Unity Plaza | සමහරු දන්න, සමහරු අඳුරන, සමහරු නිර්දේශ කරන, බහුතරය බනින, තවත් සමහරු පලු යන්න බනින පොට් එකක්. මමත් ලඟදි ඉඳන් අන්තිම Group එක නියෝජනය කරන්නෙ. (envy)
කට්ටිය දන්නවනෙ ඉතින් ඔය කඩ සීයක් විතර තිබුනට යුනිටිය රන් කරන්නෙ දෙතුන්දෙනෙක් වග. PC Partner කියන්නෙ එක ආයතනයක් විතරයි. එක එක නම් වලින් මේගොල්ලන්ගෙ සාප්පු තිබුනට ගත්ත එකකට කෙල උනොත් ගිහින් ඉන්න ඕනෙ දෙවන මහලෙ තියෙන Technical පෝලිමේ. මේ කටු ඕනෙ තරම් මීට කලින් කාලා තියෙනවා, නමුත් මේක අලුත්ම ආකාරයට කට්ටක්. යුනිටියෙන් දැන් අපිට දෙන කට්ට මොඩිෆයි කරලා තියෙන්නෙ..
මේ කතාව පටන් ගන්නෙ දැනට මාස දෙකකට විතර ඉස්සෙල්ලා. IT Land කියලා PC Partnerට අයත් කඩයකින් (PC Partner සෙට් එකේ ගොඩක් shops තියෙනවා. PC Partner, PC House, IT Land, PC Tel, Unity Systems වගේ) ගත්ත මවු පුවරුවක් අරන් සති දෙකක් යන්නත් කලින් බඩු පැකට් උනා. සුපුරුදු පරිදි ඉතින් අරන් ගියා විසඳුමක් ලබාගන්න. Technical එකේ ඉන්න පුද්ගලයා බෝඩ් එක එහෙට හරවලා, මෙහෙට හරවලා බලලා එහෙම අලුත් Service Job එකක් දැම්මා. දාලා “තව සති දෙකකින් විතර තමයි දෙන්නෙ වෙන්නෙ. කෝල් කරලා එන්න” කිවුවා. ඔය කතාව ඉතින් හැමදාම ගහන තැටිය නිසා මමත් “හා” කියල එන්න ආවා. හරියටම සති දෙකකින් කොල් කරපුවහම “ඒක තවම රෙඩි නෑඃ” කියාපි. ඔහොම මාස එකහමාරක් විතර කෝල් කරනකොට, ෆෝන් එකට answer කරන අක්කා කෝල් මූණට දමල ගහන්නා වගේ “තවම රෙඩි නෑඃ” “රෙඩි නෑඃ” “රෙඩි නෑඃ” කියනව විතරයි. (call)
මාස දෙකකට කිට්ටු වෙලා කෝල් කරපු වෙලාවක “හෙට උදේ ඇවිත් අරං යන්න” කිවුවා. (happy) මාත් ඉතින් ඔක්කොම වැඩ පැත්තකින් තියලා ගියා ගේන්න. ගිහාම කවුන්ටරේ ඉන්න බුවා කියාපි “තවම Replacement මුකුත් ඇවිත් නෑ” කියලා.. මොනව කරන්නද, කෝල් එකට ආන්සර් කරපු උංගෙ දෙමවුපියො මතක් කර කර ගෙදර ගියා. පහුවෙනිදා කෝල් කරපුවහම කියනවා “ඊලඟ බදාදා දෙන්නම්” කියලා, බදාදා උදේ කෝල් කරපුවහම “තවම නෑ. තව දවස් දෙකක් විතර යයි”ලු. “එහෙනම් කිවුවෙ අද දෙනවා කියලා?” “ආ! දෙනව කියලා කිවුවනම් අද හවස ඇවිත් කලෙක්ට් කරන් යන්න”.. ආපහු හවස් වරුවම කාගෙන යුනිටි දුවනවා.. ඒත් නෑ..
බැරිම තැන කවුන්ටරේ බුවාට කියලා කළමණාකරුවෙක් එක්ක කතා කරන්න සෙට් කරගත්තා මැනේජරයට කියල දෙන්න කට්ටියගෙ කෙරුවාව. මැනේජර්ගෙ නම අනිල්. බනින්නම කියල ගියාට මැනේජර් හොඳට කතා කරපු නිසා බනින්න හිතුනෙ නෑ. ඒ වගේම තමයි මැනේජරුත් ලොවෙත් නැති හේතු කියලා, අද (එදා මාර්තු 30) Replacement එන වගත්, එදාම ගන්න අමාරු වෙනබවත් කියලා අනිවාර්යයෙන්ම අප්‍රේල් 5වෙනිදට (සඳුදා) දෙන්නම් කියලා Job Note එකේ ෆෝන් නම්බරෙත් ලියලා දුන්නා. මමත් ඉතින් අප්‍රේල් 5වෙනිදා සුබ මොහොතින් අපේ මලයයි, මලි අයියයි එක්ක ගියා යුන්ටියට, 30එනව කිවුව එක ගන්න කියලා. මෙන්න මූ කියාපි “Motherboard replacement තවම ආවෙ නෑ, එන්නෙ 7-8 තමයි” (devil) කියලා. එදා නම් මැනේජරයටත් හොඳවයින් කතා කරන්න කියලා යද්දි මිනිහා පුටුවෙ නෑ. :@ පොඩි බඩගින්නක් වගෙත් ආපු නිසා එලියට ගිහින් කාලා එහෙම ආපහු ඇතුලට යද්දිත් පුටුව හිස්. කරන්න දෙයක් නෑ. ගියා Staff Only area එකට.
