wenne nane;)
    thanx

    Comment by Anush — 2009 March 21 @ pm 1:08

  3. ඇත්තමයි මෙකනං ලංකාවෙ සංගීත ප්‍රසංග කරන සංගීතය දන්නවයි කියන අයට හොද ආදර්ශයක්

    Comment by ලකිඳු — 2009 March 21 @ pm 8:41

  4. live show 1ka tiyana gatiya kohomath mime karala ganna be.eka westlifela godak hodata pennala tiyanava.live show 1k kiyanne realy menna mekata.

    Comment by Dishan — 2009 March 21 @ pm 10:40

  5. malliii godaakk sthuuthi.. oya me kiyakla thiyena kathawa sahathika attha.. pita rata wala kattiya kawadawath ape rate wage cd daala boruwata live shows wala kata holanne naa. bt එකට හෙතුවක් තියෙනවා කියල මට මතකයි කවුරුහ‍රි කෙනෙක් කිව්වා අපෙ රටෙ තාක්ශනය දුර්වලයි කියලා හිහි. එවා අපි දන්නෙ නෑ ඉතින් ලොල්..mmm mona untah thnxx honde…

    bs

    Comment by kasush — 2009 March 25 @ pm 2:33

RSS feed for comments on this post. TrackBack URL

Leave a comment

Powered by WordPress