සුබ අලුත් අවුරුද්දක් වේවා. 2011 අවුරුද්දට ලියන ඉස් ඉස්සෙල්ලාම පෝස්ට් එක. කාලයක් අතුරුදහන් වෙලා ඉඳලා ආපහු මතුවෙන්න කියල හිතුන පොඩ්ඩක්..
පෝස්ට් එකක් ලියන්න කියල මාතෘකාවකුත් සෙට් උනේ නෑ ඇත්තම කියනව නම්. කොහෙවත් ගියෙත් නෑ. (නැත්තෙමත් නෑ) මැක් ගැන මර මර හිටියා, අන්තිමට මැක් මලා. හැකින්ටොෂ් එක onboard vga වලින් ලෝඩ් වෙන්නෙ නෑ. අවුරුද්දකටත් කිට්ටු උනා තවම හොඳ කාඩ් එකක් ගන්න බැරි උනා. (හොඳම කාඩ් එක එනකන් නෙ ඉන්නෙ
තව අවුරුදු දෙක-තුනකින් වත් ගත්තොත් ඇති යන්තම්) හැබෑටම අඩුවට ගන්න පුළුවන් හොඳ කාඩ් එකක් ගැන ඔත්තුවක් දන්න කෙනෙක් කමෙන්ට් පාරක් දැම්මොත් ලොකු දෙයක්.
බ්ලොග් එකේ තිබ්බ Theme එකත් අලුත් වෙලා, ලොග් උන ගමන් තිබ්බ අප්ඩේට් ඔක්කොම එකට තියල Update-All දුන්නා. WordPress 3ට අප්ග්‍රේඩ් වෙලා, දාලා තිබ්බ ස්කයිප් මූනු ටික හබක්. තීම් අප්ඩේට් එක නම් ගින්දර. පස්සෙ වෙලාවක පොඩි කස්ටමයිස් පාරක් දාන්න ඕනෙ.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙ දෙවෙනි හමුවටත් ගියා. (දැන් ඊලඟ එකටත් කාලෙ හරිද මංදා. ගනන් ගන්න එපා. අපේ වැඩ හෙනම quick නෙ..) ගිහින් සුපුරුදු පරිදි අන්තිම පේලියෙ රන් කරලා ආවා.
කස්ටිය දැන් බ්ලොග් ලිවීමේ අඩුවක් පෙන්නුම් කරනවා. කස්ටිය කිවුවේ, දැනට අවුරුද්දකට කලින් එකසිය ගානට කුඩු වෙන්න ලියපු අය. අලුතෙන් ලියන කස්ටියගෙ අඩුවක් නම් පේන්න නැඃ.
මේ පැත්තකින් තියෙන බ්ලොග් රෝලෙ තියෙන ලින්ක් වලට ගිහින් බලන්න බොරු නම්. බ්ලොග් රෝල සෑහෙන්න පොඩී වගේ. තමුන් ලියන බ්ලොග් එකේ ලින්ක් එකත් මගෙ බ්ලොග්රෝලට දාන්න ඕනෙ නම්, ඔයගොල්න්ගෙ බ්ලොග්රෝලට මගේ බ්ලොගේ ලින්ක් එක දාලා මෙතන පොඩි කමෙන්ට් පාරක් දාන්න. ආයෙ මොනව හරි ලියන්න හිතෙනකන්, ගුඩ් බායි වේවා.. කට්ටියටම ජය ශ්‍රී.. =)



