ලංකාවේ Linux ප්‍රචලිත නොවන්නේ ඇයි…
[මෙය FOSS ගැන කියවෙන ලිපියක් නොව, Ubuntu-Fedora-SuSE-RedHat වැනි Linux මෙහෙයුම් පද්ධති වලට පමණක් සීමා කිරීමට උත්සහ දරා ඇත]

ලෝකයේ Linux භාවිතා කරන ප්‍රතිශතය එන්න එන්න වැඩි වෙනවලු, Windows භාවිතය අත හරිනව ලු,
ඒත් ලංකාවේ නම් බැලූ බැල්මට එහෙම දෙයක් පේන්න නෑ. තාමත් Ubuntu කියන්නෙ VirtualBox, VMWare වලට සීමා වෙච්ච දෙයක්. ඒකත් 10%ක් වත් නැතුව ඇති.. ( 100%ක්ම ලිනක්ස් උඩ දුවන මිනිස්සුත් නැතුවම නෙමේ..
)
කොහොම උනත් මේකට හේතු විදිහට මම දකින දේවල් තමයි මේවා,
- මිල
සරලව ලිනක්ස් දෙස බලද්දි අනෙකුත් වාණිජමය මෙහෙයුම් පද්ධති එක්ක පේන ලොකුම වෙනස තමයි මිල. ඒත් ලංකාවෙ අයට මිල කියන්නෙ එච්චර දෙයක් නෙමෙයි. (රු 100කට හරි, යාළුවෙක්ගෙන් නොමිලේ හරි XP එකක් හොයාගන්න එක එච්චර අමාරු නෑ). එහෙම තත්වයක් උඩ කෙනෙත්ට නිකං උබුන්ටු CD එකක් දුන්නා කියලා ඒකෙ වටිනාකමක් තේරෙන්නෙ නෑ.
.. - පරිශිලක සහය
මේ අදහස් කරන්නෙ අදාල සමාගමෙන් හම්බ වෙන සහය නෙමෙයි, හොර කොපි වලට කොහෙන්ද සමාගමේ සහය? o.O මේ කියන්නෙ, මොකක් හරි අවුලක් ගියොත් උදවුවක් ගන්න ඉන්න පිරිස සීමිත වීම. ලිනක්ස් පාවිච්චි කරන අය දෙන්නා, තුන්දෙනා තැන් තැන්වලට වෙලා ඉඳන් අපි නම් ලිනක්ස් කිය කිය ඉන්නවා මිසක් ප්‍රශ්නයක් අහන්න කෙනෙක්/තැනක් නෑ. කොහොම හරි හෙන ගේමක් දීල මොකෙක් හරි අල්ලගත්ත කියමුකො, “අනේ ඒක නම් දන්නෙ නෑ බං, මම පාවිච්චි කරන්නෙ XXXX Distro එක නෙ, සොරි” වගේ උත්තර හම්බවෙන්නෙ.
.
. - Distribution එකක් තෝරාගැනීම අපහසු වීම
තවත් කාරණාවක් තමයි ගණන් කරගන්න බැරි තරම් Distributions ගොඩ සහ වර්තමාන ලිනක්ස් පරිශීලකයන් එකිනෙකට වෙනස් Distros භාවිතා කිරීම හා ඒවා නිර්දේශ කිරීම..
“මම ලිනක්ස් දැම්මා..!“….
“මොන ලිනක්ස් එක ද දැම්මෙ?“…..
“xxxx Distro එක” ….
“අපෝ ඒක වැඩක් නෑ, මේක දාපං“…..
” *_*(&)_&(*^*(^%^$%* “….
