සෑහෙන දවසකින් මුකුත් ලියන්නත් බැරි උනා.. (හරියටම කියනවනම් මාසෙකුත් දවස් දහයක් (headbang) )
JustHost කාරයො කෙලලා තිබ්බනෙ මුළු සයිට් එකටම.. (devil) හොස්ට් එකක් ගන්නවනම් හැමතැනම බලලා, අන්තිමට යන්න තියාගන්න.. දැනටමත් JustHost පාවිච්චි කරනව නම් තියෙන ෆයිල් වල Full Backup එකක් අරං තියාගන්න.. :^)
දැං කියන්න ආපු මාතෘකාවට..
දැං දවස් කීපයකට කලින් දැම්මා උබුන්ටු.. (දවස් කීපයක් කිවුවට සති දෙකක් විතර.. මේ වෙනකොට තුන්-හතර සැරයක්ම Format කරලත් තියෙන්නෙ…)
9.04 දැම්මෙ.. තව දවස් 4කින් උබුන්ටු 9.10ත් නිකුත් වෙන්න නියමිතයි.. කලිනුත් උබුන්ටු කීප සැරයක්ම දාලා තියෙනවා. ඒත් ඒවා පාවිච්චි කලේ නෑ.. දවසෙන් දෙකෙන් ආපහු වින්ඩොස්… (wasntme) ඒත් මේ පාර නම් ටිකක් අල්ලලා ගියා.. (inlove)
මේක තමයි උබුන්ටු වල ඉදං ලියන පළවෙනි බ්ලොග් සටහන.. (flex)
මේ දවස් වල තවම කරන්නෙ වින්ඩොස් වල කරපු දේවල් ලිනක්ස් වලින් කරන්න ෆුල් ගේම දෙන එක.. Office පැත්ත Google Docs බලාගන්න නිසා උලත් එකයි, පිලත් එකයි.. GIMP තමයි තනි අවුල.. (puke)
ඒ ඇරෙන්න අනිත් ඔක්කොම වගේ අවුලක් නෑ.. LAMPP, FileZilla, Skype, Pidgin/Empathy, Spaz ඔක්කොම ගානට වැඩ.. ආ.. ඇයි Firefox (h) (ෆයර්ෆොක්ස් අලුත්ම නිකුතුව උබුන්ටු Software Channel එකට එද්දි හය මාසයක් ගිහින්.. (n) ඕක Update කරන්න ගිහිං සෑහෙන දතක් ගලවගත්තා..
පස්සෙ චතුර අයියගෙ ඔත්තුවකින් දැනගත්තෙ මෙන්න මේක ගැන.. ඒකෙන් යාන්තම් Firefox Update එකක් ආපු ගමන් Update එක ගන්න පුළුවන් )
උබුන්ටු ගැන පොඩ්ඩක් හොයල බලනකොට තමයි දැනගත්තෙ Nautilus එකට super user ලොග් වෙන කතන්දරයක් ගැන.. ඒකෙන් ෆයිල් ගණුදෙනු සම්බන්ධව සෑහෙන දෙයක් කරන්න පුළුවන්.. ඒකට ලොග් වෙන්න gksudo nautilus කියල terminal එකේ කොටන්න විතරයි තියෙන්නෙ.. (නවකයෙක්ගෙන් නවකයන්ට උපදෙසක් (chuckle) )
තව, වින්ඩොස් ඕනෙම කියන Software දෙකතුනකට Wine වලින් shape වෙන්න කිවුවා..
මේ දවස් වල ඔහොම තමයි ජීවිතේ.. උබුන්ටු කියන්නෙ පේන තරම් සරලත් නැති – හිතන තරම් දරුණුත් නැති මෙහෙයුම් පද්ධතියක්.. වෙලාවක් තියෙනවනම් ආතල් එකටත් එක්ක පොඩ්ඩක් දාලා බලන්න.. (හැබැයි Virtual PC වල, Wubi උඩ වගේ නැතුව කෙලින්ම දාගන්න.. අර ක්‍රම වලට දැම්මහම වෙන්නෙ එපාම වෙලා යන එක.. (nod) )
උබුන්ටු වලදි කෙලගන්න වැඩ වලදි අතදෙන්න ඉන්න චතුර, ශාකුන්තල අයියලාට ගොඩක් පිං සිද්ධවේවා.. TechBuzz, BeansJar ඩබලටත් ස්තූති වේවා.. :* ආහ්! බුධාජීව ලොක්කගෙනුත් සෑහෙන ටිප්ස් ගත්තා..
