Miscellaneous

Miscellaneous

Good Bye – 2009

15

2009 අවුරුද්දත් ඉවරයි.. මේ අවුරුද්ද මට ටිකක් Online පැත්තට බර වෙච්ච අවුරුද්දක්. ඒකට හේතුව Dial-up එක්ක කොට කොට හිටපු මම බෝඩ්බෑන්ඩ් (chuckle) ගත්ත එක.. ඉස්සෙල්ලම ගත්තෙ Dialog HSDPA එකක්. ඒක සෑහෙන්න වද දුන්න උනත්, ඒ වදේ හින්දම තමයි SLT ADSL ගන්න පෙළඹුනේ. ඒ වෙනකො​ට (Dial-up වලින්) බ්ලොග් කියව කියව විතරක් හිටපු මම Myblog.lk එකේ සිංහල අතුරු මුහුණත දැකල බිලොග් ලියන්නත් පෙළඹුනා. ඒ වෙනකොට සින්ඩිකේටරයක්, බ්ලොග් සංසදයක් තියෙනව කියලවත් දැනගෙන හිටියෙ නෑ. කොහොම කොහොම හරි Myblog එකේ හිටපු මට රුක්ෂාන් අයියගෙ ඔත්තුවකින් මටම කියල Domain එකක් ගන්න චෑන්ස් එකක් සෙට් උනා. අපේ ගම්පහ නගරාධිපතිතුමා තමයි බරපැන ඔක්කොම දැරුවෙ (bow) . Myblog එකේම ඩොමේන් මැප් කරල ටික දවසක් දුවල, පස්සෙ වෙන හොස්ට් එකකට මාරු කලා. මේ වෙද්දි හොස්ටිං දෙතුන්සැරයක්ම මාරු කරල තියෙන්නෙ.. :D (more…)

අපිත් දැම්මානේ උබුන්ටු…

15

සෑහෙන දවසකින් මුකුත් ලියන්නත් බැරි උනා.. (හරියටම කියනවනම් මාසෙකුත් දවස් දහයක් (headbang) )
JustHost කාරයො කෙලලා තිබ්බනෙ මුළු සයිට් එකටම.. (devil) හොස්ට් එකක් ගන්නවනම් හැමතැනම බලලා, අන්තිමට යන්න තියාගන්න.. දැනටමත් JustHost පාවිච්චි කරනව නම් තියෙන ෆයිල් වල Full Backup එකක් අරං තියාගන්න..  :^)

දැං කියන්න ආපු මාතෘකාවට..

දැං දවස් කීපයකට කලින් දැම්මා උබුන්ටු.. (දවස් කීපයක් කිවුවට සති දෙකක් විතර.. මේ වෙනකොට තුන්-හතර සැරයක්ම  Format කරලත් තියෙන්නෙ…) :x

9.04 දැම්මෙ.. තව දවස් 4කින් උබුන්ටු 9.10ත් නිකුත් වෙන්න නියමිතයි.. කලිනුත් උබුන්ටු කීප සැරයක්ම දාලා තියෙනවා. ඒත් ඒවා පාවිච්චි කලේ නෑ.. දවසෙන් දෙකෙන් ආපහු වින්ඩොස්… (wasntme) ඒත් මේ පාර නම් ටිකක් අල්ලලා ගියා.. (inlove)

මේක තමයි උබුන්ටු වල ඉදං ලියන පළවෙනි බ්ලොග් සටහන.. (flex)

මේ දවස් වල තවම කරන්නෙ වින්ඩොස් වල කරපු දේවල් ලිනක්ස් වලින් කරන්න ෆුල් ගේම දෙන එක.. Office පැත්ත Google Docs බලාගන්න නිසා උලත් එකයි, පිලත් එකයි.. GIMP තමයි තනි අවුල.. (puke)

ඒ ඇරෙන්න අනිත් ඔක්කොම වගේ අවුලක් නෑ.. LAMPP, FileZilla, Skype, Pidgin/Empathy, Spaz ඔක්කොම ගානට වැඩ.. ආ.. ඇයි  Firefox (h) (ෆයර්ෆොක්ස් අලුත්ම නිකුතුව උබුන්ටු Software Channel එකට එද්දි හය මාසයක් ගිහින්.. (n) ඕක Update කරන්න ගිහිං සෑහෙන දතක් ගලවගත්තා.. :| පස්සෙ චතුර අයියගෙ ඔත්තුවකින් දැනගත්තෙ මෙන්න මේක ගැන.. ඒකෙන් යාන්තම් Firefox Update එකක් ආපු ගමන් Update එක ගන්න පුළුවන් )

