මගේ Primary OS එක දවසින් දවස වෙනස් වෙනව, මාස දෙකකට විතර කලින් උබුන්ටු. ඒක මාසයක් විතර පාවිච්චි කරල දැම්ම මැක්.
දැම්ම කිව්වට, මැක් එකක් හම්බ උන නිසා දැම්මෙ. මගෙ AMD Processor එකක් තියෙන්නෙ, AMD එක්ක Mac පොඩ්ඩක් අවුල.
ටික කාලයකට කලිනුත් දාන්න හදල ඒ project එක අසාර්ථක උනා.
ඒකෙ DVD එක තිළිණ බුවා අරන් ගිහින් මිනිහ නම් දාගෙන හොඳට වැඩ කලා (එයා Intel).
කොහොම හරි ආපහු මැක් දාන්න හිතුනෙ නිශාන් කියල මගෙ යාළුවෙක් මැක් දාපු නිසා. මිනිහ මැක් OS එක, Adobe CS 4 Master Collection එක, Ms Office 2008, තව අනංමනං ගොඩක් download කරල තිබ්බෙ. (inlove)
මමත් ඉතින් ඕනෙ මගුලක් වෙච්ච දෙන් කියල නිශානයටම කිව්ව ඇවිල්ල දාල දෙන්න කියලා (කලිනුත් කෙල උන නිසා). දැම්ම, ඉන්ස්ටෝලුත් උනා කියමුකෝ, බූට් වෙන්නෙ නෑ. අපහු දැම්ම, Same. (envy) ඕනෙ මගුලක් කරගනින් කියල නිශානය DVD එකක් copy කරල දීල යන්න ගියා. Settings වෙනස් කර කර දෙතුන් පාරක්ම දැම්ම. අන්තිමට ගොඩ. ඒ පාර Key Board වැඩ නෑ. බලද්දි USB ඕනෙලු, PS/2 not supported ලු. (headbang)
තියාගනිං කියල අල්ලා දැම්ම වැඩේ. ඒ උනත් හිතට හරි මදි. සතියකට විතර පස්සෙ වෙන යාලුව්ක්ගෙන් Key Board එකක් ඉල්ලන් අවිත් දැම්ම අපහු මැක්. ගොඩේ ගොඩ. එලටම වැඩ. Unity ගිහින් ගෙනාව USB Key Board එකක්. අම්බෝ යන්තම් හරි. (whew)
දාල බූට් කරපුවහම මෙන්න මෙහෙම ආපු Desktop එක මේං..
click to zoom
මේ මැක් ගැන කියනව නම්, මේක හැකින්ටොෂ් එකක්. (හැක්න්ටොෂ් ??) iATKOS තමයි මේක release කරන්නෙ. RS, torrents තියෙනව, බාගන්න පුලුවන්. දැනට තියෙන අලුත්ම හැකින්ටොෂ් version එක 10.5.7, මේක ලෙපර්ඩ් (Leopard) එකක්. අලුත්ම එක වන Snow Leopard වලට තවම Hackintosh නෑ.. (shake)
හොරෙන් මැක් දාගත්ත මදිවට ලෝකෙම තියෙන මැක් software ටිකත් download කර කර දාල බලනවා. අපි මෙහෙම හිටියට හොඳ හොරු. (bandit)
මේක සෙට් වෙන්න ගොඩක්ම හේතු උනේ ලිනක්ස් වලට විතර සමාන වීම. ෆයිල් සිස්ටම් එකත් සෑහෙන දුරට ලිනක්ස් වලට සමානයි
Ubuntu වල /dev/hda1 වගේ මේකෙ තියෙන්නෙ /Volumes/drive_name
User folder එක /user_name වෙනුවට /Users/user_name
click to zoom
දැන් මැක් පාවිච්චි කරන්න අරං මාසයක් විතර ඇති. දැනට නම් එලටම සෙට් වෙනවා. මේක Adobe Support කරන Linux එකක් වගේ නිසා. (chuckle) බලමු ඉස්සරහට මොනව වෙයිද කියලා.
