Skype ඩෝං…
Nov 20th
හෆොයි.. අද නම් මහම මහ සවුත්තු දවසක්. දැම්මා Need for Speed SHIFT.. ඒක වැඩ කලෙත් නෑ. අලි මදිවට හරක් කියල, Skype Account එකටත් කෙල වෙලා..
Skype site එකට වත් ලොග් වෙලා බලන්ව කියල ගියහම මෙන්න මෙහෙම කියනවා.. ![]()

.
Password Reset එකක් දැම්මා. ඒත් Reset කරන්න බෑ..
![]()

පොඩ්ඩක් හොයල බලද්දි Octa HeliX කිවුවෙ මිනිහගෙ යාළුවො දෙන්නෙක්ටමත් මේ සිද්ධිය වෙලා තියෙනවලු..
මොකද දන්නෙ නෑ සිද්ධිය..
කොයි එකටත් කියල තව එකක් හදාගන්න වෙයි.. (Octa කිවුව විදිහට නම් ඔය අවුල ආපු අයට ආපහු හරි ගිහින් නෑ..)
ඒ අස්සෙ Skype එක විකුණලලු නේ eBay එකට..
මගෙ Account එකත් වෙන්දේසියට දාලද දන්නෙ නෑ..
eBay පැත්තෙ පොඩ්ඩක් රවුම් ගහද්දි දැක්කොත් එහෙම කියන්න හොඳේ…
අපි ගියා එහෙනම්..
bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
Nov 16th
ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී. lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී. අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව පිලිබඳවය.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී.
ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී. සසික රණසිංහ නමින් එවා ඇති එහි සඳහන් ආකාරයට ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 20 වෙනි දින බත්තරමුල්ල Waters Edge හෝටලයේදී පැවැත්වෙනු ඇත. ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වන අය රු 3500/=ක් මිල වන ටිකට්පතක් මිලදීගත යුතු බව එහි පහළින් සඳහන් වන අතර, ටිකට්පත් ලබාගත හැකි ආකාර සවිස්තරාත්මකව සඳහන් කර ඇත.
ජයග්‍රාහකයන්ගෙන් මුදල් අයකර ත්‍යාග පිරිනමන තරගාවලියක් පිළිබඳව අපි මීට පෙර අසා නැත්තෙමු.
BestWeb.lk තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය වනුයේ සහතික පත්‍රයක් වන අතර. මේ සහතික පත්‍රය ලබාගැනීම සඳහා අදාළ අඩවිය නියෝජනය කරමින් පැමිණෙන සියලු දෙනා එක් අයෙක් රු 3500/= බැගින් වන පරිදි ටිකට්පත් මිලදී ගත යුතු ය! BestWeb.lk තරගාවලියේ නිල වෙබ් අඩවියේ (http://www.bestweb.lk/) සඳහන් පරිදි ලාංකික ආයතන හා සමාගම් රැසක් (ICTA, ඩයලොග්, සිරස මාධ්‍ය ජාලය, MTV, Sunday Times, Daily Mirror) මෙම තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය (Sponsorships) පිරිනමයි, එනම් මූල්‍යමය අනුග්‍රහයක් දක්වයි. එසේ තිබියදී ටිකට්පතකට රුපියල් 3500/=ක මුදලක් ජයග්‍රාහකයන්ගෙන් (නරඹන්නන්ගෙන් නොවේ) අය කිරීම අසාධාරණ නොවේද ?
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් අපේ ස්ථාවරය නම් මෙය අපට කරන ලද අපහාසයක් ලෙස අප විසින් සලකන බවයි. මුදල් දී සහතිකපත් ලබාගැනීමට අපට කිසිදු අවශ්‍යතාවක් නැති අතර, මෙය මෙබඳු අන්දමේ තරගයක් බව මිට පෙර දැන සිටියානම් මෙම තරගයට ඉදිරිපත් වීමද අප විසින් නොකරනු ඇත. (මෙය ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය මගින් සංවිධානය කිරීමත්, ICTA වැනි වගකිවයුතු ආයතනයක් අනුග්‍රහ දැක්වීමත් නිසා අප සිතුවේ මෙය ජාතික වැදගත්කමකින් යුතු එකක් ලෙස ය).
තරග සංවිධායකයන් අපට කර ඇති අවමානයට විරෝධය පෑමක් ලෙස සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ඉදිරිපත් කරන ලද myblog.lk අඩවිය Most Favourite Sri Lankan Website- 2009- Sinhala Category තරගයෙන් ඉල්ලා අස්කරගනු ලැබේ.
