Gayantha's Personal Blog…
ගයන්ත
This user hasn't shared any biographical information
Homepage: http://blog.gnslk.com
Jabber/GTalk: gns@gnslk.com
Posts by ගයන්ත
reCAPTCHA.. ස්පෑම් නවතමු – ඩිජිටල් පොත් කියවමු..
මාර්තු 2nd
නිකං යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ කතාවක් නේද? ඔබ දන්නවාද ඔබ සම්පූර්ණ කරන සෑම reCaptcha එකකින්ම එක් වචනයක් ඩිජිටල්ගත කිරීමට නොදැනුවත්වම උදවු වන බව?
මේ කතාව සසඳ ගයාන් අයියා එක්ක පොඩි චැටක් දාගෙන ඉද්දි දැනගත්තෙ.. ඒක නිසා හිතුන පොඩ්ඩක් හොයල බලන්න..
Captcha කියන්නෙ මිනිස්සුන්ට පමණක් කියවන්න පුළුවන් වෙන විදිහට හදපු වචන සෙට් එකක්. ඒ කියන්නෙ දැනට තියෙන පරිගණක වැඩසටහන් වලට Captcha වලට පිළිතුරු සපයන්න බෑ. මොකද, Captcha කියන්නෙ විකෘති කරපු වචන සෙට් එකක් නිසා.
ඇත්තටම Captcha එකකින් පොත් ඩිජිටල්කරණය කරන්න පැහැදිලි උදවුවක් දෙන්නෙ නෑ. ඒකට විසඳුමක් විදිහට තමයි reCAPTCHA ආවෙ. reCAPTCHA හරහා ඔබට එන්නෙ පොත් ඩිජිටල්කරණය කරද්දි, OCR (Optical Character Recognition) මෘදුකාංගයට හඳුනාගත නොහැකි වචන. reCaptcha තුලදී වචන දෙකක සංකලනයක් ආකාරයට තමයි මෙම reCAPTCHA ඔබ වෙත එන්නෙ. ඔබේ වෙබ්/බ්ලොග් අඩවියෙ ස්පෑම් නවත්වන්න මෙම reCaptcha නොමිලයේම පාවිච්චි කරන අතර, එම නිවැරදි වචනය ඩිජිටල් ගොනුවක තැන්පත් කිරීමට ඔබටත් දායක වෙන්න පුළුවන්. ඒ සඳහා reCAPTCHA වෙබ් අඩවියෙහි ලියාපදිංචි වීමට සිදුවෙනවා

Sample OCR
තවද එම අඩවිය තුළින් බොහොමයක් CMS (Wordpress, Joomla etc;) සඳහා ප්ලගීන(Plug-ins) ද ලබාගන්න පුළුවන්.
.
- පරිගණකයට හඳුනාගන්න බැරිනම් කොහොමද අපි හරියට එම වචනය ඇතුලත් කලාද කියල දැනගන්නෙ?
මෙහිදී යොදාගන්නා වචන දෙකක සංයෝගයෙන් එක් වචනයක් මේ වනවිටත් නිවැරදිව හඳුනාගත් එකක්. එතනදී අනිවාර්යයෙන්ම පරීක්ෂා කරන්නෙ එම හඳුනාගෙන ඇති වවනය නිවැරදිද කියල විතරයි. අනිත් වචනය යෝජනාවක් ආකාරයට දත්ත ගබඩා වෙත යැවෙනවා. එක් වචනයක් සඳහා යෝජනා විශාල ප්‍රමාණයක් ලෝකයේ විවිධ ස්ථාන වලින් පැමිණි පසු වැඩියෙන්ම සඳහන්ව ඇති වචනය නිවැරදි වචනය විදිහට ඩිජිටල් පොත් වෙත යැවෙනවා. Google Books හරහා අපි කියවන්නෙ මේ ආකාරයට ඩිජිටල්ගත වූ පොත්..