“කෝ මැනේජර්?” ]:)
එතන හිටපු කෙනෙක් “එයා Lunch එකට මේ දැන් ගියෙ”..
“අපි දැන් විනාඩි 20කට කලිනුත් ආවා එතකොට හිටියෙත් නෑ නෙ”..
“ආ..! ඒ වෙලේ පොඩ්ඩක් පහලට ගිහින් හිටියෙ, දැන් තමයි ලන්ච් එකට ගියෙ”..
“කමක් නෑ. කාලා එන්නෙ නැතෑ. අපි එතකං ඉන්නම්”
ටික වෙලාවකට පස්සෙ
“මොකක්ද කරන්න තියෙන්නෙ?”
“මේ බෝඩ් එක දැන් මාස දෙකකටත් වැඩී warranty claim කරලා. අද දෙනවා කිවුවා දැන් කියනවා බඩු නෑ කියලා. අද නම් ඉවරයක් කරගෙනම තමයි යන්නෙ”
“job note එක දෙන්න”
“ආ..”
“ඉස්සරහින් ගිහින් චුට්ටක් ඉඳගෙන ඉන්න. මම එන්නම්”
“හා..”
PC Partner Technical @ 2nd Floor, Unity Plaza
ඔහොම චුට්ටවල් තුන-හතරක් විතර ගියා මිනිහා නෑ. ආපහු අර පුද්ගලයව හොයාගෙන ගිහින් තත්වෙ බැලුවා.
“ආ හරි.. මම Request එකක් දැම්මා. ඒක Approve වෙලා Mail එකත් ආවා. තව Maximum 5minutes වලින් දෙන්නම්”
අයියා වැඩකරු, එදා මැනේජර්වත් නොකරපු දෙයක්.. කොහොම හරි පැය තුනක විතර කට්ටක් කාලා අලුත්ම board එක Stores එකෙන් ගත්තා. බෝඩ් එක නම් වැඩ. ආයෙත් අවුලක් ගියොත් නම් warranty claim කරලා, වෙන බෝඩ් එකක් ගන්නවා.. එතකොට අලුත් බෝඩ් එකටත් කෙල උනොත් ඒ කාලෙ වෙද්දෙ claim කරපු බෝඩ් එකේ replacement ඇවිත් තියෙන්නෙ නැතෑ.. (headbang)



puduma kattak ne kanna wenne oken badu aran
ehenam oita kalin badu ganna thibuna, karadarekuth natuwama
Oita narakada podi ganak wedi pura dila hari game kadekin oka gattanam
Comment by Darshana — 2010 April 7 @ am 3:25
මචෝ හරෝලා ඇරපු දෙවෙනි දවසෙ පොඩ්ඩක් සෙනග ඉන්න වෙලාවක් බලලා යට තට්ටුවෙ ගත්තු තැනට ගිහින් සද්දයක් දැම්මනම් බඩු ඔයිට කලින් හම්බවෙන්න ගියා.
අන්තිම පාර කළා වගේ.
හෙට දෙන්නම් කියද්දි හැරිලා එනවනම් හැමදාම හැරිලා ඒමක්ම තමයි
අත්දැකීමෙන් කියන්නේ.
බැරිම නම් කරන්න තියෙන්නෙ කඩේටම ගිහින් පදිංචි වෙන එක.
Comment by රොයිලි — 2010 April 7 @ am 4:25
ඔය ඔක්කොම PC House එකේ කඩ…..!! මොලේ තියෙන එකෙක් PC House එකෙන් දැන් බඩු ගන්නවාද……?? 2001 දි මගේ 30 GB හාඩ් ඩිස්ක් එකක් replace කරේ නෑ මාසයක් ගිහිල්ලත්…..!! අන්තිමට මම ගියේ අපේ මාමත් එක්ක STF ගාඩ් එකේ දෙන්නෙකුත් එක්ක……
මාමා ගිහින් Unity Systems Shop එකේ මැනේජරයගේ මේසේ උඩ හාඩ් එක දමලා ගහලා, මේක අද කරලා දෙනවද? නැද්ද? කියලා විතරයි ඇහුවේ….