කාලිංග අයියත් කියලවත් කරගන්න බැරි Help එකක් දුන්නා මගෙ පාටිෂන් එකක්ම මකල දාන්න.. :@
තව නම් නොකියඋන අය සමාවෙන්න හොදේ.. :S
අදට එච්චරයි… අපි කැපුනා එහෙනම්… (wave)



Comment by :D — 2009 October 25 @ pm 11:12
අඩේ.. මගේ නමත් තියනවා නෙවද!
එහෙනං ඔන්න ආපහු සැරයක් “Welcome to The Real World!”
Comment by බුධාජීව — 2009 October 25 @ pm 11:13
මමත් තාම උබුන්ටු දාල නෑ…මන් VPC එකේ දාන්න හිතන් හිටියෙ එත් එපාවෙනවනම් ඉතින් නොදා පස්සෙ දානව
Comment by thelaa — 2009 October 25 @ pm 11:29
මමත් එක පාරක් Ubuntu දාලා තිබ්බා!!!
හැබැයි වැඩ කොරගන්න නන් නෙවෙයි, අර Compiz Fusion එකේ තිබ්බ වැඩ කෑලි බල බල ඉන්න!!! (chuckle)
Comment by OctaHeliX — 2009 October 25 @ pm 11:52
එල එල. කොල්ල උනන්දුවනෙ බලන් ගියාම.
Comment by änthräX — 2009 October 26 @ am 2:11
අඩේ මම ලිනක්ස් හරි හැටි අල්ලපු දවසක් මතක නෑ නෙව අර Windows 7 දාම්මට පස්සේ. ඊට පස්සෙත් ගිය දාහක Windows Vista ආපහු දැම්මට පස්සෙත් දැම්මේ නෑ, ඒ 9.10 එනකං තමා.
කෝ ආපු දෙන් ඉතුරු දවස් ටිකත්!
Comment by -බිன்ku- — 2009 October 26 @ am 7:34
හික් හික්… එළ එළ…
අපි කැමැත්තෙන් උදව් කරනවා මේ පැත්තට එන කට්ටියට
හැබැයි පුතේ ඔය gksudo nautilus පාවිච්චි කරන එක එච්චර හොඳ වැඩක් නෙමේ. root logins වගේම බයානක වැඩක්. කරන දෙයක් පරිස්සමින්
Comment by Chathura W — 2009 October 26 @ am 10:10
මමත් ලිනක්ස් වලට අලුත්. මම මුලින්ම දැන්මෙ ෆෙඩොරා. අම්බෝ මට ලෝකෙම එපාවුන ඒක දාලා. ඊට පස්සෙ කලිංගත් එක්ක පොඩි චැට් එකක් දාල Kubuntu වලට මාරු උනා. දැන් බබා වගේ වැඩ. තාම ඉතින් අත්හදා බැලීමේ අවදියෙ යන්නෙ.
Comment by රොකියා — 2009 October 26 @ am 11:02
ආයුබෝවන්… නිදහස් විවෘත ලෝකයට!
Comment by ශාකුන්තල — 2009 October 26 @ pm 4:59
ප්‍රතිචාර දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි…. (handshake)
Comment by GNS — 2009 October 27 @ am 6:26
එලස් එලස්…. මමත් ෆුල් ටයිම් “මනුස්සකම” පාවිච්චි කරන්න අරන් වැඩිකාලයක් නෑ. හැබැයි වින්ඩෝස් එක්ක ජීවිතේට වඩා නම් ගොඩක් තෘප්තිමත්…..
Comment by දර්ශන — 2009 November 1 @ am 6:24
මමත් උබුන්‍ටු දැම්ම බන්. මෙලෝ රහක් නහැ බන්.
Comment by kasun — 2010 January 15 @ pm 4:31
@kasun: මොකක් නිසාද මෙලෝ රහක් නැත්තේ?
Comment by බුධාජීව — 2010 January 15 @ pm 4:40
මම නම් උබුන්ටු එක සැරයක් දාල තියෙනවා කට්ටිය නම් කියනවා හොඳයි කියලා. හොඳ ඇති. ඒත් මම නම් පාවිච්චි කරන්නේ xp තමයි.
Comment by Name — 2010 January 19 @ pm 10:38
[...] කාලෙකට ඉස්සර දවසකට දෙකකට දාපු උබුන්ටු එක දිගටම පාවිච්චි කලෙත් මේ අවුරුද්දෙ. [...]
Pingback by Good Bye – 2009 — 2010 March 23 @ pm 2:59