GNS Blog

2009 April 26

මුහුණු පොතේ පිටු ඉවත් කිරීම ???

Filed under: Internet — Tags: , — GNS @ pm 2:29

මටත් ඉතිං නිකං ඉන්න බැරුවට මගේ මුහුණු‍පොත් ගිණුමේ ඉන්න යාළුවො (මගෙ යාළුවො නෙමෙයි, ෆේස්බුක් කරයො මගේ යාළුවො කියල හිතන් ඉන්න අය) කීදෙනෙක් ඉන්නවද කියල පොඩ්ඩක් විපරම් කරලා බැලුවා. හප්පේ දෙසීය විසි පහක් ඉන්නවා :D

නරකමත් නෑ වැඩේ. ‍

ඒත් පොඩි ප්‍රශ්නයක්…!!! මම හුඟක් අයව කවුද කියලවත් දන්නෙ නෑ. (මාර යාළුකමක් තමයි ඒකත්). අනික සමහරු මේ පොත මාස ගානකින් ඇරලවත් නෑ. ( ඒක නිසාද කොහෙද Facebook එකෙන්ම අපිට ලඟදි ක්‍රියාකාරී උන අයව වෙනම බලාගන්න විදිහක් හදල තියෙන්නෙ :P )

කොහොම හරි කතාව මේකයි…

මම පොඩි තීරණයක් ගත්තා මගේ පොතේ පිරිල ඉන්න සෙනඟ අඩු කරන්න.

පොඩ්ඩක් ගණන් කරල එහෙම බැලුවා. ඇතුලෙ ඉන්න ටිකට් දෙන්න වෙන්නෙ 83දෙනෙකුට (හරියටම බැලුවෙ නෑ. ඒක නිසා පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන් :) ) විතරයි. ඉතුරු 142ටම සොරි තමයි..

.

මේක ටිකක් දරුණු තීරණයක්. මොක්කු උනත් මිනිස්සු නෙ. සිත් රිදවීම් ඇතිවෙන්න පුළුවන්.

ඒක නිසා මම මේ තීරණය ක්‍රියාත්මක කරන්නද, එපාද කියල Comment එකක දාලා පොඩි සහයෝගයක් දෙන්න.


.

27 Comments »

  1. ම්ම්ම්… message එකක් යවලා අහන්න අඳුනන්නෙ කෝමද කියල

    Comment by Sameera Shaakunthala — 2009 April 26 @ pm 2:33

  2. අනේමන්ද
    ඒක ටිකක් දරැණු වැඩි නැද්ද?

    Comment by අනුෂ් — 2009 April 26 @ pm 2:34

  3. හික් හික්…

    ඕකෙන් බාගෙට බාගයක් මටම ඉන්න බැරුවට add කරගත්ත අය නෙ ;)

    Comment by GNS — 2009 April 26 @ pm 2:35

  4. මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා. අයින් කරන්න ගිහින් යාළුවෙක් අයින් උනොත් වැරදීමකින් හරි :( . 391 ඉන්නවා ඔක්කොම දැනට. ක්‍රියාත්මක කරන එකේ වැරැද්දක් නෑ මම කියන්නේ.

    Comment by පහන් — 2009 April 26 @ pm 2:37

  5. මමත් මේ විදියටම මම අඳුරන්නෙ නැති අය කප්පාදු කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒත් මට friendsලා 774ක් ඉන්න නිසා මේ වැඩේ කරන්න මට සෑහෙන්න කාලයක් යයි. ඒ නිසා මම මේ කවදා පටං ගන්නවද කියල හිත හිත ඉන්නෙ.

    අඳුරන්නෙ නැති මිනිස්සු අපේ friendsලා ලිස්ට් එකේ ඉන්න එක ගොඩක් භයානකයි. මොකද අපේ විස්තර හා ඡායාරූප ඔවුන් අතට යන නිසා. මගේ නම් අදහස facebook කියන්නේ පාවිච්චි නොකර හිටියොත් හොද තැනක් කියල තමයි.

    Comment by ප්‍රවීන් ඉන්ද්‍රනාම — 2009 April 26 @ pm 2:39

  6. හිටියා කියලා ගෑටලුවකුත් නෑ නේ.

    Comment by nuwan — 2009 April 26 @ pm 2:41

  7. me okkoma oya accept karapu aya ne
    eka nisa eyalawa ehema remove karana eka ethaa asaadaranay
    oyata eyala epa nam accept nokara enna thibuna

    Comment by geethq — 2009 April 26 @ pm 2:46

  8. මාව remove කරොත් නම් අයෙ බලාගමු හරි ද?