මෙයට,
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.
http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/be0bb692d7a326fb?hl=si#
මිතුරන්ගෙන් ප්‍රවේසම් වන්න…
Oct 31st
මේක මම හොදටම දන්න කියන කෙනෙක්ට වෙච්ච සිද්ධියක්.. ![]()
දවසක් කෝල් එකක් එනවා “මගෙ Fb Hack කරලා, මේල් එකත් හැක් කරලා. දන්න කියන හැමෝටම කියන්න ආපහු කියනකං මගෙ Account එකත් එක්ක ගණුදෙණු කරන්න එපා කියලා”
ගිහිල්ලා බලද්දි කතාව ඇත්ත.. රිංගපු එකා එකවුන්ට් එක විනාසම කරල දාලා.
Username එක කැලේ (වෙනස් කරලා), හෝ ගාලා විකාර Status දානවා (හැක් කරපු එකක දාන ස්ටේටස් ගැන කියන්න ඕනෙ නෑනේ.
)
ලස්සන පිංතූරෙකුත් profile එකට දාලා..
තව Online ඉන්න අයත් එක්ක chat කරනවත්ලු.. මමත් එක්කත් එපාකරපු විදිහට chat කලේ නෑලු..
තව අයට “මං මේ හැකර් කෙනෙක් ඉන්නෙ” කියලත් කියල නෑ.. ![]()
දැං ඉතින් මොනව කරන්නද කියලා අලුත් Acc එකක් පටං අරං තියෙන්නෙ. කොයි එකටත් කියලා මිනිහ Facebook එකට කතන්දරේ report කරලා.
(පාවිච්චි කලේ ලයිව් මේල් එකක්. ඒකෙ තිබ්බ content ගැන microsoft එකට මේල් එකක් වෙන එකවුන්ට් එකකින් යවලා යන්තම් මේල් එක බේරගත්තා.
Facebook එකෙන් ටික දවසකට කලින් මේල් එකක් ඇවිත් ඒ එකවුන්ට් එක Delete කලා කියලා
)
ආරංචි විදිහට හොදටම දන්න කියන යාළුවො සෙට් එකක්ලු ගේම දීල තියෙන්නෙ.
හික්.. තවත් ආරංචි විදිහට හැක් එකක් නෙමෙයිලු. පාස්වර්ඩ් එකෙන්මලු (කොහොම හරි හොයාගන්න නැතෑ) ගිහිං පාස් වෙනස් කරගෙන පිස්සු නටල තියෙන්නෙ..
ඒක නිසා තම තමංගෙ Online ප්‍රතිරූපය ගැන තමන්ම බලාකියාගෙන ඉන්න එක ඇගට හොදා. නිකං බොරුවට ඉල්ලං කන්නෙ නැතුව..
තව, මේ වගේ යාළුවො තමන්ටත් ඉන්නවනම් දැන්ම තියා පරිස්සම් වෙන්න..
අපිත් දැම්මානේ උබුන්ටු…
Oct 25th
සෑහෙන දවසකින් මුකුත් ලියන්නත් බැරි උනා.. (හරියටම කියනවනම් මාසෙකුත් දවස් දහයක්
)
JustHost කාරයො කෙලලා තිබ්බනෙ මුළු සයිට් එකටම..
හොස්ට් එකක් ගන්නවනම් හැමතැනම බලලා, අන්තිමට යන්න තියාගන්න.. දැනටමත් JustHost පාවිච්චි කරනව නම් තියෙන ෆයිල් වල Full Backup එකක් අරං තියාගන්න..
දැං කියන්න ආපු මාතෘකාවට..
දැං දවස් කීපයකට කලින් දැම්මා උබුන්ටු.. (දවස් කීපයක් කිවුවට සති දෙකක් විතර.. මේ වෙනකොට තුන්-හතර සැරයක්ම Format කරලත් තියෙන්නෙ…)
9.04 දැම්මෙ.. තව දවස් 4කින් උබුන්ටු 9.10ත් නිකුත් වෙන්න නියමිතයි.. කලිනුත් උබුන්ටු කීප සැරයක්ම දාලා තියෙනවා. ඒත් ඒවා පාවිච්චි කලේ නෑ.. දවසෙන් දෙකෙන් ආපහු වින්ඩොස්…
ඒත් මේ පාර නම් ටිකක් අල්ලලා ගියා..
මේක තමයි උබුන්ටු වල ඉදං ලියන පළවෙනි බ්ලොග් සටහන..
මේ දවස් වල තවම කරන්නෙ වින්ඩොස් වල කරපු දේවල් ලිනක්ස් වලින් කරන්න ෆුල් ගේම දෙන එක.. Office පැත්ත Google Docs බලාගන්න නිසා උලත් එකයි, පිලත් එකයි.. GIMP තමයි තනි අවුල..
