GNS Blog

2009 September 15

Compaq Cup..!

Filed under: Miscellaneous — Tags: , , — GNS @ am 8:46

සෑහෙන දවසකට පස්සෙ ඊයෙ හොඳ මැච් එකක් බැලුවා.. මැච් එක පරාද උනාට, කට්ටිය හොඳට සෙල්ලම් කලා.. (y)

අවසාන තරඟයට කලින් තරඟයෙ ලංකාව ගහපු ලකුණු 307 හඹාගෙන ගිය ඉන්දීය කණ්ඩායමට ගන්න පුළුවන් උනේ ලකුණු 168යි.. (puke) ඒ අතින් බලද්දි ලංකාව ඊයෙ හොඳටම සෙල්ලම් කලා‍‍.. (flex) (මහේල ගොං විදිහට දැවී නොයන්න සහ සංගක්කාරගෙ අවාසනාවන්න දැවී යාම නොවෙන්නට ගේමක් නැතුව දිනන්නත් තිබ්බා.. ;( )

Sangakkara Hit Wicket. (©AFP)

තව, ශ්‍රී ලංකා කණ්ඩා‍යමේ මැද පෙළ දැන් සෑහෙන්න ශක්තිමත් පාටක් පේන්නෙ.. (dance) ඕක ‍ඔ‍හොම්මම තියා‍ගත්තොත් නම් ගොඩ.. ;)
Kandamby (©AP)

මොනව උනත්, World’s First Digital Trophy එක ගන්න බැරිවෙච්ච එක නම් අපරාදෙ.. කරන්න දෙයක් නෑ, World’s First Digital Trophy තරඟාවලිය, ලංකාවෙ තිබ්බ එක ගැන හිතල වත් හිත හදාගමු.. (chuckle)

දැං ඉතින් ගිය දේ ගියා.. දැන් සැප්තැම්බර් 22 ඉඳලා ICC Champions Trophy එක පටන් ගන්නව නෙ, ඒකට වත් හොඳට සූදානම් වෙලා ගිහින්, ඒකවත් (හොරෙන් හරි (rofl) ) ‍ උස්සන්න පුළුවන් වේවා කියල ප්‍රාර්ථනා කරමු..

ශ්‍රී ලංකා කණ්ඩායමට ජය-ශ්‍රී… (flag:LK)

12 Comments »

  1. යා යා, ඒකවත් උස්සාගෙන ඒමට ලැ‍බේවායි ප්‍රාර්ථනා කරනවා. ටීම් එකට ජය. :)

    Comment by Thilina — 2009 September 15 @ am 9:23

  2. ජය (flag:LK) !