තව, දෘශ්‍යාබාධිත අය සඳහා ශ්‍රව්‍ය reCAPTCHA එකක්ද තියෙනවා. ඒමගින් ඩිජිටල්කරණය කරන්නෙ පරණ ගුවන් විදුලි වැඩසටහන්, දේශන වගේ වැඩසටහන්..
පහත දැක්වෙන්නෙ පොතකින් ලබාගත් පිටුවක් හා එය OCR මගින් කියවූ පසු ලබාගත් පිටුව.
තියෙන්නෙ එම ගොනුව reCAPTCHA තුලින් නිවැරදි කිරීමෙන් පසුව.

මමත් මගේ බ්ලොගයට reCaptcha Wordpress Plug-in එක දැම්මා. ප්‍රතිචාර කොහොමත් අඩු එකේ, තවත් අඩුකරගන්න වැඩක් තමයි..
.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න http://recaptcha.net
Gigabit Internet..
පෙබ 25th
[[මනඃකල්පිත කතන්දරයකි. සිරා අරං මට බනිනව එහෙම නෙමෙයි ඕං]]
හික්. මටත් මේ නිකං ඉන්න බැරුවට හිතෙන දේවල්.
හැම කෙනෙක්ටම (නිවෙස් සම්බන්ධතා ඇතුළුව) ගිගාබිට් එකක (1Gbps) විතර අන්තර්ජාල සම්බන්ධතාවයක් $2ක විතර මුදලට හම්බඋනොත් කොහොමට තියෙයිද.. ![]()
හම්බ වෙන්නෙ කොහොමද කියල නම් මගෙන් අහන්න එපා.
දැනට තියෙන ADSL වලින් බැරි එක වෙනම කතාවක්, කියන්න බෑනෙ ADSL10 විතර ආපු කාලෙක.. ![]()
(සමහරවිට කවදාවත්, එහෙම දෙන්න පුළුවන් තාක්ෂණයක් ආවත්, ISPලා නොදී ඉන්නත් ඉඩ තියෙනවා) ![]()
එහෙම දුන්නොත් හුඟක් රටවල් වල,

- මැරීගෙන ඩවුන්ලෝඩ් කිරිල්ල නැත්තටම නවතීවි (ඕනෙ කරන ෆයිල් එක තත්පර ගණනකින් ගන්න පුළුවන් නිසා රෑ එළි වෙනකන් ඩවුන්ලෝඩ් ලිස්ට් ගහගෙන මැරෙන්න ඕනෙ නෑ නෙ)
- RapidShare, RapidSream වගේ නමකට මාරු වේවි
- YouTube වලට වැඩ වැඩි වේවි
- සර්වර් බොහොමයක් OverLoad වේවි
- Google නම් එන ඕනෙම Request එකකට සාර්ථකව මුහුණදේවි
- CD/DVD අලෙවිය නැත්තටම නැතිවේවි
- Online File Backup සේවාවන් වලට වැඩි ඉල්ලුමක් ඇති වේවි
- Cat-5 Network Cable හොයන්නත් නැති වේවි
- සමහර විට පාසැල්, පන්ති, දේශන වලට යන එක උනත් නවතීවි
.
ඒත් ලංකාවෙ අපිට නම්,
SLT ADSL Home (512kb/s)

සිංහල බ්ලොග්කරුවන්ට වෙබ් හොස්ටිං නොමිලේ..!!
පෙබ 21st
ආයුබෝවන් කියල කිවුව එහෙනම්..!
අද නම් කියන්න යන්නෙ සිංහල බ්ලොග්කරුවන්ට ටිකක් විතර සුභ ආරංචියක්. මේක අදාල වෙන්නෙ blogspot, wordpress වගේ බිලොග් සේවාවන් පාවිච්චි කරන අයට සහ දැනට තමන්ගේම නමින් බිලොගය පවත්වාගෙන යනු ලබන, හොස්ටිං ගිණුම Upgrade කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයටයි.