30 GB හාඩ් එකට 40 GB හාඩ් එකක් අලුතෙන්ම, ඒ වෙලාවෙම දුන්නා……!!
PC House එකේ බඩු ලාභ උනාට Warranty ගන්න ගියහම ඒ ලාභේ ඉවරයි…….!!
Comment by Uraj Deemantha — 2010 April 7 @ am 6:41
@Darshana: එහෙම කලා නම් අඩුම තරමෙ යන/එන/කොල්කරන ගාන වත් ඉතුරු කරගන්න තිබ්බා.. :S
@රොයිලි: @Uraj Deemantha: හ්ම්… මුංගෙන් Replacement එකක් හොඳින් නම් කරගන්න බෑ.. තග දාන්නම වෙනවා.. (punch)
Comment by GNS — 2010 April 7 @ am 7:21
මේකට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. මේ වගේ තැන් ගැන දෝෂ ගැන ලියනව වගේම හොඳ සර්විස් එකක් දෙන තැන් ගැනත් ලියන්න පුළුවන් නම් කට්ටියට පුළුවන් ඒ තැන් ගැන කියන්න දන්න අයට. තාක්ෂණය ගැන ලියන අය එකතු වෙලා මේවට වෙනම බ්ලොගයක් කලා නම් හරි අර කමුබොමු, බයිස්කෝප් වගේ
Comment by raji — 2010 April 7 @ am 7:47
hafffa ow machooo mekanam sira….. ara galle road eke suwarnamahal eka issaraha thiyena PC house eka gana mokada hithanne ? unnam mawa rasthiyadu karala na kawadawath ewelema wade kara ganna puluwan….ethana head office ekak main show room ekai 2kama thiyenne man hithanne…
Comment by Hasith Prasanga Athukorala — 2010 April 7 @ am 7:50
මුන් සේරම එකයි බලාගෙන ගියාම. warranty ගන්නකොට නම් එන්න සර් ගන්න ගියාම තමා තරම තේරෙන්නේ
Comment by ම — 2010 April 7 @ am 8:10
@raji: (nod)
@Hasith Prasanga Athukorala: මෙතනත් මේ කරන්න පුළුවන්කම තියෙද්දිනෙ තව පොඩ්ඩෙන් එදාත් ආපහු හරවල යවන්නෙ.. (swear)
Comment by GNS — 2010 April 7 @ am 8:10
හෆෝ ඇති යන්තං ඕක ගත්තා… මම නං යුනිටියෙන් මොනවා හරි ගත්තොත් ගන්නේ ටියුලිප් එකෙන් නැත්නං barclays එකෙන්.
එක පාරක් ටියුලිප් එකෙන් ගත්ත HDD එකක් මම ම පුච්චාගෙන ගිහිල්ලා විනාඩි 10 ක් යන්න කලින් මාරු කරගෙන ආවා..
Comment by Thilina — 2010 April 7 @ am 8:11
මුන් සේරම එකයි බලාගෙන ගියාම. ගන්නකොට නම් එන්න සර්, warranty ගන්න ගියාම තමා තරම තේරෙන්නේ
* කලින් එක පොඩ්ඩක් වැරදුනා
Comment by ම — 2010 April 7 @ am 8:12
මමත් PC house එකෙන් ඹය කට්ට කැවා……PC house එකෙ customer care service එක අන්තිමයි…..මම දැන් වැස්සට වත් PC house යන්නෙ නෑ….මම දැන් යන්නෙ Unity එකෙ 1st floor තියන Ink TECH එකට.එකෙ customer care service එක හොදයි. ඉක්මනට replacement එක කරලා දෙනවා….නැත්තම් Unity එකෙ 1st floor තියන Tulip එකත් ෙහාදයි……
Comment by ඉsh — 2010 April 7 @ am 8:32
barclays එකෙ customer care නම් ෙහාදයි තමයි…..එත් බඩු වල ගණන් වැඩි….
Comment by ඉsh — 2010 April 7 @ am 8:36
PC House එකේ Shop වලින් කවදාවත් බඩු ගන්න එපා. උන් තනිකරම හොරු. අර කාලෙකට ඉස්සර අධ්‍යාපන අමාත්‍යාංශයේ එවුන් එක්ක එකතු වෙලා බාල බඩු ගෙනල්ල දුප්පත් ඉස්කෝල වලට බෙදල මාට්ටු වුනෙත් ඕකෙ හිටපු එකෙක්.
උන්ගෙ බඩු වල කිසිම ප්‍රමිත්යක් නෑ, හැබැයි ලාබයි. මමත් එක සැරයක් ගත්තා බලන්න, අනාථයි!
