Public
සම්පත් නෙට් වෙනුවට “සම්පත් විශ්ව” | SampathVishwa instead of SampathNet
2සම්පත් නෙට්, සම්පත් බැංකුවෙ අන්තර්ජාල බැංකු සේවාව දැන් සෑහෙන කාලෙක ඉඳන් ක්‍රියාත්මක වෙන සේවාවක්. ටිකක් විතර පරණ පාට UI (User Interface) එකක් සහ එක විට ටැබ් දෙකක වැඩ කටයුතු කරන්න බැරි අවුල තදටම තිබුන පද්ධතියක් තමයි සම්පත් නෙට්. එක ටැබ් එකක එක පිටුවක් Open කරලා, තවත් පිටුවත් තව ටැබ් එකක් open කලොත් ටැබ් දෙකෙන් එකක Session එක destroy වෙලා..

අලුතින් හඳුන්වල දීල තියෙන “සම්පත් විශ්ව“ එකේ අර අවුල් නම් නෑ. UI එකත් ලස්සනයි, පහසුයි. බිල් ගෙවන පිටුව ගානට කැටගරි අනුව වර්ග කරලා තියෙන්නෙ,
තවත් දෙයක්, සම්පත් නෙට් ගිණුමක් පවත්වගෙන යනවට සම්පත් බැංකුව රු700 ගාණක් අය කලා, සම්පත් විශ්ව ගිණුමකට වාර්ෂික ගාස්තුව රු500ක් කියල තමයි සම්පත් වෙබ් අඩවියෙ කියල තියෙන්නෙ, වැදගත්ම අංගය තමයි ක්‍රෙඩිට් කාඩ් විස්තර ඉතා පැහැදිලිව හා විස්තරාත්මකව නව අඩවියෙ දක්වලා තියෙන එක, අපි නම් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චියක් නෑ (ඇත්තම කියනව නම් කාඩ් එකක් ගන්න බැංකුවට පෙන්නන්න වත්කමක් නෑ
), අපි පාවිච්චි කරන්නෙ ඉතින් වෙබ් කාඩ් තමයි.. (ඔන්න වෙබ් කාඩ් පාවිච්චි කරන අයට බලාගන්න මාගල පිටින්ම දැම්මා ක්‍රෙඩිට් කාඩ් විස්තර පිටුව..)

ගෙවපු මුදල රුපියල් වලින්ම සහ ඩොලර් (හෝ වෙනත් ගෙවන ලද මුදල් ඒකකයෙන්) යන දෙකෙන්ම දක්වලා තියෙන එක ලොකු පහසුවක් (මොකද, කාට ගෙවුවද කියල මතක නෑ නෙ, කීයක් ගෙවුවද කියල විතරනෙ මතක)
සම්පත් නෙට් වල තිබුන අවුලක් සම්පත් විශ්ව එකෙත් එහෙම්මම තියෙනවා, ඒ තමයි Password එක අමතක උනොත් බඩු පැකට් වෙන එක.. ඒ කියන්නෙ, Password Reset Option එකක් මේකෙත් නෑ, Password Reset කරගන්න නම් බැංකුවට ගිහින් ලියුමක් දෙන්න වෙනවා Account Lock එක ඇරලා දෙන්න කියල හරි, අලුතින් password එකක් දෙන්න කියල හරි.. බැංකුවෙන් ලියුම Card Center එකට යවලා, ඒකෙන් කරන හරිය කරලා, ආපහු බැංකුවට අලුත් Password එක එවලා, බැංකුවෙන් අපිට ලියුමක් එවලා අපි ගිහින් Password එක ගන්නකොට කොහොමත් සති දෙක-තුනක් ගිහින්..
Online Password Reset කරගන්න පහසුතමක් නැති තරමට හොඳයි හැබැයි සල්ලි එක්ක ගණුදෙණු කරනකොට. ඒත් ලඟම සම්පත් බැංකු ශාඛාවට ගිහින් password reset කරගන්න පුළුවන් උනා නම් ඒ හොඳටම ඇති..
කොහොඹ උනත් සම්පත් නෙට් ගිණුමක් තියෙන අය අදම Migrate වෙන්න, වෙබ් කාඩ් පාවිච්චර කරන අය අලුත් ගිණුමත් පටන් ගත්තට පාඩු නෑ. වැඩි විස්තර සම්පත් බැංකු වෙබ් අඩවියෙන් : Sampath Vishwa ..
