Mobitel වෙතින් නොමිලේ MCA

10

හම්මෝ! සෑහෙන කාලෙකින් මුකුත් ලියන්න බැරි උනා. කලින් පෝස්ට් එක නිකං site එකේ Home Page එක වගේ හරියටම මාසයක් (මාසෙකටත් දවස් ‍දෙකක් වැඩියි) තිස්සෙ තිබුනා‍…

මාර්තු 7-8 විභාග එහෙමත් (නිදහසට කරුණු ඕනෙ නෑ එක්කො) :D

බ්ලොග් නිදිමත යන්නත් එක්ක පොඩි දෙයක් ලියන්න හිතුනා. (ඔය කිවුවට ලියන අනිත් එවුවා ලොකු එවුවා නෙමෙයි. හික් හික්!! :D )

මොබිටෙල් දැන් MCA (‍ ‍ “Missed Call Alert” නොහොත් “මගහැරුනු ඇමතුම් දැනුම් දීම” )‍ නොමිලේ දෙනව කියල ආරංචියක් ආවා. මොබිටෙල් අඩවියෙ උඩින් පල්ලෙන් බැලුවට එහෙම එකක් හොයාගන්න බැරි වුනා. හම්බ උනේ Activate කරන code එක විතරයි. ඒ පාර Customer Care එකට කතාකරල ඇහුවා (වෙනද වගේ ‍පෝලිමේ ඉන්න වුනේ නෑ. ටක් ගාලා සම්බන්ධ උනා :) ) බලද්දි කතාව ඇත්ත. දැන් හැම මොබිටෙල් සම්බන්ධතාවයකම MCA එක Free. මගෙ නම් ඉතින් උපහාරෙ නිසා කලින් ඉඳලම නොමිලේ නෙ. කවද ඉඳන්ද දන්නෙ නෑ හැම සම්බන්ධතාවයකම free ‍කලේ..
කොහොම උනත් මේක Free කලාට දැනට ඉන්න පාරිභෝගිකයන්ට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඒක අපි විසින් ක්‍රියාත්මක කරගන්න ඔනේ. ඒකට ක්‍රම කිහිපයක් තියෙනවා.

1. පාරිභෝගික ‍සේවා අංශයට කතා කරන එක

2. Mobitel Self-Care (#888#) Dial කරන එක

3. මොබිටෙල් අඩවියේ අපගේ ගිණුමේ ඇති Self Activation Services මඟින්.

4. Missed Call Alert, Activation Code එක ( Mobitel MCA Code ) මඟින්.

අහන්න දෙයක් නෑ හැමෝම 1 ඇරෙන්න අනිත් 3ටම කැමතියි. කොහොම හරි මේක Activate කරපු ගමන් වෙන්නෙ අපේ Phone එකට Divert Number එකක් දාන එක. සරලව කිවුවොත් අපි අපේ Call Divert කරන එක තමයි මෙතනදි වෙන්නෙ.

Activate කලා කියමුකො. ඒත් මේක Active වෙන්නෙ Not Reachable අවස්ථාවට විතරයි. ඒ කියන්නෙ Phone එක Switch Off කරල තියෙන වෙලාවට එන Calls ගැන alert එකක් විතරයි එන්නේ. ඒ උනත් Phone එක On එකේ තියෙද්දිත් Call මගහැරෙන්න ඉඩ තියෙනවා. උපහාර වගේ පැකේජයක් නම් අනිත් එවුවට වඩා මේ අවධානම වැඩියි. ඒක නිසා Divert Calls වල –> Voice Calls වලට ගොස්  Divert When Busy වලටත් MCA අංකය ඇතුලත් කරන්න. (අංකය +94710111000 ) එතකොට Signal ප්‍රශ්න, අපි වෙනත් ඇමතුමක හිටපුවාම වගේ අවුල් වලදිත් මග හැරිච්ච ඇමතුම් පිළිබඳ Alert එක එනවා.

මේ විදිහට දැනටමත් Activate කරන් ඉන්න අය ඇති. කතාව දැනගෙනත් Activate ‍කලේ නැති අයත් ඇති. දැනගෙන හිටපු නැති අයත් ඇති.

දැන් ඉතිං හැමෝම මේක Active කරගන්නකො එහෙනම්….. :D

( මොබිටෙල් , මොබිටෙල් MCA හා වෙනත් සේවාවන් හා ඒවාට අදාල අංකයන් පිළිබඳ සියලුම අයිතීන් මොබිටෙල් සමාගම සතුය)

Huawei E220, Unlock කරමුද?

