GNS Blog

2009 September 15

Compaq Cup..!

Filed under: Miscellaneous — Tags: , , — GNS @ am 8:46

සෑහෙන දවසකට පස්සෙ ඊයෙ හොඳ මැච් එකක් බැලුවා.. මැච් එක පරාද උනාට, කට්ටිය හොඳට සෙල්ලම් කලා.. (y)

අවසාන තරඟයට කලින් තරඟයෙ ලංකාව ගහපු ලකුණු 307 හඹාගෙන ගිය ඉන්දීය කණ්ඩායමට ගන්න පුළුවන් උනේ ලකුණු 168යි.. (puke) ඒ අතින් බලද්දි ලංකාව ඊයෙ හොඳටම සෙල්ලම් කලා‍‍.. (flex) (මහේල ගොං විදිහට දැවී නොයන්න සහ සංගක්කාරගෙ අවාසනාවන්න දැවී යාම නොවෙන්නට ගේමක් නැතුව දිනන්නත් තිබ්බා.. ;( )

Sangakkara Hit Wicket. (©AFP)

තව, ශ්‍රී ලංකා කණ්ඩා‍යමේ මැද පෙළ දැන් සෑහෙන්න ශක්තිමත් පාටක් පේන්නෙ.. (dance) ඕක ‍ඔ‍හොම්මම තියා‍ගත්තොත් නම් ගොඩ.. ;)
Kandamby (©AP)

මොනව උනත්, World’s First Digital Trophy එක ගන්න බැරිවෙච්ච එක නම් අපරාදෙ.. කරන්න දෙයක් නෑ, World’s First Digital Trophy තරඟාවලිය, ලංකාවෙ තිබ්බ එක ගැන හිතල වත් හිත හදාගමු.. (chuckle)

දැං ඉතින් ගිය දේ ගියා.. දැන් සැප්තැම්බර් 22 ඉඳලා ICC Champions Trophy එක පටන් ගන්නව නෙ, ඒකට වත් හොඳට සූදානම් වෙලා ගිහින්, ඒකවත් (හොරෙන් හරි (rofl) ) ‍ උස්සන්න පුළුවන් වේවා කියල ප්‍රාර්ථනා කරමු..

ශ්‍රී ලංකා කණ්ඩායමට ජය-ශ්‍රී… (flag:LK)

2009 September 4

Skype Emoticons for WordPress Blog

Filed under: Internet — Tags: , , — GNS @ pm 8:41

Hi! වේවා කියල කිවුව එහෙනම්, ගොඩ දවසකින් මුකුත් ලියන්නත් බැරි උනා.. :(
Twitter එකේ මාව Follow කරන කස්ටියයි, Facebook එකේ ඉන්න කට්ටියයි නම් දන්නව ඇති හේතුව.. (තනිකර අහේතුව)
කොහොම හරි, ටික දවසක ඉඳල ලියන්න කියල හිටපු එකක් මේක,
දැං ඉතින් හැමෝම වගේ Skype පාවිච්චි කරනව නේ, මාත් ටිකක් විතර (ටිකක් කිවුවට PC එක on නම්, Skypeත් Online :D ) පාවිච්චි කරනවා… එක හේතුවක් තමයි Skype එකේ තියෙන Emoticons (inlove)
ඕක Blog එකටත් ඔබාගන්න ඕනෙ උනාට WordPress වලට අනංමනං කෑලි අම්බානකට තියෙනව කියල අමතක උනා නෙ (Skype Emo කලිං හදපු එකක් තියෙනවද කොහෙද).. (headbang)
පොඩි Google search එකක් දාලා Emo ටික නම් හොයාගත්තා, ඊට පස්සෙ WordPress Edit කලා..
දැං තියෙන්නෙ ඒ ටික තමයි..
Comment කරද්දි පාවිච්චි කරන්න හො‍ඳේ… ;)

මේ තියෙන්නෙ Emo සෙට් එක..