හොද සහ තරමක් සාධාරන ගානකට බඩු ගන්න නම් එක තැනක් තියෙනවා, මේ වෙනකොට මමත් අවුරුදු 6 ක් විතරම ගනුදෙනු කරන තැනක්, මට මතක විදිහට නම Tech Solutions වගේ එකක්. Elevator එකෙන් උඩට නැග්ග ගමන් ඉදිරියෙන් තියෙන Aisan Computers එකට වම් පැත්තේ එක.
Comment by Kas — 2010 April 7 @ am 8:36
@Thilina: හ්ම්ම්.. Barclays එකේ, Motherboard replacement එකකට මගෙ යාළුවෙක්ට සති දෙකක් ගියා. ඊට වඩා කල් ගිය කෙනෙක් ගැන නම් මතකයක් නෑ..
@ම: ඔය කිවුවට Shop එකෙන් එහාට ඔය මනුස්සකම නෑ. Stores එකට ගිහින් බඩු ටික ගන්නත් කට්ට.. PC-Tel, Unity System වල අය Stores එක පැත්තෙ යන එන නිසා රස්තියාදු වෙවී ඉන්නව දැක්කොත් පොඩ්ඩක් ඉක්මනට කරල දෙනවා. අනිත් අය එහෙමවත් නෑ.. (n)
Comment by GNS — 2010 April 7 @ am 8:37
@ඉsh: ඔය කියන්නෙ Tech Zone එක ගැන වෙන්න ඇති. ඒක නම් සෑහෙන්න හොඳයි.. මගෙ යාලුවෙක්ගෙ Board එකක් warranty claim කරලා මාසයකින් විතර replacement ආපු ගමන් කෝල් කරලම කියලා තිබුනා ඇවිත් අරන් යන්න කියලා.. ඒකටත් එක්ක PCP.. අපි කෝල් කරපුවහමත් එන්න කියලා අන්දනවා..
@Kas: ආ.. අර Panora සිද්ධීය නේද? පොත්ත Panora උනාට, ඇතුලෙ තියෙන්නෙ Gigabyte Motherboard.. (chuckle)
Comment by GNS — 2010 April 7 @ am 8:42
@ඉsh: ගණන් නම් ටිකක් වැඩී තමයි. ඒත් මට උනා වගේ සිද්ධියක් උනොත් අඩු ගානට ගත්ත ලාභය එතනම ඉවරයි… මම නම් මීට පස්සෙ Barclays හරි TechZone එකෙන් හරි ගන්න එකක් අරගන්න තීරණය කරල ඉන්නෙ..
Comment by GNS — 2010 April 7 @ am 8:44
Tech Solutions කියන්නෙ Ink TECH එකටම තමයි….
Comment by ඉsh — 2010 April 7 @ am 8:45
@ගයන්ත: ඹවු TechZone එක තමයි….
Comment by ඉsh — 2010 April 7 @ am 8:49
@ගයන්ත:
මම අදත් බඩු වගයක් ගන්න tech zone හරි tulip හරි යනවා….
Comment by ඉsh — 2010 April 7 @ am 8:52
@ඉsh: හෙහෙ… එළ එළ..
(y)
Comment by GNS — 2010 April 7 @ am 8:54
මම නම් දැන් අවුරුදු 4ක ඉදන් කරනවා.
තාම කිසිම අවුලක් නැහැ.
මම නම් ගන්නෙ PC Partner වලින් විතරයි.
Comment by Kasun — 2010 April 7 @ am 8:57
@Kasun: උඹට ඉතිං දන්න අඳුරන උන් ඉන්නවනෙ.. ]:)
Comment by GNS — 2010 April 7 @ am 9:01
අනිත් එව කෙසේ වෙතත්, එහෙ වෙලාව යන්නෙනම් දිව්‍ය ලෝකෙ වගේ… 5mins කිව්වොත් 5hours විතරවත් යනව…
Comment by මලින්ද — 2010 April 7 @ am 9:09
මමත් PC-Tel එකෙන් ඔය වගේ සෑහෙන්න කටු කාලා තියෙනවා. එවා ගැන කියන්න ගියොත් පොතක් වුනත් ලියන්න පුලුවන්. මම ඔය කට්ටියට දැන ගන්න එක්ක පොඩි දෙයක් කියන්නම්….
දවසක් මම ගිය PC-Tel එකට, ලැප්ටොප් එකක් ගන්න. පස්සෙ මට machine එක ගෙනැත් පෙන්නුව ඒකේ box එකත් එක්ක. පොර කිව්ව මේ දැන් packing කඩලා store එකෙන් ගෙනාවෙ කියල… මම කොකටත් කියලා box එකේ තිබුන serial number එකයි machine එකේ තිබුන serial number එකයි check කරලා බැලුවා…
ඒ දෙක වෙනස්නේ….
