GNS Blog

2010 February 1

සිංහයාත් විකුණන බේබද්දෝ..

Filed under: Miscellaneous,Public — Tags: , , , — GNS @ pm 11:49

ඔන්න අද තමයි අපිට 2010 පටං ගන්නෙ. (ජනවාරි මාසෙට වෙච්ච දෙයක් නෑ. නටපු බෙරේකුත් නෑ – ගහපු පළුවකුත් නැද්ද මොකක්ද එකක්.. :x ) 2010 අවුරුද්ද යන්නෙ Fast Forward X2 වෙන්න ඇති.. (wasntme) ඒකෙන් මේකෙන් කමක් නෑ. සියළු දෙනාටම සුභම සුභ අවුරුද්දක් වේවා කියල කිවුව එහෙනම්. (^)


අලි මදිවට හරක් මදිවට පරණ කට්ටි පැනපුව පල දෙනවත් එක්ක. (sweat) ගිය අවුරුද්දෙ අත ඇරපු Module එකක විභාගෙට ඉල්ලුම්පත් භාරගන්න අන්තිම දවස අද. අපි ඉතින් කොහොමක් කල් වේලා ඇතුව වැඩකරන අය හින්දා අද වෙනකංම උඩ බලං ඉදල ගියා ඉල්ලුම්පත්‍රයත් අරං. ඒක බාරදීල එහෙම සුපුරුදු පරිදි ගියා අපේ ජාතික කෞතුකාගාරය වන Unity Plaza එකට. ඒකට ගිහින් ඒකෙ තියෙන මාළු ටැංකි, දිය ඇලි එහෙම බලල ආපහු ගෙදර එන්න නැග්ග ඔටුව-පිට ඔටුව බස් එකකට.. SL Flag

නැගල ටිකක් දුර එද්දි ටිකක් තරුණ බුවෙක් ජාතික කොඩි (flag:LK) ස්ටිකර් මිටියකුත් අරං නැග්ග බස් එකට. මං ලගට ඇවිත් “මචං. කොඩියක් අරං පුංච් සපෝට් එකක් දියං”.. හම්මේ සිගරට් ගඳ.. (smoke)  (puke) එතකොටම තේරුනා මූ මොකටද සපෝට් එක ඉල්ලන්නෙ කියල. මමත් ඉතිං ඇහුනේ නෑ වගේ පා​රෙ කඩ ගනින්න පටං ගත්තා.. මූ ආපහු “මචං. කොල්ලෙක්ට උදවු කරන්න කොල්ලෙක්ට බැරිද. ස්ටිකර් එකක් ගන්න බැරි නම් රුපියල් 10ක හරි දියං” කියාපි.. ( Job එකක් කරල, සිගරට් බන්ඩල් එකක්ම අරං, ගෙදර ගිහින් ගහපංකො අපිට පවු නොදී.. :@ ) මමත් ඉතිං මූණට නොබැන අහක බලාගෙන හිටියා. ඒත් මූ යන්නෙම නෑ. ස්ටිකර් එක අතටම දෙන්න හදනව. මමත් ඉතින් මට මොකෝ කියල හිටිය. වැඩේ හරියන්නෙ නෑ කියල තේරුනාට පස්සෙ මට එහාපැත්තෙ හිටපු පුද්ගලයගෙ දත ගලවන්න සෙට් උනා. (මමයි තව යාළුවො දෙන්නෙකුයි හිටියෙ. ඒ දෙන්නගෙන් කෙනෙක්ව තමයි මේ සැරේ අල්ලගත්තෙ.. වැඩේ හරියන්න්න්නෙම නෑ කියල තේරුන​ාට පස්සෙ ස්ටිකර ටිකත් අරන් බස් ​එකේ ඉස්සරහට, ඉස්සරහට යන්න ගියා බස් එකේ හිටපු අනිත් මිනිස්සුන්ටත් කරදර කර කර.. (මට එහාපැත්තෙන් හිටපු යාළුවට කියල තියෙන්නෙ “යාළුවෙක්ගෙ ඔපරේෂන් එකකට සල්ලි වගයක් මදි, ඒක හින්ද උදව්වක් කරන්න කියල”.. (rofl) )

මේ වගේ පුද්ගලයො දැං හැමතැනම ඉන්නව (මූ වගේ එපා කරපු උන්, එපා කරපු නැති උං සහ අතරමැද කස්ටිය)… (n) විකුණන්නෙ ජාතිකකොඩිය… (flag:LK) ජාතික කොඩියම නැතත්, මොකක් හරි විකුණගන්න පුළුවං දේවල් තියෙනකං බස් එකක යන්න නෑ මේ සම්මාදං කා​රයො හින්දා.. (swear)

12 Comments »

  1. ලොක්කෝ විකුණන දේවල් වල හැටියට ජාතික කොඩියෙ පින්තූරෙ විකුණන එක ගාණක් ගන්න දෙයක් නෑ. මහ කකුළුවා පැටවුන්ට කෙලින් පලයන් කිව්වලු.