වෙබ් අඩවි සඳහා ෆේස්බුක් ලයික් | Facebook LIKE for Websites
2“ෆේස්බුක් ලයික්“ මේ වන විට ඉතාම ජනප්‍රිය විශේෂාංගයක්. ෆේස්බුක් අඩවිය තුල මෙන්ම, වෙනත් වෙබ් අඩවි තුල පවා දක්නට ලැබෙන ලිපි, තම මිතුරන් හා බෙදාගැනීමට ෆේස්බුක් විසින් මේ අංගය හඳුන්වා දී තිබෙන්නෙ, මෙහි ඇති විශේෂම ලක්ෂණය තමයි තනි ක්ලික් එකකින් (Single Click) ලයික් කිරීම සිදුකල හැකි වීම. ඕනෑම අඩවියකට Like button එකක් යොදාගැනීමේ සරලම ආකාරය තමයි පහතින් දක්වල තියෙන්නෙ,
<iframe src="http://www.facebook.com/plugins/like.php?href=http://link_to_like"></iframe>
LIKE ක්‍රියාවලියෙදි පාර්ශව තුනක් දායක වෙනවා, ඒ ලයික් බොත්තම ඇති පිටුව (Current Page), ෆේස්බුක් අඩවිය, ලයික් කල යුතු පිටුව (Destination Page)
http://www.facebook.com/plugins/like.php?href=http://link_to_like
ඉහත සබැඳුමෙහි නිල් පාටින් දක්වා තියෙන්නෙ Facebook අඩවිය සම්බන්ධ වන ආකාරය, රතු පාටින් දක්වල තියෙන්නෙ ලයික් කල යුතු පිටුව, මේ මුළු සබැඳුම ම තියෙන්න පිටුව තමයි current page එක.
(destination url එක ලෙස current page එකම වුවත් භාවිතා කරල තියෙන්න පුළුවන්)
current page එක තුල ලයික් බොත්තම load කරගැනීමට ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ iFrame එකක් භාවිතයෙන් හෝ, FBML (Facebook Markup Language) භාවිතයෙන්.
පිටුව තුල දැමීමට අදහස් කරන්නෙ එක ලයික් බොත්තමක් පමණක් නම් මින් කුමන ක්‍රමය භාවිතා කලත් ගැටළුවක් නැහැ. නමුත් Like button එකකට වැඩි ගණනක් දැමීමට අදහස් කරනවා නම් FBML බාවිතා කරන එක වඩා උචිතයි.
FBML හි වාසිය නම්,
<script src=”http://connect.facebook.net/en_US/all.js#xfbml=1″></script> ලෙස <head> ඇතුලත් කර,
Like button එක ලෝඩ් කිරීමට අවශ්‍ය වූ විට <fb:like href=”link_to_like”></fb:like> ලෙස යෙදීමෙන් පමණක් ලයික් බොත්තම ලෝඩ් කරගැනීමට හැකිවීමයි.
තමන්ට අවශ්‍ය ආකාරයට ලයික් බොත්තමත් නිර්මාණය කරගැනීමට https://developers.facebook.com/docs/reference/plugins/like වෙත පිවිසෙන්න.
දැන් Like Button එක හදාගෙන ඉවරයි, කොහොමද දැන් වැඩේ වෙන්නෙ?

ඉස්සෙල්ලාම, Like Button එකෙන් ෆේස්බුක් අඩවියට කියනවා “මේ ලින්ක්“ එකට ලයික් එකක් දාන්න කියලා (Step 1),
ඊට පස්සෙ ෆේස්බුක් අඩවියෙන් අදාල destination page එකේ මූලික විස්තර ටික ඉල්ලනවා (Step 2)
අදාල පිටුවෙ මූලික විස්තර (පිටුවේ Title එක, පිටුවට අදාල Thumbnail එක ආදිය) meta tag වල දක්වලා තියෙනව නම් ඒ විස්තරත්, එහෙම දක්වලා නැතිනම් ඒ අවස්ථාවේ පිටුවේ තියෙන Title එක, පිටුවේ කොතන හෝ ඇති පින්තූරයක් thumbnail එක ආදිය මූලික දත්ත ලෙස නැවත ෆේස්බුක් අඩවිය වෙත යැවෙනවා. (Step 3)
දැන් Destination Page එක ගැන පොඩ්ඩක් හොයල බලමු,
ඉහත සඳහන් කල මූලික විස්තර ෆේස්බුක් අඩවිය විසින් කියවනු ලබන්නේ Open Graph ටැග තුල විස්තර තියෙනවා නම් පමණයි, මෙහි තියෙන වාසිය තමයි, තමන්ට අවශ්‍ය දත්ත ෆේස්බුක් අඩවිය වෙත ලබාදෙන්න හැකි වීම.