ඒ ඇරෙන්න අනිත් ඔක්කොම වගේ අවුලක් නෑ.. LAMPP, FileZilla, Skype, Pidgin/Empathy, Spaz ඔක්කොම ගානට වැඩ.. ආ.. ඇයි Firefox
(ෆයර්ෆොක්ස් අලුත්ම නිකුතුව උබුන්ටු Software Channel එකට එද්දි හය මාසයක් ගිහින්..
ඕක Update කරන්න ගිහිං සෑහෙන දතක් ගලවගත්තා..
පස්සෙ චතුර අයියගෙ ඔත්තුවකින් දැනගත්තෙ මෙන්න මේක ගැන.. ඒකෙන් යාන්තම් Firefox Update එකක් ආපු ගමන් Update එක ගන්න පුළුවන් )
උබුන්ටු ගැන පොඩ්ඩක් හොයල බලනකොට තමයි දැනගත්තෙ Nautilus එකට super user ලොග් වෙන කතන්දරයක් ගැන.. ඒකෙන් ෆයිල් ගණුදෙනු සම්බන්ධව සෑහෙන දෙයක් කරන්න පුළුවන්.. ඒකට ලොග් වෙන්න gksudo nautilus කියල terminal එකේ කොටන්න විතරයි තියෙන්නෙ.. (නවකයෙක්ගෙන් නවකයන්ට උපදෙසක්
)
තව, වින්ඩොස් ඕනෙම කියන Software දෙකතුනකට Wine වලින් shape වෙන්න කිවුවා..
මේ දවස් වල ඔහොම තමයි ජීවිතේ.. උබුන්ටු කියන්නෙ පේන තරම් සරලත් නැති – හිතන තරම් දරුණුත් නැති මෙහෙයුම් පද්ධතියක්.. වෙලාවක් තියෙනවනම් ආතල් එකටත් එක්ක පොඩ්ඩක් දාලා බලන්න.. (හැබැයි Virtual PC වල, Wubi උඩ වගේ නැතුව කෙලින්ම දාගන්න.. අර ක්‍රම වලට දැම්මහම වෙන්නෙ එපාම වෙලා යන එක..
)
උබුන්ටු වලදි කෙලගන්න වැඩ වලදි අතදෙන්න ඉන්න චතුර, ශාකුන්තල අයියලාට ගොඩක් පිං සිද්ධවේවා.. TechBuzz, BeansJar ඩබලටත් ස්තූති වේවා..
ආහ්! බුධාජීව ලොක්කගෙනුත් සෑහෙන ටිප්ස් ගත්තා..
කාලිංග අයියත් කියලවත් කරගන්න බැරි Help එකක් දුන්නා මගෙ පාටිෂන් එකක්ම මකල දාන්න..
තව නම් නොකියඋන අය සමාවෙන්න හොදේ..
අදට එච්චරයි… අපි කැපුනා එහෙනම්…
Compaq Cup..!
Sep 15th
සෑහෙන දවසකට පස්සෙ ඊයෙ හොඳ මැච් එකක් බැලුවා.. මැච් එක පරාද උනාට, කට්ටිය හොඳට සෙල්ලම් කලා..
අවසාන තරඟයට කලින් තරඟයෙ ලංකාව ගහපු ලකුණු 307 හඹාගෙන ගිය ඉන්දීය කණ්ඩායමට ගන්න පුළුවන් උනේ ලකුණු 168යි..
ඒ අතින් බලද්දි ලංකාව ඊයෙ හොඳටම සෙල්ලම් කලා..
(මහේල ගොං විදිහට දැවී නොයන්න සහ සංගක්කාරගෙ අවාසනාවන්න දැවී යාම නොවෙන්නට ගේමක් නැතුව දිනන්නත් තිබ්බා..
)

තව, ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ දැන් සෑහෙන්න ශක්තිමත් පාටක් පේන්නෙ..
ඕක ඔහොම්මම තියාගත්තොත් නම් ගොඩ.. ![]()

මොනව උනත්, World’s First Digital Trophy එක ගන්න බැරිවෙච්ච එක නම් අපරාදෙ.. කරන්න දෙයක් නෑ, World’s First Digital Trophy තරඟාවලිය, ලංකාවෙ තිබ්බ එක ගැන හිතල වත් හිත හදාගමු..
දැං ඉතින් ගිය දේ ගියා.. දැන් සැප්තැම්බර් 22 ඉඳලා ICC Champions Trophy එක පටන් ගන්නව නෙ, ඒකට වත් හොඳට සූදානම් වෙලා ගිහින්, ඒකවත් (හොරෙන් හරි
) උස්සන්න පුළුවන් වේවා කියල ප්‍රාර්ථනා කරමු..
ශ්‍රී ලංකා කණ්ඩායමට ජය-ශ්‍රී…



