කෝච්චියෙන් ගමන් බිමන් යන එක සමහරුන්ට නම් වහ කදුරු (puke) , තවත් සමහරුන්ට ඊට වඩා දෙයක් නෑ (happy) . මේ කතා කරන්නෙ දිනපතා ගමන් කරන කාර්යාල දුම්රිය ගැන නෙමෙයි, දුර ගමනක් යනකොට දුම්රියෙන් යන එක ගැන. මමත් අයිති වෙන්නෙ කෝච්චියෙන් ගමන් බිමන් යන්න කැමති කාණ්ඩෙට. (flex)
ලංකාවෙ දුම්රිය මාර්ග කීපයක්ම තියෙනවා, ප්‍රධාන මාර්ගය වන කොළඹ-බදුල්ල මාර්ගය ඒ අතරින් විශේෂයි. මම බදුල්ලෙ ගිහින් තියෙන්නෙ රාත්‍රී තැපැල් දුම්රියෙන්. ඒ කියන්නෙ බලන්න තියෙන/බැලිය යුතු ඔක්කොම දේවල් මගහැරිලා.. දවාලක බදුල්ලෙ යන්න කියල හිතාගෙන ඉන්නවා, ඉන්නවා විතරයි. තවම නම් ගියෙ නෑ.
ඔය අතරෙ මට හම්බ උනා නියම බ්ලොග් එකක්. ලියන්නෙ තූර්ය කියල කෙනෙක්. එයා බදුල්ලෙ ගිය ගමන සම්පූර්ණයෙන්ම බ්ලොග් ගත කරලා, නොදකින පැත්තකුත් එක්කම. කට්ටියට ඒ බ්ලොග් සටහන් ඔක්කොම මගහැරිලා වගේ තේරුණා බ්ලොග් එක දිහා බලපුවහම. ඒක නිසා මං හිතුවා ඒ සටහන් ටික Re-Blog කලොත් වටිනවා කියලා..
ට්විටර් පාවිච්චි කරන අය නිතරම කරන්නෙ Re-Tweetනෙ, මෙන්න වෙනසකටත් එක්ක Re-Blog [RB]
.


