GNS Blog

2009 April 20

මටත් FUP බාල්දිය 'සෙට්' උනා…

Filed under: Internet — Tags: , , — GNS @ pm 12:44

හික් හික්!!

ඔන්න ඉතින් මටත් ඉඳල ඉඳලා සෙට් උනා මරු බාල්දියක්…

මම මේ Connection එක ගත්තෙ ජනවාරි අග. එදා ඉඳල මේ වෙනකම් FUP වලින් කරදරයක් තිබුනෙ නෑ.

සාමාන්‍යයෙන් 180~190KB/s තමයි speed තිබුනෙ. දවසකට ගිගා බයිට් 10ක් ඩවුන්ලෝඩ් කරපු දවස් හිටන් තිබුනා.

කොහොම උනත් දැන් ඉතින් බඩු පැකට් නේ :D

මම FUP ගැන වැඩි අවධානයක් යොමු නොකරන්න හේතුව උනේ

1. කලින් මාස වල FUP ක්‍රියාත්මක නොවීම

2. 5GB වලින් පස්සෙ 3G speed එක දක්වා පහත වැටීම (එතකොට ඉතුරු ගිගා 1 වත් මාසෙ පුරා පාවිච්චි කරනව කියල හිටියෙ)

කොහොම උනත් ගිගා 6ම 1.5Mb/s speed එකෙන්ම ගිහින් ඒක නිසා මට 3G speed තරමට speed drop වෙලා තිබුනෙත් නෑ. (මම ඉතින් ඒ බවක් දන්නව යැ) මම ඒක නිසා Dialog එකට කතා කරල ඇහුවා සිද්ධිය. Dialog එකෙන කියාපි “මහත්මයගේ ගිගා 6 ඉක්මවල තියෙන්නේ” කියලා. මට කාටුන් වල වගේ ඩොලර් මාක් (%$&$%&*£^£$$^) පෙනුනෙ ඒ වෙලාවෙ තමයි.

මගෙ SMS වැඩ කරන්නෙත් නෑ. මම කිවුවා මට පාවිච්චි කරපු තරම බලාගන්න MyDialog එකේ register වෙන්න බෑ කියලා. එතකොට එයා කියනවා එහෙනම් MyDialog එකේ register වෙන්න කියලා. (බි.පෙ.සි)

කොහොම හරි පැහැදිලි කරලා දුන්නා මගේ SMS වැඩ නැති නිසා Confirm code එක එන්නෙ නෑ කියලා. එතකොට “එහෙනම් මහත්මයා වෙන දුරකථනයක් භාවිතා කරල ‍register වෙන්න” කියල නම් කිවුවෙ නෑ ;) (නැවත බි.පෙ.සි) කොහොම හරි මාව විනාඩි 10ක් වගේ “මද වෙලාවක්” රඳවා තියල අන්තිමටම කිවුවා SMS අවුල ලිහාගන්න Arcade එකකට එන්න කියලා. (අම්මෝ… ඔයින් ගියා ඇති)

.

කො‍හොමෙන් කොහොමෙන් හරි මෙන්න මේකයි දැන් තත්වේ.

Damn FUP
(මේ පිංතූරෙ අප්ලෝඩ් කරන්නත් විනාඩි 2~3කට වඩා ගියෙ නෑ හො‍ඳේ…)
ම්ම්! නරකමත් නෑ. ‘කිලෝ බිට්’ වලින්ම හැට හතරක උපරිමයක් එනවනේ, සෙල්ලංද :D

.

මම තවම මේක අරං මාස 3ක් විතර. තවම පරිවාස කාලෙ යන්නෙ. මේ විදිහට දිගටම තිබුනොත් නම් ‘සිම්පල් ප්ලෑන්’ එකකට මාරු වෙන්නම වෙයි වගේ…

දැන් ඉතින් මොනව කරන්නද, ඔක්කොම හොඳටයි කියලා හිතල උඩ බලං ඉන්න තමයි තියෙන්නෙ :( .

18 Comments »

  1. Dialog sucks machan……SLT walata wath maaru wenna….hikz……..!!

    Comment by Uraj Deemantha — 2009 April 20 @ pm 3:01

  2. ලගකදී ඉදලා ම‍ටත් හුලං ටෙල් 3G සිග්නල් වැඩකරනවා. ඉක්මනටම පක්ෂය මාරැකරන්න ඕනෙ.

    Comment by Thilina — 2009 April 20 @ pm 3:35

  3. @ Uraj
    අපිට SLT Loops නෑනෙ අයියෙ. මේ පැත්තෙ main line එකේ Load එක වැඩී ලු නේ :(

    Comment by GNS — 2009 April 20 @ pm 4:14

  4. @ Thilina

    හික් හික්…
    ඒක තමයි අන්තිමට කරන්‍න වෙන්නෙ.
    පරිවාස කාල සීමාව එහෙම ඉවරද?

