GNS Blog

2011 September 10

සම්පත් නෙට් වෙනුවට “සම්පත් විශ්ව” | SampathVishwa instead of SampathNet

සම්පත් නෙට්, සම්පත් බැංකුවෙ අන්තර්ජාල බැංකු සේවාව දැන් සෑහෙන කාලෙක ඉඳන් ක්‍රියාත්මක වෙන සේවාවක්. ටිකක් විතර පරණ පාට UI (User Interface) එකක් සහ එක විට ටැබ් දෙකක වැඩ කටයුතු කරන්න බැරි අවුල තදටම තිබුන පද්ධතියක් තමයි සම්පත් නෙට්. එක ටැබ් එකක එක පිටුවක් Open කරලා, තවත් පිටුවත් තව ටැබ් එකක් open කලොත් ටැබ් දෙකෙන් එකක Session එක destroy වෙලා.. :D

Sampath Vishwa

අලුතින් හඳුන්වල දීල තියෙන “සම්පත් විශ්ව“ එකේ අර අවුල් නම් නෑ. UI එකත් ලස්සනයි, පහසුයි. බිල් ගෙවන පිටුව ගානට කැටගරි අනුව වර්ග කරලා තියෙන්නෙ,
Sampath Vishwa Payments Pageතවත් දෙයක්, සම්පත් නෙට් ගිණුමක් පවත්වගෙන යනවට සම්පත් බැංකුව රු700 ගාණක් අය කලා, සම්පත් විශ්ව ගිණුමකට වාර්ෂික ගාස්තුව රු500ක් කියල තමයි සම්පත් වෙබ් අඩවියෙ කියල තියෙන්නෙ, වැදගත්ම අංගය තමයි ක්‍රෙඩිට් කාඩ් විස්තර ඉතා පැහැදිලිව හා විස්තරාත්මකව නව අඩවියෙ දක්වලා තියෙන එක, අපි නම් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චියක් නෑ (ඇත්තම කියනව නම් කාඩ් එකක් ගන්න බැංකුවට පෙන්නන්න වත්කමක් නෑ :D ), අපි පාවිච්චි කරන්නෙ ඉතින් වෙබ් කාඩ් තමයි.. (ඔන්න වෙබ් කාඩ් පාවිච්චි කරන අයට බලාගන්න මාගල පිටින්ම දැම්මා ක්‍රෙඩිට් කාඩ් විස්තර පිටුව..)
Sampath Vishwa Credit Cards

ගෙවපු මුදල රුපියල් වලින්ම සහ ඩොලර් (හෝ වෙනත් ගෙවන ලද මුදල් ඒකකයෙන්) යන දෙකෙන්ම දක්වලා තියෙන එක ලොකු පහසුවක් (මොකද, කාට ගෙවුවද කියල මතක නෑ නෙ, කීයක් ගෙවුවද කියල විතරනෙ මතක)

 

සම්පත් නෙට් වල තිබුන අවුලක් සම්පත් විශ්ව එකෙත් එහෙම්මම තියෙනවා, ඒ තමයි Password එක අමතක උනොත් බඩු පැකට් වෙන එක.. ඒ කියන්නෙ, Password Reset Option එකක් මේකෙත් නෑ, Password Reset කරගන්න නම් බැංකුවට ගිහින් ලියුමක් දෙන්න වෙනවා Account Lock එක ඇරලා දෙන්න කියල හරි, අලුතින් password එකක් දෙන්න කියල හරි.. බැංකුවෙන් ලියුම Card Center එකට යවලා, ඒකෙන් කරන හරිය කරලා, ආපහු බැංකුවට අලුත් Password එක එවලා, බැංකුවෙන් අපිට ලියුමක් එවලා අපි ගිහින් Password එක ගන්නකොට කොහොමත් සති දෙක-තුනක් ගිහින්..

Online Password Reset කරගන්න පහසුතමක් නැති තරමට හොඳයි හැබැයි සල්ලි එක්ක ගණුදෙණු කරනකොට. ඒත් ලඟම සම්පත් බැංකු ශාඛාවට ගිහින් password reset කරගන්න පුළුවන් උනා නම් ඒ හොඳටම ඇති..

කොහොඹ උනත් සම්පත් නෙට් ගිණුමක් තියෙන අය අදම Migrate වෙන්න, වෙබ් කාඩ් පාවිච්චර කරන අය අලුත් ගිණුමත් පටන් ගත්තට පාඩු නෑ. වැඩි විස්තර සම්පත් බැංකු වෙබ් අඩවියෙන් : Sampath Vishwa ..

2010 March 2

reCAPTCHA.. ස්පෑම් නවතමු – ඩිජිටල් පොත් කියවමු..

