GNS Blog

2009 April 22

Lahiru- Rambari

Filed under: Music — Tags: , — GNS @ pm 10:17

ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ ඩබ්

රම්බරි කියපන් උඹෙ නොම්බරේ
තන්දුරි කමුද නොදා බරබරේ
වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ
අම්පාරෙ මල්ලි නිදිද කාමරේ (වැඩිද මන්දා)
ජම්බෝලේ වගෙ ඉන්න සුන්දරා
සම්බෝලෙ කොටල ගමුද ලුණු දමා
දංගොල්ලෙ මාම ඇවිත් මහ කුණා
ගස් පල්ලෙ ඉඳන් බොමුද රා පෙරා

රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
පාන් බාගෙ කපල ගන්න
ප්ලේන්ටි වක්කරල ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
එන්න නංගි එන්න නංගි හැඩදමා
එළිවෙනකම් සින්දු කියමු රොක් වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය
එළිවෙනකම් අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක් වෙලා

රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්

කන්ණඩි දැම්මත් නෑ හැඩවැඩේ (ඩේ ඩේ)
කවුද මේක බාරගන්නෙ අන්තිමේ (මේ මේ)
ලොරි බාගේ මට දුන්නත් හුටපටේ (ටේ ටේ)
මෙහෙම කටක් දැක්කෙම නෑ මේ රටේ (ටේ ටේ)
හුම්මානෙන් වතුර බොමුද සෝබනා
හඳපානේ විරිදු කියමු රන්ජනා
ලොරි බාගෙන් රවුමක් යමු රෑ වෙලා
මරදානෙන් පරාට කමු ලංවෙලා

රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන් දාබන දාබන රුක්මන්
රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන්

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
පාන් බාගෙ කපල ගන්න
ප්ලේන්ටි වක්කරල ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
එන්න නංගි එන්න නංගි හැඩදමා
එළිවෙනකම් සින්දු කියමු රොක් වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය
එළිවෙනකම් අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක් වෙලා

රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්

සෙල්ලම් වලින් රට හොල්ලපු ලොකුසිරා
ඇතුලෙ ඉඳන් ඊයෙ ඇවිත් ඒ හොරා
එහා ගෙදර මැගි අක්කට හරි හිනා
මට නම් නෑ දිරවන්නේ ඔය කතා
මුරලි දැම්ම හොඳට දුස්රා අඹරලා
සනත් ගැහුවා තිතට අනේ නෑ හිනා
ජොන් සීනා කාල හොඳට පෙරේදා
එත් වහලෙ හිලෙන් වතුර ගැලුව රෑ පුරා

රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
පාන් බාගෙ කපල ගන්න
ප්ලේන්ටි වක්කරල ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
එන්න නංගි එන්න නංගි හැඩදමා
එළිවෙනකම් සින්දු කියමු රොක් වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය
එළිවෙනකම් අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක් වෙලා

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
පාන් බාගෙ කපල ගන්න
ප්ලේන්ටි වක්කරල ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
එන්න නංගි එන්න නංගි හැඩදමා
එළිවෙනකම් සින්දු කියමු රොක් වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය
එළිවෙනකම් අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක් වෙලා

(ඒ ගඳයි බන් කවුද ආ……)

ගායනය : ලහිරු පෙරේරා

සංගීතය : ලහිරු + Daddy

පද : මනුරංග විජේසේකර

.

වීඩියෝව බාගත කරන්න (ටැග රහිත)

.

ගී පද සඳහා විශේෂ ස්තුතිය SinhalaSongLyrics.Blogspot.com

2009 March 31

අන්තර්ජාලයේ ඇසෙන සිංහල රේඩියෝ…

Filed under: Internet,Music — Tags: , , — GNS @ pm 10:29

අද ලංකාවෙ FM නාලිකා කීයක් කියල තියෙනවද? අපෝ මීටරේ කරකවන කරකවන තැන FM එකක්.

‘තවත් FM නම් එපා’ කියලා බෝඩ්ගහගෙන ඇවිත් තියෙන්නෙත් FM එකක්මයි. මට නම් ඔලුව විකාර වෙනවා තියෙන FM ගොඩ අහපුවහම :(

මම නම් මේ කියන්න යන්නෙ මීටරේ කරකවල අල්ලන Radio ගැන නෙමෙයි. මීටර් වෙනුවට URL පාවිච්චි කරන Radio (Web Radio) ගැන. මෙව්වා බොහොමයක්ම ලංකාවෙන් පිට ඉන්න ලාංකික‍යන්ව ඉලක්ක කරගෙන විකාශය කරන ඒවා.

කෙටියෙන්ම කියනවනම් මේක මාර ‘කික්’ :D

මොකද කියනව නම් මේ නාලිකා වල වෙළඳ දැන්වීම නෑ. (දැන්වීම් තියෙනවා. නමුත් සාපේක්ෂව ඉතා අඩුයි)

අනිත් එක මේව වල තොරතෝංචියක් නැතුව කෑ ගහන සෙට් එකකුත් නෑ – ඒක නිසාම කොල් කර කර සිංදු ඉල්ලන්නෙත් නෑ. සිංදු සිංදු සහ සිංදු විතරයි තියෙන්නෙ. ඒක නිසා එකක් tune (tune කිවුවට tune කරන්න දෙයක් නෑ ඉතින් ;) ) කරගත්තහම පැලෙන්න සද්දෙ දාගෙන අහන්න පුළුවන් (ඔය කිවුවට පැලෙන්නෙ නෑ ඉතින්).

