Internet
bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
0ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී. lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී. අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව පිලිබඳවය.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී.
ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී. සසික රණසිංහ නමින් එවා ඇති එහි සඳහන් ආකාරයට ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 20 වෙනි දින බත්තරමුල්ල Waters Edge හෝටලයේදී පැවැත්වෙනු ඇත. ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වන අය රු 3500/=ක් මිල වන ටිකට්පතක් මිලදීගත යුතු බව එහි පහළින් සඳහන් වන අතර, ටිකට්පත් ලබාගත හැකි ආකාර සවිස්තරාත්මකව සඳහන් කර ඇත.
ජයග්‍රාහකයන්ගෙන් මුදල් අයකර ත්‍යාග පිරිනමන තරගාවලියක් පිළිබඳව අපි මීට පෙර අසා නැත්තෙමු.
BestWeb.lk තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය වනුයේ සහතික පත්‍රයක් වන අතර. මේ සහතික පත්‍රය ලබාගැනීම සඳහා අදාළ අඩවිය නියෝජනය කරමින් පැමිණෙන සියලු දෙනා එක් අයෙක් රු 3500/= බැගින් වන පරිදි ටිකට්පත් මිලදී ගත යුතු ය! BestWeb.lk තරගාවලියේ නිල වෙබ් අඩවියේ (http://www.bestweb.lk/) සඳහන් පරිදි ලාංකික ආයතන හා සමාගම් රැසක් (ICTA, ඩයලොග්, සිරස මාධ්‍ය ජාලය, MTV, Sunday Times, Daily Mirror) මෙම තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය (Sponsorships) පිරිනමයි, එනම් මූල්‍යමය අනුග්‍රහයක් දක්වයි. එසේ තිබියදී ටිකට්පතකට රුපියල් 3500/=ක මුදලක් ජයග්‍රාහකයන්ගෙන් (නරඹන්නන්ගෙන් නොවේ) අය කිරීම අසාධාරණ නොවේද ?
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් අපේ ස්ථාවරය නම් මෙය අපට කරන ලද අපහාසයක් ලෙස අප විසින් සලකන බවයි. මුදල් දී සහතිකපත් ලබාගැනීමට අපට කිසිදු අවශ්‍යතාවක් නැති අතර, මෙය මෙබඳු අන්දමේ තරගයක් බව මිට පෙර දැන සිටියානම් මෙම තරගයට ඉදිරිපත් වීමද අප විසින් නොකරනු ඇත. (මෙය ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය මගින් සංවිධානය කිරීමත්, ICTA වැනි වගකිවයුතු ආයතනයක් අනුග්‍රහ දැක්වීමත් නිසා අප සිතුවේ මෙය ජාතික වැදගත්කමකින් යුතු එකක් ලෙස ය).
තරග සංවිධායකයන් අපට කර ඇති අවමානයට විරෝධය පෑමක් ලෙස සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ඉදිරිපත් කරන ලද myblog.lk අඩවිය Most Favourite Sri Lankan Website- 2009- Sinhala Category තරගයෙන් ඉල්ලා අස්කරගනු ලැබේ.
මෙයට,
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.
http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/be0bb692d7a326fb?hl=si#
මිතුරන්ගෙන් ප්‍රවේසම් වන්න…
22මේක මම හොදටම දන්න කියන කෙනෙක්ට වෙච්ච සිද්ධියක්.. :S
දවසක් කෝල් එකක් එනවා “මගෙ Fb Hack කරලා, මේල් එකත් හැක් කරලා. දන්න කියන හැමෝටම කියන්න ආපහු කියනකං මගෙ Account එකත් එක්ක ගණුදෙණු කරන්න එපා කියලා” :O :O
ගිහිල්ලා බලද්දි කතාව ඇත්ත.. රිංගපු එකා එකවුන්ට් එක විනාසම කරල දාලා. (headbang)
Username එක කැලේ (වෙනස් කරලා), හෝ ගාලා විකාර Status දානවා (හැක් කරපු එකක දාන ස්ටේටස් ගැන කියන්න ඕනෙ නෑනේ. |-( )
ලස්සන පිංතූරෙකුත් profile එකට දාලා.. ]:) තව Online ඉන්න අයත් එක්ක chat කරනවත්ලු.. මමත් එක්කත් එපාකරපු විදිහට chat කලේ නෑලු..