කොහොමද මුන්ගෙ වැඩ….? :O
Comment by sampath — 2010 April 7 @ am 9:11
මගේ යාළුවන්ටත් ඕනෑ තරමි ඔවගේ කටු කලා තියෙනවා.
එක පාරක් මදර්බොඩ් එකක් මාරු කරන්න ගිහින් උන් දවසකට පස්සේ කියනවා එකේ පිසිකල් ඩැමේජ් තියෙනවා කියලා නමුත් අපි ගිහින් දෙනකොට එහෙම ඒවා තිබුනේ නෑ පස්සේ ලොකු ටොක් ටිකක් දලා වැඩේ කරගත්තා.ඕවාට තාම ලංකාවේ එච්චර නීතී නැති එක තමයි හේතූව.
Comment by කසුන් නදීශන — 2010 April 7 @ am 9:14
මමත් PC House (නුවර) ගිහින් powertree UPS එකක් ගත්තා . තත්පරයක් ඇතුලත විදුලිය විසන්ධි වෙලා නැවත විදුලිය ආවාම පරිගණකය OFF වෙනවා..
http://roshanherath.blogspot.com/2010/04/blog-post_05.html
Comment by Roshan Herath — 2010 April 7 @ am 9:19
ගයෝ හරි…..දැන් යුනිටිය හුඟක්ම අවුල්….ඊට වඩා හොඳයි…මම නම් මොනා ගන්නෙත් අපේ ගෙවල් ළඟ ෂොප් එකෙන්….ඒකෙ අය්යාත් ගයන්ත වගේමයි….ඒ සයිස් මයි..මම ෆොන්සේකා අන්කල්ට නිසා කොහොමත් මට ගානා අඩුයි…..මම නම් යුනිටිය පළාතක යන් නෑ
Comment by neranji — 2010 April 7 @ am 9:22
@Roshan Herath:
තවත් දෙයක්, මගේ යාලුවෙක් motherboard කීපයක් ම මාරු කළා unity එකෙන් අරන්. අපරාදෙ කියන්න බෑ මාසෙකින් විතර වෙන එකක් දෙනවාලු (චෙක් කරලා පෙන්වලා) . ගෙදර ගිහින් බලද්දි වැඩ කරන්නෙ නෑ ලු.
Comment by Roshan Herath — 2010 April 7 @ am 9:22
@මලින්ද: (chuckle) (nod)
@sampath: ලැප් නම් ජීවිතේට යුනිටියෙන් ගන්න එපා.. කීයක් දීලා හරි Authorized Dealer කෙනෙක්ගෙන්ම ගන්න. මේගොල්ලො දෙන්නෙත් එහෙම Dealersලගෙන් අරං, මම හිතන්නෙ..
@කසුන් නදීශන: ෆුල් ට්‍රයි එක දෙන්නෙ ෆිසිකල් ඩැමේජ් එකක් පටවලා එහෙම්මම reject කරන්න.. (doh)
Comment by GNS — 2010 April 7 @ am 9:24
@Roshan Herath:
වැඩ නෑ?? :O :O
වෙලාවට මාස දෙකක් ගිහිල්ල හරි අලුත් එකක්ම ලැබුනෙ එහෙනම්.. (whew)
Comment by GNS — 2010 April 7 @ am 9:27
@neranji: ඈහ්! |-(
මං වගේ..
Comment by GNS — 2010 April 7 @ am 9:28
අපොයි උබත් අහු උනාඩූ PC House උන්ට ? අපේ ඔෆිස් එකටත් උන් ඔය වගේ දෙයක් කරලා අපි computer 10 diliver කරනකන් ඉදලා එපා කිවුවා
පස්සේ ඔකොම ලොක්කො ඇවිත් අහනවා ඇයි ඇයි කියලා
මෙන්න විස්තරේ කියනවානම් ලොක්කෝ1
Mr. S.H.M. Rishan (Chairman)
rishan@pchouse.lk
Mr. Niroshan Dissanayake
Account Manager
niroshan@pchouse.lk
Mr. Rizwan Anise
Head of Marketing
rizwan@pchouse.lk
Comment by කාලිංග — 2010 April 7 @ am 9:42
හප්පේ ඔව් ඔය පීසී ගෙදර කට්ටිය ගෙන නම් පොතක් ලිව්වැකි ගේමක් නැතුව. මම එකපාරක් ගත්තු machine එකක CD ROM වැඩ නෑ ගෙදර ගියාම. පහිවෙනිදා ආපුවාම කියනව බඩු නෑ ලු. සතියක් යයි ලු. අහිංසක විදියට කතාකරගෙන යද්දි එකෙක් ආවා කොටන්න. (මම හැමතැනම යන්නෙ කොට කලිසම ගහගෙන ගෝතය වගේනෙ
) අරූට අපූරුවට කියාදුන්නා මම වගේ ගෝතපාට උන්ට ආයෙ මතක ඇති කාලෙකට පාට් නොදාන්නම. නෑ කියපු රොම් එකකුත් මේ එන්නෙ විනාඩි දෙකක් යන්න කලින්.
