"දැයට කිරුළ" මාර්ග සිතියම…
Feb 6th
හෙට හෝ අනිද්දා “දැයට කිරුළ” බලන්න යන්න හිතන් ඉන්නවනම් මෙන්න මේ සිතියම අධ්‍යයනය කරල යන්න
අපි අද ගියා “දැයට කිරුළ” බලන්න.
තිබුන ලොකුම ගැටළුව තමයි සිතියමක් පේන්න තිබුනෙ නැති එක.
කොහොම හරි හෙන ගේමක් දීලා එකක් හොයාගත්තා.
Thumbnail එක උඩ ක්ලික් කරල original image එක බලන්න.
හිටවල තිබුන බෝඩ් එකක් ගත්තෙ. quality ඇතිවෙයි නේ?
ප්‍රදර්ශනය ගැන විස්තර සහ කතා කිරීම පසුවට…
Huawei E220 සහ අම්බානකට රත්වීම…
Feb 5th
ඔබගේ මොඩමයත් Huawei E220 (Vodafone) මොඩමයක්ද?
මෙන්න මේ වගේ..

කොහොමද උෂ්ණත්වය එහෙම?
ආයෙ කියල වැඩක් නෑ මගෙ එක නම් රත්වෙනවා පතුරු යන්නම.
මාර දුකයි,
ඒක හින්දා පොඩි ජිල්-මාට් එකක් කරල උෂ්ණත්වේ ටිකක් බැස්සුවා.
හරි හමන් Heat Sink එකක් නම් හොයාගන්න බැරි වුනා. කොහොම උනත් හම්බ වුන එක නම් අකුරට තමන්ගෙ වැඩේ කරනවා.


ටිකක් විතර බය හිතෙනවා නේද?
මෙන්න මේ දැන් ගත්ත SpeedTest Report එකක්
උෂ්ණත්වය අඩු කිරීමේ ව්‍යාපෘතියෙන් වේගයට නම් බලපෑමක් නෑ
(IDM වලින් 180-190KB/s සාමාන්‍යයෙන් එනවා. ඒත් ගිගා 6 නිසා ඒ තරම් ම වැදගත් නැති එක වෙනමම කතාවක්)

දැන් තියෙන ප්‍රශ්නෙ තමයි මේ Heat Sink එක නිසා භෞතිකව මොඩමයට හානියක් වෙනවද කියන එක (Modem එකේ Life Time එක අඩුවෙනවා වගේ දෙයක් ) එහෙම මුකුත් අතුරු විපාක තියෙනව නම් දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න හොඳේ? …
නෙට්වර්ක් ටයිම්-අවුට් !!!
Feb 4th
බ්ලොගය පටන් අරන් තවම දවස් දෙක තුනයි නෙ. තවම ඉතින් වටපිටාවෙ තියෙන එව්ව බල බල, එව්ව කොපි කර කර ඉන්න එක තමයි කරන්නෙ.
ඉතින් හැමෝම වගෙ මමත් බ්ලොගරුවන්ගේ සන්සදයට , යුනිකෝඩ් පරිවර්ථකයට එහෙමත් ලින්ක් දැම්ම කියලත් කියමුකො.
දැන් තමයි කතාව පටන් ගන්නේ,
“සිංහල ගන්න” කියල බැනර් එකක් එහෙමත් හොයාගෙන එහෙම ඒක (හොරකම කලත් ඒත ඒ විදිහට කරන්න එපැයි කියල) දාන්න කලින් siyabas.lk එකට ගිහින්ම බැලුවා සයිට් එක වැඩද කියලා
පිස්සු හැදෙනවනෙ..

ඇයි ඒකට එහෙම වෙලා තියෙන්නේ?
ලංකාවෙ සර්වර් වලට මේ ලෙඩේ ටිකක් වැඩියෙන් තියෙන බවයි මගේ හැඟීම නම්.
ලංකාවේ ඔය කියන සර්වර් තියෙන්නේ කොහෙද? මේ වගේ ලෙඩ වලට බේත් නැද්ද?
කොහොම වුනත් අද දවල් මම බලපු වෙලේ ඉඳලා මේ වෙනකන් නම් සයිට් එක වැඩ නෑ.
ඒකෙන් මේකෙන් වෙන්නෙ හදිස්සියකට එහෙම වැඩක් කරගන්න බැරිවෙන එක…
Tech කතා !!!
Feb 3rd
බ්ලොගර් ලෝකයට සෙට් වුනත් හරි, පොඩ්ඩක් හොයල බැලුව තව කවුරු කවුරු මොනව ලියනවද කියලා.
මෙන්න හම්බ වුනා අමුතු සයිට් එකක්.
http://www.techkatha.com/
හොයා ගත්තේ ඩනිෂ්කගේ දින පොතෙන්
අමුතුම pot එකක්.
http://www.techkatha.com/2009/01/28/techtalk-welcome/
හරි ෂෝක්! දැන් අපිට තියෙන ඕනෙම ( IT
) ප්‍රශ්නයක් සිංහලෙන්ම අහන්න පුළුවන් වගෙයි.
ප්‍රශ්න නම් ගොඩයි. එව්ව අහන්න කලින් දැනට තියෙන clip ටික අහලම ඉන්නවා.
මම නම් හිතුවෙ නෑ මෙහෙම වැඩක් ලංකාවෙ නම් පටන් ගනී කියලා. පටන් ගත්ත අයට ගොඩාක් පිං
බලාගෙන යනකොට ලංකාවත් දැන් සෑහෙන්න දියුණුයි නොවැ…
ගයන්තගේ Blog පිවිසුම
Feb 2nd
ආයුබෝවන්!
මමත් නිකං ඉනන් එකේ Blog එකක් ලියන්න පටන් ගත්තා.
පටන් ගත්ත ගමන් නිසා කොහොම වුනත්, පහු පහු වෙනකොට ලියයිද කියල නම් මටම සැකයි




