නිකං යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ කතාවක් නේද? ඔබ දන්නවාද ඔබ සම්පූර්ණ කරන සෑම reCaptcha එකකින්ම එක් වචනයක් ඩිජිටල්ගත කිරීමට නොදැනුවත්වම උදවු වන බව?
මේ කතාව සසඳ ගයාන් අයියා එක්ක පොඩි චැටක් දාගෙන ඉද්දි දැනගත්තෙ.. ඒක නිසා හිතුන පොඩ්ඩක් හොයල බලන්න..
Captcha කියන්නෙ මිනිස්සුන්ට පමණක් කියවන්න පුළුවන් වෙන විදිහට හදපු වචන සෙට් එකක්. ඒ කියන්නෙ දැනට තියෙන පරිගණක වැඩසටහන් වලට Captcha වලට පිළිතුරු සපයන්න බෑ. මොකද, Captcha කියන්නෙ විකෘති කරපු වචන සෙට් එකක් නිසා.
ඇත්තටම Captcha එකකින් පොත් ඩිජිටල්කරණය කරන්න පැහැදිලි උදවුවක් දෙන්නෙ නෑ. ඒකට විසඳුමක් විදිහට තමයි reCAPTCHA ආවෙ. reCAPTCHA හරහා ඔබට එන්නෙ පොත් ඩිජිටල්කරණය කරද්දි, OCR (Optical Character Recognition) මෘදුකාංගයට හඳුනාගත නොහැකි වචන. reCaptcha තුලදී වචන දෙකක සංකලනයක් ආකාරයට තමයි මෙම reCAPTCHA ඔබ වෙත එන්නෙ. ඔබේ වෙබ්/බ්ලොග් අඩවියෙ ස්පෑම් නවත්වන්න මෙම reCaptcha නොමිලයේම පාවිච්චි කරන අතර, එම නිවැරදි වචනය ඩිජිටල් ගොනුවක තැන්පත් කිරීමට ඔබටත් දායක වෙන්න පුළුවන්. ඒ සඳහා reCAPTCHA වෙබ් අඩවියෙහි ලියාපදිංචි වීමට සිදුවෙනවා

Sample OCR
තවද එම අඩවිය තුළින් බොහොමයක් CMS (WordPress, Joomla etc;) සඳහා ප්ලගීන(Plug-ins) ද ලබාගන්න පුළුවන්.
.
- පරිගණකයට හඳුනාගන්න බැරිනම් කොහොමද අපි හරියට එම වචනය ඇතුලත් කලාද කියල දැනගන්නෙ?
මෙහිදී යොදාගන්නා වචන දෙකක සංයෝගයෙන් එක් වචනයක් මේ වනවිටත් නිවැරදිව හඳුනාගත් එකක්. එතනදී අනිවාර්යයෙන්ම පරීක්ෂා කරන්නෙ එම හඳුනාගෙන ඇති වවනය නිවැරදිද කියල විතරයි. අනිත් වචනය යෝජනාවක් ආකාරයට දත්ත ගබඩා වෙත යැවෙනවා. එක් වචනයක් සඳහා යෝජනා විශාල ප්‍රමාණයක් ලෝකයේ විවිධ ස්ථාන වලින් පැමිණි පසු වැඩියෙන්ම සඳහන්ව ඇති වචනය නිවැරදි වචනය විදිහට ඩිජිටල් පොත් වෙත යැවෙනවා. Google Books හරහා අපි කියවන්නෙ මේ ආකාරයට ඩිජිටල්ගත වූ පොත්..
තව, දෘශ්‍යාබාධිත අය සඳහා ශ්‍රව්‍ය reCAPTCHA එකක්ද තියෙනවා. ඒමගින් ඩිජිටල්කරණය කරන්නෙ පරණ ගුවන් විදුලි වැඩසටහන්, දේශන වගේ වැඩසටහන්..
පහත දැක්වෙන්නෙ පොතකින් ලබාගත් පිටුවක් හා එය OCR මගින් කියවූ පසු ලබාගත් පිටුව.
තියෙන්නෙ එම ගොනුව reCAPTCHA තුලින් නිවැරදි කිරීමෙන් පසුව.