:) :( :D 8-) :O ;) ;( (sweat) :| :* :P (blush) :^) |-) |-( (inlove)

]:) (talk) (yawn) (puke) (doh) :@ (wasntme) (party) :S (mm) 8-| :x (wave) (call) (devil) (angel)

(envy) (wait) (hug) (makeup) (chuckle) (clap) (think) (bow) (rofl) (whew) (happy) (smirk) (nod) (shake) (punch) (emo)

(y) (n) (handshake) (skype) (h) (u) (e) (F) (rain) (sun) (o) (music) (~) (mp) (coffee) (pi)

(cash) (flex) (^) (beer) (d) (dance) (ninja) (*) (mooning) (finger) (bandit) (drunk) (smoke) (toivo) (rock) (headbang)

(bug) (fubar) (poolparty) (swear) (tmi) (heidy)

Skype පාවිච්චි කරන අය නම් දන්නව ඇති නෙ මේවට අදාල වචන සෙට් එක.. එහෙම දන්නෙ නැත්නම් මෙතනින් බලාගන්න පුළුවන්.. :)

- – - – -

මේ Edit කරපු file එක, WordPress Self Hosted අය ඕනෙ කෙනෙක් ඉන්නව නම් අරගෙන පාවිච්චි කරන්න..
තමන්ගෙ blog එකටත් දාගන්නව නම් කරන්න තියෙන්නෙ මේ File ටික, wp-includes ෆෝල්ඩරය ඇතුලට දාන්න විතරයි.. (“‍functions.php” එක Replace වෙනවා..)
සරලයි, සුමටයි… :)

DOWNLOAD FULL

—Updates—

“functions.php” for WordPress 2.9.2 EN

“functions.php” for WordPress 3 EN

මෙම යාවත්කාල කිරීම් පසුව කරන ලද ඒවාය. ඔබ FULL එක දැනට ස්ථාපනය කර ඇත්නම් මෙම Update ගොණුව පමණක් අදාල වේ.

නැතිනම් FULL ගොණුවේ ඇති images/ ෆෝල්ඩරය හා මෙම Updateහි ඇති functions.php ගොණුව භාවිතා කරන්න.

——

එහෙනම් අපි කැපුනා, ජය-ශ්‍රී… (wave)

2009 August 16

ලංකාවේ Linux ප්‍රචලිත නොවන්නේ ඇයි…

Filed under: Technology — GNS @ am 11:44

[මෙය FOSS ගැන කියවෙන ලිපියක් නොව, Ubuntu-Fedora-SuSE-RedHat වැනි Linux මෙහෙයුම් පද්ධති වලට පමණක් සීමා කිරීමට උත්සහ දරා ඇත]

ලෝකයේ Linux භාවිතා කරන ප්‍රතිශතය එන්න එන්න වැඩි වෙනවලු, Windows භාවිතය අත හරිනව ලු,

ඒත් ලංකාවේ නම් බැලූ බැල්මට එහෙම දෙයක් පේන්න නෑ‍. තාමත් Ubuntu කියන්නෙ VirtualBox, VMWare වලට සීමා වෙච්ච දෙයක්. ඒකත් 10%ක් වත් නැතුව ඇති.. ( 100%ක්ම ලිනක්ස් උඩ දුවන මිනිස්සුත් නැතුවම නෙමේ.. ;) )