62

කලින් දැකල තියෙනව ව‍ගේ නේද මේ වගේ Title එකක්?
ඔව් ඔව්‍. තිබුනෙ ElaKiri.com එකේ.

ඒකෙම ‘සිංහල’ කොපිය තමයි. FallenZeraphine අයියගෙන් අහල එහෙම තමයි translate කලේ.

ඉස්සෙල්ලාම කියන්න තියෙන්නෙ මේ කරන දේ පිළිබඳව හෝ ඉන් ඇතිවන අතුරු ඵල සම්බන්ධව වගකීම තමන්ම භාරගත යුතු බවයි.

එහෙනම් වැ‍ඩේට බහිමු….

ඕනෙ කරන දේවල්.
E220 firmware update
QMAT – QC Mobile Analysis Tool
A Hex Editor ( like XVI32 )
E220 Simlock Unlocking tool

ඔක්කොම Download කරල ඉවර වුනාට පස්සෙම වැඩ පටන් ගන්න එක නුවණට හුරුයි.
නැතිනම් TV එක බලාගෙන කෑම හැදුව වගේ තියෙයි. ;)

ඉස්සෙල්ලාම E220 Firmware Update එකෙන් Firmware Update කරගන්න. ඒකෙන් තමයි Modem එක සිරා 7.2Mb/s modem එකකට Upgrade වෙන්නේ.

කරල ඉවරයි නම් පහලට යන්න

‍‍(මෙම යාවත්කාල කිරීම සම්පූර්ණයෙන්ම කිරීම අත්‍යවශ්‍ය නොවන අතර අවශ්‍ය නම් පමණක් අවසාන වනතුරු සිදුකල හැක. කෙසේ‍ වුවත් මෙය Run කර මොඩමය detect කරන තුරු සිට වසා දැමීම Unlock ක්‍රියාවලිය සඳහා ප්‍රමාණවත් වේ )

—–

දැන් QMAT (QC Mobile Analysis Tool) එක විවෘත කරන්න.

එහි ‘Hardware Forensics’ මෙනුවේ ඇති ‘Use Com/USB Port’ හරහා QC Com Diag Window’ එක විවෘත කරගන්න.
එවිට පහත ආකාරයේ වින්ඩෝවක් දිස්වනු ඇත

එහි ‘Select Com Port:’ හි ඔ‍බගේ මොඩමය තෝරා ගන්න. (අංක 1) [ COMX – HUAWEI Mobile Connect – 3G PC UI Interface (COMX) ]

උදා: මෙහි COM4 – HUAWEI Mobile Connect – 3G PC UI Interface (COM4)

මෙහි Send CMD ක්ලික් කර, මෙම වින්ඩෝවේම පහළට වන්නට (අංක 2) ඇති Status වෙනුවට Successfully send command. යනුවෙන් දිස්වන තෙක් බලා සිටින්න.

අනතුරුව Com Functions (all in hex) හි ඇති Drop Down මෙනුවෙන් ‘Read EFS’ තෝරා ‘Lets go’ ක්ලික් කරන්න.

එහිදී මතුවන Save as වින‍්ඩෝවේදී Filename එක ලෙස ‘efs.bin’ ලබා දී Save ක්ලික් කරන්න.
දැන් ඔබගේ මොඩමයේ File System එක read කිරී‍ම ආරම්භ වේ.
මේ සඳහා මිනිත්තු කිහිපයක් ගත වේ. මන්ද මෙය මෙගා බයිට් 32ක (32MB) ගොනුවකි.

වැදගත් :
- මෙහිදී යොදාගනු ‍ලැබුවේ QMAT හි Register නොකරන ලද සංස්කරණයකි. එම නිසා මෙය මිනිත්තු 10ක් අවසානයේදී ඉබේම Close වී යයි. එසේ සිදු වුවහොත් නැවත උත්සාහ කරන්න. මූලික පියවරයන් වේගයෙන් කිරීම මඟින් කාලය ඉතිරිකරගත හැක.
- සාමාන්‍ය තත්වයන් යටතේ QMAT හි සියළු කාර්යයන් මිනිත්තු 10 තුලදී අවසන් වේ.
- දිගින් දිගටම Read කිරීම සම්පූර්ණ කරගැනීමට අපොහොසත් වුවහොත් මොඩමය Disconnect ‍කර නැවත Connect කර උත්සාහ කරන්න.

QMAT එකේ වැඩ කටයුතු අවසන්.