මමත් මගේ බ්ලොගයට reCaptcha WordPress Plug-in එක දැම්මා. ප්‍රතිචාර කොහොමත් අඩු එකේ, තවත් අඩුකරගන්න වැඩක් තමයි..
.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න http://recaptcha.net




කෝ බලමු reCaptcha වැඩද කියලා…
Comment by Thilina — 2010 March 2 @ am 10:31
@Thilina: හික්..!! වැඩ නේ??
Comment by GNS — 2010 March 2 @ am 10:47
මේකත් google සීන්එකක්ද? මුන් නොකරන වැඩක් නෑ.
Comment by NiroshanSL — 2010 March 2 @ am 11:03
නෑ නෑ.. ගූගල් ලගෙ වැඩක් නෙමෙයි.. ගූගල් වැඩක් ගන්න එකක්..
Comment by GNS — 2010 March 2 @ am 11:12
සමාජසේවේ!
Comment by බුධාජීව — 2010 March 2 @ am 11:24
@බුධාජීව: අන්න ඒක.. (wasntme)
Comment by GNS — 2010 March 2 @ am 11:25
ගයන්තය සුවර් නෑ, අපි මේ පුරවන captcha එකක් ගාණෙ ගාණක් අතට හම්බවෙනවද දන්නෙ නෑ
Comment by තමීර — 2010 March 2 @ pm 2:09
@තමීර: ඔවුවොව්, ඒව කියන්න බෑ. මතකනේ එකපාරක් කොකා-කෝලා ඇඩ් එකකටත් ඉඳලා ගානක් කඩාගත්තා?
Comment by බුධාජීව — 2010 March 2 @ pm 2:48
@තමීර, @බුධාජීව: ඇහ්?? |-( ඒ කොකා-කෝලා එක ගත්තෙත් සල්ලි දීලනෙ.. :S
Comment by GNS — 2010 March 2 @ pm 6:45
හ්ම් මම දැන් ටිකකට කළින් කමෙන්ට් එකක් දැම්මා ඒක ගියේ නෑනේ මේ Captcha ප්ලගින් එක නිසා කොහොම වුණත් ඒ ප්ලගින් එක ඇණයක් වගේ කමක් නෑ මේ ලිපිය ගොඩක් වැදගත් මම මේ Captcha ගැන මුලින්ම දැනගත්තේ විජය පරිගණක සඟරාවට පිං සිද්ද වෙන්න කොහොම වුණත් මේ ලිපිය ගොඩක් වැදගත් (handshake)
Comment by සිතිජ සහන් හසාර හේවාගමගේ — 2010 March 5 @ pm 8:36
මේක අනර්ඝ දෙයක් නේ. බොහොම ස්තුතියි මේ ගැන ලිව්වට.
Comment by Anandawardhana — 2010 March 15 @ am 11:23
@Anandawardhana: බොහොම ස්තූතියි ප්‍රතිචාරයට (bow)
Comment by GNS — 2010 March 15 @ pm 11:21
@සිතිජ සහන් හසාර හේවාගමගේ: පරිගණක සඟරාව නම් බැලෙන්නෙ නෑ මලේ.. :S
Comment by GNS — 2010 March 15 @ pm 11:22
අයියෙ… don’t use recaptcha…! ඔකෙන් ඔයාට ගොඩක් comments නැතිවෙනව! people hate to fill these! Trust me… even the big blogs say never to use these! you can use plugins lik Akismet or Wp Spam Free to prevent spam!
Comment by Pubudu Kodikara — 2010 March 17 @ pm 8:55
@Pubudu Kodikara: ඒ big blogsනෙ බං.. මේක small blog එකක් නෙ..
Comment by GNS — 2010 March 17 @ pm 9:26
Small blogs thamai big blogs wenne
Ewwata thawa kamakuth naa… apita thamai wadiyenma balapaanne… Trust me! Captcha is not for comments! umbe hondatai kiyanne
Comment by Pubudu Kodikara — 2010 March 17 @ pm 9:51
@Pubudu Kodikara: hmm.. let’s see.. (think)
Comment by GNS — 2010 March 17 @ pm 9:54
Testing 1-2-3.. removed Captcha..
@Pubudu Kodikara
Comment by GNS — 2010 March 18 @ am 6:51
Hehe cool! now its much better
Comment by Pubudu Kodikara — 2010 March 18 @ am 8:32
කෙලියා තාප්පෙටම !!!! දෙය්යනේ දැන් මම මොකො කරන්නේ ??? මම ලියන්න හිටිය එකක් මෙයා දාලා !!! | sry මෙක කලින් දැක්කෙත් නැ මම මේ ගැන මැගසින් එකකට ලිපියකුත් ලිව්වා
Comment by Dar[K] — 2010 April 26 @ pm 9:19
@Dar[K]: අවුලක් නෑ සහෝ…
Comment by GNS — 2010 April 30 @ am 6:39
wOw… හොඳ වටිනා ලිපියක් නොවැ… ඔහොම යං… ජය
Comment by Sasanda — 2010 June 17 @ pm 10:55