GNS Blog

2009 May 28

Silverlight ද? FlashPlayer ද??

Filed under: Miscellaneous — GNS @ am 8:33

Microsoft Silverlight හි වීඩියෝ ප්ලේයරය ද?

more…

.

Adobe Flash Player ද?

.

අනාගතය කාගේද?

පසු පටහන : Adobe AIR (Adobe Integrated Runtime) එකත් මග එනවා හො‍ඳේ? ;)

2009 May 27

ජනෙල් පුවත්…

ජනෙල් 7 beta පාවිච්චි කරන අයට අසුබදායක ආරංචියක තියෙන්නෙ.Windows 7 RC

ඒ Windows 7 beta සියළුම නිකුතු වල ක්‍රියාකාරිත්වය 2009 අගෝස්තු 1 දායින් අවසන් වන බව.

තවත් දෙයක්, ජූනි මස ජූලි මස පලමුවෙනිදා ඉඳන් සෑම පැය දෙකකට වරක්ම මෙහෙයුම් පද්ධතිය අක්‍රිය වෙනව ත් ලු.

On June 1, 2009, the PC you’re using to test the Beta will begin shutting down every two hours.

කොහොම උනත් Windows 7 RC වලට නම් එහෙම ආබාධයක් නෑ. Windows 7 RC කල් ඉකුත් වෙන්නෙ 2010 අගෝස්තු මස පලමුවෙනිදා. ඒක නිසා beta කට්ටිය ඔක්කොම RC වලට මාරු වෙන්න :D

——-

තවමත් භාවිතය Windows Vista නම්, දැන් Service Pack 2 නිකුත් වෙලා තියෙන්නෙ. විස්ටා කට්ටිය හැකි ඉක්මනින් ඒක ලබාගෙන, ස්ථාපනය කරගන්න.

Service Pack එකක් Upgrade කරන්න ඕනෙ නෑ කියල හිතෙනව වගේ නම්, ඒකෙ වැදගත්කම Techකතා අහල දැනගන්න ;) .

අදට එච්චරයි :D

2009 May 24

Wakoopa!!!

Filed under: Internet — Tags: , , — GNS @ pm 9:28
  • Did you know people browse 7 times longer with Firefox than Internet Explorer? We do.
  • Did you know games are played the least on tuesday and the most on sunday? We do.
  • Did you know women spend twice as much time in Photoshop than men? We do..

.

මෙන්න නියම අයිටම් එකක්..

නම Wakoopa.

මේකෙන් කරන්නෙ අපි පාවිච්චි කරන මෘදුකාංග පිළිබඳ විස්තර Tracker එකක් මඟින්එකතු කරලා ඔවුන්ගේ අඩවියේ අපිට අදාල ගිණුමට යවන එක. සරලව කිවුවොත් Last.fm වගේ තමයි. :)

පසුව ඕනෙම වෙලාවක ඕනෙම කෙනෙක්ට ගිහින් බලන්න පුළුවන් අපි පාවිච්චි කරන (ගිය සතියෙ පාවිච්චි කරපුවා, ගිය මාසෙ පාවිච්චි කරපුවා සහ අලුතෙන් පාවිච්චි කරපු) මෘදුකාංග පිළිබඳ විස්තර.

ඒ වගේම ඔවුන්ගෙ අඩවියෙන් ඒ ඒ මෘදුකාංග කොපමණ භාවිතා කරනවාද යන්නත් දැනගන්න පුළුවන්.

.

Wakoopa GNSLK

මෙහි අපි පෙර සතිය හා පෙර මාසය තුල භාවිතයන් List එකක් මඟින් හා Pie Chart එකක් මඟින් පෙන්වනවා. නවතම භාවිතයන් ද වෙනමම ලැයිස්තුවක දැක්වෙනවා..

.

අපගේ ක්‍රියාකාරිත්වය අනුව මෙහි ලකුණු පිරිනැමීමක් සිදුකරන අතර එමඟින් එක් එක් මට්ටම දක්වා උසස් කිරීමකුත් සිදුවෙනවා..
Wakoopa Awards

කතාව ඇති. පාවිච්චි කරලම බලන්නකෝ…

මෙන්න ලින්ක් එක Wakoopa.com

.