තව අයට “මං මේ හැකර් කෙනෙක් ඉන්නෙ” කියලත් කියල නෑ.. (chuckle)
දැං ඉතින් මොනව කරන්නද කියලා අලුත් Acc එකක් පටං අරං තියෙන්නෙ. කොයි එකටත් කියලා මිනිහ Facebook එකට කතන්දරේ report කරලා.
(පාවිච්චි කලේ ලයිව් මේල් එකක්. ඒකෙ තිබ්බ content ගැන microsoft එකට මේල් එකක් වෙන එකවුන්ට් එකකින් යවලා යන්තම් මේල් එක බේරගත්තා. (whew) Facebook එකෙන් ටික දවසකට කලින් මේල් එකක් ඇවිත් ඒ එකවුන්ට් එක Delete කලා කියලා (flex) )
ආරංචි විදිහට හොදටම දන්න කියන යාළුවො සෙට් එකක්ලු ගේම දීල තියෙන්නෙ. (puke)
හික්.. තවත් ආරංචි විදිහට හැක් එකක් නෙමෙයිලු. පාස්වර්ඩ් එකෙන්මලු (කොහොම හරි හොයාගන්න නැතෑ) ගිහිං පාස් වෙනස් කරගෙන පිස්සු නටල තියෙන්නෙ.. 8-|
ඒක නිසා තම තමංගෙ Online ප්‍රතිරූපය ගැන තමන්ම බලාකියාගෙන ඉන්න එක ඇගට හොදා. නිකං බොරුවට ඉල්ලං කන්නෙ නැතුව.. (wait)
තව, මේ වගේ යාළුවො තමන්ටත් ඉන්නවනම් දැන්ම තියා පරිස්සම් වෙන්න.. (sweat)
Skype Emoticons for WordPress Blog
33Hi! වේවා කියල කිවුව එහෙනම්, ගොඩ දවසකින් මුකුත් ලියන්නත් බැරි උනා.. ![]()
Twitter එකේ මාව Follow කරන කස්ටියයි, Facebook එකේ ඉන්න කට්ටියයි නම් දන්නව ඇති හේතුව.. (තනිකර අහේතුව)
කොහොම හරි, ටික දවසක ඉඳල ලියන්න කියල හිටපු එකක් මේක,
දැං ඉතින් හැමෝම වගේ Skype පාවිච්චි කරනව නේ, මාත් ටිකක් විතර (ටිකක් කිවුවට PC එක on නම්, Skypeත් Online
) පාවිච්චි කරනවා… එක හේතුවක් තමයි Skype එකේ තියෙන Emoticons (inlove)
ඕක Blog එකටත් ඔබාගන්න ඕනෙ උනාට WordPress වලට අනංමනං කෑලි අම්බානකට තියෙනව කියල අමතක උනා නෙ (Skype Emo කලිං හදපු එකක් තියෙනවද කොහෙද).. (headbang)
පොඩි Google search එකක් දාලා Emo ටික නම් හොයාගත්තා, ඊට පස්සෙ WordPress Edit කලා..
දැං තියෙන්නෙ ඒ ටික තමයි..
Comment කරද්දි පාවිච්චි කරන්න හොඳේ…
මේ තියෙන්නෙ Emo සෙට් එක..
