Dialog ගැන දැන් හුඟක් අය දරන්නෙ එච්චර හොඳ ආකල්පයක් නෙමෙයි. (විශේෂයෙන්ම HSDPA පාරිභෝගියන්
)
කොහොමෙන් කොහොම උනත් Dialog Customer Care (ඒකට ‘සත්කාරය’ ද මොකක්ද නමක් එහෙමත් දාලා තියෙන්නෙ) එක ගැන නම් තිබ්බෙ හොඳ ආකල්පයක්. මොනව නැතත් පාරිභෝගික සේවාව නිසාම ඩයලොග් එක්ක ඉන්න අයත් ඉන්නවා.
කොහොම හරි මේ කියන්න යන සිද්ධිය උනේ දැන් දවස් 2-3කට කලින්, මම ගියා යුනියන් පෙදෙසෙ තියෙන Dialog Arcade එකට. මගෙ සිම් එකේ SMS වැඩ කලේ නෑ ඒක hot line එකට කිවුවහම කිවුවෙ “මෙහෙන් ඇක්ටිව් කරල තියෙන්නෙ, සිම් එකේ අවුලක්ද දන්නෙ නෑ කියලා”. ඒකටයි, තව මගෙ යාළුවෙක්ගෙ මොඩම් එකක අවුලක් ගිහින් නිසා ඒක මාරු කරගන්නත් එක්කයි.
කොහොම හරි SMS සිද්ධියට, ගිහින් සිම් එක දීලා අනිත් පැත්තට මෙන්න සිම් එක ආපහු දෙනවා “මේකෙ SMS active කරල නෑ. අනිත් පැත්තෙ customer service එකට දීලා ඇක්ටිව් කරගන්න” කියලා. අනේ අර හොට් ලයින් එකේ හිටපු අක්කා අහු උනා නම් (%^*(^*$”%%^*^)&)$%^£$^£)…
කොහොම හරි කතාව කියන්න තියෙන්නෙ මොඩම් එක මාරු කිරීම ගැන. ඒක මගෙ යාළුවට එක දවසක් වත් පාවිච්චි කරන්න වෙලා නෑ. ඒකෙ cable එක මොඩමයට හරියට plug වෙන්නෙ නැති අවුලක් තිබුනෙ. මම ගිහින් පැහැදිලි කරලා කිවුවා මේකෙ තියෙන්නෙ මෙන්න මේ අවුල කියලා. ඒගොල්ලොත් ඉතින් ‘හරි අපි බලමු’ කියලා පැත්තක තිබ්බ PC එකකට ගහගෙන බලාගෙන් ඉන්නවා. වැඩේ හරියන්නෙම නෑ. (ආපහු කිවුවා, ඕක කනෙක්ට් වෙන්නෙ නැති අවුල තියෙන්නෙ කියලා). ඊට පස්සෙ අර firmware update එක දාන්න try කරනවා හෝ ගාලා (connect වෙන්නෙ නැති මොඩමෙක firmware update කරන්නෙ කොහොමද :S ). කොහොම හරි විනාඩි පැයකට ආසන්න කාලයක් එකම දේ කරලා අන්තිමටම යන්තං තීරණය කලා මේකට බඩු පැකට්, replace කරන්න ඕනෙ කියලා.
ඊට පස්සෙ replace කරන්න අවශ්‍ය ලියවිලි හදලා දීලා කිවුවා ඒකත් එහා පැත්තෙ Customer Service එකට දීලා මාරු කරගන්න කියලා.
.
ගියා ඒ පාර ‘එහා පැත්තෙ’ තියෙන Customer Service එකට. මට හම්බ උන නොම්බරේ N382. අප්පට සිරි. වැඩේ ගොඩ. නම්බරේ අර පැත්තකින් තියෙන display එකේ වැටිලා තියෙනවා. හුරේ කියාගෙන ගියා අදාල කවුන්ටරේට. අප්පට සිරි. මෙන්න වෙන කවුද (කලින් කෙනා ද මන්දා) ඉන්නවා. කවුන්ටරේ හිටපු අක්ක කියනවා “මහත්මයා පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න” කියලා. හිටියා ඉතිං, වෙන මොනවා කරන්නද
(Techncal එකේ තව කමක් නෑ. එතන ටෙස්ටිං එකක් හරි කලා නෙ. මෙතන නිකං උඩ බලං ඉන්න තියෙන්නෙ). කොහොම හරි එතන ඉඳගෙන හිටියා පැය කාලක් විතර. (N382ට පස්සෙ අංක වෙන වෙන කවුන්ටර් වලින් ගියා. අංක සෑහෙන තොගයක් ගියා). කොහොම හරි ඉඳලා ඉඳලා හිටපු පුද්ගලයා ගියා කියමුකො. මමත් ගිහිං ඉඳගත්තා. මෙන්න Customer care officer කාරයත්, මට “පොඩ්ඩක් ඔහොම ඉන්න” කියලා නැගිටලා යන්න ගියා. Technical එකෙත් පැයක් විතර රස්තියාදු වෙලා, Customer Service එකෙත් පැය කාලක් රස්තියාදු වෙලා ඒ අස්සෙ මේ ගෑණි යන්නත් ගියා. මම ඉතින් තරහ ගිල ගිලා හිටියා. යන්තම් විනාඩි 10 යන්න කලින් ආවා. ඒ ඇවිත්, එන්න මහත්මයා මාත් එක්ක කියලා මාව එක්කන් ගිහින් වෙන කවුන්ටරේකට අත ඇරලා ඒක ගිහිං හිටපු තැනින් වාඩි උනා. එතනින් එහාට අනිත් කවුන්ටරෙන් තමයි කතන්දරේ continune උනේ. එතන හිටපු එක්කෙනත් අරයට දෙවෙනි නෑ. එක වගේ මිනිස්සු ගැන දෙපාරක් කතා කරලා වැඩක් නැති නිසා එයාව අමතක කරලා දාමු.