සෙට් වෙනව නම් Sign-up වෙලා Tracker එක බාගන්න.

.
ආහ්! තව දෙයක්. මේකෙ යාළුවො Add කරගන්නත් පුළුවන්.

මෙන්න මගෙ Proflie එක http://wakoopa.com/gayantha ;)

පසු සටහන: RAM භාවිතය…
Wakoopa RAM Usage

2009 May 10

වැව් Panorama

Filed under: Miscellaneous — Tags: — GNS @ am 6:12

.

In its most general sense, a panorama( from Greek <πανοραμα> ) is any wide view of a physical space. It has also come to refer to a wide-angle representation of such a view — whether in painting, drawing, photography, film/video, or a three-dimensional model. Further, the motion-picture term, pan or panning, is derived from “panorama”.

==============================.

.

හුරුළු වැව… (34.23 Mega Pixels)

.

.

කලා වැව… (45.39 Mega Pixels)

2009 April 30

Dialog ඉවරටම ඉවරද…

Filed under: Miscellaneous — GNS @ pm 8:19

Dialog ගැන දැන් හුඟක් අය දරන්නෙ එච්චර හොඳ ආකල්පයක් නෙමෙයි. (විශේ‍ෂයෙන්ම HSDPA පාරිභෝගියන් ;) )

කොහොමෙන් කොහොම උනත් Dialog Customer Care (ඒකට ‘සත්කාරය’ ද මොකක්ද නමක් එහෙමත් දාලා තියෙන්නෙ) එක ගැන නම් තිබ්බෙ හොඳ ආකල්පයක්. මොනව නැතත් පාරිභෝගික සේවාව නිසාම ඩයලොග් එක්ක ඉන්න අයත් ඉන්නවා.

කොහොම හරි මේ කියන්න යන සිද්ධිය උනේ දැන් දවස් 2-3කට කලින්, මම ගියා යුනියන් පෙදෙසෙ තියෙන Dialog Arcade එකට. මගෙ සිම් එකේ SMS වැඩ කලේ නෑ ඒක hot line එකට කිවුවහම කිවුවෙ “මෙහෙන් ඇක්ටිව් කරල තියෙන්නෙ, සිම් එකේ අවුලක්ද දන්නෙ නෑ කියලා”. ඒකටයි, තව මගෙ යාළුවෙක්ගෙ මොඩම් එකක අවුලක් ගිහින් නිසා ඒක මාරු කරගන්නත් එක්කයි.

කොහොම හරි SMS සිද්ධියට, ගිහින් සිම් එක දීලා අනිත් පැත්තට මෙන්න සිම් එක ආපහු දෙනවා “මේකෙ SMS active කරල නෑ. අනිත් පැත්තෙ customer service එකට දීලා ඇක්ටිව් කරගන්න” කියලා. අනේ අර හොට් ලයින් එකේ හිටපු අක්කා අහු උනා නම් (%^*(^*$”%%^*^)&)$%^£$^£)…

කොහොම හරි කතාව කියන්න තියෙන්නෙ මොඩම් එක මාරු කිරීම ගැන. ඒක මගෙ යාළුවට එක දවසක් වත් පාවිච්චි කරන්න වෙලා නෑ. ඒකෙ cable එක මොඩමයට හරියට plug වෙන්නෙ නැති අවුලක් තිබුනෙ. මම ගිහින් පැහැදිලි කරලා කිවුවා මේකෙ තියෙන්නෙ මෙන්න මේ අවුල කියලා. ඒගොල්ලොත් ඉතින් ‘හරි අපි බලමු’ කියලා පැත්තක තිබ්බ PC එකකට ගහගෙන බලාගෙන් ඉන්නවා. වැඩේ හරියන්නෙම නෑ. (ආපහු කිවුවා, ඕක කනෙක්ට් වෙන්නෙ නැති අවුල තියෙන්නෙ කියලා). ඊට පස්සෙ අර firmware update එක දාන්න try කරනවා හෝ ගාලා (connect වෙන්නෙ නැති මොඩමෙක firmware update කරන්නෙ කොහොමද :S ). කොහොම හරි විනාඩි පැයකට ආසන්න කාලයක් එකම දේ කරලා අන්තිමටම යන්තං තීරණය කලා මේකට බඩු පැකට්, replace කරන්න ඕනෙ කියලා.