—–

දැන් XVI32 Hex Editor එක විවෘත කර QMAT වලදී save කරගත් efs.bin ගොනුව විවෘත කරගන්න.
එහි Search මෙනුවේ ඇති Find වෙත ගොස් Hex String හි ’53 64 2c 00’ යනුවෙන් සඳහන් කර සෙවීම ආරම්භ කරන්න.

සෙවීම අවසන් වන්නේ ’53 64 2c 00′ ඇති ස්ථානය සොයාගැනීමෙන් අනතුරුවය.

එම ’53 64 2c 00′ ඇති ස්ථානය කෙලින්ම දකුණු පැත්තේ ඇති වින්ඩෝවේ ඔබගේ මොඩමයේ Unlock code එක සඳහන් වී ඇත.
(බොහෝ විට එහි ලකුණට (මෙය හතේ ඉලක්කම නොවේ) පසුව Unlock code එක ඇත) මෙය ඉලක්කම් 8කින් යුක්ත අංකයකි. එම වින්ඩෝවේ එක පෙලට අංක 8ක් ඇත. අනිත් සියලු අංක එක පෙලට ඇත්තේ 3ක් හෝ 4ක් පමණි. එක පෙලට ඇති අංක 8 ඔබගේ Unlock Code එකයි..

—–

දැන් ‘E220 SimLock UnLock’ විවෘත කර ඔබ ලබාගත් unlock code එක ඇතුල් කරන්න.

ඔබ සාර්ථකව සියළු පියවරයන් ඉටු කලේ නම් ‍මොඩමය unlock වූ බව තිරයේ දිස්වෙනු දැකිය හැක.

සුභ පැතුම්

මූලාශ්‍රය :

Guide: How to Unlock the Vodafone Huawei E220 Modem by FallenZeraphine

Proof read කල හා වැරදි තැන් පෙන්වා දුන් ගයාන් අයියාට විශේෂ ස්තුතිය.

“ලං.ග.ම”යේ දියුණුව ‘දැයට කිරුලේදී’ දුටිමි…

32

දැයට කිරුල ලාංඡනය

අපි දැයට කිරුල බලන්න ගියේ සිකුරාද බව මතක ඇතිනේ, මේ සටහන ලියන්න අද (සඳුදා) වෙනකම් හි‍ටියෙ ඇයි කියල හි‍තෙනවත් ඇති නේද?

හෙතුව පහළට යනකන්ම කියෙව්වොත් දැනගන්න ලැබේවි‍‍..

—–

අපි කවුරුත් දන්න CTB නොහොත් ‘සිලෝන් ටකරන් බස්’ දන්න කාලෙ ඉඳලම මහ ‘අල’ සේවාවක් ලබා දුන්න බව නොරහසක්.

නමුත් දැන් දැන් ඒ තත්වයෙන් මිදිලා පොඩ්ඩක ඔලුව උස්සමින් ඉන්න වග ටිකක් තදට පේන්න තියෙනවා.

දුර ගමන් සේවා සඳහා ‘කිරි කිරි’ බස් රථ එහෙමත් දාලා නොවැ (පොඩි පාරවල් වලටත් දාලා නැතුවම නොවෙයි)

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොලේ ආකෘතියක්

පිටකොටුව

—–

මේ ඔවුන් හන්ඳුන්වල දෙන්නෙ ඔවුන්ගෙ වෙබ් අඩවියෙන් අපිට ගත හැකි ප්‍රයෝජන ගැනයි.

ඔවුන්ට අනුව මෙම වෙබ් අඩවිය (www.sltb.lk) පෙබරවාරි 07 වන දින දියත් කල යුතු වුවත් මේ වන තුරුත් එය දියත් වෙලා නම් නැහැ‍.

කෙසේ වෙතත් ඔවුන් සඳහන් කල ආකාරයට නම් මෙමඟින් අපට අප ප්‍රදේශයට අදාල ඩිපෝව පිලිබඳ සියළුම තොරතුරු ලබාගත හැකියි.

එනම් ඩිපෝ පෙලගැස්වීම (ranking)ට අනුව තම ඩිපෝවට හිමි ස්ථානය (රූපයේ පෙනෙන්නේ එහි රූප රාමුවකි), ‍දෛනික ලාභය, ඩිපෝවේ ක්‍රියාකාරකම් (බස් ධාවනය වන මාර්ගයන්, හිමි බස් රථ ප්‍රමාණය ආදිය) වැනි තොරතුරු මේ මඟින් ලබාගත හැකියි.
මෙන්න ඊලඟ item එක,