    ආහ්! මමත් පොඩ්ඩක් check කරල බැලුවා. අපේ පැත්තටත් දැන් පොඩ්ඩ පොඩ්ඩ හුලං(ටෙල්) හමනවා. අද බලද්දි EDGE signal තිබුනා… :D

    Comment by GNS — 2009 April 20 @ pm 4:16

  5. මං නම් Mobitel, Mobitel 2GB නම් ගෑවෙන්ඩත් මදි. ප්‍රශ්නෙ මොඩෙමෙ කරගන්ඩ බැරි වුනා (Huawei E160 පුලුවන් නම් help එකක් දෙන්න)

    Comment by Thilina — 2009 April 20 @ pm 4:44

  6. @ Thilina

    E220 unlock කරන විදිහටම E160ත් පුළුවන් ද දන්නෙ නෑ. පුළුවන් උනත් Hex එකේ Search කරන්න ඕනෙ ‍මොකක්ද කියල දන්නෙත් නෑ නෙ. :(

    Comment by GNS — 2009 April 20 @ pm 7:12

  7. ඔය FUP එක රිමුව් කරගන්න පුලුවන් නෙ දවසට 130 ගානෙ ගෙව්වම
    arcade එකට ගිහිල්ල උඹේ දුක කියපන්
    උන් වැඩේ කරල දෙයි

    Comment by geethq — 2009 April 20 @ pm 8:28

  8. අනිත් එක තමා මචන්
    ඔය FUP එක හෙන විකාරයක්
    මමත් කලින් HPSPA user කෙනෙක් විදියට දන්නවනෙ ඔකෙ රග:P
    මම එක සතියක 48GB ඇද්ද ඔකෙන්(ඔව් ඔව් gigabyte)
    FUP කැලේ එතකොට (බි පෙ සි)

    Comment by geethq — 2009 April 20 @ pm 8:32

  9. 130ක්??? අම්බෝ…..

    තව දවස් 25ක් තියෙනවා. ඒ කියන්නෙ 3,250ක්? :O

    දවස් 10කට විතරක් ගත්තත් රු 1300ක්…

    බේරගනියෝ…….

    Comment by GNS — 2009 April 20 @ pm 8:36

  10. duka thama mallio..

    Comment by sham — 2009 April 20 @ pm 8:36

  11. මමත් මෙච්චර කල් එහෙම ඇද්ද නිසා තමයි දැන් එපා වෙලා තියෙන්නෙ… :(

    Comment by GNS — 2009 April 20 @ pm 8:37

  12. මමත් කැම්පස් යනකොට හුලන්ටෙල් වලට මාරු වෙන්න ඕනෙ HSDPA මොඩම් එකක් අරගෙන

    ADSL කන්නද අප්පා මම ගෙදර නැත්නම් (හ.හි.)

    Comment by geethq — 2009 April 20 @ pm 8:38

  13. දැන්ම Modem එකක් හොයල තියාගන්න ;)

    හුලංටෙල් දසත හමන්න ගත්තහම Modem හෙවිලි බොරු :D

    Comment by GNS — 2009 April 20 @ pm 8:46

  14. @ sham

    දුක නේන්නම්!!! :)

    Comment by GNS — 2009 April 20 @ pm 8:47

  15. මට නම් ඔය fup නෑ. මොකද මම SLT නෙ. හැබයි ඕව ගත්ත කට්ටිය හැමෝම වගේ බනිනව ඇහිල තියෙනවා. ඒත් මෙයාලත් මාසෙකට 1600ක් ගන්නවා. ඒකටත් මාරගේමක් දෙන්න ඕන. මාත් තාම ඉගෙනගන්න නිසා.

    Comment by ගයාන් තාරක — 2009 April 20 @ pm 9:14

  16. ඒත් Airtel එකෙන් Dialog තරම් වේගවත් සම්බන්ධතාවයක් දෙනව නේ FUP නැතුවම (රුක්ෂාන් අයියා සහ දසුන් අයියා පාවිච්චි කරන්නෙ Airtel)

    Comment by GNS — 2009 April 21 @ am 8:48

  17. ‍‍හොයාගත් හැ‍‍‍‍ටියට E160 unlock කිරීමට Hex එකේ Search කරන්නෙ FF 01 02 00 ය නමුත් unlock code ‍‍‍එක බිංදු 5කි. මා වැරදි බ‍‍‍‍ව හැ‍ගෙ‍්.

    http://www.bez-kabli.pl/viewtopic.php?t=15106&postdays=0&postorder=asc&start=255

    Comment by Thilina — 2009 April 21 @ pm 12:12

  18. හික්.. හික්… මගෙ යාඵවෙකුත් තව පොඩ්ඩෙන් ඔය බාල්දිය දා ගන්නවා

    Comment by කසුන් ශානක — 2009 April 25 @ pm 10:54

RSS feed for comments on this post. TrackBack URL

Leave a comment

Powered by WordPress