    Comment by geethq — 2009 April 26 @ pm 2:47

  9. Mama nam hi5 eke frndz la 1000k vithara hadaagena eka epa unama thamai FB awe..e nisa adurana aya thamai inne mage.okkoma 250k vithara innawa..danne nathi aya inne 10k wage thamai.. :D puluwn nam wena profile ekak hadala danna kattiya vitharak add karaganna..parana profile eke mukuth wada karanna yannepa..(ona nampasse kattiyata eka amathaka unama account eka delete karala daanna..)

    Comment by Pothe gura — 2009 April 26 @ pm 2:50

  10. මම අයින් කරන්න යන අය මම කවුද, මොනවද කරන්නෙ කියලවත් දන්නෙ නැතුව ඇති. ඒක නිසා ‍එහෙම අයව අයින් කලාට ඒගොල්ලොන්ට දැනෙන එකක් නෑ. (Friend count එක ඇරෙන්න ;) )

    Comment by GNS — 2009 April 26 @ pm 2:55

  11. hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm(c) cg

    Comment by geethq — 2009 April 26 @ pm 3:03

  12. හ්ම් හ්ම්!!! :P

    Comment by GNS — 2009 April 26 @ pm 3:27

  13. මම හිතන්නේ මේ ගැන වැඩිය කලබල වෙන්න අවශ්‍ය නෑ කියලා.ලෝකය තනි යායක් වෙලා අපි සමීප වෙනවානම් හොඳයි නේද?අනික මොකද්ද මේ මහ ලොකු පුද්ගලිකත්වය..?

    Comment by මීගොඩයා/සමන් — 2009 April 26 @ pm 4:01

  14. මටත් හිතෙන්නෙ වරදක් නෑ කියල. ඒත් පරිස්සමින් දෙතුන්පාරක් බලලම අයින් කලොත් හොදයි නේද?

    Comment by කේෂාන් — 2009 April 26 @ pm 4:08

  15. @ සමන්

    මේක පුද්ගලිකත්වය සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. පුද්ගලිකත්වය ලොකුවට අගය කරනවා නම් Facebook වගේ එවුවා බාවිතා කරන්නෙ නෑනෙ ;)

    Comment by GNS — 2009 April 26 @ pm 5:02

  16. මමත් ඔයව ඇඩ් කරගත්තා, EK වලයි දැකලා තියන නිසායි, බ්ලොග් වල කම්මෙන්ට් දාන කොට දැකලා තියන නිසයි, මගේ ෆ්‍රේන්ඩ්ලාගෙන් ගොඩක් අය ඔයගේ ෆ්‍රෙන්ඩ්ස්ලා නිසායි.

    ඒ උනාට අයින් කරත් අවුලක් නෑ. ආපහු හොදට අදුන ගත්තහම ඇඩ් කරගන්න පුලුවන්නෙ.

    හැබැයි මම කරන ක්‍රමේ තමා ෆ්‍රෙන්ඩ් ලිස්ට්ස් හදලා කස්ටියව එක එක ලිස්ට් වලට දානවා, අදුරන විදිහ අනුව, ඊට පස්සෙ එක එක ලිස්ට් වලට එක එක සීමා දානවා. එතකොට අපේ පෞත්ගලිකත්වය ආරක්ෂා කරගන්න පුලුවන්. හැබයි මම එක Mutual ෆ්‍රෙන්ඩ් කෙනෙක් වගේ ඉන්න අයව එච්චර විස්තරයක් දන්නෙ නැතුව ඇඩ් කරගන්නෙ නෑ. මේ දවස් වල කොටිත් FB එකෙන් අපේ විස්තර උස්සනවලු. ඒක නිසා පරිස්සම් වෙන්න ඕන තමා.
    :)

    Comment by ChuttaFX — 2009 April 26 @ pm 5:07

  17. @ ChuttaFX

    ම්ම්ම්… ඒකත් (List වැඩේ) හොඳ අදහසක්.
    පොඩ්ඩක් අත්හදාබලන්න ඕනෙ :D

    Comment by GNS — 2009 April 26 @ pm 5:12

  18. @මීගොඩයා/සමන්,

    “අනික මොකද්ද මේ මහ ලොකු පුද්ගලිකත්වය..?”
    අනේ හරි ෂෝක් කතාවක් !

