GNS Blog

2011 August 11

අවුරුද්දකට පස්සේ..

Filed under: Miscellaneous,Public — GNS @ pm 7:49

සුබ අලුත් අවුරුද්දක් වේවා. 2011 අවුරුද්දට ලියන ඉස් ඉස්සෙල්ලාම පෝස්ට් එක. කාලයක් අතුරුදහන් වෙලා ඉඳලා ආපහු මතුවෙන්න කියල හිතුන පොඩ්ඩක්.. ;) පෝස්ට් එකක් ලියන්න කියල මාතෘකාවකුත් සෙට් උනේ නෑ ඇත්තම කියනව නම්. කොහෙවත් ගියෙත් නෑ. (නැත්තෙමත් නෑ) මැක් ගැන මර මර හිටියා, අන්තිමට මැක් මලා. හැකින්ටොෂ් එක onboard vga වලින් ලෝඩ් වෙන්නෙ නෑ. අවුරුද්දකටත් කිට්ටු උනා තවම හොඳ කාඩ් එකක් ගන්න බැරි උනා. (හොඳම කාඩ් එක එනකන් නෙ ඉන්නෙ ;) තව අවුරුදු දෙක-තුනකින් වත් ගත්තොත් ඇති යන්තම්) හැබෑටම අඩුවට ගන්න පුළුවන් හොඳ කාඩ් එකක් ගැන ඔත්තුවක් දන්න කෙනෙක් කමෙන්ට් පාරක් දැම්මොත් ලොකු දෙයක්.

බ්ලොග් එකේ තිබ්බ Theme එකත් අලුත් වෙලා, ලොග් උන ගමන් තිබ්බ අප්ඩේට් ඔක්කොම එකට තියල Update-All දුන්නා. WordPress 3ට අප්ග්‍රේඩ් වෙලා, දාලා තිබ්බ ස්කයිප් මූනු ටික හබක්. තීම් අප්ඩේට් එක නම් ගින්දර. පස්සෙ වෙලාවක පොඩි කස්ටමයිස් පාරක් දාන්න ඕනෙ.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙ දෙවෙනි හමුවටත් ගියා. (දැන් ඊලඟ එකටත් කාලෙ හරිද මංදා. ගනන් ගන්න එපා. අපේ වැඩ හෙනම quick නෙ..) ගිහින් සුපුරුදු පරිදි අන්තිම පේලියෙ රන් කරලා ආවා. :D කස්ටිය දැන් බ්ලොග් ලිවීමේ අඩුවක් පෙන්නුම් කරනවා. කස්ටිය කිවුවේ, දැනට අවුරුද්දකට කලින් එකසිය ගානට කුඩු වෙන්න ලියපු අය. අලුතෙන් ලියන කස්ටියගෙ අඩුවක් නම් පේන්න නැඃ.

මේ පැත්තකින් තියෙන බ්ලොග් රෝලෙ තියෙන ලින්ක් වලට ගිහින් බලන්න බොරු නම්. බ්ලොග් රෝල සෑහෙන්න පොඩී වගේ. තමුන් ලියන බ්ලොග් එකේ ලින්ක් එකත් මගෙ බ්ලොග්රෝලට දාන්න ඕනෙ නම්, ඔයගොල්න්ගෙ බ්ලොග්රෝලට මගේ බ්ලොගේ ලින්ක් එක දාලා මෙතන පොඩි කමෙන්ට් පාරක් දාන්න. ආයෙ මොනව හරි ලියන්න හිතෙනකන්, ගුඩ් බායි වේවා.. කට්ටියටම ජය ශ්‍රී.. =)

 

2010 July 26

කොළඹ සිට බදුල්ලට – දුම්රියෙන්..

Filed under: Public — GNS @ pm 12:01

කෝච්චියෙන් ගමන් බිමන් යන එක සමහරුන්ට නම් වහ කදුරු (puke) , තවත් සමහරුන්ට ඊට වඩා දෙයක් නෑ (happy) . මේ කතා කරන්නෙ දිනපතා ගමන් කරන කාර්යාල දුම්රිය ගැන නෙමෙයි, දුර ගමනක් යනකොට දුම්රියෙන් යන එක ගැන. මමත් අයිති වෙන්නෙ කෝච්චියෙන් ගමන් බිමන් යන්න කැමති කාණ්ඩෙට. (flex)

ලංකාවෙ දුම්රිය මාර්ග කීපයක්ම තියෙනවා, ප්‍රධාන මාර්ගය වන කොළඹ-බදුල්ල මාර්ගය ඒ අතරින් විශේෂයි. මම බදුල්ලෙ ගිහින් තියෙන්නෙ රාත්‍රී තැපැල් දුම්රියෙන්. ඒ කියන්නෙ බලන්න තියෙන/බැලිය යුතු ඔක්කොම දේවල් මගහැරිලා.. දවාලක බදුල්ලෙ යන්න කියල හිතාගෙන ඉන්නවා, ඉන්නවා විතරයි. තවම නම් ගියෙ නෑ.

