GNS Blog

2010 May 29

Snow Leopard

Filed under: Mac,Public,Technology — Tags: , , , , — GNS @ am 11:44

පහුගිය බ්ලොග් සටහනකින් මැක් දාපු කතන්දරේ කිවුවනෙ, අමතක නැති අය මෙතනින් ගිහින් බලන්නකෝ.. ;)

මැක් කිවුවට ඉතින් හැක් කරපු මෙහෙයුම් පද්ධතියක් ගැන නෙ මෙතනදි කතා කරන්නෙ. හැකින්ටොෂ් ස්ථාපනය ගැන දැනගන්න කාලිංග සහ ජනුක අයියලගේ පෝස්ට් කියවල බලන්න. (y) එහෙනම් නැවතත් මාතෘකාවට,

Index

About

Installation

What’s New

Sinhala Support

.

Snow Leopard ගැන

ඇපල් සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය තමයි Mac OS X 10.6 ., Snow Leopard කියල කියන්නෙ මේකටම තමයි. දැනට මේකට යාවත්කාල කිරීම් තුනක් නිකුත් වෙලා තියෙනවා (10.6.3 වෙනකන්) නමුත් දෙවනි යාවත්කාලීන කිරීම (10.6.2) තෙක් පමණයි Hackintosh එලිදක්වල තියෙන්නෙ.   (happy)

.

Snow Leopard ස්ථාපනය

ගියවර මම ස්ථාපනය කලේ iAtkos නමින් එළිදැක්වුන Hackintosh එකක්. නමුත් මේ පාර පොඩි සෙවුමක් කරල බලද්ද හම්බ උනා නියම අඩවියක් Hazard කියලා. ඔවුන් විසින්ම හැක් කරන ලද මැක් එකක් තමයි බාගත කරන්න තියෙන්නෙ. (flex)

Hazard

මොවුන්ගේ විශේෂත්වය තමයි මොවුන්ගේ ෆෝරමයෙන් ඕනෑම ගැටළුවකට පිළිතුරු ලබාගත හැකි වීම. (happy)  magicfox නම් පුද්ගලයෙක් ඕනෑම අවස්ථාවක, ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දීම සඳහා සූදානමින් සිටීනවා. (bow) මමත් හත් අට සැරයක්ම උත්සහ කරල, කෙල උනාට පස්සෙ තමයි ෆෝරම් එකට ගැටළුව ඉදිරිපත් කලේ. :x ටික වෙලාවකින් හරියටම හරියන වින්‍යාසය ලබාදෙන්න ඔවුන් සමත් උනා. ඒම නිසා ඔබත් Snow Leopard ස්ථාපනය කරනවා නම් වරක්, දෙවරක් උත්සහ කර අසාර්ථක වුවහොත් ෆෝරමයේ සහය ඉල්ලන්න අමතක කරන්න එපා.

ස්ථාපනයේදි ගැටළුසහගත වෙන එකම තැන තමයි තමන්ගේ දෘඩාංග Installer එක තුල නිවැරදිව තේරීම. ඒ සඳහා තමයි ෆෝරම් සහය ලබාගතයුතු වන්නෙ. ඉතිරි සියළුම පියවරයන් ඉහත දැක්වූ බ්ලොග් පෝස්ටයන්හි පියවර වලට සමානයි.

OS X 10.6.2 බාගත කරන්න : Torrent or Rapidshare (sun)

.

මෙහෙ​යුම් පද්ධතිය

කොහොම කොහොම හරි ස්ථාපනයෙන් පසු ප්‍රථම වරට පණගැන්වීමෙන් පසු පැමිණෙන්නෙ මෙන්න මේ වගේ තිරයක් වෙත

The First View

විශාල කිරීමට පිංතූරය මත ක්ලික් කරන්න

OS X 10.5.X සංස්කරණ වල පැවති දුර්වලතා බොහොමයක් මෙහි නිවැරදි කරල තියෙන්නෙ. ඊයෙ ඉඳන් අද වෙනකන් කූරු ගාද්දි අහු වෙච්ච වෙනස්කම් කිහිපයක් පහත දැක්වෙන්නෙ,

