GNS Blog

2009 April 29

උබුන්ටු නොමිලේ දීම නවත්වයිද?

Filed under: Technology — Tags: , , — GNS @ am 9:02

මම ඉස්සෙල්ලාම උබුන්ටු එකක් ඉල්ලුවෙ 2006 අන්තිම හරියෙදි ‍හරි, 2007දි හරි.

ඒ දවස් වල උබුන්ටු තැටි 3ක් එවනවා එක ඉල්ලීමකට.

පස්සෙ ඒක 2 දක්වා අඩු කලා.

දැන් ඒක 1ට අඩු කරලා.

(මොනව උනත් නිකං දෙන එක ගන්නෙ නැතුව විකාර කියවනවා කියල නම් කියන්න එපා හරිද? :P )

මගෙ නම් අදහස එක ඉල්ලීමකට උපරිමය 5ක් 10ක් වත් එවන්න  Canonical ආයතනය තීරණය කලානම් හොඳයි කියලා. මොකද අපිට CD 5ක් ලැබුන කියලා 5ම පාවිච්චි කරන්නෙ නෑ නෙ. උපරිම තැටි 2ක් තියාගෙන ඉතුරු එවුවා කාට කාට හරි දීලා දානවනෙ (මේ අ‍තරෙ, තැටි එකතු කරන අයත් නැතුවම නෙමෙයි :D )

.

කොහොම හරි මම 9‍.04 තැටියක් ඉල්ලුව නිසා (ඩවුන්ලොඩ් කරපු කාලෙ ගියා. දැන් අපි FUP වලට පිං සිද්ද වෙන්න, අම්බානකට කොට කොටා ඉන්නවා) ඒකට මොකද උනේ බලන්න ShipIt පැත්තෙ ගියා.

උබුන්ටු

.

මේ යන විදිහට උබුන්ටු නොමිලේ දෙන එක නවත්තල දායිද මන්දා. (ඉල්ලුමත් දැන් ඉස්සරට වඩා සැරයිලුනෙ. අනිත් එක කොච්චර වියදමක් කියල යනවත් ඇතිද? :) )

2009 April 26

මුහුණු පොතේ පිටු ඉවත් කිරීම ???

Filed under: Internet — Tags: , — GNS @ pm 2:29

මටත් ඉතිං නිකං ඉන්න බැරුවට මගේ මුහුණු‍පොත් ගිණුමේ ඉන්න යාළුවො (මගෙ යාළුවො නෙමෙයි, ෆේස්බුක් කරයො මගේ යාළුවො කියල හිතන් ඉන්න අය) කීදෙනෙක් ඉන්නවද කියල පොඩ්ඩක් විපරම් කරලා බැලුවා. හප්පේ දෙසීය විසි පහක් ඉන්නවා :D

නරකමත් නෑ වැඩේ. ‍

ඒත් පොඩි ප්‍රශ්නයක්…!!! මම හුඟක් අයව කවුද කියලවත් දන්නෙ නෑ. (මාර යාළුකමක් තමයි ඒකත්). අනික සමහරු මේ පොත මාස ගානකින් ඇරලවත් නෑ. ( ඒක නිසාද කොහෙද Facebook එකෙන්ම අපිට ලඟදි ක්‍රියාකාරී උන අයව වෙනම බලාගන්න විදිහක් හදල තියෙන්නෙ :P )

කොහොම හරි කතාව මේකයි…

මම පොඩි තීරණයක් ගත්තා මගේ පොතේ පිරිල ඉන්න සෙනඟ අඩු කරන්න.

පොඩ්ඩක් ගණන් කරල එහෙම බැලුවා. ඇතුලෙ ඉන්න ටිකට් දෙන්න වෙන්නෙ 83දෙනෙකුට (හරියටම බැලුවෙ නෑ. ඒක නිසා පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන් :) ) විතරයි. ඉතුරු 142ටම සොරි තමයි..

.

මේක ටිකක් දරුණු තීරණයක්. මොක්කු උනත් මිනිස්සු නෙ. සිත් රිදවීම් ඇතිවෙන්න පුළුවන්.

ඒක නිසා මම මේ තීරණය ක්‍රියාත්මක කරන්නද, එපාද කියල Comment එකක දාලා පොඩි සහයෝගයක් දෙන්න.

.

