Public
Snow Leopard
19පහුගිය බ්ලොග් සටහනකින් මැක් දාපු කතන්දරේ කිවුවනෙ, අමතක නැති අය මෙතනින් ගිහින් බලන්නකෝ..
මැක් කිවුවට ඉතින් හැක් කරපු මෙහෙයුම් පද්ධතියක් ගැන නෙ මෙතනදි කතා කරන්නෙ. හැකින්ටොෂ් ස්ථාපනය ගැන දැනගන්න කාලිංග සහ ජනුක අයියලගේ පෝස්ට් කියවල බලන්න. (y) එහෙනම් නැවතත් මාතෘකාවට,
Index
. (more…)
යුනිටියේ රීප්ලේස්මන්ට් කිරීමේ කලාව..
62Unity Plaza | සමහරු දන්න, සමහරු අඳුරන, සමහරු නිර්දේශ කරන, බහුතරය බනින, තවත් සමහරු පලු යන්න බනින පොට් එකක්. මමත් ලඟදි ඉඳන් අන්තිම Group එක නියෝජනය කරන්නෙ. (envy)
කට්ටිය දන්නවනෙ ඉතින් ඔය කඩ සීයක් විතර තිබුනට යුනිටිය රන් කරන්නෙ දෙතුන්දෙනෙක් වග. PC Partner කියන්නෙ එක ආයතනයක් විතරයි. එක එක නම් වලින් මේගොල්ලන්ගෙ සාප්පු තිබුනට ගත්ත එකකට කෙල උනොත් ගිහින් ඉන්න ඕනෙ දෙවන මහලෙ තියෙන Technical පෝලිමේ. මේ කටු ඕනෙ තරම් මීට කලින් කාලා තියෙනවා, නමුත් මේක අලුත්ම ආකාරයට කට්ටක්. යුනිටියෙන් දැන් අපිට දෙන කට්ට මොඩිෆයි කරලා තියෙන්නෙ.. (more…)
reCAPTCHA.. ස්පෑම් නවතමු – ඩිජිටල් පොත් කියවමු..
22නිකං යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ කතාවක් නේද? ඔබ දන්නවාද ඔබ සම්පූර්ණ කරන සෑම reCaptcha එකකින්ම එක් වචනයක් ඩිජිටල්ගත කිරීමට නොදැනුවත්වම උදවු වන බව?
මේ කතාව සසඳ ගයාන් අයියා එක්ක පොඩි චැටක් දාගෙන ඉද්දි දැනගත්තෙ.. ඒක නිසා හිතුන පොඩ්ඩක් හොයල බලන්න..
Captcha කියන්නෙ මිනිස්සුන්ට පමණක් කියවන්න පුළුවන් වෙන විදිහට හදපු වචන සෙට් එකක්. ඒ කියන්නෙ දැනට තියෙන පරිගණක වැඩසටහන් වලට Captcha වලට පිළිතුරු සපයන්න බෑ. මොකද, Captcha කියන්නෙ විකෘති කරපු වචන සෙට් එකක් නිසා.
ඇත්තටම Captcha එකකින් පොත් ඩිජිටල්කරණය කරන්න පැහැදිලි උදවුවක් දෙන්නෙ නෑ. ඒකට විසඳුමක් විදිහට තමයි reCAPTCHA ආවෙ. reCAPTCHA හරහා ඔබට එන්නෙ පොත් ඩිජිටල්කරණය කරද්දි, OCR (Optical Character Recognition) මෘදුකාංගයට හඳුනාගත නොහැකි වචන. reCaptcha තුලදී වචන දෙකක සංකලනයක් ආකාරයට තමයි මෙම reCAPTCHA ඔබ වෙත එන්නෙ. ඔබේ වෙබ්/බ්ලොග් අඩවියෙ ස්පෑම් නවත්වන්න මෙම reCaptcha නොමිලයේම පාවිච්චි කරන අතර, එම නිවැරදි වචනය ඩිජිටල් ගොනුවක තැන්පත් කිරීමට ඔබටත් දායක වෙන්න පුළුවන්. ඒ සඳහා reCAPTCHA වෙබ් අඩවියෙහි ලියාපදිංචි වීමට සිදුවෙනවා

Sample OCR
සිංහල බ්ලොග්කරුවන්ට වෙබ් හොස්ටිං නොමිලේ..!!
29ආයුබෝවන් කියල කිවුව එහෙනම්..!
අද නම් කියන්න යන්නෙ සිංහල බ්ලොග්කරුවන්ට ටිකක් විතර සුභ ආරංචියක්. මේක අදාල වෙන්නෙ blogspot, wordpress වගේ බිලොග් සේවාවන් පාවිච්චි කරන අයට සහ දැනට තමන්ගේම නමින් බිලොගය පවත්වාගෙන යනු ලබන, හොස්ටිං ගිණුම Upgrade කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයටයි. (inlove)
2010 මාර්තු මස සිට තම සේවා කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටින LKServers.com විසින් තමන්ගෙ ප්‍රචාරක කටයුත්තෙ එක් අංගයක් විදිහට සිංහල බිලොග්කරුවන් පනස් (50) දෙනෙකුට නොමිලේ වසරක් පුරාවට ඩොමේන් නාමය සහ ජීවිත කාලට පුරාවට :O වෙබ් ඉඩ ලබාදෙන්න කටයුතු කරල තියෙන්නෙ. (nod)


