2009 අවුරුද්දත් ඉවරයි.. මේ අවුරුද්ද මට ටිකක් Online පැත්තට බර වෙච්ච අවුරුද්දක්. ඒකට හේතුව Dial-up එක්ක කොට කොට හිටපු මම බෝඩ්බෑන්ඩ් (chuckle) ගත්ත එක.. ඉස්සෙල්ලම ගත්තෙ Dialog HSDPA එකක්. ඒක සෑහෙන්න වද දුන්න උනත්, ඒ වදේ හින්දම තමයි SLT ADSL ගන්න පෙළඹුනේ. ඒ වෙනකොට (Dial-up වලින්) බ්ලොග් කියව කියව විතරක් හිටපු මම Myblog.lk එකේ සිංහල අතුරු මුහුණත දැකල බිලොග් ලියන්නත් පෙළඹුනා. ඒ වෙනකොට සින්ඩිකේටරයක්, බ්ලොග් සංසදයක් තියෙනව කියලවත් දැනගෙන හිටියෙ නෑ. කොහොම කොහොම හරි Myblog එකේ හිටපු මට රුක්ෂාන් අයියගෙ ඔත්තුවකින් මටම කියල Domain එකක් ගන්න චෑන්ස් එකක් සෙට් උනා. අපේ ගම්පහ නගරාධිපතිතුමා තමයි බරපැන ඔක්කොම දැරුවෙ (bow) . Myblog එකේම ඩොමේන් මැප් කරල ටික දවසක් දුවල, පස්සෙ වෙන හොස්ට් එකකට මාරු කලා. මේ වෙද්දි හොස්ටිං දෙතුන්සැරයක්ම මාරු කරල තියෙන්නෙ..
ඔය අතරෙ තමයි මම ටීටරේට සෙට් උනේ.. කොහොම සැට් උනාද කියල මතකයක් නැති උනත් දැං ටීටරේටත් සෑහෙන දුරට ඇබ්බැහි වෙලා තියෙන්නෙ. ඒකෙනුත් සෑහෙන කස්ටිය අදුරගත්තා. විශේෂයෙන්ම බ්ලොග් ලියන කට්ටිය. දූවිලි වැදිල තිබ්බ Facebook Account එකත් දූවිලි පිහදාලා අරං අප් කරල ගත්තෙත් මේ අවුරුද්ද ඇතුලෙමයි. (Facebook, Twitter කෙරුවවෙ තරම මගෙ Wakoopa Profile එක පැත්තෙ ගියොත් බලාගන්න පුළුවන්.. ![]()
කාලෙකට ඉස්සර දවසකට දෙකකට දාපු උබුන්ටු එක දිගටම පාවිච්චි කලෙත් මේ අවුරුද්දෙ. ඒ වගේම හෙනම ගේමක් දීලා මැක් OS X දාගැනීමත් මේ අවුරුද්දෙ උන සුවිශේෂම දෙයක්. මැක් වලට සිංහල ෆොන්ට් එකක් නිර්මාණය වී තිබීමත්, qsFox ෆයර්ෆොක්ස් ඇඩෝනය මගින් විජේසේකර යතුරු පුවරුව මැක් තුලට ආගමනය වීමත් මේ අවුරුද්දෙ මට වගේම සිංහල යුනිකේතය පාවිච්චි කරන අයට මැක් පාවිච්චි කරන්න වගේම මැක් වල ඉන්න අයට සිංහල පාවිච්චි කරන්නත් හොඳ අවස්ථාවක්.
තව, සිංහල බ්ලොග්කරුවන්ගෙ සංසදයේ පළමු හමුවීමත් මේ වසරේ පැවැත්වුනා. සංසදයට වසර දෙකක්ලු. ඒ වසර දෙක තුල සෑහෙන දියුණුවක් ලබල තියෙන බව පළමු හමුවීමට පැමිණි සියළු දෙනාටම පැහැදිලි උන දෙයක්. බ්ලොග් කෙසේවෙතත් Online පිස්සු කෙලින කස්ටියව හැබැහින් දකින්න ලැබිච්ච එක තමයි මටනම් වැඩියෙන්ම වටින්නෙ..
මේ ඉන්නෙ කස්ටිය..

තව කියන්න නම් දේවල් ගොඩක් තියෙනව. ඒ උනාට දැං ඇති වගේ..