පහත දැක්වෙන්නෙ මේ සඳහා අවශ්‍ය මූලික ටැග
<meta property="og:title" content="වෙබ් අඩවි සඳහා ෆේස්බුක් ලයික් | Facebook LIKE for Websites" /> <meta property="og:type" content="article" /> <meta property="og:url" content="http://blog.gnslk.com/link" /> <meta property="og:image" content="http://www.gnslk.com/image" /> <meta property="og:site_name" content="GNS blog" /> <meta property="fb:admins" content="76399949708" />
මෙහි og:type එක නිසි ආකාරයෙන් සඳහන් කරල තියෙන්න ඕනෙ, මෙම ලැයිස්තුවෙන් තමන්ගේ ලින්ක් එකට වඩා ගැලපෙන og:type එක තෝරාගන්න, https://developers.facebook.com/docs/opengraph/#types
තවද, මෙහි ඇති වැදගත්ම අංගය තමයි, fb:admins තුලින්, මෙම ලින්ක් එක අයිති කා හටද කියන එක සඳහන් කල හැකි වීම. මෙතනට අයිතිකරුගේ Profile ID එක යෙදීම තුලින් අදාල සබැඳුමට ලයික් කල අය පිළිබඳ විස්තර ලබාගන්න පුළුවන්.
මෙම Open Graph ටැග තිබිය යුත්තෙ Like Button එක මගින් point වෙන Destination Page එකේ <head> කොටස තුල,
Self Hosted WordPress සඳහා open graph දැමීමට අවශ්‍ය නම් පහත කේතය භාවිතා කල හැක. මේ සඳහා Theme ෆෝල්ඩරය තුල ඇති header.php ගොනුව edit කල යුතුය
<meta property="og:title" content="<?php echo the_title() ?>"/> <meta property="og:type" content="article"/> <meta property="og:url" content="<?php echo get_permalink(); ?>"/> <meta property="og:image" content="fixed_image_url"/> (මෙසේ යෙදීමෙන් හැම විටම පෙන්වන්නෙ එකම පිංතූරය, Theme එක Featured Image සඳහා සහය දක්වයි නම් එක භාවිතා කරන්න) <meta property="og:site_name" content="Blog Name"/> <meta property="fb:admins" content="your_facebook_id" />
කඩල ඇක්සිඩන්ට් එක
3හැප්පුවා… එහෙමත් නැත්නම් හැප්පුනා… ලඟදි දවසක බයිසිකලේ ගිහින් ඇන්නා, කඩල කාරයෙක්ට.. පොඩි වැඩකට කඩුවෙල පැත්තට යද්දි සිද්ධිය උනෙ. හරියටම අලුත් නුවර පාරයි, කඩුවෙල ටවුන් එකයි අතර තියෙන බඩඉරිඟු කඩ ලයින් එකේ කෙනෙක්ට තමයි ඇන්නෙ.
බයිසිකලේ ගත්තත් හරි ඇක්සිඩන්ට් එකක් හැප්පිච්ච පළවෙනි වතාව. හිතට දුකයි, දුකටත් වඩා කේන්ති.
පාර හොඳටම පැහැදිලි, මම ගියා පැ.කි.මී.70ට විතර, කඩල තාච්චියක් ඉනේ තියාගෙන ඩයල් එකක් ආතල් එකේ පාර පනිනවා. ඔය වගේ ගෝත ඩයල් වලට හරියන්නම හෝන් එකකුත් හයි කරල තියෙන්නෙ බයිසිකලේ. මීටර් 200ක් විතර දුර ඉඳන් හෝන් කරන් ආවා, මූ නෙමෙයි බලන්නෙ, ආපු වේගෙන්ම මීටර් සීයක් විතර ගියා, ම්හු! වෙනසක් නෑ, එනපොට හොඳ නෑ වගේ තේරුන හින්දා ගැහුවා බ්රේක්, ඉන්දියන් බයික් නෙ, බසියිකලේට ඕනෙ වෙලාවට තමයි නවතින්නෙ, බුවා ගාවටම ගියා (හෝන් එකත් ගහගෙනම) බයික් එක නැවතුනා. ඒත් හැප්පුනා.. (හැප්පුනාද, හැප්පුවාද කියල මතකයක් නෑ. මට ඔය වගේ අසිහියෙන් පාරෙ යන ඩයල් එක්ක කොහොමත් මල.)