    Comment by පිටස්තරයා — 2010 February 2 @ am 12:01

  2. හික් හික්.., උඹටත් වෙන වැඩ. :P මම නං ජීවිතේට ඔය බස් වලට නගින අධාර කාරයිට සල්ලි දෙන්නෑ.

    Comment by Thilina — 2010 February 2 @ am 12:04

  3. ඔව් අප්පා, මටත් පෙන්නන්න බැරි ජාතියක් ඔය. එකම එක දවසක් වැරදිලා ගත්තා. ආයෙ නම් ඉතින් මට කොඩි විකුණනව බොරු! :)

    Comment by තමීර — 2010 February 2 @ am 12:48

  4. දැන් කාලෙ ඔය බස් වල සම්මාදම් ඉල්ලං එන එවුන් එකෙක්වත් විශ්වාස කරන්න හොඳ නෑ…

    හැබැයි අර පිටස්තරයා කියන විදිහට ඔය වගේ ඒවා ගණන් ගත යුතු දේවල් නෙවෙයි. ;)

    Comment by OctaHeliX — 2010 February 2 @ am 1:00

  5. මටත් හම්බ වෙලා තියෙනවා මචෝ එක දවසකට එක ලෙඩකට සල්ලි ඉල්ලලා අනික් දවසෙ තව ලෙඩකට සල්ලි ඉල්ලන ඈයෝ. අර පිටස්තරයා කිව්වත් වගේ ලොකු උන් පිස්සු කෙලින්කොට ඉතින් පොඩි උන් ගැන කුමන කතාද? ;)

    Comment by රොයිලි — 2010 February 2 @ am 3:43

  6. අපොයි උන ඔය බොරුවට ස්ටිකර් වික්කට වැඩිපුරම මර්සිය දාන්න හදන්නේ. රෑටත් ඔය නුගේගොඩ හරියෙන් නගින උන් ඉන්නවා. කුඩුගහන්නද කොහෙද සල්ලි ඉල්ලන්නේ. බලෙන් වගේ ඇඟේ ගහන්න හදන්නේ

    Comment by — 2010 February 2 @ am 10:08

  7. ඔය බස් වලට නගින කාටවත් මං සාමන්‍යයෙං කීයක්වත් දෙන්නෙ නෑ. බැරිම උනොත් අසරන ම නං විතරයි දෙන්නෙ. එක පාරක් ඔය වගේ රණ විරු ආධාර කියල කුඩ්ඩො සෙට් එකක් පස් එකට නැග්ග පිළියන්දලද.

    Comment by අනූ — 2010 February 2 @ am 11:45

  8. අපෝ මටත් එක පාරක්ද කො‍හෙද සෙට් උනා ඔය වගේ එකෙක්.. bookmarks ද කොහෙද අරන් ආවෙ.. මම නම් සත 5කට ගනන් ගත්තෙ නෑ.. ඔය කතා ට්කම මටත් කිව්ව..

    Comment by කණිෂ්ක — 2010 February 2 @ pm 4:20

  9. ඔය සෙට් එක හැමදාම 138 හා ගාල්ල බස් වලට නගිනවා තුම්මුල්ලෙන්. කතා දෙකක් නෑ කුඩුකාරයො සෙට් එකක්. එක දවසක් ආපු එකෙක් හිටියෙ අඩ සිහියෙන්, ඇඟ පුරාම පොඩි පොඩි කැපුම් තුවාල.

    කඩෙන් තොග පිටින් රු 2ට 3ට ගන්න ස්ටිකර් විකුනන්නෙ රු 20ට.

    ස්ටිකර් එක පෙන්නනකොටම ගේමට වගේ ඕනෙ නෑ කියල අහක බලාගනිං. නිකං වත් ඒ දිහා බැලුවොත් තමයි වාතෙ වෙන්න එන්නෙ.

    Comment by ඉන්දරේ — 2010 February 3 @ am 8:52

  10. කට්ටියටම ලොකු අයියව හම්බවෙලා තියෙනව වගේ නේද.. (chuckle)

    @ඉන්දරේ: උට තග දාන්න ගිහින් උගෙ සෙට් එක අපිට අල්ලං නෙලුවොත් එහෙම.. (sweat)

    Comment by GNS — 2010 February 4 @ pm 8:59

  11. හැම දෙයක්ම විකුනන් කන කාලෙ ඌක පුඩුම වෙන්න දෙයකුත් නෙමෙ…
    ඊත් මන් නම් ඔය බස් වල නගින උන්ට සල්ලි දෙන්නෙම නේ…

    Comment by coolc — 2010 February 17 @ pm 12:16

  12. මටත් වෙලා තියනව ඔයවගේ වෑඩ දෙක තුනක්ම…..(giggle) සිගරට් ගන්දය ඒන බුවාල එනව සම්මාදම් ඉල්ලාගෙන……… හෑබවටම ඒ වෙලා වට මල පනිනව තමයි……(angry) මුන්ට සිගරට් (smoking) ගහන්න අපි සල්ලි දෙන්න…….

    Comment by #11 written By Kj — 2010 November 28 @ am 7:57

RSS feed for comments on this post. TrackBack URL

Leave a comment

Powered by WordPress