Comment by änthräX — 2010 April 7 @ pm 9:14
sorry…Tulip ඒකත් ටිකක් ඒ වගෙ තමයි….මම කිවුවෙ අදත් බඩු වගයක් ගන්න tech zone හරි tulip හරි යනවා කියලා…මම අද tulip ගියා Network cable ගන්න…..1Meter වලට රැ20/=….crimp කරන්න service cgarges Rs.100/=…crimp කරන ඒකට තත්පරයක් වත් යන් නෑ. මහන්සියක් යන්නෙත් නෑ. ඒගොල්ලන් මිනිස්සුන්ව අන්දනවා…ෙකාටුවෙන් 250ට crimping tool ඒකක් අරගෙන අපිම crimp කරගන්න ඒක වාසියි………..
Comment by ඉsh — 2010 April 7 @ pm 9:27
නොදන්න eBay එකෙන් බඩු ගන්න ඒක හොඳා නෙව මීට වැඩිය!
Comment by ~බිன்ku~ — 2010 April 8 @ am 4:13
@änthräX: ඇන්ත්රැක්ස් කියන්නෙ නිකං යැ..
@~බිன்ku~: සිරාවටම… (nod)
@ඉsh: එක සැරයක් Crimp කරන්න නම් ඉතිං රු100 දීලා කරගන්න එක වාසියි. හැබැයි Tool එක අරං තියාගන්න එක කොයිකටත් හොඳයි..
Comment by GNS — 2010 April 8 @ am 6:34
@ගයන්ත: මෙගොල්ලො හිතන් ඉන්නෙ අපි ඔටුවො කියලා…..ඒකයි ඹය වගෙ පොඩි වැඩ වලට ඹච්චර ගණන් ඉල්ලන්නෙ……මම වයර් ටික විතරක් අරන් මමම crimp කර ගත්තා………..
Comment by ඉsh — 2010 April 8 @ am 11:23
@කාලිංග: ආ මේ ඉන්නෙ තව කට්ටිය.. (clap)
Comment by GNS — 2010 April 8 @ pm 4:35
Don’t Buy anything from PC House group.
Their products are cheaper than market price because they are low in quality.
Also same thing happen to me. I bought motherboard and withing short time it stop working.
Comment by Amarasiri — 2010 April 9 @ am 7:40
මම නං යුනුටියට ගියොත් සිරිතක් විදියට මුලින්ම යන්නෙ Barclays එකට තමා. ගොඩක් වෙලාවට ගන්නෙත් එතනින්. මට තාම ඔය වොරන්ටි කේස් එකක් වෙලා නෑ නෙව මට්ටු වෙන්න. ඔච්චර හැමෝම චාටර් කියන Technocity එකෙන් ගත්ත ලැපත් තවම ගින්දර වගේ වැඩ.
හැබැයි මට ඔය විදියට Warrenty claim කරන්න ගිහින් හෙන කට්ටක් කන්න උනා වැල්ලවත්තේ Debug එකෙන් නම්. උන් නං ගන්න දෙයක් නෑ.
Comment by ඉන්දරේ — 2010 April 9 @ am 8:27
Barclays එනකන් මම එක ම පාරක් පරිප්පුවක් කාලා තියෙනව රැ. 800ක ෆැක්ස් මොඩෙම් එකක් අරං. ඒක මාරු කරන්න ඩික්මන්ස් හන්දියේ තැනකට 10 පාරක් විතර ගිහිල්ල තියෙනව. කාර් එකට ගහපු පැට්‍රල් ටිකෙන් බාගයක් වියදං කරානං උන් ජීවිතේට ඔහොම කටු දෙන්නෙ නැහැ කාටවත්. ටියුලිප් එකෙන් වොරන්ටි කේස් දෙක තුනකට ගිහින් තියෙනව. කිසි කචල් එකක් දුන්නෙ නැහැ.
මේක වෙලා තියෙන්නෙ කිසි ම තැනක් රෙකමන්ඩ් කරන්න බැරි කම.. ඒකත් එක් එක් කෙනාට වෙන වෙන ආකාරයට තමයි පල දීල තියෙන්නෙ..
මම ප්‍රින්ටර්ස් පාවිච්චි කරන්නෙ Epson . ගත්තෙ Debug එකෙන් ම. ප්‍රශ්ණයක් උනොත් උං මගේ ළඟට එනව මිසක් කවදාවත් මම එතැනට අරං ගිහිල්ල නැහැ. කොටින් ම තරමක මිල වැඩි ප්‍රින්ටරයක වොරන්ටි ඉවරවෙලත් මට රිප්ලේස්මන්ට් එකක් දුන්නා. මම ඒ ප්‍රින්ටරේ අලුත් ම එකක් හැටියට වික්කා වෙන කෙනෙකුට.. අර ඒක තාම අපූරුවට වැඩ.