  • ෆොල්ඩරයක් Maximize කල විට ගොනු පිහිටීම 10.5 හි ඉබේ වෙනස් නොවූවත්, නව සංස්කරණයෙහි සියළු ගොනු View එකට fit වෙන අයුරින් ඉබේ හැඩගැස්වේ. (Windows, Linux වල නම් ඉස්සර ඉඳන්ම මේ function එක වැඩ.. :P )
  • Grid Viewහිදී ​බහාලුම තුල අඩංගු සියළුම ගොනු දැකගැනීමට හැක.
  • PDF ​ගොනුවක ඇති සියළුම පිටු, පූර්ව දර්ශනය (Preview) මගින් පරීක්ෂා කර බැලිය හැක.
  • වැඩසටහනේ අයිකනය මතටම Minimize කිරීම සිදුකල හැක. (කලින් Dock එකේ දකුණට නෙ Minimize උනේ.. ;) )
  • QuickTime හි 10වන සංස්කරණය එළි දැක්වීම (inlove)
  • QuickTime 10 මගින් දැන් Video Record, Audio Record, Screen Record ද කරගන්න පුළුවන්.

Playing Westlife Live in Concert on Quick Time 10

කොහොමද Quick Time? QuickTime දැන් චාටර් අතුරුමුහුණතින් මිදිලා, Rock වෙලා.. (rock)

සටහන: පරිගණකයේ ධාවක හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් Kexts.com වෙතින් නව ධාවකයක් (Kext එකක්) ලබාගෙන උත්සහ කරන්න. (මගෙත් Audio වැඩ නොකරපු නිසා Kexts.com වෙතින් ලබාගත් kext එකක් මගින් තමයි යථා තත්වයට පත්කරගත්තෙ)

.

සිංහල සහය

Snow Leopard, කලින් සංස්කරණයට වඩා තරමක් සිංහල පෙන්වීම ස​ඳහා සහයෝගය දක්වනවා. පහත දැක්වෙන්නෙ cPlus සඟරාව මඟින් පරිගණකයේ සිංහල ස්ථාපනය පරීක්ෂා කිරීමට ලබාදී ඇති වාක්‍ය ඛණ්ඩය දිස්වෙන ආකාරයයි.

Sinhala Rendering on Mac OS X 10.5 & 10.6

ඉහත තිර පිටපත් දෙකම මැක් සඳහා වන Malithi Web අකුරු මෝස්තරයෙ එකම සංස්කරණයකින් ලබාගත් ඒවා. මින් අදහස් වෙන්නෙ අකුරු දර්ශනය කිරීම සඳහා නව සංස්කරණය මගින් වැඩි පහසුකම් සලසා ඇති බවයි. නමුත් තවමත් ඇතැම් අකුරු නිවැරදිව දිස්වන්නේ නැහැ.

.

මැක් සඳහා තවමත් සිංහල යතුරු පුවරුවක් නිර්මාණය වි නැහැ. ඇපල් අඩවියේ යතුරු පුවරු නිර්මාණය සඳහා කුඩා ​ඉඟියක් ලබා දී තිබුනත් ඒ ඔස්සෙ නිර්මාණය කල Keyboard Layout එක ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ.. (doh) එම නිසා තවමත් සිංහල ටයිප් කිරීම සඳහා qsFox ඇඩෝනය තමයි එකම විකල්පය ලෙස පවතින්නෙ.

.

පෙර මැක් සංස්කරණ එකකදීවත් සිංහල උපසිරැසි සහිත් චිත්‍රපටයන්හි උපසිරැසි ක්‍රියාත්මක උනේ නැහැ. නමුත් තව දුරටත් එය එසේ නොවේ.  පහත දැක්වෙන්නෙ My Name Is Khan චිත්‍රපටය සඳහා බයිස්කෝප් වෙබ් අඩවිය මගින් එළිදැක්වු උපසිරැසිය ක්‍රියාත්මක වන ආකාරයයි.

Playing MNIK on Quick Time 10 with Sinhala Subtitles


.

.

අදට මෙපමණයි, අපි ගියා.. ජය ශ්‍රී.. (wave)

19 Comments »

  1. [...] This post was mentioned on Twitter by Gayantha N., Gayantha N.. Gayantha N. said: [Blog Post] Snow Leopard.. http://bit.ly/cF5dtc [...]