කොහොම හරි මේ තියෙන්නෙ මම කැමති channel කීපයක්. (මම අහන්නෙ 2~3යි. හැම එකක්ම අහන්න බෑනෙ ;) )..



J9 Radio‍ (www.j9-radio.com)
ජපානයේ සිට විකාශය කරයි (අහන්න)


3 Sinhala Web Radio (www.3sinhala.com)

ඇ.එ.ජ. සිට විකාශය කරයි. (අහන්න)


Nilwala Radio (www.nilwalaradio.com)

ශ්‍රී ලංකාවේ සිට විකාශය කරයි (අහන්න)


Vinsada Radio (www.vinsada.com)

මේකත් ශ්‍රී ලංකාවෙන්ම තමයි (අහන්න).



තව Radio නම් ගොඩක් තියෙනවා. නමුත් කන් දෙකයිනෙ තියෙන්නෙ. ඒක නිසා මේ ටික වැඩිත් එක්ක. :D

තව මම ගාව තිබ්බ FM වල *.pls ගොනු වගයක් මෙතනින් බාගන්න…
මේ FM ඔක්කොම jetAudio (අවසන් අනුවාදය 7) වල හොඳට වැඩ.
jetAudio නැත්නම් පහත සබැඳුමෙන් බාගන්න.

jetAudio 7.0.0.3001Plus VX

(21MB)


ආ… තව දෙයක්, මේ නාලිකා CastRipper වලින් එළටම record කරගන්නත් පුළුවන්.

( CaseRipper ගැන දැනගන්න ඉන්ද්‍රනාම අයියව හම්‍බවෙන්න )

2009 March 21

10 Years of Westlife

Filed under: Music — Tags: , , — GNS @ pm 12:17

ඊයෙ හාඩ් එක පොඩි සුද්දයක් දැම්මා. එතකොට අහුවුනා බලන්නම කියල ඉඳල පස්සෙ මඟහැරිච්ච වීඩියෝ එකක්. ඒ තමයි “10 Years of Westlife – Live at Croke Park Stadium”…

10 Years of Westlife - Live at Croke Park Poster

Westlife කියන්නෙ අයිරිෂ් ජාතිකයින් පිරිසකගෙන් සැදුම් ලත් සංගීත කණ්ඩායමක්. එම නිසාම විය හැකියි ඔවුන් තම දස වෙනි වසර තම රටේදීම, එනම් අයර්ලන්තයේ, ඩබ්ලින් නුවර, Croke Park ත්‍රීඩාංගනයේදීම සැමරුවේ. කෙසේ හෝ මෙම ප්‍රසංගයට 85,000කට අධික අති විශාල ප්‍රේක්ෂක සහභාගිත්වක් තිබූ බවයි සඳහන් වෙන්නෙ

(ප්‍රසංගයට සහභාගි වූවන්ගේ අදහස් )‍‍‍

Westlifeමෙහිදි මම දැක්ක විශේෂත්වයක් තමයි ඔවුන් 100%ක්ම සජීවී ලෙස ප්‍රසංගය ඉදිරිපත් කිරීම. ඔවුන් තම කටහඬ සඳහා තබා සංගීතය සඳහා වත් කලින් කල පටිගත කිරීම යොදාගත් බවක් නම් පෙනෙන්නට නැහැ…

ගීතය මුළුමනින්ම වාදනය කොට රසිකයින් රැවටීම සඳහා රැඟුම් පමණක් ඉදිරිපත් කිරීම ජයටම සිදුකරන ලාංකික සංගීත කණ්ඩායම් වලට( සෑම කණ්ඩායමක්ම ඒ වගේ කියනව නෙමෙයි මේ) මෙම යුරෝපීය POP සංගීත කණ්ඩායම දෙන්නේ කදිම ආදර්ශයක්…

ඔබත් Weatlife රසිකයෙක් නම් මෙය අනිවාර්යයෙන්ම නරඹලා ඇති. නැත්නම් Torrentමඟින් හා RapidShareමඟින් යන ක්‍රම දෙක ඔස්සේ බාගත කරගැනීමට තියෙනවා. (සල්ලි දීල DVD එකක්ම ගන්නව නම් ඒක වෙනම කතාවක් ;) )

රසිකයෙක් උනත් නැතත් පහත දැක්වෙන සබැඳුමේ ඇති වීඩියොව නර‍ඹන්න කියල මම ඉල්ලීමක් කරනවා. මෙය එම සජීවී ප්‍රසංගයෙන් කපල ගත්ත එකක්. මෙහි file size එක මෙගා බයිට් 23.6 යි. FileDen වල දාල තියෙන නිසා බාගන්න එක ප්‍රශ්නයක් නෑ.

Westlife – Swear it Again

or type ‘ http://bit.ly/c57e ‘

size – 23.6MB on FileDen.com

අන්තිමටම කියන්න තියෙන්නෙත් කලින් කියපු කතාවම තමයි…

“එහෙ ඉන්න උන්ට පුළුවන් නම් තමන්ගෙ කට හඬින් සජීවී සංගීතෙට සිංදු කියන්න, ඇයි මෙහෙ ඉන්න උන්ට බැරි ??? “

Powered by WordPress