මං උට බැන්නා “කොහෙද මිනිහෝ යන්නෙ?“ ඌත් ඇරියෙ නෑ, “කොහෙද කැ#$ යන්නෙ, අයිං කරල නවත්තපිය බයිසිකලේ“ මොනව උනත් මම නෙ ඇන්නෙ, දැන් ඉතින් ගෙවපංකො අලාබෙ.. අයින් කරල නැවැත්තුව, අරූ ඌ දන්න කුණුහරුප ඔක්කොම කියල බනිනවා. බැන්නා මදිවට බුවා ඇවිත් නෙලුවා දඩාං ගාල මගෙ ඔලුවට.. (මම හෙල්මට් එක දාගෙන හිටියෙ), මට තවත් මල.. ඇයි යකෝ මුගෙ වැරැද්දට මුටම අලාබෙ ගෙවන්න නවත්තපුවම මුං අපිට කොකා පෙන්නන්න හදනවනෙ, වටේ පිටේ කඩ ලයින් එකේ අය සෙට් වෙන්න යනව වගෙත් තේරුන හින්දා මං එහෙම්මම බයිසිකලේ ස්ටාර්ට් කරං මාරු උනා. මොකටද නිකං අහක යන කඩල කන්නෙ..
ඉහත සිදුවීම 9GAG රූප සටහනක් ආශ්‍රයෙන් :

කතාවෙන් ගතයුතු ආදර්ශ :
- කොතනින් හරි ගෝතයෙක් පාර පැනීමට ඉඩ ඇති නිසා කොච්චර පාර ක්ලියර් උනත් කඩ ලයින් එකක් මැද්දෙන් වේගය 50 නොඉක්මවිය යුතුය
- වැරදීමකින් හෝ හැප්පුනොත්, හැකි ඉක්මනින් එම ස්ථානයෙන් පලා යා යුතුය (කඩල කාරයක් සමඟ කතා කර විසඳාගත නොහැක. රැඳි සිටියහොත් සිදුවන්නේ බඩ පුරා කෑමටය)
- ගෝත ඩයල් එකක් පාර මැද සර්කස් පෙන්වන බවක් දුටු විගස කොපමණ ශබ්ධයක් ඇති හෝන් එකක් තිබුනත්, එය නොගසා වාහනය නැවැත්වීමට සූදානම් විය යුතුය.
- කඩුවෙල පැත්තෙන් යන විට අර බුවාගෙන් ප්‍රවේසම් විය යුතුය
නිමි
අවුරුද්දකට පස්සේ..
7සුබ අලුත් අවුරුද්දක් වේවා. 2011 අවුරුද්දට ලියන ඉස් ඉස්සෙල්ලාම පෝස්ට් එක. කාලයක් අතුරුදහන් වෙලා ඉඳලා ආපහු මතුවෙන්න කියල හිතුන පොඩ්ඩක්..
පෝස්ට් එකක් ලියන්න කියල මාතෘකාවකුත් සෙට් උනේ නෑ ඇත්තම කියනව නම්. කොහෙවත් ගියෙත් නෑ. (නැත්තෙමත් නෑ) මැක් ගැන මර මර හිටියා, අන්තිමට මැක් මලා. හැකින්ටොෂ් එක onboard vga වලින් ලෝඩ් වෙන්නෙ නෑ. අවුරුද්දකටත් කිට්ටු උනා තවම හොඳ කාඩ් එකක් ගන්න බැරි උනා. (හොඳම කාඩ් එක එනකන් නෙ ඉන්නෙ
තව අවුරුදු දෙක-තුනකින් වත් ගත්තොත් ඇති යන්තම්) හැබෑටම අඩුවට ගන්න පුළුවන් හොඳ කාඩ් එකක් ගැන ඔත්තුවක් දන්න කෙනෙක් කමෙන්ට් පාරක් දැම්මොත් ලොකු දෙයක්.
