මේක මම හොදටම දන්න කියන කෙනෙක්ට වෙච්ච සිද්ධියක්.. :S
දවසක් කෝල් එකක් එනවා “මගෙ Fb Hack කරලා, මේල් එකත් හැක් කරලා. දන්න කියන හැමෝටම කියන්න ආපහු කියනකං මගෙ Account එකත් එක්ක ගණුදෙණු කරන්න එපා කියලා” :O :O
ගිහිල්ලා බලද්දි කතාව ඇත්ත.. රිංගපු එකා එකවුන්ට් එක විනාසම කරල දාලා. (headbang)
Username එක කැලේ (වෙනස් කරලා), හෝ ගාලා විකාර Status දානවා (හැක් කරපු එකක දාන ස්ටේටස් ගැන කියන්න ඕනෙ නෑනේ. |-( )
ලස්සන පිංතූරෙකුත් profile එකට දාලා.. ]:) තව Online ඉන්න අයත් එක්ක chat කරනවත්ලු.. මමත් එක්කත් එපාකරපු විදිහට chat කලේ නෑලු..
තව අයට “මං මේ හැකර් කෙනෙක් ඉන්නෙ” කියලත් කියල නෑ.. (chuckle)
දැං ඉතින් මොනව කරන්නද කියලා අලුත් Acc එකක් පටං අරං තියෙන්නෙ. කොයි එකටත් කියලා මිනිහ Facebook එකට කතන්දරේ report කරලා.
(පාවිච්චි කලේ ලයිව් මේල් එකක්. ඒකෙ තිබ්බ content ගැන microsoft එකට මේල් එකක් වෙන එකවුන්ට් එකකින් යවලා යන්තම් මේල් එක බේරගත්තා. (whew) Facebook එකෙන් ටික දවසකට කලින් මේල් එකක් ඇවිත් ඒ එකවුන්ට් එක Delete කලා කියලා (flex) )
ආරංචි විදිහට හොදටම දන්න කියන යාළුවො සෙට් එකක්ලු ගේම දීල තියෙන්නෙ. (puke)
හික්.. තවත් ආරංචි විදිහට හැක් එකක් නෙමෙයිලු. පාස්වර්ඩ් එකෙන්මලු (කොහොම හරි හොයාගන්න නැතෑ) ගිහිං පාස් වෙනස් කරගෙන පිස්සු නටල තියෙන්නෙ.. 8-|
ඒක නිසා තම තමංගෙ Online ප්‍රතිරූපය ගැන තමන්ම බලාකියාගෙන ඉන්න එක ඇගට හොදා. නිකං බොරුවට ඉල්ලං කන්නෙ නැතුව.. (wait)
තව, මේ වගේ යාළුවො තමන්ටත් ඉන්නවනම් දැන්ම තියා පරිස්සම් වෙන්න.. (sweat)



මඟෙත් නිකන් ඇඟ හීතල වෙලා ගියා ඕක කියද්දි
Comment by thelaa — 2009 October 31 @ pm 7:17
අපිත් දන්න කියන කෙනෙක් ගැනද දන්නෙ නෑ කියලා තියෙන්නෙ!!! (chuckle)
Comment by OctaHeliX — 2009 October 31 @ pm 7:42
අයියෝ !!!!!!!!!!!!
Comment by පිස්සා — 2009 October 31 @ pm 9:07
(y)
Comment by sham — 2009 October 31 @ pm 9:35
මෙ වගේ යාලුවන්ව හොදට පේන තැනක එල්ලන්න ඔන.ආයෙ ඔය වගේ වැඩක් කරන්න බය හිතෙන විදිහට.කාලකණ්ණි… :@ :@
Comment by ලකිඳු — 2009 October 31 @ pm 9:38
ම්ම්ම්.යාලුවොද???
Comment by NUWAN"s lane — 2009 October 31 @ pm 9:44
ඔන්ලයින් ජීවිතේදි වෙන්න පුලුවන් දරුණුම අනතුර.
ප්‍රවේශම් උනොත් වලක්වාගන්න පුලුවන්.
හැබැයි අනතුර උනාට පස්සෙ වෙන හානිය නම් බරපතලයි.
තවත් විදියකින් මේ අනතුර වෙන්න පුලුවන්. අපි ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වෙනවනං බොහෝ විට password remember වෙන්න දානවා ඇප්ලිකේෂන් වල.
කොහොමද ෆෝන් එක නැති උනොත් එහෙම?
