ඇති යාන්තං Reported Attack Site! කියල ආපු Warning Message කරදරේ ඉවරයි…
ඒ දවස් වල නම් එපාම වෙලා හිටියේ.. එක්කො Google එකෙන් විකාර කියල මේල් එවනව, නැත්නම් බ්ලොග් එකට යන එන අයට Warning Message එකක් එනව කියල ඒ ගොල්ලො Message එවනව.. මේ ගැන බ්ලොග් සටහනකුත් දාලා තිබ්බා අපේ ගයාන් තාරක අයියා.. (මේ ගැන අහල බලපු හැමෝටම ස්තූතියි කිවුවෙ එහෙනම් හොඳේ?
)
කොහොම හරි වෙලා තිබ්බෙ මම කලිං Site එක දාලා තිබ්බ Host එකේ කේස් එකක් හින්දා Google එක විසින් එය Black List කර තිබීමයි. එතකොට Google එකට කොහෙන් හරි ගෑවිලා හිටියොත් ඒ userට එහෙම මාට්ටු උන අඩවි වලට යන එක Google විසින් අවහිර කරනවා. කොහොමද Googleමොලේ? (ඒකෙන් මේකෙන් කෙල උනේ මට..
)

Host එක මාරු කරලා, Google එකට review කරන්න කියල ඉල්ලීමක් කරල දවසක් යන්න කලිං අර ආපු Warning Message අයිං කරල තිබ්බ Google එකෙන්.
කොහොම හරි, බ්ලොග් එක දැං තියෙන්නෙ නවාතැන ජාලයේ Host එකක.. (පොඩි Ad එකක්..
)
නවාතැන කියනකොට මතක් උනේ, නවාතැනටක් කෙල උනානෙ ලඟදි, Forum එකේ Warez (සරලව කියනව නම් Rapidshare link අනං මනං) තිබ්බ කියල DreamHost එකෙන් Forum එක සදහටම dissmiss කරල දාලා. අඩුම ගානෙ Database එකවත් දීලා නෑ.. දැන් ඒකත් අලුත් හොස්ට් එකක තියෙන්නෙ. (දැං Warez පුළුවං ලු. හික්
)
ආරංචි විදිහට නම් ලංකාවෙම කෙනෙක් ලු Forum එකේ Warez තියෙනව කියල report කරල තියෙන්නෙ. අනේ මංදා ඉතින් ලංකාවෙ මිනිස්සු නේ..
ම්ම්ම්, තවත් දෙයක්, අපි දැං Self Hosted නේ..
Myblog.lk එකේ WordPress Upgrade එකකින් පස්සෙ මගෙ අඩවියෙ CSS එකට (මට විතරක්ද දන්නෙ නෑ) කෙල වෙලා, Host එකකුත් හම්බවෙච්ච එකේ දැම්මා Self Hosted පාරක්, Networkd Blogs App එකේ Widget එකකුත් දැම්මා. Facebook ඇත්තො පුළුවං කමක් තියෙනව නම් Follow පාරක් දැම්මට අපි තරහ නෑ
Self Hosted වලට අපි පොඩ්ඩක් (පොඩ්ඩක් කිවුවට ගොඩක්) අලුත්, ඒක නිසා තව දාන්න අනංමනං තියෙනව නම් කමෙන්ට් එකක් කොටල හරි මේල් එකක් හරි කොහොම හරි කියන්ඩz..
තව මේ Theme එකේ පොඩි පොඩි Edit දෙක තුනක් දාලා තියෙන්නෙ, මේකෙ අල වගේ පේන තැන් එහෙමත් තියෙනව නම් ඒවත් කොහෙ හරි කොටල මට ලැබෙන්න සලස්වන්න…



ඔක්කොම හොදට තියෙනව බන්..ඕං ෆලෝ පාරකුත් දැම්ම!
Comment by පොතේ ගුරා — 2009 August 13 @ pm 9:10
එළ එළ… තැන්කූ…
Comment by Gayantha — 2009 August 13 @ pm 9:36
ඔන්න අපිත් follow කරා…
Comment by dimuth — 2009 August 13 @ pm 10:06
එළ එළ…
Comment by Gayantha — 2009 August 13 @ pm 10:09
නවාතැනේ අපි කිව්වොත් එහෙමයි මල්ලී! දැන පෙරට වඩා වේගයෙන් නේද?
සයිට් ඒක එළ මචං, පොඩ්ඩක් සෑර් පසුබිමේ ලා පාටක් හරි පින්තුරයක් දැම්මා නම්?
Comment by -බිன்ku- — 2009 August 13 @ pm 10:31
Thanx..
පසුබිමේ කිවුවෙ කොයි හරියෙ ද? :)
Comment by Gayantha — 2009 August 13 @ pm 11:07
තොට ඔහොම වෙලා මඩි දන් එන්නෙ නeද්ද???mata FIT wade gana kathakaranna ona
Comment by Nisal — 2009 August 14 @ pm 12:11