2010 මාර්තු මස සිට තම සේවා කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටින LKServers.com විසින් තමන්ගෙ ප්රචාරක කටයුත්තෙ එක් අංගයක් විදිහට සිංහල බිලොග්කරුවන් පනස් (50) දෙනෙකුට නොමිලේ වසරක් පුරාවට ඩොමේන් නාමය සහ ජීවිත කාලට පුරාවට
වෙබ් ඉඩ ලබාදෙන්න කටයුතු කරල තියෙන්නෙ.
- ඔබටම වෙන්වූ cPanel ගිණුමක් (Demo. User:demo Pass:123)
- ගිගාබයිට් දහයක (10GB) වෙබ් ඉඩක්
- ගිගාබයිට් සියයක (100GB) Monthly Bandwidth එකක්
- SubDomain 10ක් එකතු කරගැනීමේ හැකියාව
- ඊ-මේල් ගිණුම් 50ක්
-මෙම නොමිලේ ලබාදෙන සේවාවට අයත්.
.
මෙහිදී ඔබ LKServers.comහි කොන්දේසි කිහිපයක් සඳහාත් එකග විය යුතුයි.
- මෙම ලබාදෙන වෙබ් ඉඩ එක් Wordpress බිලොග් එකක් සහ වෙබ් පිටු (Home Page etc;) සඳහා පමණක් යොදාගත හැක
- මෙම හොස්ටිං සේවාව File Hosting කටයුතු සඳහා භාවිතා කල නොහැක. (බ්ලොග් සටහන් වලට අදාල Files, Images ආදිය එක් ගොනුවක් උපරිම මෙගාබයිට් 20ක සීමාවකට යටත්ව හොස්ට් කල හැකියි)
- LKServers.comහි ප්රචාරක බැනරයක් (Promoting Banner) ඔබගේ බ්ලොගය තුල ප්‍රදර්ශනය කරන්න සිදු වෙනවා. (මෙම බැනරය අදාල බිලොගයට ගැලපෙන පරිදි LKServers.com වෙතින් ලබාදෙනු ඇත.)
- වසරක කාලය ගතවීමට ප්‍රථම මෙම Promo එකෙන් ඉවත් වුවහොත් හෝ ඉහත නීති උල්ලංඝනය වීමක් සිදුවුවහොත් නොමිලේ ලැබෙන හොස්ටිං ගිණුම අත්හිටුවෙන අතර, ඩොමේන් නාමයේ මුළු මුදල ගෙවා ඩොමේන් නාමය පමණක් ආපසු ලබාගත හැක
- සම්පූර්ණ සේවා සඳහා වූ නීතිමාලාව (TOS) සඳහා මෙම සබැඳියට යන්න
- ලබාගන්නේ කෙසේද?
මෙම වරප්‍රසාදය ලබාදීමට පෙර LKServers විසින් ඔබගේ බ්ලොගය ඇගයීමකට ලක් කරනු ලබන අතර, ඉන් ප්‍රමුඛස්ථානය ලබාගන්නා බ්ලොග් 50කට පමණයි නොමිලේ හොස්ටිං ලබාදෙනු ලබන්නෙ.
මේ සඳහා අයදුම් කිරීමට මෙම සබැඳුමට යන්න.
[Edited] සිංහල බිලොග්කරුවන්ගේ සංසදයෙහි (SBU) මේ ගැන සඳහන් වූ බ්ලොග් සටහනත් කියවන්න..
Happy Blogging..!!
සිංහයාත් විකුණන බේබද්දෝ..
පෙබ 1st
ඔන්න අද තමයි අපිට 2010 පටං ගන්නෙ. (ජනවාරි මාසෙට වෙච්ච දෙයක් නෑ. නටපු බෙරේකුත් නෑ – ගහපු පළුවකුත් නැද්ද මොකක්ද එකක්..