සිංහල නම් මේකෙ ටයිප් කරන්න බුදු ගේමක් දෙන්න ඕනෙ, (whew) පහන් අයියගෙ අදහසකට අනුව ඉසුරු එයාගෙ යාළුවෙක් හදපු අලුත් Firefox Add-on එකත් මැක් එකට දාන්න බෑ. ඒකෙ මැක් එකක් හැදුවොත් විජේසේකර ටයිපිං පුලුවන් වෙයි, දැනට UCSC එසැණින් පරිවර්තකය තමයි පාවිච්චිය. සිංහල Rendering නම් අකුරක-දෙකක අවුලක් ඇරෙන්න ඉතුරු ටික එළටම තියෙනවා. Apple ඉස්සරහට වත් සිංහල support එකක් නම් දෙයිඩ කියල සැකයි Original Mac පාවිච්චි කරන අය ලංකාවෙ අඩු නිසා. සිරාම මැක් use කරන කෙනෙක්ට කියල මම දන්නෙ chathura88ව විතරයි, Wakoopa එකෙන් මාට්ටු උනේ..
Softwares ගැන මුකුත් කියන්න බැරි උනා, දැං නම් පෝස්ට් එක ඇති වගේ. |-( හිතුනොත් softwares ගැන වෙනම පෝස්ට් එකක් දානව.. (nod)
අදට අපි කැපුනා එහෙනම්.
Good Bye වේවා.. (wave)
click to zoom





හරියට Linux වත් බැරි අපිට මොන Mac ද (chuckle)
මේක දාන්න විඳපු දුක දැක්කහම කොහොමටවත් දාන්න හිතෙන්නෙ නෑ!!!
Comment by OctaHeliX — 2009 December 15 @ pm 2:49
[said]
ඒ පාර Key Board වැඩ නෑ. බලද්දි USB ඕනෙලු, PS/2 not supported ලු. (headbang)
[/said]
PS/2 බෑ? ඒක යකාගෙ OS එකක් නේ! :O
[said]
මේක හැකින්ටොෂ් එකක්. (හැක්න්ටොෂ් ??) iATKOS තමයි මේක release කරන්නෙ.
[/said]
හොඳටම සුවර්ද උඹ කියන කරන ඒවා ඔය අයියටකොස් ගොයියට යන්නෙ නැතෙයි කියලා?
[said]
මේක සෙට් වෙන්න ගොඩක්ම හේතු උනේ ලිනක්ස් වලට විතර සමාන වීම.
[/said]
හේතුව Linux සහ MacOSX දෙන්නගෙම මුල ගොඩක් සමාන වීම. MacOSX කියන්නෙ Unix, Linux කියන්නෙ Unix-Like.
Comment by බුධාජීව — 2009 December 15 @ pm 7:02
ඒ උනාට ඒ විඳින දුකෙන් පාඩුවක් වෙන්නෑ. කරල බලල තමයි ඉගෙන ගන්න ඕන. බෑ බෑ කිය කිය හිටියොත් කවදාවත් පුලුවන් වෙන්නෑ. දාලම බලන්න ඕන. අනික අමාරුවෙන් ගොඩ දාගන්න ඒවයින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.
Comment by ගයාන් තාරක — 2009 December 15 @ pm 7:11
Mata nam danna bayayi bayayi wage… Vista ekak ekka nam puduma dukak widinne.. XP hoda seratoma wada..
mama Mac daamdhoo… nodaamdhoo :-S
Comment by Mahen — 2009 December 15 @ pm 7:50
@Octa, @Mahen: ඔන්න ඔහෙ දාමු..
@බුධාජීව: PS/2 බෑ නෙමෙයි. මේක Non-Apple Hardware වලට හරියටම හරියන්න හදල නෑ..
@ගයාන්: (nod)
Comment by GNS — 2009 December 15 @ pm 9:52
හික් හික්.., මම නං මැක් එක ගෙනත් දැම්මා පළවෙනි පාරෙන්ම බඩු වැඩ. අවුලකට තියෙන්නේ resolution මාරු කරන්න බෑරි වීම & මගේ huawei e160 එක වැඩ නොකිරීමයි තමයි
සමහර විට අලුත් වර්ෂන් එකේ මේ ප්‍රශ්න නැතුව ඇති. කෝ ඔකෙන් කොපියක් ගන්න මට එන්න වෙලාවක් වෙන්කර දෙනු මැන
Comment by Thilina — 2009 December 15 @ pm 10:07
@Thilina: anytime..