:O
;( (sweat)
:*
(blush) :^) |-) |-( (inlove)
]:) (talk) (yawn) (puke) (doh) :@ (wasntme) (party) :S (mm) 8-|
(wave) (call) (devil) (angel)
(envy) (wait) (hug) (makeup) (chuckle) (clap) (think) (bow) (rofl) (whew) (happy) (smirk) (nod) (shake) (punch) (emo)
(y) (n) (handshake) (skype) (h) (u) (e) (F) (rain) (sun) (o) (music) (~) (mp) (coffee) (pi)
(cash) (flex) (^) (beer) (d) (dance) (ninja) (*) (mooning) (finger) (bandit) (drunk) (smoke) (toivo) (rock) (headbang)
(bug) (fubar) (poolparty) (swear) (tmi) (heidy)
Skype පාවිච්චි කරන අය නම් දන්නව ඇති නෙ මේවට අදාල වචන සෙට් එක.. එහෙම දන්නෙ නැත්නම් මෙතනින් බලාගන්න පුළුවන්..
- – - – -
මේ Edit කරපු file එක, WordPress Self Hosted අය ඕනෙ කෙනෙක් ඉන්නව නම් අරගෙන පාවිච්චි කරන්න..
තමන්ගෙ blog එකටත් දාගන්නව නම් කරන්න තියෙන්නෙ මේ File ටික, wp-includes ෆෝල්ඩරය ඇතුලට දාන්න විතරයි.. (“functions.php” එක Replace වෙනවා..)
සරලයි, සුමටයි…
—Updates—
“functions.php” for WordPress 2.9.2 EN
“functions.php” for WordPress 3 EN
මෙම යාවත්කාල කිරීම් පසුව කරන ලද ඒවාය. ඔබ FULL එක දැනට ස්ථාපනය කර ඇත්නම් මෙම Update ගොණුව පමණක් අදාල වේ.
නැතිනම් FULL ගොණුවේ ඇති images/ ෆෝල්ඩරය හා මෙම Updateහි ඇති functions.php ගොණුව භාවිතා කරන්න.
——
එහෙනම් අපි කැපුනා, ජය-ශ්‍රී… (wave)
HSDPAත් ඉවරයි…
24මෙච්චර කල් බැන බැන හරි පාවිච්චි කරපු Dialog HSDPA එකට ආයුබෝවන් කිවුවා..
එපා වෙනවා ගිගාබයිට් 6ට පස්සෙ. ඒකමයි බායි කිවුවෙ..
මොනව උනත් Disconnect කරන්න Arcade එකට ගියහම, ගන්න ගියාට වඩා Arcade එක වෙනස් වෙලා.. (මම ගියෙ වැරදි දවසක වත් ද? o.O ) 
කලිං ගියහම Customer Care නියෝජිතයෙක්ව හම්බ වෙන්න ඕනෙ නම් Token එකක එහෙම අරං, අපේ අංකෙ බෝඩ් එකේ වැටෙකං ඉඳල තමයි යන්න ඕනෙ..
දැං ඒ කතා මුකුත් නෑ.. Token දෙන හාදයා නම් ඉන්නවා. ඒත් මිනිහා Token දෙන්නෙ නෑ.. බෝඩ් එකේ අංක කතා කරන්නෙත් නෑ.. කස්ටමර් කෙයා නියෝජිතයන් කලිං 20කට අධිකව හිටියත් දැං 10ක් විතර ඉන්නෙ..
මට යාළුවෙක්ගෙන් දැනගන්න ලැබුන විදිහට නම් Dialog එක දැං කඩං වැටිලලු, ප්‍රධාන මට්ටමේ කළමණාකරුවොන්ව හිටං අයින් කරන්නලු බලන්නෙ, ඒ කතාව ඇත්ත නම් Arcade එකටත් බලපාලා තියෙන්නෙ ඒකෙ කෑලි වෙන්ටැ
කොහොම කොහොම හරි, තිබ්බ එක Disconnect කලත් හරි දැං No Internet
Mobitel Daily Delight දාලා තමයි පොඩ්ඩ පොඩ්ඩ Run කරන්නෙ..