) 2010 අවුරුද්ද යන්නෙ Fast Forward X2 වෙන්න ඇති..
ඒකෙන් මේකෙන් කමක් නෑ. සියළු දෙනාටම සුභම සුභ අවුරුද්දක් වේවා කියල කිවුව එහෙනම්.
අලි මදිවට හරක් මදිවට පරණ කට්ටි පැනපුව පල දෙනවත් එක්ක.
නැගල ටිකක් දුර එද්දි ටිකක් තරුණ බුවෙක් ජාතික කොඩි
ස්ටිකර් මිටියකුත් අරං නැග්ග බස් එකට. මං ලගට ඇවිත් “මචං. කොඩියක් අරං පුංච් සපෝට් එකක් දියං”.. හම්මේ සිගරට් ගඳ.. (smoke)
එතකොටම තේරුනා මූ මොකටද සපෝට් එක ඉල්ලන්නෙ කියල. මමත් ඉතිං ඇහුනේ නෑ වගේ පාරෙ කඩ ගනින්න පටං ගත්තා.. මූ ආපහු “මචං. කොල්ලෙක්ට උදවු කරන්න කොල්ලෙක්ට බැරිද. ස්ටිකර් එකක් ගන්න බැරි නම් රුපියල් 10ක හරි දියං” කියාපි.. ( Job එකක් කරල, සිගරට් බන්ඩල් එකක්ම අරං, ගෙදර ගිහින් ගහපංකො අපිට පවු නොදී..
) මමත් ඉතිං මූණට නොබැන අහක බලාගෙන හිටියා. ඒත් මූ යන්නෙම නෑ. ස්ටිකර් එක අතටම දෙන්න හදනව. මමත් ඉතින් මට මොකෝ කියල හිටිය. වැඩේ හරියන්නෙ නෑ කියල තේරුනාට පස්සෙ මට එහාපැත්තෙ හිටපු පුද්ගලයගෙ දත ගලවන්න සෙට් උනා. (මමයි තව යාළුවො දෙන්නෙකුයි හිටියෙ. ඒ දෙන්නගෙන් කෙනෙක්ව තමයි මේ සැරේ අල්ලගත්තෙ.. වැඩේ හරියන්න්න්නෙම නෑ කියල තේරුනාට පස්සෙ ස්ටිකර ටිකත් අරන් බස් එකේ ඉස්සරහට, ඉස්සරහට යන්න ගියා බස් එකේ හිටපු අනිත් මිනිස්සුන්ටත් කරදර කර කර.. (මට එහාපැත්තෙන් හිටපු යාළුවට කියල තියෙන්නෙ “යාළුවෙක්ගෙ ඔපරේෂන් එකකට සල්ලි වගයක් මදි, ඒක හින්ද උදව්වක් කරන්න කියල”..
)
මේ වගේ පුද්ගලයො දැං හැමතැනම ඉන්නව (මූ වගේ එපා කරපු උන්, එපා කරපු නැති උං සහ අතරමැද කස්ටිය)…
විකුණන්නෙ ජාතිකකොඩිය…
ජාතික කොඩියම නැතත්, මොකක් හරි විකුණගන්න පුළුවං දේවල් තියෙනකං බස් එකක යන්න නෑ මේ සම්මාදං කාරයො හින්දා..
