SBU
සිංහල බ්ලොග් කියවනය
කොළඹ සිට බදුල්ලට – දුම්රියෙන්..
Aug 26th
කෝච්චියෙන් ගමන් බිමන් යන එක සමහරුන්ට නම් වහ කදුරු
, තවත් සමහරුන්ට ඊට වඩා දෙයක් නෑ
. මේ කතා කරන්නෙ දිනපතා ගමන් කරන කාර්යාල දුම්රිය ගැන නෙමෙයි, දුර ගමනක් යනකොට දුම්රියෙන් යන එක ගැන. මමත් අයිති වෙන්නෙ කෝච්චියෙන් ගමන් බිමන් යන්න කැමති කාණ්ඩෙට.
ලංකාවෙ දුම්රිය මාර්ග කීපයක්ම තියෙනවා, ප්රධාන මාර්ගය වන කොළඹ-බදුල්ල මාර්ගය ඒ අතරින් විශේෂයි. මම බදුල්ලෙ ගිහින් තියෙන්නෙ රාත්රී තැපැල් දුම්රියෙන්. ඒ කියන්නෙ බලන්න තියෙන/බැලිය යුතු ඔක්කොම දේවල් මගහැරිලා.. දවාලක බදුල්ලෙ යන්න කියල හිතාගෙන ඉන්නවා, ඉන්නවා විතරයි. තවම නම් ගියෙ නෑ.
ඔය අතරෙ මට හම්බ උනා නියම බ්ලොග් එකක්. ලියන්නෙ තූර්ය කියල කෙනෙක්. එයා බදුල්ලෙ ගිය ගමන සම්පූර්ණයෙන්ම බ්ලොග් ගත කරලා, නොදකින පැත්තකුත් එක්කම. කට්ටියට ඒ බ්ලොග් සටහන් ඔක්කොම මගහැරිලා වගේ තේරුණා බ්ලොග් එක දිහා බලපුවහම. ඒක නිසා මං හිතුවා ඒ සටහන් ටික Re-Blog කලොත් වටිනවා කියලා..
ට්විටර් පාවිච්චි කරන අය නිතරම කරන්නෙ Re-Tweetනෙ, මෙන්න වෙනසකටත් එක්ක Re-Blog [RB]
.
බදුලු දුම්රිය ගමන 1 – කොලොම්තොට සිට කඳුකරයේ දොරටුවට
බදුලු දුම්රිය ගමන 2 – බලන දුර්ගය මැදින් සෙංකඩගල පුරවරයට
බදුලු දුම්රිය ගමන 3 – ගම්පොල, නාවලපිටිය හරහා ශ්රීපාද අඩවියට
බදුලු දුම්රිය ගමන 4 – පට්ටිපොල මුදුනත පසුකරමින් ඌවට
බදුලු දුම්රිය ගමන 5 – අහස් නවයේ පාලම මතින් ගමනාන්තය කරා
Snow Leopard
May 29th
යුනිටියේ රීප්ලේස්මන්ට් කිරීමේ කලාව..
Apr 7th
Unity Plaza | සමහරු දන්න, සමහරු අඳුරන, සමහරු නිර්දේශ කරන, බහුතරය බනින, තවත් සමහරු පලු යන්න බනින පොට් එකක්. මමත් ලඟදි ඉඳන් අන්තිම Group එක නියෝජනය කරන්නෙ. ![]()
කට්ටිය දන්නවනෙ ඉතින් ඔය කඩ සීයක් විතර තිබුනට යුනිටිය රන් කරන්නෙ දෙතුන්දෙනෙක් වග. PC Partner කියන්නෙ එක ආයතනයක් විතරයි. එක එක නම් වලින් මේගොල්ලන්ගෙ සාප්පු තිබුනට ගත්ත එකකට කෙල උනොත් ගිහින් ඉන්න ඕනෙ දෙවන මහලෙ තියෙන Technical පෝලිමේ. මේ කටු ඕනෙ තරම් මීට කලින් කාලා තියෙනවා, නමුත් මේක අලුත්ම ආකාරයට කට්ටක්. යුනිටියෙන් දැන් අපිට දෙන කට්ට මොඩිෆයි කරලා තියෙන්නෙ.. More >
reCAPTCHA.. ස්පෑම් නවතමු – ඩිජිටල් පොත් කියවමු..
Mar 2nd
නිකං යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ කතාවක් නේද? ඔබ දන්නවාද ඔබ සම්පූර්ණ කරන සෑම reCaptcha එකකින්ම එක් වචනයක් ඩිජිටල්ගත කිරීමට නොදැනුවත්වම උදවු වන බව?
මේ කතාව සසඳ ගයාන් අයියා එක්ක පොඩි චැටක් දාගෙන ඉද්දි දැනගත්තෙ.. ඒක නිසා හිතුන පොඩ්ඩක් හොයල බලන්න..
Captcha කියන්නෙ මිනිස්සුන්ට පමණක් කියවන්න පුළුවන් වෙන විදිහට හදපු වචන සෙට් එකක්. ඒ කියන්නෙ දැනට තියෙන පරිගණක වැඩසටහන් වලට Captcha වලට පිළිතුරු සපයන්න බෑ. මොකද, Captcha කියන්නෙ විකෘති කරපු වචන සෙට් එකක් නිසා.
ඇත්තටම Captcha එකකින් පොත් ඩිජිටල්කරණය කරන්න පැහැදිලි උදවුවක් දෙන්නෙ නෑ. ඒකට විසඳුමක් විදිහට තමයි reCAPTCHA ආවෙ. reCAPTCHA හරහා ඔබට එන්නෙ පොත් ඩිජිටල්කරණය කරද්දි, OCR (Optical Character Recognition) මෘදුකාංගයට හඳුනාගත නොහැකි වචන. reCaptcha තුලදී වචන දෙකක සංකලනයක් ආකාරයට තමයි මෙම reCAPTCHA ඔබ වෙත එන්නෙ. ඔබේ වෙබ්/බ්ලොග් අඩවියෙ ස්පෑම් නවත්වන්න මෙම reCaptcha නොමිලයේම පාවිච්චි කරන අතර, එම නිවැරදි වචනය ඩිජිටල් ගොනුවක තැන්පත් කිරීමට ඔබටත් දායක වෙන්න පුළුවන්. ඒ සඳහා reCAPTCHA වෙබ් අඩවියෙහි ලියාපදිංචි වීමට සිදුවෙනවා

Sample OCR