( මම තව යාළුවො දෙන්නෙක් එක්ක ගියෙ, උන් දෙන්නා Town Hall එක ගාවා bus halt එකට වෙලා පැය ගානක් කට්ට කාලා මං නිසා
)
.
කොහොම උනත් පේන විදිහට නම් තමන්ටම අනන්‍ය පාරිභෝගික සේවාවක් පවත්වාගෙන ගිය Dialog, දැන් ඒකත් කප්පාදු කරල වගේ. ඉස්සර CCS (Customer Care Service), දැන් නිකංම Customer Service
හොඳට තිබ්බෙ ඒක විතරයි. පේන විදිහට ඒකත් ඉවරයි. :/
.



අපිත් Dialog වලින් දැන් SLT වලට මාරැ වුනා
Comment by විකුම් — 2009 April 30 @ pm 8:47
මම නම් ඔහොම කට්ටක් කාලා නෑ. මේ ළගදි මගේ සිම් එක මාරු කරන්න ගියාම එතන හිටපු අක්කා නම් මට එළටම සැලකුවා. පැය 1/2 න් විකර වැඩේ කරගත්තා. (මගේ බ්ලොගය බැලුවා නම් විස්තරේ දැනගත්තැහැකි)
Comment by Thilina — 2009 April 30 @ pm 8:59
ඩයලොග් කෙරැවාව ගැන ඉස්සර ආඩම්බරෙන් ප්‍රතිචාර ලියපු අයත් දැන් නිශ්ශබ්දයි වගේ.මට වුන මීට වඩා බරපතල සිද්දියක් මගේ පිටුවේත් ලියා ඇති.කස්ටමර් කෙ(ළි)යා=අනාගතේ වඳයි.
Comment by මීගොඩයා/සමන් — 2009 April 30 @ pm 9:10
api nam dialog wishwasa kale kawadda ?
Comment by Thenura — 2009 April 30 @ pm 9:37
අපිත් Dialog පාවිච්චි කරපු මිනිස්සු නෙමෙයි තමයි
මොනව කරන්නද, මේ පැත්තට ගන්න පුළුවන් එකම Unlimited Internet සම්බන්ධතාවය හින්ද ගත්තෙ
Comment by GNS — 2009 April 30 @ pm 9:57
මරු වෙන්න SLT වලට
මොනව උනත් SLT එකේ වැඩක් කරගන්න පුලුවන්
Comment by අනුෂ් — 2009 April 30 @ pm 10:20
ඩයලොග් chater කියලා අපි කලින්ම කියලා තිබුණා.
අපි කිවිව දේ අහන්න තබුණා…….
Comment by ලකිදු — 2009 May 1 @ am 12:35
ඩයලොග් කියන්නේ දැන් චා මැක්ස් වෙච්ච කොම්පැණි එකක් නේ අපි නම් SLT ADSL……..!!
Comment by Uraj Deemantha — 2009 May 1 @ am 7:12
ඔයා slt මාරු උනොත් ගොඩ හැබැයි එක ඔයිට හපන් මම සතියක් slt එකට බඩ ගෑවා adsl ගන්න එක දවසක් ගියපුවාම කිව්වා මෙක පුරවං එන්න කියලා ඒක පුරවං ගියපුවාම කිව්වා ඔක පරණ එකක් මෙන්න මේක පුරවං එන්න කියලා අළුත් එකක් දුන්නා ඔන්න ඔහොම සතියක් ගියාම වැඩෙ හරි ඊට පස්සේ සති දෙකකින් අයෙ ගිහින් කිව්වාම දවස් දෙකකින් adsl දීලා තිබුනා.
හැබැයි අලෙවියෙන් පසු සේවාවනම් කියලා වැඩක් නෑ නිකං වැඩ නැ කියලා කිව්වත් කස්ටියක් එවනවා පරික්ෂා කරලා බලන්න.
Comment by Manushan — 2009 May 1 @ am 9:01
ඩයලොග් පැකේජ deactivate කරන්න කියල ලියුම් දීලා මාස ගානක් හිහින්තවම connection deactivate කරල නැති මම දන්න සමහර අයත් ඉන්නවා.
Comment by චරිත — 2009 May 1 @ am 10:01
අනේ… විසන්දි කරද්දි අවුලක් ගියත් අපිට කියන්නෙ නෑ.. දැන් මාස 2ට වැඩී. තාමා ඩිපොසිට් එක හම්බුනෙ නෑ
Comment by Malinda — 2009 May 1 @ pm 12:30
අනාගතේ අදයි කියන එක හරි.. අනාගතේදි වෙන්න යන දේ දැන්ම වෙනවා කොහොමද වැඩේ…
Comment by namal — 2009 May 1 @ pm 9:35
අප්පෝ ඉස්සරත් ඕකේ සේවය ඔහොම තමා බන්…මට එපා වෙනවා ඉස්සර….
ඒකට SLT කතා කරන පමාව විතරයි…පස්සේ එයාලම කතාත් කරනවා…දැන් කොහමද කියලා එහෙමත්..වැඩේ හරි ගියාමත්…කියපු ගමන් ගෙදරට එනවත් එක්ක…
Comment by බුද්ධික — 2009 May 2 @ am 8:57
ඩයලොග් ලගේ කයිය විතරයි.වෑඩ නෑ.අනිත් එක ඩයලොග් වලට වඩා SLT හොඳයි.SLT පාවිච්චි කරන්න කියලා තමයි මම නම් කියන්නේ.
Comment by Tharindu4u@in.com — 2009 May 3 @ pm 3:49