Comment by GNS — 2009 December 15 @ pm 10:44
හා හා.. මෙන්න කට්ටිය මැක් ගැන කථා කරනවා..
ගයන්ත ඔබ මැක් වල හොදින් වැඩ කරනවා දකින්නත් සතුටුයි.. (rock)
Comment by නිශාන් — 2009 December 15 @ pm 11:15
ඔබේ ලිපියෙන් විශාල දැනුමක් ලබාගතිමි.මමත් hackintosh දාන්න ගොඩක් ආසයි.නමුත් අප පැත්තට ADSL භෝ Wimax භෝ නොමැත දැනට පාවිච්චි කරනුයේ Dialog HSDPA ය.එහිද 3G නොමැත.ඇත්තේ GPRS පමනි එබැවින් hackintosh දාගැනීම හීනයක්ම වී ඇත.එබැවින් ඔබ කාටහෝ hackintosh DVD තැටියක් ලබා දීමට හැකි අයෙක් ඇතොත් විස්තර ලබා දීමට කාරුණික වන්න.වියදම් මා විසින් දරණු ලැබේ.
rukshan302@gmail.com
Comment by Rukshan — 2009 December 16 @ am 12:06
@නිශාන්: (bandit) (handshake)
@Rukshan: දෙන්නම්..
Comment by GNS — 2009 December 16 @ am 7:51
බාමි!! දාමි!!
ජය වේවා!!!!
Comment by දර්ශන — 2009 December 16 @ am 10:55
ඔබ ලාගේ Comment ලාගේ දැක මට විශාල සතුටක් ලැබුනි.මම ඔබ සියලු දෙනාට මාගේ ගෟව්රවනීය ස්තුතියි පුදකරමි……..
Comment by Rukshan — 2009 December 16 @ am 11:17
ඔබ ලාගේ Comment දැක මට විශාල සතුටක් ලැබුනි.මම ඔබ සියලු දෙනාට මාගේ ගෟව්රවනීය ස්තුතියි පුදකරමි……..
Comment by Rukshan — 2009 December 16 @ am 11:20
මම මේක දැනුයි දැක්කේ
“පහන් අයියගෙ අලුත් Firefox Add-on එකත්” මේක මගේ එකක් නෙවෙයි. කතාව මෙතැන තියෙනවා. http://mytecheye.blogspot.com/2009/12/qsfox.html
Comment by පහන් — 2009 December 16 @ pm 3:17
@පහන්:
ahh!! (blush)
Comment by GNS — 2009 December 16 @ pm 9:13
පොඩි ටිප් එකක්..
මේ Hakintosh එකට ඇපල් එකෙන් දෙන අප්ඩේට් දාන්න බෑ.. දැම්මොත් apple.sorry.com තමයි..
Comment by GNS — 2009 December 16 @ pm 9:15
Its glad to I never use it. I had a good experience with UBUNTU. It destroyed my all data, Then I determine to never use any OS without XP. But now I have a little ……………..
Comment by Pavithra — 2009 December 16 @ pm 9:15
@Pavithra:
oh! come-on man..
Comment by GNS — 2009 December 16 @ pm 11:18
[...] දාපු කතන්දරේ කිවුවනෙ, අමතක නැති අය මෙතනින් ගිහින් [...]
Pingback by Snow Leopard — 2010 May 29 @ am 11:46
menna chathura88 kenek gana kiyala.. lol
mac walata PS/2 support karanne natte mac walin PS/2 ain karala tiyenne 2000 awurudde wage.anit eka mac keyboard eka hadala tiyenne USB hub ekak widiyatat use karanna puluwan wenna.
godak aya mac walata kamati natte softwares adu hindai gana wadi hindai kiala.et attatama kiyanawa nam softwares ona taram tiyenawa mac walata.
Comment by chathura88 — 2010 May 29 @ pm 4:04