GNS Blog

2010 June 14

Mac OS X ස්ථාපනය කිරීමෙන් පසු…

Apple Mac OS X Snow Leopard ස්ථාපනය කරන ආකාරය කලින් බ්ලොග් සටහ​නින් කතා කලා මතක ඇති. අමතක නැති අය/බැලුවෙ නැති අය මෙතනින් ගිහින් බලනු මැන.

.

Index

Beginning

Kexts

Home DIrectory

Useful Utilities

Mac OS Shotcuts

PS: Bashitha for Mac

.

“අ”යන්න

ඇපල් වලට ඔබ අලුත් නම් ප්‍රථමයෙන්ම මෙහි අතුරු මුහුණත (User Interface) වටහා ගැනීමට ඔබට සිදුවෙනවා. වින්ඩොස් වල​ට සාපේක්ෂව බලන විට මෙයි Close/Minimize අයිතම තිබෙන්නෙ වින්ඩෝවේ දකුණුපසින්. (නවතම උබුන්ටු සංස්කරණයේත් මේ ආකාරයට Close/Minimize Buttons තිබෙනු දක්නට හැක) තවද වින්ඩොස් වල මෙන් පැහැදිලි TaskBar එකක් නොමැත. ති​රයේ උඩින්ම ඇති Menu Bar එක ඉතා වැදගත්කමක් උසුලනු ලබයි. මන්ද යත් එය අප භාවිතා කරන මෘදුකාංග වල ඇති අයිතම අනුව ඒ ඒ මෙනුවලින් ඒ ඒ අවස්ථාවන්හිදි සමන්විත වන බැවිනි (මෘදුකාංග සදහා වෙනමම මෙනු බාරයක් නොමැත). මෘදුකාංග ස්ථාපනය කිරීමට ඇත්තේ .dmg ගොනු මගිනි. ඇතැම් මෘදුකාංග Wizard ඔස්සේ ස්ථාපනය කලයුතු වුවත්, බොහෝමයක් මෘදුකාංග ඇද දැමීම (Drag & Drop) මගින් ස්ථාපනය කල හැක.

Firefox Installing

ෆ යර්ෆොක්ස් ස්ථාපනය

තවද කිසියම් මෘදුකාංගයක් Crash වුවහොත් ඉහල-වම් කෙලවරේ ඇති ඇපල් සලකුණ  ඔස්සේ ගොස් ‘ප්‍රතිචාරයක් නොමැති’ Applicationය බලෙන් වසා දැමිය (Force Quit) හැක..
Mac Force Quit
.

දෘඩාංග ධාවක පරීක්ෂා කිරීම

මැක් වෙත Boot කිරීමෙන් පසු ප්‍රථමයෙන්ම කල යුතු වන්නේ ඔබගේ දෘඩාංග නිසිපරිදි හඳුනාගෙන ඇතිද යනවගයි. ප්‍රධාන වශයෙන්ම එසේ නොමැතිනම් ප්‍රථමයෙන්ම සිදුකලයුතුවන්නේ ඒ සඳහා වන ධාවක (Kexts) සොයාගෙන ස්ථාපනය කිරීමයි. ඔබ බාවිතා කරන්නේ නියම ඇපල් පරිගණක යන්ත්‍රයක් නම් දෘඩාංග හදුනාගැනීම පිලිබද ගැටළුවක් බොහෝ විට මතුනොවනු ඇත. නමුත් ඔබ හැකිංටොෂ් පාවිච්චි කරනවා නම් මෙය බොහොවිට මතුවීම ස්වබාවිකය. මන්ද යත් අප වින්ඩොස්/ලිනක්ස් භාවිතයට සකසා ඇති දෘඩාංග ඇපල් වෙත සියයට සියයක්ම අනුගත නොවන නිසාය. කෙසේ වුවත් ඔබගේ දෘඩාංග නිවැරදිව ක්‍රියාත්මක් නොවන්නේ නම් Kexts.com වෙතින් අදාල ධාවකය ලබාගෙන ස්ථාපනය කරගත හැක. එම අඩවියෙන් ලබාගත් ධාවක /System/Library/Extensions බහාලුම තුලට ඇද දැමීම තුලින් ස්ථාපනය කල හැක.

.