BADULLA.. ©GNS

ඔය අතරෙ මට හම්බ උනා නියම ​බ්ලොග් එකක්. ලියන්නෙ තූර්ය කියල කෙනෙක්. එයා බදුල්ලෙ ගිය ගමන සම්පූර්ණයෙන්ම බ්ලොග් ගත කරලා, නොදකින පැත්තකුත් එක්කම. කට්ටියට ඒ බ්ලොග් සටහන් ඔක්කොම මගහැරිලා වගේ තේරුණා බ්ලොග් එක දිහා බලපුවහම. ඒක නිසා මං හිතුවා ඒ සටහන් ටික Re-Blog කලොත් වටිනවා කියලා.. :D

ට්විටර් පාවිච්චි කරන අය නිතරම කරන්නෙ Re-Tweetනෙ, මෙන්න වෙනසකටත් එක්ක Re-Blog [RB] :P

.

බදුලු දුම්රිය ගමන 1 – කොලොම්තොට සිට කඳුකරයේ දොරටුවට

බදුලු දුම්රිය ගමන 2 – බලන දුර්ගය මැදින් සෙංකඩගල පුරවරයට

බදුලු දුම්රිය ගමන 3 – ගම්පොල, නාවලපිටිය හරහා ශ්‍රීපාද අඩවියට

බදුලු දුම්රිය ගමන 4 – පට්ටිපොල මුදුනත පසුකරමින් ඌවට

බදුලු දුම්රිය ගමන 5 – අහස් නවයේ පාලම මතින් ගමනාන්තය කරා

2010 June 14

Mac OS X ස්ථාපනය කිරීමෙන් පසු…

Apple Mac OS X Snow Leopard ස්ථාපනය කරන ආකාරය කලින් බ්ලොග් සටහ​නින් කතා කලා මතක ඇති. අමතක නැති අය/බැලුවෙ නැති අය මෙතනින් ගිහින් බලනු මැන.

.

Index

Beginning

Kexts

Home DIrectory

Useful Utilities

Mac OS Shotcuts

PS: Bashitha for Mac

. (more…)

2010 May 29

Snow Leopard

Filed under: Mac,Public,Technology — Tags: , , , , — GNS @ am 11:44

පහුගිය බ්ලොග් සටහනකින් මැක් දාපු කතන්දරේ කිවුවනෙ, අමතක නැති අය මෙතනින් ගිහින් බලන්නකෝ.. ;)

මැක් කිවුවට ඉතින් හැක් කරපු මෙහෙයුම් පද්ධතියක් ගැන නෙ මෙතනදි කතා කරන්නෙ. හැකින්ටොෂ් ස්ථාපනය ගැන දැනගන්න කාලිංග සහ ජනුක අයියලගේ පෝස්ට් කියවල බලන්න. (y) එහෙනම් නැවතත් මාතෘකාවට,

Index

About

Installation

What’s New

Sinhala Support

. (more…)

2010 April 7

යුනිටියේ රීප්ලේස්මන්ට් කිරීමේ කලාව..

Filed under: Miscellaneous,Public — Tags: , , , , , — GNS @ am 1:43

Unity Plaza | සමහරු දන්න, සමහරු අඳුරන, සමහරු නිර්දේශ කරන, බහුතරය බනින, තවත් සමහරු පලු යන්න බනින පොට් එකක්. මමත් ලඟදි ඉඳන් අන්තිම Group එක නියෝජනය කරන්නෙ. (envy)
කට්ටිය දන්නවනෙ ඉතින් ඔය කඩ සීයක් විතර තිබුනට යුනිටිය රන් කරන්නෙ දෙතුන්දෙනෙක් වග. PC Partner කියන්නෙ එක ආයතනයක් විතරයි. ‍එක එක නම් වලින් මේගොල්ලන්ගෙ සාප්පු තිබුනට ගත්ත එකකට කෙල උනොත් ගිහින් ඉන්න ඕනෙ දෙවන මහලෙ තියෙන Technical පෝලිමේ. මේ කටු ඕනෙ තරම් මීට කලින් කාලා තියෙනවා, නමුත් මේක අලුත්ම ආකාරයට කට්ටක්. යුනිටියෙන් දැන් අපිට දෙන කට්ට මොඩිෆයි කරලා තියෙන්නෙ.. (more…)

« Newer PostsOlder Posts »

Powered by WordPress