    අනේ මී ගොඩයෝ/හරකෝ,
    ඉන්ටර්නෙට් එක හරහා උඹට ලොකු බාල්දියක් පෙරලිලා අතේ තියෙන තුට්ටු කීයකට හරි තට්ටු වෙලා ජීවිතයක් කියලා එකක් නැති උනොත් උඔට තේරෙයි පුද්ගලිකත්වය කියන්නෙ මොකක්ද කියල ! හරකෙක් වගේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නෙ නැතුව මොලේ කල්පනා කරපං.

    Comment by පිස්සු පූසා — 2009 April 26 @ pm 7:13

  19. අයිං කරලා දාන්න. මම නං ළඟ දී ඔය වැඩේ කරා. කොහොම හරි 140 ට තිබුණු ලැයිස්තුව 90ට අඩු වුණා. කොහෝම හරි දැන් මම 110ට වඩා යාලුවෝ වැඩි වෙන්න දෙන්නේ නෑ.

    Comment by අරවින්ද — 2009 April 26 @ pm 9:05

  20. වැඩේ නම් නරකමත් නෑ.. නමුත් යාඵවො හිටි යයි කියලා අවුලකුත් නෑනෙ. ඵ්ක නිසා මම කියන්නෙ ඉවත් කරන්න ඵපා කියලා.

    Comment by *_All Ways Here_* — 2009 April 26 @ pm 9:40

  21. මම නං කියන්නේ අයින් කරල දාන්න කියලාග වැඩක් නැත්නං තියාගෙන මොකටද?

    Comment by ලකිදු — 2009 April 26 @ pm 9:59

  22. @පිස්සු පූසා-අපේ පිස්සු පූසට කුප්පමේනියා කොළ නැතුවද මේ තදවෙලා ඉන්නේ.(අඉන්ටර්නෙට් එක හරහා උඹට ලොකු බාල්දියක් පෙරලිලා අතේ තියෙන තුට්ටු කීයකට හරි තට්ටු වෙලා ජීවිතයක් කියලා එකක් නැති උනොත් උඔට තේරෙයි පුද්ගලිකත්වය කියන්නෙ මොකක්ද කියල ! හරකෙක් වගේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නෙ නැතුව මොලේ කල්පනා කරපං.නේ මී ගොඩයෝ/හරකෝ,)
    ඔබගේ විශිෂ්ඨ භාෂාවත් ,හැදියාවත් ගැන සමස්ථ සිංහල බ්ලොග් කරැවන් ආඩම්බර වනුඇත !
    මේ කියන අමන වැරදි ඔබ කලාද ?

    Comment by මීගොඩයා/සමන් — 2009 April 27 @ am 1:05

  23. @ පිස්සු පූසා
    @ මීගොඩයා/සමන්

    දෙන්නගෙ private වලි මෙතන බෑ හො‍ඳේ?
    මේ වලිය මෙතනින් ඉවර කරමු :)

    Comment by GNS — 2009 April 27 @ am 1:08

  24. පිස්සු පූසා එක්ක තරහක් ගෑවිලාවත් නෑ.හැබැයි එයා (දීලා) මට්ටු වෙලා කෙඳිරි ගාන කොට දුකයි

    Comment by මීගොඩයා/සමන් — 2009 April 27 @ am 1:47

  25. මටත් තියෙන්නෙ ඔය ගැටලුවම තමයි
    හිටපුදෙන් බන් අපි උස්සගෙන ඉන්නෙ නෑනේ.
    කරදර කාරයෝ ඉන්නවා නම් අයින් කරලා දාමු.
    contacts ගොඩක් වැදගත් වෙනවනෙ මිතුරේ….
    අපට කවදා කවුරු ඕනෙ වෙයිද දන්නෙ නෑනේ…..

    Comment by පොඩ්ඩා — 2009 April 28 @ am 11:33

  26. මම නම් කියන්නේ දන්නේ නැති අය අයින් කරන්න කියලා ඒක කෝකටත් හොඳයි. මොකො අපේ විස්තර ඕනේ වෙලාවක එයාලට බලන්න පුළුවන් නිසා

    Comment by — 2009 April 28 @ pm 9:20

  27. වැඩේ නැගලා යනවා….

    දැන් ඉන්නෙ 96 දෙනයි :D

    Comment by GNS — 2009 May 16 @ am 10:17

RSS feed for comments on this post. TrackBack URL

Leave a comment

Powered by WordPress