උබුන්ටු ගැන පොඩ්ඩක් හොයල බලනකොට තමයි දැනගත්තෙ  Nautilus එකට super user ලොග් වෙන කතන්දරයක් ගැන.. ඒකෙන් ෆයිල් ගණුදෙනු සම්බන්ධව සෑහෙන දෙයක් කරන්න පුළුවන්..  ඒකට ලොග් වෙන්න gksudo nautilus කියල terminal එකේ කොටන්න විතරයි තියෙන්නෙ.. (නවකයෙක්ගෙන් නවකයන්ට උපදෙසක් (chuckle) )Ubuntu 9.04

තව,  වින්ඩොස් ඕනෙම කියන Software දෙකතුනකට  Wine වලින් shape වෙන්න කිවුවා.. :D

මේ දවස් වල ඔහොම තමයි ජීවිතේ.. උබුන්ටු කියන්නෙ පේන තරම් සරලත් නැති – හිතන තරම් දරුණුත් නැති මෙහෙයුම් පද්ධතියක්.. වෙලාවක් තියෙනවනම් ආතල් එකටත් එක්ක පොඩ්ඩක් දාලා බලන්න.. (හැබැයි Virtual PC වල, Wubi උඩ වගේ නැතුව කෙලින්ම දාගන්න.. අර ක්‍රම වලට දැම්මහම වෙන්නෙ එපාම වෙලා යන එක..  (nod) )

උබුන්ටු වලදි කෙලගන්න වැඩ වලදි අතදෙන්න ඉන්න චතුර, ශාකුන්තල අයියලාට ගොඩක් පිං සිද්ධවේවා.. TechBuzz, BeansJar ඩබලටත් ස්තූති වේවා.. :* ආහ්! බුධාජීව ලොක්කගෙනුත් සෑහෙන ටිප්ස් ගත්තා.. :P

කාලිංග අයියත් කියලවත් කරගන්න බැරි Help එකක් දුන්නා මගෙ පාටිෂන් එකක්ම මකල දාන්න.. :@ ;)

තව නම් නොකියඋන අය සමාවෙන්න හොදේ.. :S

අදට එච්චරයි… අපි කැපුනා එහෙනම්… (wave)

Compaq Cup..!

12

සෑහෙන දවසකට පස්සෙ ඊයෙ හොඳ මැච් එකක් බැලුවා.. මැච් එක පරාද උනාට, කට්ටිය හොඳට සෙල්ලම් කලා.. (y)

අවසාන තරඟයට කලින් තරඟයෙ ලංකාව ගහපු ලකුණු 307 හඹාගෙන ගිය ඉන්දීය කණ්ඩායමට ගන්න පුළුවන් උනේ ලකුණු 168යි.. (puke) ඒ අතින් බලද්දි ලංකාව ඊයෙ හොඳටම සෙල්ලම් කලා‍‍.. (flex) (මහේල ගොං විදිහට දැවී නොයන්න සහ සංගක්කාරගෙ අවාසනාවන්න දැවී යාම නොවෙන්නට ගේමක් නැතුව දිනන්නත් තිබ්බා.. ;( )

Sangakkara Hit Wicket. (©AFP)

තව, ශ්‍රී ලංකා කණ්ඩා‍යමේ මැද පෙළ දැන් සෑහෙන්න ශක්තිමත් පාටක් පේන්නෙ.. (dance) ඕක ‍ඔ‍හොම්මම තියා‍ගත්තොත් නම් ගොඩ.. ;)
Kandamby (©AP)

මොනව උනත්, World’s First Digital Trophy එක ගන්න බැරිවෙච්ච එක නම් අපරාදෙ.. කරන්න දෙයක් නෑ, World’s First Digital Trophy තරඟාවලිය, ලංකාවෙ තිබ්බ එක ගැන හිතල වත් හිත හදාගමු.. (chuckle)

දැං ඉතින් ගිය දේ ගියා.. දැන් සැප්තැම්බර් 22 ඉඳලා ICC Champions Trophy එක පටන් ගන්නව නෙ, ඒකට වත් හොඳට සූදානම් වෙලා ගිහින්, ඒකවත් (හොරෙන් හරි (rofl) ) ‍ උස්සන්න පුළුවන් වේවා කියල ප්‍රාර්ථනා කරමු..