. - ලංකාවේ අන්තර්ජාල ව්‍යාප්තිය අඩු වීම
Ubuntu වගේ පද්ධතියක් ස්ථාපනය කලොත් ස්ථාපනය කලා වගේ තව ප්‍රමාණයක් Download කරන්න තියෙනවා. Unlimited Braodband සම්බන්ධතාවයක් නැති කෙනෙක්ට මේක කරන එක සෑහෙන්න අමාරු දෙයක්. තව Linux වලට සහයක් ගන්න පුළුවන් Forum වගේ දේවල් අන්තර්ජාලයෙ තිබුනත් ඒවයින් වැඩක් ගන්න අන්තර්ජාලය ව්‍යාප්ත වෙලා නැති එක බලපානවා
මේ මම අහපු / දැකපු කරුණු වලින් කීපයක්, Linux වලින් කරන්න බැරි දේවල් Windows වලින් කරන්න පුළුවන්, Windows වලට බැරි දේවල Linux වලට පුළුවන් කතා මෙතෙන්ට අදාල කරගෙන නෑ.. සරලවම ලංකාවෙ සාමාන්‍ය පරිගණක පරිශිලකයෙක්, ලිනක්ස් වලට නොයන්න හේතු විදිහට මම දකින දේවල් පමණයි මෙහි සඳහන් කර ඇත්තේ..
| Print article | This entry was posted by GNS on 2009 August 16 at am 11:44, and is filed under SBU, තොරතුරු තාක්ෂණය. Follow any responses to this post through RSS 2.0. You can leave a response or trackback from your own site. |




about 11 months ago
අහ්හ් අපේ මලයා මගේ උබුන්ටු වියාපාරෙට උදැල්ල දැම්මේ අර මෝස්ට් වෝන්ටඩ් (NFS Most Wanted )ගේම් එක ගහන්න බෑ කියලා. කොහේදෝ ෆෝරම් එකක දැක්කා වයින් එක්ක මෝස්ට් වෝන්ටඩ් ඉන්ස්ටෝල් කරන විදිය. එදා ඉඳලා මගේ කුණු කුණුව අහගෙන ඉන්න බැරිම හින්දාද කොහෙද දැන් කියනවා විභාගෙන් පස්සේ උබුන්ටු දාමුලු. බලමුකෝ විභාගේ ඉවර උනාම මොනවද වෙන්නේ කියලා. ගෑණු ළමයින්ට නම් තියන ප්‍රශ්නේ ඔය එකක්වත් නෙවේ, ගෙදර ඉන්න මල්ලිලා, අයියලාගේ ලොකු කම් බලන්න වෙන එක. එයාල කැමති නැත්තම් නෑම තමා. ශික් කොල්ලෙක් වෙලා ඉපදුනා නම්
about 11 months ago
ඇත්ත කතාව.
deeps (==!deepsishere==NOTdeepsishere==deepsisNOThere) කියන්න වගේ, ලිනක්ස් වලට වින්ඩෝස් වලට වගේ ගේම්ස් හැදෙන්නෙ නැති එක “අපේ එවුං” ලිනක්ස් වලට ගන්න තවත් එක බාධාවක්.
තැන් කිහිපයකම මේ පිළිබඳව සංවාද ඇති වෙලා තිබුනා දැක්කත්, ලංකාවේ අය මෙහෙයුම් පද්ධතියකින් බලාපොරොත්තු වෙන්නේ මොනවාද, වින්ඩෝස් ජනප්‍රිය ඒ උවමනා සපුරන නිසාද, ලිනක්ස් ජනප්‍රිය නැත්තේ ඒ උවමනා සපුරන්නේ නැති නිසාද, සපුරතත් ජනප්‍රිය නැත්තේ මොකද කියන ඒවාට නිවැරදි පිළිතුරු කිසිම තැනක දකින්නට ලැබුනේ නැහැ.
about 11 months ago
එවුව ප්‍රාදේශීය ගැටළු…
about 11 months ago
මම දැනට තුන් වෙනි කාරණාව ගැන මගේ අදහස කියන්නම්.
ලිනක්ස් පාවිච්චි කරන සමහර අය තමන්ගෙ පෞද්ගලික රුචි අරුචිකම් අනුව අනිත් අයට ලිනක්ස් නිර්දේශ කරන්න ගියාමයි ඔය අවුල එන්නේ. ඒක නොවිය යුත්තක්. තෝරාගැනීමේ නිදහස බොහොම වටිනවා.
මගෙන් කවුරුහරි ඇහුවොත් මොකක්ද හොඳ කියල මම එයාගෙන් ආපිටට අහන්නෙ ලිනක්ස් වලින් කරන්න බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියල. සාමාන්‍ය ගෙදර/ කාර්යාලයීය වැඩට නං Ubuntu, Networking, Security ඉගෙනගන්න කැමති නං Fedora, Multimedia වලට නං Ubuntustudio — ඔය වගේ.