Comment by Indranatha Thenuwara — 2010 April 9 @ am 10:31
හප්පා මම අදත් PC Partner ගිහින් ආවෙ.. කාපු කටු ගැන අමුතුවෙන් කියන්න ඔනේ නෑනෙ ඉතින්. නමුත් Burning Smell එකක් ආපු මගෙ DvD Writer එක නම් මාරු කරගන්න පුලුවන් උනා (ඒකත් පැය 4ක් කට්ට කාල ) කවුන්ටරේ හිටපු මෑන් ඉබල බැලුවට ඇතුලෙ උන් බලල නෑ වගේ (නැත්තම් දෙයි )
මම හිතන්නෙ 100% හොද නැති උනත් TechZone ලගෙනම් මීට වඩා හොඳ සවිස් එකක් තියනව.. බඩු වල ගානත් වැඩි නෑ
(හැබැයි ඒකෙත් කවුන්ටරේ ඉන්න බුවා නම් මට අල්ලන් නෑ මොකක් හරි කියන්නම තමයි බලන්නේ බලන් ගියාම මුන් ඔක්කොම එකයි ඒත් මෙච්චර කටු නම් කෑව කියල මම අහල නෑ TechZone එකේ මම ගියාමත් උපරිම පැය බාගෙකට වඩා ඉඳල නෑ එකෙ)
Comment by thelaa — 2010 May 3 @ pm 10:09
මම නම් බඩු Barclays ගන්නෙ එකෙන්. මම ඉන්ටෙල් මව් පුවරුවක් අරන් මාසයක් යන්න ප්‍රථම ඒකෙ සවුන්ඩ්ස් වැඩකරන්නෙ නැතුව ගියා, මම කෝල් කරල විස්තරෙ කියුවාම බෝඩ් එක අරගෙන ටෙක්නිකල් එකට එන්න කියුවා. එවෙලෙම එය පරීක්ෂාකර බල අලුත්ම එකක් දුන්නා. සතියක් යන්න පෙර එයටත් ඒ අකර තැබ්බයම වුනා. පසුව මම ආයෙත් ඒක ගෙනිච්චා, එවර වෙන වර්ගයක බෝඩ් එකක් හෝ ඒමුදලට හරියන වෙන එකක් දෙන්නම් කියුවා, සේවය අති විශිෂ්ඨයි. ඉක්මනින්ම මගේ ප්‍රශ්න විසඳුනා. මම පරිගණක උපාංග ගන්නෙ barclays එකෙන්.
Comment by ටිලාන්ත — 2010 May 9 @ pm 8:17
අපො ඔව් බන් අයේ නම් ඔය පත්තෙ යන්නෙනෑ
Comment by Nisal — 2010 May 18 @ pm 8:51
හෙට දෙන්නම් කියද්දි හැරිලා එනවනම් හැමදාම හැරිලා ඒමක්ම තමයි අත්දැකීමෙන් කියන්නේ.
+1
Comment by Premier — 2010 May 21 @ am 2:22
මමත් මගේ මෑසින් එක ගත්තෙ යුනිටියෙන්. ඔක්කොම සෙපරේට් අරන් මම එකලස් කලා. තවම හොදට වෑඩ. දෑනට අවුරුදු 2 ක්, වෙනවා.
Comment by indika — 2010 May 23 @ pm 5:40
machanla sira ban umbalage talks nam..
owa gena katha karaddi mala paninawa..
machanla lap1k ganna hodama pot1 mokadda kiyanwada?
Comment by thara — 2010 June 1 @ pm 7:50
@thara: Lap එකක් ගන්නව නම් කෙලින්ම Agentගෙන්ම ගන්න..
Acer : Metropolitain
Dell : Softlogic etc;
Comment by GNS — 2010 June 3 @ pm 9:48
මටත් ඕක උනා හැබැයි ඒක අකුනක් වැදිලා ,ජිල් මාට් දාලා කොහොම හරි මාරු කර ගත්තා නමුත් තමා Modem එක එහේ ,ඕකුන් අපට ජිල්මාට් දාන හින්දා අපිත් ඉදලා ඉදලා එකක් දෙකක් දාන්න ඕනා.
Comment by Whatever — 2010 June 5 @ pm 7:13
@ගයන්ත:
ok machan thanx…
hp/ compaq agent kawuda machan?
Comment by thara — 2010 June 6 @ pm 7:20
මට නම් තාම අව්ලක් වෙලා නැහැ. මොකක් හරි අවුලක් ගොයොත් එදාම කොහොමහරි අර ගන්න පුලුවන්..