Home ( ~ ) ඩිරෙක්ටරිය

ඔබගේ ගිණුමට අදාල සියළුම ​ගොනු සහ ඔබගේ පුද්ගලික ගොනු (Pictues/Downloads/Desktop/Library etc;) තැන්පත්කර තබන ස්ථානයයි. ලිනක්ස් වලදී මෙය /home/<username> ලෙස ඇති අතර මැක් හි පෙරනිමියෙන් පැමිණෙන්නේ /Users/<Username> ගොනුව තුලය. මෙය හාඩ් ඩිස්කයේ වෙනත් කොටසක් වෙත මාරු කර තැබීම තුලින් මෙහෙයුම් පද්ධතිය හදිසියේ අකර්මණ්‍ය වුවහොත් පුද්ගලික දත්ත බේරාගැනීමට හැකිවනු ඇත. මෙය තැටියේ වෙනත් කොටසක් වෙත මාරු කිරීම සඳහා System Preferences –> [System] > Accounts වෙත ගොස් ඔ​බගේ ගිණුමට අදාල නම මත Right Click ​කොට Advanced Options වෙත පිවිසෙන්න.

User Accounts

Click to Zoom

Advanced Options වෙත පිවිසීමට නොහැකි නම් ඉහත රූපයේ පහත-වම් කෙලවරේ ඇති ආකාරයට අගුල ඉවත්කරගන්න. Advanced Options හි Home Directory Path එක තේරීම මගින් Home Directory එක වෙනත් කොටසකට ගෙනයා හැක.

මෙහෙයුම් පද්ධතියේ වැඩිදුර සැකසුම් System Preferences මගින්ම සිදුකරගත හැකි අතර තව දුරටත් අවශ්‍ය සැකසුම් කරගැනීම සදහා Utilities Folder (Command+Shift+U) හි ඇති මෙවලම් භාවිතා කල හැක.

.

ප්‍රයෝජනවත් මෘදුකාංග (Utilities)

.

- Paragon NTFS for Mac OS X

OS X 10.5 Leopardහි භාවිතා කරනුයේ HFS+ File System එකය. එම නිසා NTFS කියවීම නිසි පරිදි සිදු නොවේ. මෙම තත්වය 10.6 Snow Leopard තුලදී අවම කර තිබුනද, දත්ත ලිවීමේ හැකියාව නොමැති අතර, කියවීම පමණක් සිදුකල හැක. මෙම තත්වය මගහැරීම සදහා මෙම ටූලය භාවිතා කල හැක. මෙය වාණිජමය මෘදුකාංගයක් වන අතර අත්හදාබැලීමේ සංස්කරණයක් අඩවියෙන් නොමිලේ ලබාගත හැක.

visit: Paragon NTFS for Mac

.
- Flip4Mac

Windows Media Formats නැරඹීම සදහා අවශ්‍ය Codecs සියල්ලක්ම මැක් තුල අන්තර්ගත කොට නැත. එනම් WMV, AVI ආදිය QuickTime හරහා විවෘත කල නොහැක. මේ සදහා VLC ප්ලේය​රය භාවිතා කල හැකි වුවත්. එහි ඇති Codecs එම ප්ලේයරයට පමණක් සීමා වේ. එම නිසා Quick TIme වෙත codecs කට්ටලයක් Microdoft සමාගම විසින්ම නිකුත් කර ඇත. මෙය පහත සබැඳුමෙන් ලබාගත හැක.

visit: Flip4Mac WMV

.

- iStat Menus

CPU/RAM/HDD/Network ආදියෙහි ක්‍රියාකාරිත්වයන් නිරීක්ෂණය කිරීම සදහා සකස් කර ඇති මෘදුකාංගයකි. මෙම මෘදුකාංගය භාවිතා කිරීම මගින් මුළු පරිගණකයෙහිම ක්‍රියාකාරීත්වය ගැන සැනින් අදහසක් ලබාගත හැක. මෙහි නවතම සංස්කරණය වන 3.0 මිලදීගතයුත්තක් වුවත් පරණ සංස්කරණය වන 2.0 නොමිලේ නිකුත් කරන ලද්දකි. අන්තර්ජාලයේ සුළු සෙවුමක් යෙදීම තුලින් 2.0 සොයාගැනීම අපහසු නො​වනු ඇත..

iStat Menus

Click to Zoom. source:macupdate.com

visit: iStatMenus

.

- Stuffit Expander

ගොනු හැකිලවීමට සහ නැවත දිගහැරීමට (Compress/Decompress) සදහා යොදාගන්නා මෘදුකාංගයකි. මැක් මෙහෙයුම් පද්ධතිය RAR ගොනු සඳහා සහය නොදක්වන අතර ඇතැම් ZIPගොනු ද නිසිආකාරව දිගහැරීම සිදු නොකරයි. එම නිසා මෙම මෘදුකාංගහ භාවිතයෙන් කරදර අවම කරගත හැක.

visit: StuffIt Expander

.

- Clean My Mac

මාතෘකාවෙන්ම පැහැදිලි වන ආකාරයට මෙය ඔබගේ මැක් එක පිරිසිදු කිරීම සදහා යොදාගන්නා මෘදුකාංගයකි. මෙමගින් අනවශ්‍ය ගොනු විශාල ප්‍රමාණයක් ඉවත්කර දැමිය හැක. මෘදුකාංගය සමග පැමිණියත් අප භාවිතා නොකරන රටවල භාෂා ගොනු, Intel/PPC සදහා වෙනවෙනම සකසා ඇති, භාවිතා නොකරන ගොනු ආදිය විශේෂය.