අනෙක් කාරණාව, මම ලිනක්ස් ගැන ලියන බ්ලොග් ලිපි වලදි බොහෝ විට command line එක පාවිච්චිය නිර්දේශ කරන්නෙ ඒක ගොඩක් ලිනක්ස් වෙළුම් එක්ක කරදරයක් නැතුව වැඩ කරන නිසා.
about 11 months ago
Games
—
Windows ජනප්‍රිය මිනිස්සු බලාපොරොත්තු වෙන දෙයක් දෙන හින්ද නෙමෙයි. Microsoft එකට ඕනෙ ‘එකක්’ ‘හැමෝටම’ දෙන හින්දා..
ඔක්කොගෙම Format එක එකයි..
එතකොට ඕනෙ කෙනෙක්ට තව තැනකට ගිහින් වැඩක් කරගන්න අමාරු නෑ..
(Linux වල Shell Commands විවිධ වීම තමයි ප්‍රධානම ගැටළුවක්)
about 11 months ago
ශ්‍රී ලංකාවේ පාසල් වලින්වත් Linux මෙහෙයුම් පද්ධතිය ගැන අධ්‍යාපනයක් නොලැබෙන මට්මක තියෙන්නේ.ඒකත් ලංකාවේ Linux ප්‍රචලිත නොවන්නේ ඇයි… කියන ප්‍රශ්නයට එක හේතුවක් තමයි.
about 11 months ago
ඔය අමාරුකාරයට කියන්න පොඩ්ඩක් Cedega ගැනත් බලන්න කියල.
http://www.transgaming.com/
about 11 months ago
මේ බ්ලොග් එකේ comment updates අපට ඊමේලෙන් එන විධියට හදන්ඩෝ….
about 11 months ago
අහල තියනවද අර අමුතු විදියට කෑම උයන නෝනගෙ කතාච?
හරි සතුටෙන් ජීවත් උන යුවලක් හිටියා. නෝනාට හරි රහට කෑම උයන්න පුලුවන්. මහත්තය ජීවිතේට කුස්සිය පැත්ත පලාතෙ ගිහින් නෑ. ඔන්න දවසක් පොර අහම්බෙන කුස්සියට යනව. එතන එකම සීන් එකයි. බත් මුට්ටි තුනයි, වැංජන ඈතිලිත් තුන ගානෙ. පොරට උඬ යට නෑ. පොර ඉතින් හිමීට නෝනගෙ හිත රිද්දන්නෙ නැතුව අහනව ‘මොකද අනේ ඔයා හැම දේම භාජන තුනක උයන්නෙ’ කියලා. ආහ්… අපේ අම්ම උයන්නෙ එහෙමනෙ.. බුවා ඊලග සති අන්තෙම යනව නැන්දම්මව බලන්න. බටර් පොඬ්ඬක් ගාලා සුපුරුදු ප්‍රශ්නෙ අහනවා. ‘අපේ අම්ම උයන්නෙ එහෙමනෙ..’ සුපුරුදු උත්තරන් අඤ්ඤකොරොස් වෙච්ච බුවා නැන්දම්මා අම්මව (ඉහල තැන) හොයන් යනවා. සුපුරුදු උත්තරේ. පොරගෙ වාසනාවට අර නැන්දම්මගෙ අම්මගෙ අම්මත් තාම ජීවත් වෙනවා. සුපුරුදු ප්‍රශ්නෙ අහපුවම ආච්චිට පන යන්න හිනා. ‘මට දරුවො 21 දෙනෙක් ඉන්නවා, මායි මහත්තයයි එක්ක 23 දෙනෙක්ට උයන්න තමයි භාජන 3 ගානෙ පාවිච්චි කරන්න උන්..
අපේ OS පාවිච්විත් ඔහොමයි නේද?