මේකෙන් පුළුවන් අදාල බස් රථය දැනට මාර්ගයේ කොතැනද තියෙන්නේ කියා දැනගැනීමට. මෙය සිදුකරන්නේ කොන්දොස්තර මහතා අත ඇති ටිකට් යන්ත්‍රයට සිම් එකක් දමා එය GPS device එකක් බවට පත්කිරීම තුලින්. (‍කොන්දොස්තර වෙන කොහෙ හරි ගියත් බස් එක එතන තියෙන බව පෙන්වීම වෙනමම කතාවක් :D ). කෙසේ වුවත් මේ තො‍රතුරු දැනගැනීමට නම් අපිට ‘ලං.ග.ම’ට ඇමතුමක් ලබා දීමට හෝ පණිවුඩයක් (SMS) යැවීමට සිදුවෙනවා. මොකද අපිට කෙලින්ම මේ අඩවියට යන්න බෑ. :(

මෙන්න දවසේ මාතෘකාව,

මේ තියෙන්නේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොල. දැන් ඒකෙ ආරක්ෂක කැමරා සවි කරලලු තියෙන්නෙ. අපිට බලන්න දෙන්නෙම නෑ ලු. ඒකෙන් බස් නැවතුමට එන්නෙ කවුද, කරන්නෙ මොනවද කියල ඔක්කොම පරිපාලනය අධිකාරියට‍ බලන්න පුළුවන්.

මමත් ඉතින් ගොනා වගේ ඔක්කොම අහගෙන ඉඳල ගෙදර ඇවිල්ල ගියා ඔවුන්ගේ වෙබ් අඩවිය(sltb.lk)ට. ෂික්! වැඩ නෑ!!

ඒ පාර, නිකන් ඉන්න එකේ ඔය screenshot එකේ තියෙන IP Address එකට ගිහින් බැලුවා. අපොයි! Password Protected.

ආපු එකේ හිස් අතින් යන්නෙ මොකටද කියලා එකේ ඉලක්කමෙන් පටන් ගත්තා පොඩි testing ව්‍යාපාරයක්. මෙන්න වැඩ !!!

"දැයට කිරුළ" මාර්ග සිතියම…

1

හෙට හෝ අනිද්දා “දැයට කිරුළ” බලන්න යන්න හිතන් ඉන්නවනම් මෙන්න මේ සිතියම අධ්‍යයනය කරල යන්න

අපි අද ගියා “දැයට කිරුළ” බලන්න.

තිබුන ලොකුම ගැටළුව තමයි සිතියමක් පේන්න තිබුනෙ නැති එක.

කොහොම හරි හෙන ගේමක් දීලා එකක් හොයාගත්තා.

Thumbnail එක උඩ ක්ලික් කරල original image එක බලන්න.
හිටවල තිබුන බෝඩ් එකක් ගත්තෙ. quality ඇතිවෙයි නේ? ‍‍

ප්‍රදර්ශනය ගැන විස්තර සහ කතා කිරීම පසුවට… :D

Huawei E220 සහ අම්බානකට රත්වීම…

14

ඔබගේ මොඩමයත් Huawei E220 (Vodafone) මොඩමයක්ද?

මෙන්න මේ වගේ..

කොහොමද උෂ්ණත්වය එහෙම?

ආයෙ කියල වැඩක් නෑ මගෙ එක නම් රත්වෙනවා පතුරු යන්නම.

මාර දුකයි,

ඒක හින්දා පොඩි ජිල්-මාට් එකක් කරල උෂ්ණත්වේ ටිකක් බැස්සුවා.
හරි හමන් Heat Sink එකක් නම් හොයාගන්න බැරි වුනා. කොහොම උනත් හම්බ වුන එක නම් අකුරට තමන්ගෙ වැ‍ඩේ කරනවා.

ටිකක් විතර බය හිතෙනවා නේද?

මෙන්න මේ දැන් ගත්ත SpeedTest Report එකක්

උෂ්ණත්වය අඩු කිරීමේ ව්‍යාපෘතියෙන් වේගයට නම් බලපෑමක් නෑ
(IDM වලින් 180-190KB/s සාමාන්‍යයෙන් එනවා. ඒත් ගිගා 6 නිසා ඒ තරම් ම වැදගත් නැති එක වෙනමම කතාවක්)
IDM Screen-shot

දැන් තියෙන ප්‍රශ්නෙ තමයි මේ Heat Sink එක නිසා භෞතිකව මො‍ඩමයට හානියක් වෙනවද කියන එක (Modem එකේ Life Time එක අඩුවෙනවා වගේ දෙයක් ) එහෙම මුකුත් අතුරු විපාක තියෙනව නම් දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න හො‍ඳේ? … :D

Go to Top