මම ඉස්සෙල්ලාම උබුන්ටු එකක් ඉල්ලුවෙ 2006 අන්තිම හරියෙදි හරි, 2007දි හරි.
ඒ දවස් වල උබුන්ටු තැටි 3ක් එවනවා එක ඉල්ලීමකට.
පස්සෙ ඒක 2 දක්වා අඩු කලා.
දැන් ඒක 1ට අඩු කරලා.
(මොනව උනත් නිකං දෙන එක ගන්නෙ නැතුව විකාර කියවනවා කියල නම් කියන්න එපා හරිද?
)
‘
මගෙ නම් අදහස එක ඉල්ලීමකට උපරිමය 5ක් 10ක් වත් එවන්න Canonical ආයතනය තීරණය කලානම් හොඳයි කියලා. මොකද අපිට CD 5ක් ලැබුන කියලා 5ම පාවිච්චි කරන්නෙ නෑ නෙ. උපරිම තැටි 2ක් තියාගෙන ඉතුරු එවුවා කාට කාට හරි දීලා දානවනෙ (මේ අතරෙ, තැටි එකතු කරන අයත් නැතුවම නෙමෙයි
)
.
කොහොම හරි මම 9.04 තැටියක් ඉල්ලුව නිසා (ඩවුන්ලොඩ් කරපු කාලෙ ගියා. දැන් අපි FUP වලට පිං සිද්ද වෙන්න, අම්බානකට කොට කොටා ඉන්නවා) ඒකට මොකද උනේ බලන්න ShipIt පැත්තෙ ගියා.

.
මේ යන විදිහට උබුන්ටු නොමිලේ දෙන එක නවත්තල දායිද මන්දා. (ඉල්ලුමත් දැන් ඉස්සරට වඩා සැරයිලුනෙ. අනිත් එක කොච්චර වියදමක් කියල යනවත් ඇතිද?
)



මම හිතන්නේ නවත්වන එකක් නෑ.එයාල මීට වඩා වෙනත් බෙද්හැරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරාවි.මොකද මේ අසීමිත ඉල්ලුමට සපයන්නත් බෑ.අනික 10-15 ගන්න ඒවා පාවිච්චි කරනවද කියල හිතනවත් ඇති.(අපේ අයත් සෑහීමක් නැති ඡාතියක්නේ)ගත්ත ඒවා අත්හදා බලන්න කාලයක් තියෙන්නත් එපැයි
Comment by මීගොඩයා/සමන් — 2009 April 29 @ am 10:32
එහෙම වෙන්නත් පුලුවන්. Ubuntu & Kubuntu දෙකෙන්ම CD 1 ගානේ එවන්න කිවවා ලගදි. Kubuntu CD 1ක් ඉල්ලුවෙ පස්සෙ, එක දැන් ඇවිල්ලා. Ubuntu එක තාම නෑ. DL කරලා තිබ්බට නොමිලේ දෙන එක එපා කියන්න හොද නෑනේ. එකයි CD ඉල්ලුවෙ.
Comment by ChuttaFX — 2009 April 29 @ am 11:00
මේකයි. මම දන්න සමහර එවුං ඉන්නව උං CDs 30-40 ගෙන්නන්නෙ එකතු කරන්න. ඒ වගේ සියදහස් ගාණක් Canonical ලා ට වංචා කරන්න ගියොත් මේ ව්‍යාපෘතිය කඩාකප්පල් වීමේ අවධානමක් තියනව. Canonical ලාත් ගස් වලිං කඩන සල්ලි නෙවේ නෙ. මමත් CDs 30ක් ඉල්ලුව බව කියන්න ඕන. ඒ ඉල්ලුවෙ අපේ ඉස්කෝලෙ, අපේ මල්ලිගෙ ඉස්කෝලෙ කස්ටිය බලං ඉන්නව මගෙං CDs ගන්න. බහුතරයකට අන්තර්ජංජාල සම්බන්‍ධතාවය නෑ.
CD 1ක් පමණක් එවන්නේ සාමාන්‍ය ඉල්ලීමකට. වැඩිපුර CDs ප්‍රමාණයක් ඉල්ලන්න විශේෂිත ඉල්ලුම් (Special Request) සබැඳියක් තියනව.
Comment by බුධාජීව — 2009 April 29 @ pm 3:10
ඔය වගේ (තමන්ටත් වැඩක් නැති, අනුන්ටත් වැඩක් නැති) බලු වැඩ කරන උන් නම් කොහෙත් ඇති. එහෙම උන් කොහොම කලත් වැඩේ දෙනවා
ඒක නවත්තන්න නම් දැන් CD බෙදාහරින ක්‍රමය වෙනස් කරන්න වෙනවා.
කොහොම හරි මේ යන විදිහට නම් CD ‘එකක්’ ගන්නත් request approve කරන්න වෙයිද දන්නෙ නෑ ;)
Comment by GNS — 2009 April 29 @ pm 9:04
තවමත් ShipIt වැඩ නෑ. කලින් Order එක දාපු අයට නම් කොහොම හරි එයි.
පහු වෙලා දාන්න හිටිය අයට ඉතින් sorry.com තමයි
Comment by GNS — 2009 April 29 @ pm 9:06
මට ආාාාාවෝ්්්්්්්්්
!
Comment by -බිன்ku- — 2009 April 30 @ am 12:58
@ බිன்ku,
අඩේ එහෙම ඔට්ටු නෑ හරිද
Comment by GNS — 2009 April 30 @ am 7:45
දැන් නම් ආපහු වැඩ
Comment by GNS — 2009 April 30 @ am 8:11
මම නම් බා ගත්තා බාලා සීඩී එකකට පුච්චගත්තා හික්ස්…….!!
Comment by Uraj Deemantha — 2009 May 1 @ am 8:24