GNS Blog

2009 July 11

ප්‍රශ්න බ්ලොග්?

Filed under: Internet — GNS @ pm 10:57

..අපි අන්තර්ජාලයෙ විවිධ දේවල්, විවිධ අවශ්‍යතා සඳහා යොදාගන්නවා. බ්ලොග් කියන්නෙ ඉතින් ඒව අතරින් එකක් විතරයි නේ. බ්ලොග් එකක කිසියම් දෙයකට පාවිච්චි කරන්න පුළුවන් සීමාවක් හරියටම කියන්න බෑ. ඒත්….

මේ සටහන ලියන්න හිතුනෙ ලඟදි දැක්ක බ්ලොග් 2~3ක් නිසා.

SBU හි, බ්ලොග් එකක් කියන්නෙ මොකද්ද? සටහනේ බ්ලොග්කරණයේ අරමුණු විදිහට තියෙන්නෙ ‍මෙන්න මේක‍‍..



බ්ලොග් තියෙන්නෙ තමන්ගෙ හිතට එන දෙයක් ලියලා දාන්න තමයි. ඒත් තමන්ට තියෙන ප්‍රශ්න (තව කෙනෙක්ගෙන් අහන ප්‍රශ්නයක්), තමන්ගෙ බ්ලොග් එකේ අහන එකනම්… අනේ මන්දා..

.

ෆෝරම්, Google Group වගේ එවුවා ඕනෙ තරම් තියෙද්දිත්, තමන්ගෙ බ්ලොග් අඩවිය ඒ වගේ වැඩකට යොදාගන්න එක කොච්චර දුරට සාධාරණද..

මගෙ නම් අදහස තාක්ෂණික ගැටළු වලට ටෙක්කතා වගේ එකක සහය ලබාගන්න එක හොඳ බවයි..

.

පසු සටහන- ප්‍රශ්න යනුවෙන් අදහස් කලේ ‘සියළු දෙනාටම අදාල වන, පොදු’ ප්‍රශ්න ය. (උදා- Stand Alone Mailing Client එකක් configure කරගන්නෙ කෙසේද, වඩා හොඳ Modem ද Router ද වැනි දෑ අසනවාට වඩා ඒ ගැන විස්තර කිරීමට බ්ලොග් යොදාගැනීම යෝග්‍ය බවයි මාගේ අදහස නම්..).
මෙම තෝරාබේරා ගැනීම සිහියෙන් යුතුව කරතැ යි බලාපොරොත්තු වෙමි.. :)

1 Comment »

  1. මෙහි පළවූ සියළුම Comments සියල්ල අතුරුදහන් වී ඇත… (headbang)

    Comment by GNS — 2009 September 15 @ pm 11:54

RSS feed for comments on this post. TrackBack URL

Leave a comment

Powered by WordPress