Good Bye – 2009
දෙසැ 29th
2009 අවුරුද්දත් ඉවරයි.. මේ අවුරුද්ද මට ටිකක් Online පැත්තට බර වෙච්ච අවුරුද්දක්. ඒකට හේතුව Dial-up එක්ක කොට කොට හිටපු මම බෝඩ්බෑන්ඩ්
ගත්ත එක.. ඉස්සෙල්ලම ගත්තෙ Dialog HSDPA එකක්. ඒක සෑහෙන්න වද දුන්න උනත්, ඒ වදේ හින්දම තමයි SLT ADSL ගන්න පෙළඹුනේ. ඒ වෙනකොට (Dial-up වලින්) බ්ලොග් කියව කියව විතරක් හිටපු මම Myblog.lk එකේ සිංහල අතුරු මුහුණත දැකල බිලොග් ලියන්නත් පෙළඹුනා. ඒ වෙනකොට සින්ඩිකේටරයක්, බ්ලොග් සංසදයක් තියෙනව කියලවත් දැනගෙන හිටියෙ නෑ. කොහොම කොහොම හරි Myblog එකේ හිටපු මට රුක්ෂාන් අයියගෙ ඔත්තුවකින් මටම කියල Domain එකක් ගන්න චෑන්ස් එකක් සෙට් උනා. අපේ ගම්පහ නගරාධිපතිතුමා තමයි බරපැන ඔක්කොම දැරුවෙ
. Myblog එකේම ඩොමේන් මැප් කරල ටික දවසක් දුවල, පස්සෙ වෙන හොස්ට් එකකට මාරු කලා. මේ වෙද්දි හොස්ටිං දෙතුන්සැරයක්ම මාරු කරල තියෙන්නෙ.. ![]()
ඔය අතරෙ තමයි මම ටීටරේට සෙට් උනේ.. කොහොම සැට් උනාද කියල මතකයක් නැති උනත් දැං ටීටරේටත් සෑහෙන දුරට ඇබ්බැහි වෙලා තියෙන්නෙ. ඒකෙනුත් සෑහෙන කස්ටිය අදුරගත්තා. විශේෂයෙන්ම බ්ලොග් ලියන කට්ටිය. දූවිලි වැදිල තිබ්බ Facebook Account එකත් දූවිලි පිහදාලා අරං අප් කරල ගත්තෙත් මේ අවුරුද්ද ඇතුලෙමයි. (Facebook, Twitter කෙරුවවෙ තරම මගෙ Wakoopa Profile එක පැත්තෙ ගියොත් බලාගන්න පුළුවන්.. ![]()
කාලෙකට ඉස්සර දවසකට දෙකකට දාපු උබුන්ටු එක දිගටම පාවිච්චි කලෙත් මේ අවුරුද්දෙ. ඒ වගේම හෙනම ගේමක් දීලා මැක් OS X දාගැනීමත් මේ අවුරුද්දෙ උන සුවිශේෂම දෙයක්. මැක් වලට සිංහල ෆොන්ට් එකක් නිර්මාණය වී තිබීමත්, qsFox ෆයර්ෆොක්ස් ඇඩෝනය මගින් විජේසේකර යතුරු පුවරුව මැක් තුලට ආගමනය වීමත් මේ අවුරුද්දෙ මට වගේම සිංහල යුනිකේතය පාවිච්චි කරන අයට මැක් පාවිච්චි කරන්න වගේම මැක් වල ඉන්න අයට සිංහල පාවිච්චි කරන්නත් හොඳ අවස්ථාවක්.
තව, සිංහල බ්ලොග්කරුවන්ගෙ සංසදයේ පළමු හමුවීමත් මේ වසරේ පැවැත්වුනා. සංසදයට වසර දෙකක්ලු. ඒ වසර දෙක තුල සෑහෙන දියුණුවක් ලබල තියෙන බව පළමු හමුවීමට පැමිණි සියළු දෙනාටම පැහැදිලි උන දෙයක්. බ්ලොග් කෙසේවෙතත් Online පිස්සු කෙලින කස්ටියව හැබැහින් දකින්න ලැබිච්ච එක තමයි මටනම් වැඩියෙන්ම වටින්නෙ..
මේ ඉන්නෙ කස්ටිය..

තව කියන්න නම් දේවල් ගොඩක් තියෙනව. ඒ උනාට දැං ඇති වගේ..
ඒක හින්දා දැනට නවතිනවා… එහෙනම් හැමෝටම 2010 සුභ අලුත් අවුරුද්දක් වේවා..!!