ශ්‍රී ලංකා කණ්ඩායමට ජය-ශ්‍රී… (flag:LK)

කරදර ඉවරයි…

7

ඇති යාන්තං Reported Attack Site! කියල ආපු Warning Message කරදරේ ඉවරයි…

ඒ දවස් වල නම් එපාම වෙලා හිටියේ.. එක්කො Google එකෙන් විකාර කියල මේල් එවනව, නැත්නම් බ්ලොග් එකට යන එන අයට Warning Message එකක් එනව කියල ඒ ගොල්ලො Message එවනව.. මේ ගැන බ්ලොග් සටහනකුත් දාලා තිබ්බා අපේ ගයාන් තාරක අයියා.. (මේ ගැන අහල බලපු හැමෝටම ස්තූතියි කිවුව‍ෙ එහෙනම් හො‍‍ඳේ? :D )

කොහොම හරි වෙලා ති‍බ්බෙ මම කලිං Site එක දාලා තිබ්බ Host එකේ කේස් එකක් හින්දා Google එක විසින් එය Black List කර තිබීමයි. එතකොට Google එකට කොහෙන් හරි ගෑවිලා හිටියොත් ඒ userට එහෙම මාට්ටු උන අඩවි වලට යන එක Google විසින් අවහිර කරනවා. කොහොමද Googleමොලේ? (ඒකෙන් මේකෙන් කෙල උනේ මට.. :D )


Host එක මාරු කරලා, Google එකට review කරන්න කියල ඉල්ලීමක් කරල දවසක් යන්න කලිං අර ආපු Warning Message අයිං කරල තිබ්බ Google එකෙන්.

කොහොම හරි, බ්ලොග් එක දැං තියෙන්නෙ නවාතැන ජාලයේ Host එකක.. (පොඩි Ad එකක්.. ;) )

නවාතැන කියනකොට මතක් උනේ, නවාතැනටක් කෙල උනානෙ ලඟදි, Forum එකේ Warez (සරලව කියනව නම් Rapidshare link අනං මනං) තිබ්බ කියල DreamHost එකෙන් Forum එක සදහටම dissmiss කරල දාලා. අඩුම ගා‍නෙ Database එකවත් දීලා නෑ.. දැන් ඒකත් අලුත් හොස්ට් එකක තියෙන්නෙ. (දැං Warez පුළුවං ලු. හික් :) )

ආරංචි විදිහට නම් ලංකාවෙම කෙනෙක් ලු Forum එකේ Warez තියෙනව කියල report කරල තියෙන්නෙ. අනේ මංදා ඉතින් ලංකාවෙ මිනිස්සු නේ.. ;)

ම්ම්ම්, තවත් දෙයක්, අපි දැං Self Hosted නේ.. :)

Myblog.lk එකේ WordPress Upgrade එකකින් පස්සෙ මගෙ අඩවියෙ CSS එකට (මට විතරක්ද දන්නෙ නෑ) කෙල වෙලා, ‍Host එකකුත් හම්බවෙච්ච එකේ දැම්මා Self Hosted පා‍රක්, Networkd Blogs App එකේ Widget එකකුත් දැම්මා. Facebook ඇත්තො පුළුවං කමක් තියෙනව නම් Follow පාරක් දැම්මට අපි තරහ ‍නෑ :D

Self Hosted වල‍ට අපි පොඩ්ඩක් (පොඩ්ඩක් කිවුවට ගොඩක්) අලුත්, ඒක නිසා තව දාන්න අනංමනං තියෙනව නම් ‍කමෙන්ට් එකක් කොටල හරි මේල් එකක් හරි කොහොම හරි කියන්ඩz..

තව මේ Theme එකේ පොඩි පොඩි Edit දෙක තුනක් දාලා තියෙන්නෙ, මේකෙ අල ‍වගේ පේන තැන් එහෙමත් තියෙනව නම් ඒවත් කොහෙ හරි කොටල මට ලැබෙන්න සලස්වන්න… :D

ලෝකයට ආයුබෝවන් 2.0 !!

16

ගයන්ත’s bloG is back again !!!

Still UNDER CONSTRUCTION….!!!

Go to Top