- Did you know people browse 7 times longer with Firefox than Internet Explorer? We do.
- Did you know games are played the least on tuesday and the most on sunday? We do.
- Did you know women spend twice as much time in Photoshop than men? We do..
.
මෙන්න නියම අයිටම් එකක්..
නම Wakoopa.
මේකෙන් කරන්නෙ අපි පාවිච්චි කරන මෘදුකාංග පිළිබඳ විස්තර Tracker එකක් මඟින්එකතු කරලා ඔවුන්ගේ අඩවියේ අපිට අදාල ගිණුමට යවන එක. සරලව කිවුවොත් Last.fm වගේ තමයි.
පසුව ඕනෙම වෙලාවක ඕනෙම කෙනෙක්ට ගිහින් බලන්න පුළුවන් අපි පාවිච්චි කරන (ගිය සතියෙ පාවිච්චි කරපුවා, ගිය මාසෙ පාවිච්චි කරපුවා සහ අලුතෙන් පාවිච්චි කරපු) මෘදුකාංග පිළිබඳ විස්තර.
ඒ වගේම ඔවුන්ගෙ අඩවියෙන් ඒ ඒ මෘදුකාංග කොපමණ භාවිතා කරනවාද යන්නත් දැනගන්න පුළුවන්.
.

මෙහි අපි පෙර සතිය හා පෙර මාසය තුල භාවිතයන් List එකක් මඟින් හා Pie Chart එකක් මඟින් පෙන්වනවා. නවතම භාවිතයන් ද වෙනමම ලැයිස්තුවක දැක්වෙනවා..
.
අපගේ ක්‍රියාකාරිත්වය අනුව මෙහි ලකුණු පිරිනැමීමක් සිදුකරන අතර එමඟින් එක් එක් මට්ටම දක්වා උසස් කිරීමකුත් සිදුවෙනවා..

කතාව ඇති. පාවිච්චි කරලම බලන්නකෝ…
මෙන්න ලින්ක් එක Wakoopa.com
.සෙට් වෙනව නම් Sign-up වෙලා Tracker එක බාගන්න.
.
ආහ්! තව දෙයක්. මේකෙ යාළුවො Add කරගන්නත් පුළුවන්.
මෙන්න මගෙ Proflie එක http://wakoopa.com/gayantha
–
පසු සටහන: RAM භාවිතය…




එලකිරිනේ මචං උඹත් ඉදලා ඉදලා එල එල ගැජමැටික් තමා හොයා ගන්නේ…මේකේ ලිනක්ස් වලට එහෙම එකක් තියෙනවද දන්නෑ…පොඩ්ඩක් බලන්න ඕනි…
Comment by බුද්ධික — 2009 May 24 @ pm 9:53
ඔව් ඔව්!! ලිනක්ස් වලට ලඟදි තමයි සහය දක්වන්න පටන් ගත්තෙ (තවම සති දෙකක් වත් නෑ)
http://blog.wakoopa.com/2009/05/13/wakoopa-now-has-linux-support/
Comment by GNS — 2009 May 24 @ pm 9:54
ෂහ්.. නියම සයිට් එකක්. සොෆ්ට්වෙයා ට්‍රෙන්ඩ්ස් ගැන දැනගන්න නම් නියමයි.
කෝකටත් පරිස්සමින් මේ වගේ ඒවා පාවිච්චි කරන්නේ. මොකද ඔවුන්ගේ ට්‍රැකර් ප්‍රෝග්‍රෑම් එකක් නිතරම අපේ පරිගණකයේ බැක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙමින් අපේ වැඩ මොනිටර් කරනවනේ. පාස්වර්ඩ් එහෙමත් මොනිටර් කරනවද දන්නෑ.
Comment by ප්‍රවීන් ඉන්ද්‍රනාම — 2009 May 24 @ pm 10:00
හික් හික්…
කරනවා කියන්නත් බෑ, නෑ කියන්නත් බෑ…
Comment by GNS — 2009 May 24 @ pm 10:04
එළ එළ…
තැන්කූ…!!! තැන්කූ…!!! තැන්කූ…!!!
Comment by හසී — 2009 May 25 @ am 2:03
නියමයි, ඔන්න මමත් ස්ථාපනය කරගත්ත
Comment by har — 2009 May 25 @ am 9:55
වැඩේ නම් එළකිරි ,ඔන්න මමත් Wakoopa වලට set උනා
Comment by dimuth — 2009 May 25 @ am 10:13
දැනුයි දැක්කේ බං! ලැපක් ගත්ත ගමං ලිනක්ස් හා වින්දෝරේ එකේ දාලා බලඤඤ! මේකේ දාන්න එච්චර මං මනාප නෑ රූම් ගැන සැලකිලිමත් නිසා.
Comment by -බිன்ku- — 2009 May 27 @ am 9:33
@බිன்ku, මෙකට එච්චර රැම් යන්නෙ නෑ. මෙගා බයිට් 2ට අඩු ගානක් තමයි යන්නෙ
(Screen Shot එකක් ‘පසු සටහන’ යටතේ දැම්මා…)
Comment by GNS — 2009 May 27 @ am 9:39