බ්ලොග් එකේ තිබ්බ Theme එකත් අලුත් වෙලා, ලොග් උන ගමන් තිබ්බ අප්ඩේට් ඔක්කොම එකට තියල Update-All දුන්නා. WordPress 3ට අප්ග්‍රේඩ් වෙලා, දාලා තිබ්බ ස්කයිප් මූනු ටික හබක්. තීම් අප්ඩේට් එක නම් ගින්දර. පස්සෙ වෙලාවක පොඩි කස්ටමයිස් පාරක් දාන්න ඕනෙ.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙ දෙවෙනි හමුවටත් ගියා. (දැන් ඊලඟ එකටත් කාලෙ හරිද මංදා. ගනන් ගන්න එපා. අපේ වැඩ හෙනම quick නෙ..) ගිහින් සුපුරුදු පරිදි අන්තිම පේලියෙ රන් කරලා ආවා.
කස්ටිය දැන් බ්ලොග් ලිවීමේ අඩුවක් පෙන්නුම් කරනවා. කස්ටිය කිවුවේ, දැනට අවුරුද්දකට කලින් එකසිය ගානට කුඩු වෙන්න ලියපු අය. අලුතෙන් ලියන කස්ටියගෙ අඩුවක් නම් පේන්න නැඃ.
මේ පැත්තකින් තියෙන බ්ලොග් රෝලෙ තියෙන ලින්ක් වලට ගිහින් බලන්න බොරු නම්. බ්ලොග් රෝල සෑහෙන්න පොඩී වගේ. තමුන් ලියන බ්ලොග් එකේ ලින්ක් එකත් මගෙ බ්ලොග්රෝලට දාන්න ඕනෙ නම්, ඔයගොල්න්ගෙ බ්ලොග්රෝලට මගේ බ්ලොගේ ලින්ක් එක දාලා මෙතන පොඩි කමෙන්ට් පාරක් දාන්න. ආයෙ මොනව හරි ලියන්න හිතෙනකන්, ගුඩ් බායි වේවා.. කට්ටියටම ජය ශ්‍රී.. =)
කොළඹ සිට බදුල්ලට – දුම්රියෙන්..
0කෝච්චියෙන් ගමන් බිමන් යන එක සමහරුන්ට නම් වහ කදුරු (puke) , තවත් සමහරුන්ට ඊට වඩා දෙයක් නෑ (happy) . මේ කතා කරන්නෙ දිනපතා ගමන් කරන කාර්යාල දුම්රිය ගැන නෙමෙයි, දුර ගමනක් යනකොට දුම්රියෙන් යන එක ගැන. මමත් අයිති වෙන්නෙ කෝච්චියෙන් ගමන් බිමන් යන්න කැමති කාණ්ඩෙට. (flex)
ලංකාවෙ දුම්රිය මාර්ග කීපයක්ම තියෙනවා, ප්‍රධාන මාර්ගය වන කොළඹ-බදුල්ල මාර්ගය ඒ අතරින් විශේෂයි. මම බදුල්ලෙ ගිහින් තියෙන්නෙ රාත්‍රී තැපැල් දුම්රියෙන්. ඒ කියන්නෙ බලන්න තියෙන/බැලිය යුතු ඔක්කොම දේවල් මගහැරිලා.. දවාලක බදුල්ලෙ යන්න කියල හිතාගෙන ඉන්නවා, ඉන්නවා විතරයි. තවම නම් ගියෙ නෑ.
ඔය අතරෙ මට හම්බ උනා නියම බ්ලොග් එකක්. ලියන්නෙ තූර්ය කියල කෙනෙක්. එයා බදුල්ලෙ ගිය ගමන සම්පූර්ණයෙන්ම බ්ලොග් ගත කරලා, නොදකින පැත්තකුත් එක්කම. කට්ටියට ඒ බ්ලොග් සටහන් ඔක්කොම මගහැරිලා වගේ තේරුණා බ්ලොග් එක දිහා බලපුවහම. ඒක නිසා මං හිතුවා ඒ සටහන් ටික Re-Blog කලොත් වටිනවා කියලා..
ට්විටර් පාවිච්චි කරන අය නිතරම කරන්නෙ Re-Tweetනෙ, මෙන්න වෙනසකටත් එක්ක Re-Blog [RB]
.