Filed under: Internet,Public — Tags: , , , , — GNS @ am 10:10

නිකං යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ කතාවක් ​නේද? ඔබ දන්නවාද ඔබ සම්පූර්ණ කරන සෑම reCaptcha එකකින්ම එක් වචනයක් ඩිජිටල්ගත කිරීමට නොදැනුවත්වම උදවු වන බව?
මේ කතාව සසඳ ගයාන් අයියා එක්ක පොඩි චැටක් දාගෙන ඉද්දි දැනගත්තෙ.. ඒක නිසා ​හිතුන පොඩ්ඩක් හොයල බලන්න..

Captcha කියන්නෙ මිනිස්සුන්ට පමණක් කියවන්න පුළුවන් වෙන විදිහට හදපු වචන සෙට් එකක්. ඒ කියන්නෙ දැනට තියෙන පරිගණක වැඩසටහන් වලට ​Captcha වලට පිළිතුරු සපයන්න බෑ. මොකද, Captcha කියන්නෙ විකෘති කරපු වචන සෙට් එකක් නිසා.

ඇත්තටම Captcha එකකින් පොත් ඩිජිටල්කරණය කරන්න පැහැදිලි උදවුවක් දෙන්නෙ නෑ. ඒකට විසඳුමක් විදිහට තමයි reCAPTCHA ආවෙ. reCAPTCHA හරහා ඔබට එන්නෙ පොත් ඩිජිටල්කරණය කරද්දි, OCR (Optical Character Recognition) මෘදුකාංගයට හඳුනාගත නොහැකි වචන. reCaptcha තුලදී වචන දෙකක සංකලනයක් ආකාරයට තමයි මෙම reCAPTCHA ඔබ වෙත එන්නෙ. ඔබේ වෙබ්/බ්ලොග් අඩවියෙ ස්පෑම් නවත්වන්න මෙම reCaptcha නොමිලයේම පාවිච්චි කරන අතර, එම නිවැරදි වචනය ඩිජිටල් ගොනුවක තැන්පත් කිරීමට ඔබටත් දායක වෙන්න පුළුවන්. ඒ සඳහා reCAPTCHA වෙබ් අඩවියෙහි ලියාපදිංචි වීමට සිදුවෙනවා

reCAPTCHA Sample OCR

Sample OCR

(more…)

2010 February 25

Gigabit Internet..

Filed under: Internet,Miscellaneous — Tags: , , , — GNS @ pm 6:59

[[මනඃකල්පිත කතන්දරයකි. සිරා අරං මට බනිනව එහෙම නෙමෙයි ඕං]]
හික්. මටත් මේ නිකං ඉන්න බැරුවට හිතෙන දේවල්. (fubar) ​හැම කෙනෙක්ටම (​නිවෙස් සම්බන්ධතා ඇතුළුව) ගිගාබිට් එකක (1Gbps) විතර අන්තර්ජාල සම්බන්ධතාවයක් $2ක විතර මුදලට හම්බඋනොත් කොහොමට තියෙයිද.. :O
හම්බ වෙන්නෙ කොහොමද කියල නම් මගෙන් අහන්න එපා. :x දැනට තියෙන ADSL වලින් බැරි එක වෙනම කතාවක්, කියන්න බෑනෙ ADSL10 විතර ආපු කාලෙක.. (chuckle) (more…)

2010 February 21

සිංහල බ්ලොග්කරුවන්ට වෙබ් හොස්ටිං නොමිලේ..!!

Filed under: Internet,Public — Tags: , , — GNS @ am 9:52

ආ​යුබෝවන් කියල ​කිවු​ව ​එහෙනම්..!

අද නම් කියන්න යන්නෙ සිංහල බ්ලොග්කරුවන්ට ටිකක් විතර සුභ ආරංචියක්. මේක අදාල වෙන්නෙ blogspot, wordpress වගේ බිලොග් සේවාවන් පාවිච්චි කරන අයට සහ දැනට තමන්ගේම නමින් බිලොගය පවත්වාගෙන යනු ලබන, හොස්ටිං ගිණුම Upgrade කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයටයි. (inlove)

LK Servers2010 මාර්තු මස සිට තම සේවා කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටින LKServers.com විසින් තමන්ගෙ ප්‍රචාරක කටයුත්තෙ එක් අංගයක් විදිහට සිංහල බිලොග්කරුවන් පනස් (50) දෙනෙකුට නොමිලේ වසරක් පුරාවට ඩොමේන් නාමය සහ ජීවිත කාලට පුරාවට :O වෙබ් ඉ​ඩ ලබාදෙන්න කටයුතු කරල තියෙන්නෙ. (nod)

(more…)

2009 November 20

Older Posts »

Powered by WordPress