කොහොම උනත් මේකට හේතු විදිහට මම දකින දේවල් තමයි මේවා,

  1. මිල
    සරලව ලිනක්ස් දෙස බලද්දි අනෙකුත් වාණිජමය මෙහෙයුම් පද්ධති එක්ක පේන ලොකුම වෙනස තමයි මිල. ඒත් ලංකාවෙ අයට මිල කියන්නෙ එච්චර දෙයක් නෙමෙයි. (රු 100කට හරි, යාළුවෙක්ගෙන් නො‍මිලේ හරි XP එකක් හොයාගන්න එක එච්චර අමාරු නෑ). එහෙම තත්වයක් උඩ කෙනෙත්ට නිකං උබුන්ටු CD එකක් දුන්නා කියලා ඒකෙ වටිනාකමක් තේරෙන්නෙ නෑ.
    ..
  2. පරිශිලක සහය
    මේ අදහස් කරන්නෙ අදාල සමාගමෙන් හම්බ වෙන සහය නෙමෙයි, හොර කොපි වලට කොහෙන්ද සමාගමේ සහය? o.O මේ කියන්නෙ, මොකක් හරි අවුලක් ගියොත් උදවුවක් ගන්න ඉන්න පිරිස සීමිත වීම. ලිනක්ස් පාවිච්චි කරන අය දෙන්නා, තුන්දෙනා තැන් තැන්වලට වෙලා ඉඳන් අපි නම් ලිනක්ස් කිය කිය ඉන්නවා මිසක් ප්‍රශ්නයක් අහන්න කෙනෙක්/තැනක් නෑ. කොහොම හරි හෙන ගේමක් දීල මොකෙක් හරි අල්ලගත්ත කියමුකො, “අනේ ඒක නම් දන්නෙ නෑ බං, මම පාවිච්චි කරන්නෙ XXXX Distro එක නෙ, සොරි” වගේ උත්තර හම්බවෙන්නෙ‍‍. :( .
    .
  3. Distribution එකක් තෝරාගැනීම අපහසු වීම
    තවත් කාරණාවක් තමයි ගණන් කරගන්න බැරි තරම් Distributions ගොඩ සහ වර්තමාන ලිනක්ස් පරිශීලකයන් එකිනෙකට වෙනස් Distros භාවිතා කිරීම හා ඒවා නිර්දේශ කිරීම..
    මම ලිනක්ස් දැම්මා..!“….
    මො‍න ලිනක්ස් එක ද දැම්මෙ?“…..
    xxxx Distro එක” ….
    අපෝ ඒක වැඩක් නෑ, මේක දාපං“…..
    *_*(&)_&(*^*(^%^$%* “….
    .
  4. ලං‍කාවේ අන්තර්ජාල ව්‍යාප්තිය අඩු වීම
    Ubuntu වගේ පද්ධතියක් ස්ථාපනය කලොත් ස්ථාපනය කලා වගේ තව ප්‍රමාණයක් Download කරන්න තියෙනවා. Unlimited Braodband සම්බන්ධතාවයක් නැති කෙනෙක්ට මේක කරන එක සෑහෙන්න අමාරු දෙයක්. තව Linux වලට සහයක් ගන්න පුළුවන් Forum වගේ දේවල් අන්තර්ජාලයෙ තිබුනත් ඒවයින් වැඩක් ගන්න අන්තර්ජාල‍ය ව්‍යාප්ත වෙලා නැති එක බලපානවා

මේ මම අහපු / දැකපු කරුණු වලින් කීපයක්, Linux වලින් කරන්න බැරි දේවල් Windows වලින් කරන්න පුළුවන්, Windows වලට බැරි දේවල Linux වලට පුළුවන් කතා මෙතෙන්ට අදාල කරගෙන නෑ.. සරලවම ලංකාවෙ සාමාන්‍ය පරිගණක පරිශිලකයෙක්, ලිනක්ස් වලට නොයන්න හේතු විදිහට මම දකින දේවල් පමණයි මෙහි සඳහන් කර ඇත්තේ.. :)

2009 August 14

HSDPAත් ඉවරයි…

Filed under: Internet — GNS @ pm 8:06

මෙච්චර කල් බැන බැන හරි පාවිච්චි කරපු Dialog HSDPA එකට ආයුබෝවන් කිවුවා..

එපා වෙනවා ගිගාබයිට් 6ට පස්සෙ.‍ ඒකමයි බායි කිවුවෙ..

මො‍නව උනත් Disconnect කරන්න Arcade එකට ගියහම, ගන්න ගියාට වඩා Arcade එක වෙනස් වෙලා.. (මම ගියෙ වැරදි දවසක වත් ද? o.O ) dialog_logo.gif (130×80)

කලිං ගියහම Customer Care නියෝජිතයෙක්ව හම්බ වෙන්න ඕනෙ නම් Token එකක එහෙම අරං, අපේ අංකෙ බෝඩ් එකේ වැටෙකං ඉඳල තමයි යන්න ඕනෙ..

දැං ඒ කතා මුකුත් නෑ.. Token දෙන හාදයා නම් ඉන්නවා. ඒත් මිනිහා Token දෙන්නෙ නෑ.. බෝඩ් එකේ අංක කතා කරන්නෙත් නෑ.. කස්ටමර් කෙයා නියෝජිතයන් කලිං 20කට අධිකව හිටියත් දැං 10ක් විතර ඉන්නෙ..