SLT Wire Line එකකට Application එකක් දැම්මා.. බලමු ඒකවත් හරි ගියොත්..
කරදර ඉවරයි…
7ඇති යාන්තං Reported Attack Site! කියල ආපු Warning Message කරදරේ ඉවරයි…
ඒ දවස් වල නම් එපාම වෙලා හිටියේ.. එක්කො Google එකෙන් විකාර කියල මේල් එවනව, නැත්නම් බ්ලොග් එකට යන එන අයට Warning Message එකක් එනව කියල ඒ ගොල්ලො Message එවනව.. මේ ගැන බ්ලොග් සටහනකුත් දාලා තිබ්බා අපේ ගයාන් තාරක අයියා.. (මේ ගැන අහල බලපු හැමෝටම ස්තූතියි කිවුවෙ එහෙනම් හොඳේ?
)
කොහොම හරි වෙලා තිබ්බෙ මම කලිං Site එක දාලා තිබ්බ Host එකේ කේස් එකක් හින්දා Google එක විසින් එය Black List කර තිබීමයි. එතකොට Google එකට කොහෙන් හරි ගෑවිලා හිටියොත් ඒ userට එහෙම මාට්ටු උන අඩවි වලට යන එක Google විසින් අවහිර කරනවා. කොහොමද Googleමොලේ? (ඒකෙන් මේකෙන් කෙල උනේ මට..
)

Host එක මාරු කරලා, Google එකට review කරන්න කියල ඉල්ලීමක් කරල දවසක් යන්න කලිං අර ආපු Warning Message අයිං කරල තිබ්බ Google එකෙන්.
කොහොම හරි, බ්ලොග් එක දැං තියෙන්නෙ නවාතැන ජාලයේ Host එකක.. (පොඩි Ad එකක්..
)
නවාතැන කියනකොට මතක් උනේ, නවාතැනටක් කෙල උනානෙ ලඟදි, Forum එකේ Warez (සරලව කියනව නම් Rapidshare link අනං මනං) තිබ්බ කියල DreamHost එකෙන් Forum එක සදහටම dissmiss කරල දාලා. අඩුම ගානෙ Database එකවත් දීලා නෑ.. දැන් ඒකත් අලුත් හොස්ට් එකක තියෙන්නෙ. (දැං Warez පුළුවං ලු. හික්
)
ආරංචි විදිහට නම් ලංකාවෙම කෙනෙක් ලු Forum එකේ Warez තියෙනව කියල report කරල තියෙන්නෙ. අනේ මංදා ඉතින් ලංකාවෙ මිනිස්සු නේ..
ම්ම්ම්, තවත් දෙයක්, අපි දැං Self Hosted නේ..
Myblog.lk එකේ WordPress Upgrade එකකින් පස්සෙ මගෙ අඩවියෙ CSS එකට (මට විතරක්ද දන්නෙ නෑ) කෙල වෙලා, Host එකකුත් හම්බවෙච්ච එකේ දැම්මා Self Hosted පාරක්, Networkd Blogs App එකේ Widget එකකුත් දැම්මා. Facebook ඇත්තො පුළුවං කමක් තියෙනව නම් Follow පාරක් දැම්මට අපි තරහ නෑ
Self Hosted වලට අපි පොඩ්ඩක් (පොඩ්ඩක් කිවුවට ගොඩක්) අලුත්, ඒක නිසා තව දාන්න අනංමනං තියෙනව නම් කමෙන්ට් එකක් කොටල හරි මේල් එකක් හරි කොහොම හරි කියන්ඩz..
තව මේ Theme එකේ පොඩි පොඩි Edit දෙක තුනක් දාලා තියෙන්නෙ, මේකෙ අල වගේ පේන තැන් එහෙමත් තියෙනව නම් ඒවත් කොහෙ හරි කොටල මට ලැබෙන්න සලස්වන්න…