    Comment by -බිன்ku- — 2009 September 15 @ am 9:27

  3. ස්තූතියි මේ ගැන ලිපියක් දැම්මට. මම කරන්න හිටපු වැඩේ ඔයා කළා. මගේ අදහස් ටිකකුත් මෙතනම ලියන්නම්.
    මැතිව්ස් ඉක්මනට අවුට් වෙච්ච 1ත් අපේ පැත්තට ලොකු අවාසියක් උනා. මිනිහා ඕවර් 25ක් වෙනකම්ම්වවත් වෙනකම් හිටියානම් කණ්ඩම්බිටයි කපුගෙදරටයි අන්තිම හරිය ගොඩාක් අමාරු වෙන්නේ නෑ. පළවෙනි ඕවර් 20 ඇතුළේදි විකට් 5ක් (මුල්පෙළ) වැටුනාම, 320ක් පන්නගෙන යන ටීම් 1ට දිගටම ගහන්න සෑහෙන්න අමාරුයි.
    අපේ බෝලර්ස් ලා ලකුණු දුන්නා වැදියි. ඕවර් 10ම දාපු 3න්දෙනාටම ලකුණු 70ට වැඩිය ගැහුවා. ඒත් අඩුවෙන් ලකුණු දීලා තිබුන කුලසේකරව පාවිච්චි නොකළේ ඇයි කියන ගැටලුව ඒ වෙලේ හිතුනා. කරන්න දෙයක් නෑ. ගිය දේ ගියාවේ.
    කොහොම වෙතත් ලෝකෙ 1වෙනි ටීම් 1 වෙන්න හිතාගෙන ඉන්න ඉන්දියාවෙ වේග පන්දු බලඇණියෙ තරම හැමෝම හොදට දැක්කා. මැච් 2දිම දිවා රෑ බේදයක් නැතිව එයාලා හොදට අපිට ලකුණු දීපු හැටි දැක්කම Champions Trophy 1දිත් එයාලාට ඒක වෙයි කියලා හිතන්න පුලුවන්(ඒකෙන් අපිට වැඩක් නෑ. අපේ කවුරුත් නෙමෙයිනේ).
    අනික විකට් 1ක් ගත්තාම හරුබජන්ගේ වගේ නාටක මම දැකලා තියෙන්නේ ඉන්දියාවේ ටීම් 1න්ම විතරයි. ලෝකේ වෙන කිසිම බෝලර් කෙනෙක් විකට් 1ක් ගත්තාම ඔච්චර නටන්නේ නෑ. පව්…
    අපේ මැදපෙළ එළ. ඔය විදියටම දිගටම සෙල්ලම් කරන 1 තමා කරන්න තියෙන්නේ.
    වාසනාව දෙපැත්තටම එක වගේ තිබුනා.
    කොහොම උනත් ඊයේ මැච් 1 පැරුදුන 1 ගැන එච්චරම දුකක් හිතට නෑ. ඒ ඊයෙ අපි සෙල්ලම් කරපු විදිය දැකලා. බැරිවෙලාවත් ඊයෙත් අපි ටොස් 1 දින්නානම්, සෙනසුරාදාටත් වඩා කුජීතු විදියට තමා ඉන්දියාව පරදින්නේ.
    Champions Trophy 1 අපිට මැච් තියෙන්නේ දකුනු අප්රිකාව, නවසීලන්තය,එන්ගලන්තය එක්ක. ඔය මැච් 3න් 2ක් දාගත්තොත් ගොඩ. අපි කොහොමත් සෙමි ෆයිනල් දිනන රටක්. ෆයිනල් 1ත් දිනුවානම් එළම තමා.
    සංගා,මුරලි,මහේල,සනත් ඇතුලු අපේ කට්ටියට Champions Trophy 1 අපේ රටට ගෙන ඒමට ලැබේවා කියලා සුබ පතනවා.

    අපේ ටීම් 1ට ජය වේවා…

    Comment by රනා — 2009 September 15 @ am 10:34

  4. අපේ ටීම් එක දැන් නියමයි ……
    අයියා ඔය පින්තූර ගත්තේ කොහෙන්ද?

    Comment by randeera — 2009 September 15 @ pm 12:02

  5. ඇත්තටම ඊයෙ මැච් එක පැරදීම ගැන නම් කිසිම දුකක් නැහැ. පොඩ්ඩක් වගේ දුකක් තියෙන්නේ අර පළමු පරිගණකයක් සහිත කුසලානය අපිට ගන්න බැරි වීම ගැන විතරමයි.

    ඉන්‍දීය කණ්ඩායමේ විනය නං අන්තිමයි. යුවරාජ්ගෙ බෝලයකින් ආපු කැච් එකක් පතාන් මිස් කරපු එකට යුවරාජ් දක්වපු ප්‍රතිචාරෙ නං ජරා. කොච්චර කිවුවත් පතාන් ඒක අල්ලන්න තමන්ට පුළුවන් විදියට උත්සාහ කළා. නැත්තං අරවගේ ඔළුව පොළවෙ ඇනගන්න යන්නෙ නෑ නෙ.