Comment by LK — 2010 June 18 @ am 3:07
@thara: HP Agent නම් දන්නෙ නැහැ..
Comment by GNS — 2010 June 18 @ am 10:09
ඔව් ඔව්.. ඔක්ටා තවම මතක කරනවා උගෙ බෝඩ් එක අරන් දුන්න හැටි.. (chuckle)
Comment by GNS — 2010 June 18 @ am 10:33
hp egent Ewis mama hitanne
Comment by mc — 2010 June 24 @ am 9:55
මාත් මීට අවුරුද්දකට කලින් Intel Motherboard එකක් ගත්තා TechZone එකෙන්. ඒකෙ ලගදි full අවුලක් ගිහින් මම technical එකට දුන්නා. දවස් 14න් call කරලා බලන්න කිව්වට මාසයක් විතර වෑඩේ ඈදුනා (කිව්වෙ Intel Centre එකේ delay එකක් replacement stock නෑහෑ කියලා), හෑබෑය් මාව එන්න කියල රස්තියාදු කරේ නෑහෑ. මාසයකට පස්සෙ call කරා එන්න කියලා, ඒත් ගියාම reception එකේ ඉන්න බුවා බඩු තාම රෙඩී නෑ කියාපි. පොඩි mix-up එකක් වගේ පෙනුනා. පස්සෙ මම පොඩි සද්දයක් දෑම්මාම ඈතුලෙ හිටිය හොද ඩයල් එකක් ඈවිත් කතා කරල (අලුත්ම ඒත් ගාන අඩු ) temporary motherboard එකකුයි 1gb ram එකයි දුන්නා හරි replacement model එක එනකම්. සමස්තයක් වශයෙන් මාත් අනුමත කරන්නෙ TechZone හා Barclays තමයි. අපෙ රටේ මේවට තාම නීති හරියට නෑති එක තමා case එක. ඒත් නීති අවම බඩු ගනන් යයි rocket වගෙ.
Comment by Nilhan — 2010 June 29 @ pm 2:20
යාළුවෙක්ට අරන් දුන්න PC එකක් Disc Drive එක අවුල් වෙලා warranty claim කලා. කෝල් කරනවා කරනවා මේ ගස් බල්ලො ෆෝන් එකට Answer කරන්නෙ නෑ.. (envy)
ඔන්න ඔහොමයි PC Partner අයියලගෙ කෙරුවාව.. ඒ උනාට මොකෝ PC House -> PCH කියල නම නං මාරු කරලලු සේවාව කාර්යක්ෂම කරන්න.. (mooning)
Comment by GNS — 2010 July 1 @ pm 6:07
කට්ටිය http://www.usalanka.com ගැන මොකෝ කියන්නෙ? උන් USA වලින් Direct original බඩු ගෙන්නනව වගේ. ගාන මොකක් වුනත් නියම range එකක් තියෙන්නෙ. Scam ද genunine ද කියල sure නෑ.
Comment by Nilhan — 2010 July 1 @ pm 10:43
කතන්දරේ ඇත්ත…
මාත් රජ කටු කාලා තියෙනවා ඔකුන්ගෙන් බඩු අරන්
Comment by chanaka — 2010 July 7 @ am 9:14
අපෝ මමත් හොද කට්ටක් කෑවා. මගේ Intel Mother Board එකක් warranty clam (network port එක වැඩ කලේ නෑ) කරන්න ගිහින්. 1 month විතර ගියා. මට ඔහොම call කරලා එන්න කියන CD එක තම දැම්මේ. මාසයක් බැලුවා. දුන්නේ නැති නිසා ගියා උන්ගේ ඔය කියන Anil කියන එකා meet වෙන්න. උ මට ලෝකේ නැති talks දුන්නේ. මමත් බැලුවා තව දවස් දෙක තුනක්. ඊට පස්සේ අයෙත් ගිහින් Anil කියන එකාටයි Nalaka කියන එකාටයි කිව්වා හොදට ඔතන counter එක ඉස්සරහම. කිව්වාට පස්සේ උ එදාම මට දුන්න මට තිබුනටත් වඩා හොද mother board එකක්.
මම නම් කියන්නේ Anila ගිහිල්ලා හොදට දෙක තුනක් කිව්වා නම් replacement එක එදාම සුවර් කාට උනත්.
Comment by Nadun — 2011 March 22 @ am 12:50
ohoma una matath.eka dawasak gihin harila awa.anit dawase giyahamat na thamai.hitapanko ko ubala loku eka kiyala service karana thanatama balen door ekath aran gihin board ekak denawada nada kiyala gema iluwa.ane wadi welawak giye na hoda ekak duna.thama wada.dan 2 years witara oka wela.
Comment by shamika — 2012 January 22 @ pm 2:07