Comment by ඉන්දරේ — 2009 October 31 @ pm 9:51
@ ලකිඳු : ඒක තමයි.. මටත් කන්න කේනතියි.. (swear)
@ ඉන්දරේ : ටිකක් (ටිකක් කිවුවට ගොඩක්) අමාරු වැඩක්නෙ.. (headbang)
Comment by GNS — 2009 October 31 @ pm 10:02
කණගාටුයි වෙච්චදේ ගැන. වඩාත්ම ප්‍රවේසම් විය යුත්තේ ළඟම යාළුවාගෙන් කියලා අහල නැද්ද?
Comment by Thilina — 2009 October 31 @ pm 10:46
පිසිං සීන්ස් එකක්ද? :O
Comment by ශාකුන්තල — 2009 October 31 @ pm 11:42
අපිට හම්බවෙලා තියෙනවා ඔය වගේ එවුන්. සේරම බලුවැඩ කරලා මම විහිළුවක් කලේ. උඹට විහිළු තෙරෙන්නෙ නැද්ද? කියනකොට තමා වැඩියෙන්ම තද වෙන්නෙ. මොනා කරන්නද ඉතිං ආස්සරෙන් අයින් වෙනව ඇරෙන්න.
Comment by පහන් — 2009 November 1 @ am 12:00
@ Thilina :
@ ශාකුන්තල : ම්ම්.. නෑ.. ඔය වැඩේ කරපු එකාගෙ ඔලුව පොඩ්ඩක් හොඳ මදි ඇති.. (fubar)
@ පහන් : :S (nod)
Comment by GNS — 2009 November 1 @ am 6:44
අපොයි
Comment by ම — 2009 November 1 @ am 8:16
හෆොයි . . . ඇහුවාමත් බය හිතෙනවා . . . .
Comment by දුකා — 2009 November 1 @ pm 2:39
ඇත්තටම.. යාළුවො ටිකක් ඒ වැඩේ කරා නම් එයාලට යාළුවො කියන්න බැහැනෙ.. අපි හැමෝගෙන්ම පරිස්සම් වෙලා ඉන්න එක කෝකටත් හොඳයි.. තව හැම එකටම එකම පාස්වර්ඩ් එක භාවිතා කරන්නෙ නැතිව වෙනස් ඒව පාවිච්චි කළා නම් හොඳා කියල තමා කියන්න් තියෙන්නෙ.. විශේෂයෙන්ම මූණු පොතේ පාස්වර්ඩ් එකයි ඊ මේල් එකේ පාස්වර්ඩ් එකයි නම් එකම දාන්න එපා..ගොඩක් අය ට්‍රයි කරන්නෙ මුලින්ම ඹූණු පොත හැක් කරගන්න. ඒක හැක් උනා කියන්නෙ අනික්වත් හරි..
Comment by KaniRockz — 2009 November 1 @ pm 6:13
අපේ එවුං මේව සෙල්ලමට ගත්තට, මේව සෙල්ලං වැඩ නෙවෙයි.
Comment by බුධාජීව — 2009 November 1 @ pm 7:01
හ හ හා!!!! මිනිහටනම් = ( X නෑමති පුද්ගලයා ) ට නම් උනේ මාරම වෑඩක්තමා…
තවත් පසුබිම්කතා ගොඩක් තියනව,හබෑයී එවනම් මෙතන කියන්න්නබෑ…හ හ හ!!!! දන්න්නො දනිති..
Comment by මිහිර — 2009 November 1 @ pm 11:07
හ හ හා!!!! මිනිහටනම් = ( X නෑමති පුද්ගලයා ) ට නම් උනේ මාරම වෑඩක්තමා…
තවත් පසුබිම්කතා ගොඩක් තියනව,හබෑයී එවනම් මෙතන කියන්න්නබෑ…හ හ හ!!!! දන්න්නො දනිති..
Comment by මිහිර — 2009 November 1 @ pm 11:22
හෙන කැත සින් එක යලුවෙක්ම කල එක තමයි…
Comment by Dishan — 2009 November 1 @ pm 11:26
Yaaluwo newe Maaluwo :S
Comment by Mahen — 2009 November 2 @ pm 12:43
@KaniRockz: (nod)
@බුධාජීව: ලංකාවෙ මෙවුවට හරි නීතියක් තිබ්බනම් හරි..
@මිහිර: ආ.. ඒ මොනවද? :^)
@Dishan: ඒකනේ කියන්නෙ.. (puke)
Comment by GNS — 2009 November 2 @ pm 6:09
මේ වැඩේ කරල තියෙන්නේ නම් ගොඩක් නරක කෙනෙක්. දැන් ඉතින් අපිවත් පරිස්සම් වෙමු මේ බොරු Hackersලගෙන්
Comment by Name — 2010 January 19 @ pm 10:34