අපි අතරේ බොහොම දක්ශ, කෙනෙක්ට තේරන්න දෙයක් කියාදෙන්න පුලුවන් linx පරිශීලකයො කොච්චර ඉන්නවද? කරන්නන් වාලෙ හොර බඬු පාවිච්චි කරගෙන යන්නෙ නැතුව linux පාවිච්චි කරන අයට උදව් වෙන්න community එකක් හදාගත්තොත් මොකද? (මම කොහෙවත් දැක්කෙ නම් නෑ එහම එකක් තියනවද කියලා)තියනවනම් ඒක promote කරල ගමු.
about 11 months ago
ප්‍රචලිත නොවෙන්න හේතු මේවායි එහෙනම්.අපිට නම් සුපුරුදු වින්ඩොස් පිහිටම තමා
about 11 months ago
http://www.linux.lk/
about 11 months ago
ගේම් විතරක් නෙවෙයි. තව ගොඩක් වැඩකටයුතුවලට තවම හොඳ ලිනක්ස් ආදේශක නැහැ නේද? උදාහරණයක් විදියට AbiWord එකෙන් doc file එකක් හැදුවා කියමු. ඕක ප්‍රින්ට් කරන්න කොමිනිකේසන් එකකට ගෙනිච්චම ඒකෙ වින්ඩෝස් මැෂින් එකේදි පෙන්නන්නෙ වෙන ෆෝමැටින් එකක්. (OOWriter නම් ඉතින් කොහොමත් චා) ඉතින් rtf විදියට සේව් කරන්න ඕන. එතකොට තව අතුරු ප්‍රශ්න.
අපි කොච්චර කිව්වත් මේ විදියට ප්‍රායෝගික ගැටලු ගොඩක් තවම ලිනක්ස්වල තියෙනවා. අර ගයන්ත කියපු අන්තර්ජාල ව්‍යාප්තිය අඩුවීමත් ප්‍රධාන හේතුවක් තමයි.
about 11 months ago
cedega වලින් මමත් ගේම් ගහල තියෙනවා. හැබැයි හොදට වැඩ කරේ opengl ගේම් විතරයි. අනික ඒක ෆ්‍රී තිබ්බේ නෑ.
about 11 months ago
ඕකට තමයි PDF තියෙන්නෙ.
about 11 months ago
ම්ම්… තව දෙයක්. doc කියන්නෙ standard එක නෙමෙයි. ඒ නිසා ඒක වෙනස් වෙලා පෙන්නන එක විවෘත මෘදුකාංග වල වරදක් නෙමෙයි. odt එකක් open කරගන්න MS Word වලට පුළුවන්ද?
about 11 months ago
ඔව් ඒක ඇත්ත. ගොඩක් අය දෙයක් කරන්නෙ අනිත් අය කරන නිසා මිසක් තමන් හිතල නෙමෙයි.
about 10 months ago
හැම කරුනක් ම බැලුවම මට හිතෙන්නෙ linux එක්ක වැඩට බහින්න එකපාරටම බැරි බවයි. මාත් linux වලට මාරු වෙන්න උත්සාහ කලා. ඒත් ඉහත කතා වෙච්ච කරුණු බොහෝමයක් මට තදින්ම බලපෑවා. අවසාන තීන්දුව තවදුරටත් වින්ඩෝස් වලම ඉන්න වීමයි. පාසල් වල හරි linux භාවිතයට පෙළබවීමක් ඇතිවීම අනිවාර්යයි. මොකද බොහෝ අය පරිගණක බහ තෝරන්නෙ වින්ඩෝස් පරිසරයෙ ඉදන්. ඉත්න් ඒ අයට linux ගැන කියපු පලියට ඒක වැටහෙන්නෙ නෑ. අනිත් කාරණය linux එක්ක වැඩ කරන්න software හිග කම. ලංකාවෙ software වෙළඳ සල් වලින් linux software හොයන එකත් අමාරු වැඩක් නෙ. ඉතින් මගේ අදහස linux වල ගුණ වයන්න කලින් linux වලට යටිතල පහසුකම් ඇතිකරන්න ඔනෙ කියන එක.
about 10 months ago
අදහස් දක්වපු සියළු දෙනාටම ස්තූතියි…
about 7 months ago
mama me sirawatama kyanne mata linux epa une oya atamagul ubuntu awata passe,issara kochrha elata tibbada