    Pingback by Tweets that mention Snow Leopard -- Topsy.com — 2010 May 29 @ am 11:51

  2. ela kollekne. mamath try karala balannam. thanks

    Comment by kasun — 2010 May 29 @ am 11:56

  3. යන්තම් කරගත්ත එක ඇති .. කවද කාපු ටකරන්ද (happy)

    Comment by thelaa — 2010 May 29 @ pm 12:00

  4. ශාහ්..ඵලෙන..මමත් ටිරයි ඵකක් දීල බලනව..

    Comment by ජනුක — 2010 May 29 @ pm 12:26

  5. අනේ මන්ද මේ කොලුවට ස්ටීව් මාමගෙ අවතාරෙ වැහිලද කොහෙද. :D
    දැන් VirtualBox එකටත් Mac support එන නිසා වෙලාවක දාල බලන්ඩ ඕන.

    Comment by තමීර — 2010 May 29 @ pm 12:32

  6. @kasun ,
    @ජනුක: එළැ එළැ.. (y)

    @thelaa: (chuckle)

    @තමීර: අවතාරෙ?? |-( (devil)

    Comment by GNS — 2010 May 29 @ pm 1:02

  7. ආ.. කියන්න අමතක උනා, අර සිංහල ​Test එක කරපු Browser, Version දෙකක්.. :x :x

    Comment by GNS — 2010 May 29 @ pm 1:06

  8. එළ එළ.. ඔය තියෙන්න ‍නියමෙට.. පිං තකා මටත් DVD එකක් දෙනු මැනවි :D

    Comment by Thilina — 2010 May 29 @ pm 1:45

  9. niyamai.habai PDF eke Preview eken okkoma pages kalinut balanna puluwan neda?
    Space bar eka ebuwama ena quick preview eken. mona wunat quick time nam mac waladi niyameta tiyenawa.

    Comment by chathura88 — 2010 May 29 @ pm 3:50

  10. @chathura88: PDF කලින් Preview එකට අරන් නෙ බලන්නෙ. දැං Folder එකේ තියෙද්දිම පුළුවන්.. ;)

    Comment by GNS — 2010 May 29 @ pm 3:52

  11. ෂහ් මරුනේ!
    ඒත් ඉතිං මගේ පුංචි හාඩ් ඩිස්ක් එකත් එක්ක සෙල්ලම් දාන්න අමාරුයි. (මේ ලඟදි සෙල්ලමක් දාන්න ගිහින් ලිනක්ස් සම්පූර්ණයෙන් මකාගත්තා) අලුත් හාඩ් එකක් ගන්න අදහසක් තියෙනවා. එහෙම උනොත් primary OS එක විදියට දාන්නෙ Mac! ආයෙ දෙකක් නෑ! :)

    Comment by ඉන්දරේ — 2010 May 29 @ pm 6:05

  12. @ඉන්දරේ: දාමු දාමු.. (happy)

    Comment by GNS — 2010 May 29 @ pm 6:14

  13. මොනාද ඔන කරන හාඩිවෙයාර් එහෙම (RAM?

    Comment by NISAL — 2010 May 29 @ pm 6:29

  14. @NISAL: 2.4GHz, 1GB වලින් පුළුවන්. හාඩ් එක 6GB විතර යනව OS එකට විතරක්..

    Comment by GNS — 2010 May 29 @ pm 8:48

  15. මේපාරවත් බර සැක ඇරලා දා ගන්න ඕනේ මැක්! මේ ‍වින්දෝරේ එපාම එපා වෙලා ඉන්නේ!!! ඕන වේලාවටම ාලඩ දෙන්න අරං!

    Comment by ~බිன்ku~ — 2010 June 12 @ pm 10:10

  16. @~බිன்ku~: (clap)

    Comment by GNS — 2010 June 13 @ am 12:08

  17. [...] License « Snow Leopard [...]

    Pingback by Mac OS X ස්ථාපනය කිරීමෙන් පසු… — 2010 June 14 @ pm 5:26

  18. mekata Mac Osx leopard install karala inna onedha?

    Comment by මදුක — 2010 August 28 @ am 9:08

  19. @මදුක: නෑ.. (shake)

    Comment by GNS — 2010 August 31 @ pm 6:38

RSS feed for comments on this post. TrackBack URL

Leave a comment

Powered by WordPress