ඒක හින්දා දැනට නවතිනවා… එහෙනම් හැමෝටම 2010 සුභ අලුත් අවුරුද්දක් වේවා..!! (^)



අපටත් බැරිද ඔය නගරාධිපතිතුමාට කියල ඩොමේන් කෑල්ලක් අරගන්න?
එල එල, ගයන්තටත් අපිටත් තවත් සුබම සුබ ඔන්ලයින් අළුත් අවුරුද්දක් වේවා!
Comment by තමීර — 2009 December 29 @ pm 10:33
හික් හික්.. මේක නම් ONLINE අවුරුද්දක්ම තමයි.. (chuckle)
Comment by GNS — 2009 December 29 @ pm 10:36
ADSL බිල අඩු වෙන, Download Speed වැඩි වෙන, සුභ අලුත් අවුරුද්දක් වේවා!!!:) (party) (*)
Comment by OctaHeliX — 2009 December 29 @ pm 10:54
සුභ ඔන්ලයින් අවුරුද්දක්ම වේවා!!
Comment by ගයාන් තාරක — 2009 December 29 @ pm 10:58
http://www.gampahatown.com/ : මචං මේක ගම්පහට සම්බන්ධයෙක් තියෙන එකක්ද? නිකං ඇඩ් තොරණක් වගේ නෙව??? ඉතිං එහෙව් එකක්ට ගම්පහ ගාව ගන්න එපා බං.
නගාරධිපතිතුමා ඩොමේන් එකක් ගන්න බරපැන දුන්නා? ඒ අහවල් එකක්ටද? කොහොම වුණත් ඒක හොඳා, එයාට පිං ලැබෙවිනේ (හැබැයි කාලයක් GNSlk එකේ වෛරස් ආක්‍රමණ නිසා අමු කර්ම පඩිසන් දෙයිද දන්නෑ?)
සුභම සුභ ඔන්ලයින් අවුරුද්දක් වේවා මචං!!!
Comment by ~බිன்ku~ — 2009 December 30 @ am 12:40
2010 අවුරුද්දත් සුබම සුබ online අවුරුද්දක්ම වේවා මචෝ !!!
Comment by රොයිලි — 2009 December 30 @ am 1:57
@Octa, ගයාන්, රොයිලි:
එසේම වේවා.. (handshake)
@බිன்ku:
හික් හික්.. උඹටත් ඉතිං ඕනනැතිදෙයක් නෑ නෙ.. නිකං හම්බවෙන අස්සයගෙ දත් ගණංකරන්නෙ කවුද..
Comment by GNS — 2009 December 30 @ am 7:20
හික්… අනේ මෙහෙමත් නගරාධිපති වරු රටට වාසනාවන්
ඔන්න මාත් විෂ් කරා.. සුබ නව වසරක් වේවා
Comment by කණිෂ්ක — 2009 December 30 @ am 8:15
@කණිෂ්ක: නගරාධිපති admin[at]gampahatown නිසා..
සුභ අළුත් අවුරුද්දක් වේවා.! එසේම වේවා..!!
Comment by GNS — 2009 December 30 @ am 10:49
ඔන්න එහෙනම් අපෙනුත් සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා කිව්වා..,!!!
Comment by Malee_msg — 2009 December 30 @ pm 4:11
එළ එළ.., සුභ අළුත් අවුරුද්දක් වේවා..
Comment by Thilina — 2009 December 30 @ pm 9:28
ඇයි යකෝ ඉඳල ඉඳල මම නැති පොටෝ එකම දැම්මේ?? :’(
හෙහෙ.. සුබ අලුත් අවුරුද්දක් වේවා !
Comment by ඉන්දරේ — 2009 December 30 @ pm 11:07
@Malee, Thilina, ඉන්දරේ: එසේම වේවා..
@ඉන්දරේ: :O මං මේ හොයල හොයල, මාව වැඩිපුරම අහුවෙච්ච පිංතූරෙ හොයාගත්තෙ..
Comment by GNS — 2009 December 31 @ pm 11:25
උඹට සුබ අළුත් අවුරුද්දක් වේවා මල්ලී !!!
Comment by පිස්සා — 2010 January 1 @ am 3:52
තැංකූ පිස්සා අයියෙ.. (bow)
Comment by GNS — 2010 January 2 @ pm 7:11