මට යාළුවෙක්ගෙන් දැනගන්න ලැබුන විදිහට නම් Dialog එක දැං කඩං වැටිලලු, ප්‍රධාන මට්ටමේ කළමණාකරුවොන්ව හිටං අයින් කරන්නලු බලන්නෙ, ඒ කතාව ඇත්ත නම් Arcade එකටත් බලපාලා තියෙන්නෙ ඒකෙ කෑලි වෙන්ටැ ;)

කොහොම කොහොම හරි,  තිබ්බ එක Disconnect කලත් හරි දැං ‍No Internet :(

Mobitel Daily Delight දාලා තමයි පොඩ්ඩ පොඩ්ඩ Run කරන්නෙ.. ;)

SLT Wire Line එකකට Application එකක් දැම්මා.. බලමු ඒකවත් හරි ගියොත්.. :D

2009 August 13

කරදර ඉවරයි…

Filed under: Internet,Miscellaneous — GNS @ pm 8:09

ඇති යාන්තං Reported Attack Site! කියල ආපු Warning Message කරදරේ ඉවරයි…

ඒ දවස් වල නම් එපාම වෙලා හිටියේ.. එක්කො Google එකෙන් විකාර කියල මේල් එවනව, නැත්නම් බ්ලොග් එකට යන එන අයට Warning Message එකක් එනව කියල ඒ ගොල්ලො Message එවනව.. මේ ගැන බ්ලොග් සටහනකුත් දාලා තිබ්බා අපේ ගයාන් තාරක අයියා.. (මේ ගැන අහල බලපු හැමෝටම ස්තූතියි කිවුව‍ෙ එහෙනම් හො‍‍ඳේ? :D )

කොහොම හරි වෙලා ති‍බ්බෙ මම කලිං Site එක දාලා තිබ්බ Host එකේ කේස් එකක් හින්දා Google එක විසින් එය Black List කර තිබීමයි. එතකොට Google එකට කොහෙන් හරි ගෑවිලා හිටියොත් ඒ userට එහෙම මාට්ටු උන අඩවි වලට යන එක Google විසින් අවහිර කරනවා. කොහොමද Googleමොලේ? (ඒකෙන් මේකෙන් කෙල උනේ මට.. :D )


Host එක මාරු කරලා, Google එකට review කරන්න කියල ඉල්ලීමක් කරල දවසක් යන්න කලිං අර ආපු Warning Message අයිං කරල තිබ්බ Google එකෙන්.

කොහොම හරි, බ්ලොග් එක දැං තියෙන්නෙ නවාතැන ජාලයේ Host එකක.. (පොඩි Ad එකක්.. ;) )

නවාතැන කියනකොට මතක් උනේ, නවාතැනටක් කෙල උනානෙ ලඟදි, Forum එකේ Warez (සරලව කියනව නම් Rapidshare link අනං මනං) තිබ්බ කියල DreamHost එකෙන් Forum එක සදහටම dissmiss කරල දාලා. අඩුම ගා‍නෙ Database එකවත් දීලා නෑ.. දැන් ඒකත් අලුත් හොස්ට් එකක තියෙන්නෙ. (දැං Warez පුළුවං ලු. හික් :) )

ආරංචි විදිහට නම් ලංකාවෙම කෙනෙක් ලු Forum එකේ Warez තියෙනව කියල report කරල තියෙන්නෙ. අනේ මංදා ඉතින් ලංකාවෙ මිනිස්සු නේ.. ;)

ම්ම්ම්, තවත් දෙයක්, අපි දැං Self Hosted නේ.. :)

Myblog.lk එකේ WordPress Upgrade එකකින් පස්සෙ මගෙ අඩවියෙ CSS එකට (මට විතරක්ද දන්නෙ නෑ) කෙල වෙලා, ‍Host එකකුත් හම්බවෙච්ච එකේ දැම්මා Self Hosted පා‍රක්, Networkd Blogs App එකේ Widget එකකුත් දැම්මා. Facebook ඇත්තො පුළුවං කමක් තියෙනව නම් Follow පාරක් දැම්මට අපි තරහ ‍නෑ :D

Self Hosted වල‍ට අපි පොඩ්ඩක් (පොඩ්ඩක් කිවුවට ගොඩක්) අලුත්, ඒක නිසා තව දාන්න අනංමනං තියෙනව නම් ‍කමෙන්ට් එකක් කොටල හරි මේල් එකක් හරි කොහොම හරි කියන්ඩz..

තව මේ Theme එකේ පොඩි පොඩි Edit දෙක තුනක් දාලා තියෙන්නෙ, මේකෙ අල ‍වගේ පේන තැන් එහෙමත් තියෙනව නම් ඒවත් කොහෙ හරි කොටල මට ලැබෙන්න සලස්වන්න… :D

« Newer PostsOlder Posts »

Powered by WordPress