    අනිත් එක හර්බජාන්. ඕනම පන්‍දු යවන්නෙක් කඩුල්ලක් ගත්තාම ඒක සෙලිබ්‍රෙට් කරනවා. බලන්න මාලිංගගේ ඇක්ෂන් එක, ඒකෙ තියෙන්නෙ තමං ගනිපු විකට් එක ගැන සතුටක්. හර්බජාන්ගෙ තියෙන්නෙ දැවීගිය ක්‍රීඩකයා කෙරෙහි “තෝ අපිට ගැහුවා නේද? ඇද්ද බොට?” සයිස් එකේ දාමරික සිතිවිල්ලක්.

    Comment by බුධාජීව — 2009 September 15 @ pm 5:22

  6. හර්බජාන් ගැන ඉතින් කතා කරල වැඩක් නෑ.. (doh)
    මේ Series එකට ලංකාවට එන අතරමගදිත් (ඉන්දියාවෙ Air Port එකක) කාත් එක්කද මන්දා රණ්ඩු වෙලා, ගුටි කෙලියකුත් ගිහිල්ලලු නෙ.. (chuckle)

    Comment by Gayantha — 2009 September 15 @ pm 8:25

  7. සොක් තීම් එකක්. මැච් එක පැරදිච් එකට කිසිම දුකක් නෑ. අපේ උන් හොඳට ගැහුවා.

    Comment by චම්පික — 2009 September 15 @ pm 8:33

  8. “මහේල ජයවර්ධන තම ස්ථානය වෙනුවෙන් නිසි සාධාරණය ඉටුකළ යුතුයි. එක්දින තරගවලදී ඔහු රදවාගෙන ඇති 32 ක සාමාන්‍යය ඔහුගේ හැකියාවට තරම් නොවේ.සංගක්කාරගේ අවාසනාවන්ත දැවීයාම තරගයේ තීරණය වෙනස් කළ සිදුවීමයි. මේ සංගක්කාර හිට් විකට් ලෙස දැවීගිය තෙවන අවස්ථාවයි. කණ්ඩම්බි හා කපුගෙදර වගකීමකින් යුතුව ක්‍රීඩා කිරීම අනාගතයට සුභ ලකුණකි. තවද, සමරවීර ද සිටී. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පැවති ගැටලු විසදෙන ආකාරයක් දක්නට ලැබේ.”

    Comment by ත'ර්ඩ් මෑන් — 2009 September 15 @ pm 10:18

  9. වඩක් නෑ බන් කතා කරලා.
    මමත් ගියා බන් මැච් එක බලන්න. මොනව උනත් අපෙ ටීම් එක දැන් නියමයි.

    Comment by Kasun0777 — 2009 September 15 @ pm 10:28

  10. මැච් එක ගැන නම් පට්ට දුකයි… 42 වෙනි over එක වෙනකන් හිතුවේ ගහයි කියලා. (ගොන් මහේල ගැහුවානම් හරි ඉතින්) සනත්, දිලි, සංගා, කණ්ඩම්බි හොඳට play කළා. ඉන්දියාවේ පඩ සීන් තමා ඉවසන්න බැරි. මේ මැච් එකටත් එක්ක හරියන්න ICC trophy එකේදි ඉන්දියාව හම්බවුනොත් පරද්දන්න ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. (මහේල මැච් දෙක තුනකට අයින් කරනවානම් ලොකු දෙයක්)..

    Comment by Malaka — 2009 September 16 @ am 12:09

  11. Eka athha india wala kabba gatiya apahu pennuwa apata Champions Trophy eka thama dan hithanna one oya wage podi cup nogathata Sri Lankawa mulu loketama One Day Cricket uganwala thiyanawa hoda gemak denna puluwan kollo tikak apata innawa Champions Trophy labewa kiya mamath prthana karanawa

    Comment by udith — 2009 September 16 @ am 8:31

  12. මැච් 1 පැරදිච්ච 1 නම මාර දුකයි. සංඝක්කාරගෙ අවුට් 1 හරිම අපරාදෙ.

    Comment by Aisha — 2009 September 25 @ pm 3:56

RSS feed for comments on this post. TrackBack URL

Leave a comment

Powered by WordPress