Archive for April, 2009

මටත් FUP බාල්දිය ‘සෙට්’ උනා…

19

හික් හික්!!

ඔන්න ඉතින් මටත් ඉඳල ඉඳලා සෙට් උනා මරු බාල්දියක්…

මම මේ Connection එක ගත්තෙ ජනවාරි අග. එදා ඉඳල මේ වෙනකම් FUP වලින් කරදරයක් තිබුනෙ නෑ.

සාමාන්‍යයෙන් 180~190KB/s තමයි speed තිබුනෙ. දවසකට ගිගා බයිට් 10ක් ඩවුන්ලෝඩ් කරපු දවස් හිටන් තිබුනා.

කොහොම උනත් දැන් ඉතින් බඩු පැකට් නේ :D

මම FUP ගැන වැඩි අවධානයක් යොමු නොකරන්න හේතුව උනේ

1. කලින් මාස වල FUP ක්‍රියාත්මක නොවීම

2. 5GB වලින් පස්සෙ 3G speed එක දක්වා පහත වැටීම (එතකොට ඉතුරු ගිගා 1 වත් මාසෙ පුරා පාවිච්චි කරනව කියල හිටියෙ)

කොහොම උනත් ගිගා 6ම 1.5Mb/s speed එකෙන්ම ගිහින් ඒක නිසා මට 3G speed තරමට speed drop වෙලා තිබුනෙත් නෑ. (මම ඉතින් ඒ බවක් දන්නව යැ) මම ඒක නිසා Dialog එකට කතා කරල ඇහුවා සිද්ධිය. Dialog එකෙන කියාපි “මහත්මයගේ ගිගා 6 ඉක්මවල තියෙන්නේ” කියලා. මට කාටුන් වල වගේ ඩොලර් මාක් (%$&$%&*£^£$$^) පෙනුනෙ ඒ වෙලාවෙ තමයි.

මගෙ SMS වැඩ කරන්නෙත් නෑ. මම කිවුවා මට පාවිච්චි කරපු තරම බලාගන්න MyDialog එකේ register වෙන්න බෑ කියලා. එතකොට එයා කියනවා එහෙනම් MyDialog එකේ register වෙන්න කියලා. (බි.පෙ.සි)

කොහොම හරි පැහැදිලි කරලා දුන්නා මගේ SMS වැඩ නැති නිසා Confirm code එක එන්නෙ නෑ කියලා. එතකොට “එහෙනම් මහත්මයා වෙන දුරකථනයක් භාවිතා කරල ‍register වෙන්න” කියල නම් කිවුවෙ නෑ ;) (නැවත බි.පෙ.සි) කොහොම හරි මාව විනාඩි 10ක් වගේ “මද වෙලාවක්” රඳවා තියල අන්තිමටම කිවුවා SMS අවුල ලිහාගන්න Arcade එකකට එන්න කියලා. (අම්මෝ… ඔයින් ගියා ඇති)

.

කො‍හොමෙන් කොහොමෙන් හරි මෙන්න මේකයි දැන් තත්වේ.

Damn FUP
(මේ පිංතූරෙ අප්ලෝඩ් කරන්නත් විනාඩි 2~3කට වඩා ගියෙ නෑ හො‍ඳේ…)
ම්ම්! නරකමත් නෑ. ‘කිලෝ බිට්’ වලින්ම හැට හතරක උපරිමයක් එනවනේ, සෙල්ලංද :D

.

මම තවම මේක අරං මාස 3ක් විතර. තවම පරිවාස කාලෙ යන්නෙ. මේ විදිහට දිගටම තිබුනොත් නම් ‘සිම්පල් ප්ලෑන්’ එකකට මාරු වෙන්නම වෙයි වගේ…

දැන් ඉතින් මොනව කරන්නද, ඔක්කොම හොඳටයි කියලා හිතල උඩ බලං ඉන්න තමයි තියෙන්නෙ :( .

Myblog on Myblog™

2

රුක්ෂාන් අයියාගෙ ඔත්තුවකට අනුව අපේ හෙන සෙට් එකක තම තමන්ගෙම ඩොමේන් වලට මාරු උනා කියල හැමෝම දන්නවනෙ. මමත් ඉතින් ගත්තා ‍ඩොමේන් එකක් :)

ගත්ත කිවුවට ඉතින් ගත්තම නෙමෙයි ඉතින් හම්බ උනා ;)

SRI-NETWORKS ‍‍වෙතින් තමයි සම්පූර්ණ බරපැණ :D (Host + Domain)

ඒත් බ්ලොග් එක තවම Myblog™ එකේ තියෙන්නෙ :)

අද තමයි යන්තම් බ්ලොග් එක මගේ ඩොමේන් එකට තියල ගැටගහගත්තේ :)

කාලිංග අයියා සෑහෙන help එකක් දුන්නා ‍වැඩේ ගොඩදාගන්න. නැවත වරක් ස්තුති කරන්න ඕනෙ තියෙන වැඩගොඩ අස්සෙ help කලාට

කොහොම උනත් බ්ලොග් එක Myblog එකේම තියන්න තමයි මගෙ නම් අදහස. මොකද බ්ලොග් සේවා වලින් මම දැකල තියෙන සිම්පල් ම ප්ලෑන තමයි Myblog.lk

අලුත් ඩොමේන් එකට ගැට ගැහුවට පස්සෙ test එකටත් එක්ක මේ ලියන්නෙ. ඒක නිසා දැනට මේ ඇති. :)

Myblog.lk

මගේ බ්ලොග් ලිවිල්ල…

4

‍අප්‍රේල් 1 : අද මෝඩයගෙ දවස. අද මුකුත් ලියන්න බෑ වගේ.

‍අප්‍රේල් 2 : අද මෝඩයගෙ දවසට පස්සෙ දවස නෙ. අදත් මුකුත් ලියන්න බෑ වගේ.

‍අප්‍රේල් 3 : අද මෝඩයගෙ දවසට පස්සෙ දවසට පස්සෙ දවස නෙ. අදත් මුකුත් ලියන්න බෑ වගේ.

………………….

අප්‍රේල් 12 : අනිද්ද අවුරුද්ද නෙ. අදත් බෑ ඔන්න ඔහෙ

අප්‍රේල් 13 : පරණ අවුරුද්දෙ බ්ලොග් ලියන්න? අම්මෝ බෑ…. අවුරුද්දටම ලියනවා…

අප්‍රේල් 14 (අද) : අද අවුරුදු දවස නෙ. ඔන්න ඔහෙ අදත් බෑ… :D

.

ප.ලි. :

හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා….

Go to Top