GNS Blog

2009 June 22

Tr.im

Filed under: Internet,Technology — Tags: , , , — GNS @ pm 12:04

අපිත් ඉතින් පටන් ගත්තනේ Twitter(?) Profile එකක්…

Follow කරන්න මෙතන කොටන්න ;)


දන්නවනෙ ඉතින් Twitter එකේ එක පාරකට අකුරු 140යි. ඒක නිසා URL එකක දැම්මොත් Twit එකෙන් බාගයක්ම ඉවර තමයි. මේකට Twitter එකෙන්ම දෙන බේත තමයි bit.ly . TweetDeck වගේ client එකක් පාවිච්චි කරනව නම් is.gd | tinyurl | digg | tr.im | bit.ly | twurl ‍වගේ විකල්ප ගොඩක් තියෙනවා.

ඒ අතරින් මටනම් වැඩියෙන්ම සෙට් උනේ bit.ly සහ tr.im… ඒ අතරින් tr.im තමයි මගේ තේරීම නම්.

Tr.im ගිණුමක් තියෙනව නම් අපි Trim කරපු links, click කරපු වාර ගණන්, Browser පිළිබඳ විස්තර, ඒ ඒ clicks ආපු රටවල් වගේ විස්තර බලාගන්න පුළුවන්…

Tr.im

gnslk.comTrim

^- click to view -^
.

Tr.im වලින් URL එකක් Trim හෝ Trim&Tweet කරන්න ‍‍Tr.im Firefox Addon එක පාවිච්චි කරන්න පුළුවන්.

Tr.im තවත් අනංමනං..

Tr.im

මෙහි "+" ලකුණ මඟින් දැන් බලමින් සිටින පිටුවෙහි trimmed URL එක ලබාගත හැක.
--
ඉන් පසු ලැබෙන සංවාද කොටුවෙන් තම Twit එක ඇතුලත් ‍කල status update කල හැක.


--
@ Twitter :)
Twitter

2009 June 4

ඔබ සොයනා දෑ සෙවුම් යන්ත්‍රයෙන්ම ලබා ගන්න…

Filed under: Internet — Tags: , , — GNS @ am 8:16

සිතන්න, ඔබට අවශ්‍ය ලංකාවේ පත්තර ඔක්කොම බලන්න අවශ්‍ය උනා කියලා. නැත්නම් ලංකාවෙ පත්තර මොනවද කියලා දැනගන්න ඕනෙ උනා කියලා.

සරලව අපි කරන්නෙ Google පිහිට පතන එක.

ගිහින් සරලව Search කරනවා “Sri Lanka News Papers” කියලා.

නමුත් මේකෙන් අපි බලාපොරොත්තු වන දේ හොයාගන්න එක නම් හිතන තරම් ලේසි නෑ. (මෙන්න ප්‍රත්ඵලය)

(අපිට ඕනෙ ශ්‍රී ලංකාවෙ පත්තර කියල හොයපුවහම,. සිළුමිණ, ලංකාදීප, ලක්බිම, Daily Mirror වගේ ප්‍රතිඵලයක් එන සිම්පල් ප්ලෑන් එකක්)


නමුත් මේකට විසඳුමක් Google සමාගමෙන්ම දීලා තියෙනවා. ඒ

ගූගල් ස්ක්වෙයා(ර්)ඩ් – Google Squared“…
Google Squared

මෙමඟින් අපි සොයාගන්න බලාපොරොත්තු වෙන දේ Google විසින්ම ‘කොටු’ කරලා දෙනවා.

මෙන්න කලින්‍ ‍හොයන්න හදපු එකේ ‘කොටු කරපු’ version එක “Sri Lanka News Papers”

කොහොමද වැඩේ?

Squared ගැන කියනව නම්, විකිපීඩියාවට අනුව මේ ව්‍යාපෘතිය එලියට දැනුම් දීලාතියෙන්නෙ ගිය මාසෙ (2009 මැයි) දොලොස් වෙනිදා. මේක නිල වශයෙන් නිකුත් උනේ ඊයෙ. සහ මේක Google Labs වල වැඩක්..

කතාව ඇති ඔයාලත් Try කරලා බලන්න… :D

Powered by WordPress