ඊට පස්සෙ replace කරන්න අවශ්‍ය ලියවිලි හදලා දීලා කිවුවා ඒකත් එහා පැත්තෙ Customer Service එකට දීලා මාරු කරගන්න කියලා.

.

ගියා ඒ පාර ‘එහා පැත්තෙ’ තියෙන Customer Service එකට. මට හම්බ උන නොම්බ‍රේ N382. අප්පට සිරි. වැඩේ ගොඩ. නම්බරේ අර පැත්තකින් තියෙන display එකේ වැටිලා තියෙනවා. හුරේ කියාගෙන ගියා අදාල කවුන්ටරේට. අප්පට සිරි. මෙන්න වෙන කවුද (කලින් කෙනා ද මන්දා) ඉන්නවා. කවුන්ටරේ හිටපු අක්ක කියනවා “මහත්මයා පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න” කියලා. හිටියා ඉතිං, වෙන මොනවා කරන්නද :( (Techncal එකේ තව කමක් නෑ. එතන ටෙස්ටිං එකක් හරි කලා නෙ. මෙතන නිකං උඩ බලං ඉන්න තියෙන්නෙ). කොහොම හරි එතන ඉඳගෙන හිටියා පැය කාලක් විතර. (N382ට පස්සෙ අංක වෙන වෙන කවුන්ටර් වලින් ගියා. අංක සෑහෙන තොගයක් ගියා). කොහොම හරි ඉඳලා ඉඳලා හිටපු පුද්ගලයා ගියා කියමුකො. මමත් ගිහිං ඉඳගත්තා. මෙන්න Customer care officer කාරයත්‍, මට “පොඩ්ඩක් ඔහොම ඉන්න” කියලා නැගිටලා යන්න ගියා. Technical එකෙත් පැයක් විතර රස්තියාදු වෙලා, Customer Service එකෙත් පැය කාලක් රස්තියා‍දු වෙලා ඒ අස්සෙ මේ ගෑණි යන්නත් ගියා. මම ඉතින් තරහ ගිල ගිලා හිටියා. යන්තම් විනාඩි 10 යන්න කලින් ආවා. ඒ ඇවිත්, එන්න මහත්මයා මාත් එක්ක කියලා මාව එක්කන් ගිහින් වෙන කවුන්ටරේකට අත ඇරලා ඒක ගිහිං හිටපු තැනින් වා‍ඩි උනා. එතනින් එහාට අනිත් කවුන්ටරෙන් තමයි කතන්දරේ continune උනේ. එතන හිටපු එක්කෙනත් අරයට දෙවෙනි නෑ. එක වගේ මිනිස්සු ගැන දෙපාරක් කතා කරලා වැඩක් නැති නිසා එයාව අමතක කරලා දාමු.

( මම තව යාළුවො දෙන්නෙක් එක්ක ගියෙ, උන් දෙන්නා Town Hall එක ගාවා bus halt එකට වෙලා පැය ගානක් කට්ට කාලා මං නිසා :( )

.

කොහොම උනත් පේන විදිහට නම් තමන්ටම අනන්‍ය පාරිභෝගික සේවාවක් පවත්වාගෙන ගිය ‍Dialog, දැන් ඒකත් කප්පාදු කරල වගේ. ඉස්සර CCS (Customer Care Service), දැන් නිකංම Customer Service ;)

හොඳට තිබ්බෙ ඒක විතරයි. පේන විදිහට ඒකත් ඉවරයි. :/

.

[ඩයලොග් ටෙලිකොම් - අනාගත්තේ අදයි]… :D

« Newer PostsOlder Posts »

Powered by WordPress