Clean My Mac

Click to Zoom

.

- Mac කෙටි මං

මැක් මෙහෙයුම් පද්ධතියතුල බොහෝ විට කෙටිමං (Short Cuts) දක්වා ඇත්තේ විවිධ සලකුණු අධාරයෙනි. පහත දැක්වෙන්නේ එම සලකුණු හා එවායේ තේරුම් ය. මෙහි Command/Apple යතුර සාමාන්‍ය වින්ඩොස් යතුරු පුවරුවේ Win Key වේ.
Mac Shortcut Symbols

උපුටාගැනීම/තවත් කෙටි මං සදහා : danrodney.com/mac

පසු සටහන:

Mac සදහා Bashitha Unicode අකුරු මෝස්තරය නිකුත්වී ඇති බව මෙම සටහන ලියන අතරතුර මලින්තගේ ට්වීටයක් මගින් දැනගැනීමට ලැබුණි.

bhashitha mac font in action http://twitpic.com/1wgjlv via Echofon #

දැනුම්දීම පිළිබද මලින්තට ස්තූතිය.

Download < Bashitha Font for Mac

11 Comments »

  1. Nice post :)

    Comment by Niroshan — 2010 June 14 @ pm 6:31

  2. මටත් මැක් දාල බලන්න ආසාවක් ආව…ඒත් ඉතින් මගදි ඇනුනොත් තමා අවුල

    අයියෙ මේක වර්චුවල් බොක්ස් එකක දාල බලන්න බැරි වෙයිද?

    Comment by Hasitha ජයසූරිය — 2010 June 14 @ pm 6:35

  3. Mac os වලට එන නවකයින්ට (මං වගේ :P ) හොඳ ලිපියක්. නොදැන සිටි කරුණු බොහොමයි. ලිපියට ස්තූතියි

    Comment by Thilina — 2010 June 14 @ pm 6:37

  4. @Niroshan: Thanx.. :)

    @Hasitha ජයසූරිය: VirtualBox නම් දන්නෙ නෑ. VMWare වලට හදපු Disk Image නම් තියෙනවා. PirateBay පැත්තෙ ගියොත් හොයාගන්න පුළුවන්.. :)

    @Thilina: ඉක්මනටම මැක්ගතවෙමු.. ;)

    Comment by GNS — 2010 June 14 @ pm 6:47

  5. මටත් පුදුම උණක් තියෙන්නෙ මැක් වලට එන්න, ඩුවල් බූට් දාගෙන වැඩ කරන්න තමැ හිතාගෙන ඉන්නෙ :-D දැන් බාන්න දාලා තියෙන්නෙ. තව ඉදිරියටත් මෙවන් ලිපි දාන්න කියලා ඉල්ලනවා :-) එළ මචෝ….

    Comment by bunny — 2010 June 14 @ pm 8:33

  6. එල ඔන්න මමත් හෙට මැක් එක ඉන්ස්ටොල් කරගන්න හිතන් ඉන්නේ. දැන් මේ නිදිමතේ මුකුත් කරගන්න බෑ..

    මේ දවස් වල මැක් ගැන අපේ කට්ටිය ලියපු ලිපි එකතු කරනව ම්ම :)

    Comment by Dar[K] — 2010 June 14 @ pm 11:58

  7. @bunny: එළැ එළැ.. එමු එමු.. (y)

    @Dar[K]: @Dar[K]: Good Luck.. (*)

    Comment by GNS — 2010 June 14 @ pm 11:59

  8. එල පෝස්ට් එක අපිට කොයින්ද බං මැක් os

    Comment by පැතුමා — 2010 June 15 @ am 2:30

  9. @පැතුමා: ඒකට තමයි හැකිනිටොෂ් තියෙන්නෙ.. :x

    Comment by GNS — 2010 June 15 @ am 7:38

  10. මා සතුව තිබෙන ලැප Dual Core 2.0GHz 2Gig Ram ය. OnBoard VGA ය. මෙහි මැක් දිවිය හැකිද??? Adobe අවුලක් නැතුව භාවිතා කළ හැකිද???

    Comment by දක්ෂිණ — 2010 June 15 @ pm 4:33

  11. @දක්ෂිණ: මගෙත් 2.2GHz CPU, 2GB RAM.. කිසි අවුලක් නැතුව වැඩ..

    Comment by GNS — 2010 June 15 @ pm 7:22

RSS feed for comments on this post. TrackBack URL

Leave a comment

Powered by WordPress