2009 April 22

Lahiru- Rambari

Filed under: Music — Tags: , — GNS @ pm 10:17

ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ ඩබ්

රම්බරි කියපන් උඹෙ නොම්බරේ
තන්දුරි කමුද නොදා බරබරේ
වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ
අම්පාරෙ මල්ලි නිදිද කාමරේ (වැඩිද මන්දා)
ජම්බෝලේ වගෙ ඉන්න සුන්දරා
සම්බෝලෙ කොටල ගමුද ලුණු දමා
දංගොල්ලෙ මාම ඇවිත් මහ කුණා
ගස් පල්ලෙ ඉඳන් බොමුද රා පෙරා

රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
පාන් බාගෙ කපල ගන්න
ප්ලේන්ටි වක්කරල ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
එන්න නංගි එන්න නංගි හැඩදමා
එළිවෙනකම් සින්දු කියමු රොක් වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය
එළිවෙනකම් අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක් වෙලා

රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්

කන්ණඩි දැම්මත් නෑ හැඩවැඩේ (ඩේ ඩේ)
කවුද මේක බාරගන්නෙ අන්තිමේ (මේ මේ)
ලොරි බාගේ මට දුන්නත් හුටපටේ (ටේ ටේ)
මෙහෙම කටක් දැක්කෙම නෑ මේ රටේ (ටේ ටේ)
හුම්මානෙන් වතුර බොමුද සෝබනා
හඳපානේ විරිදු කියමු රන්ජනා
ලොරි බාගෙන් රවුමක් යමු රෑ වෙලා
මරදානෙන් පරාට කමු ලංවෙලා

රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන් දාබන දාබන රුක්මන්
රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන්

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
පාන් බාගෙ කපල ගන්න
ප්ලේන්ටි වක්කරල ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
එන්න නංගි එන්න නංගි හැඩදමා
එළිවෙනකම් සින්දු කියමු රොක් වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය
එළිවෙනකම් අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක් වෙලා

රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්

සෙල්ලම් වලින් රට හොල්ලපු ලොකුසිරා
ඇතුලෙ ඉඳන් ඊයෙ ඇවිත් ඒ හොරා
එහා ගෙදර මැගි අක්කට හරි හිනා
මට නම් නෑ දිරවන්නේ ඔය කතා
මුරලි දැම්ම හොඳට දුස්රා අඹරලා
සනත් ගැහුවා තිතට අනේ නෑ හිනා
ජොන් සීනා කාල හොඳට පෙරේදා
එත් වහලෙ හිලෙන් වතුර ගැලුව රෑ පුරා

රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
පාන් බාගෙ කපල ගන්න
ප්ලේන්ටි වක්කරල ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
එන්න නංගි එන්න නංගි හැඩදමා
එළිවෙනකම් සින්දු කියමු රොක් වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය
එළිවෙනකම් අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක් වෙලා

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
පාන් බාගෙ කපල ගන්න
ප්ලේන්ටි වක්කරල ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
එන්න නංගි එන්න නංගි හැඩදමා
එළිවෙනකම් සින්දු කියමු රොක් වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය
එළිවෙනකම් අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක් වෙලා

(ඒ ගඳයි බන් කවුද ආ……)

ගායනය : ලහිරු පෙරේරා

සංගීතය : ලහිරු + Daddy

පද : මනුරංග විජේසේකර

.

වීඩියෝව බාගත කරන්න (ටැග රහිත)

.

ගී පද සඳහා විශේෂ ස්තුතිය SinhalaSongLyrics.Blogspot.com

2009 April 20

මටත් FUP බාල්දිය 'සෙට්' උනා…

Filed under: Internet — Tags: , , — GNS @ pm 12:44

හික් හික්!!

ඔන්න ඉතින් මටත් ඉඳල ඉඳලා සෙට් උනා මරු බාල්දියක්…

මම මේ Connection එක ගත්තෙ ජනවාරි අග. එදා ඉඳල මේ වෙනකම් FUP වලින් කරදරයක් තිබුනෙ නෑ.

සාමාන්‍යයෙන් 180~190KB/s තමයි speed තිබුනෙ. දවසකට ගිගා බයිට් 10ක් ඩවුන්ලෝඩ් කරපු දවස් හිටන් තිබුනා.

කොහොම උනත් දැන් ඉතින් බඩු පැකට් නේ :D

මම FUP ගැන වැඩි අවධානයක් යොමු නොකරන්න හේතුව උනේ

1. කලින් මාස වල FUP ක්‍රියාත්මක නොවීම

2. 5GB වලින් පස්සෙ 3G speed එක දක්වා පහත වැටීම (එතකොට ඉතුරු ගිගා 1 වත් මාසෙ පුරා පාවිච්චි කරනව කියල හිටියෙ)

කොහොම උනත් ගිගා 6ම 1.5Mb/s speed එකෙන්ම ගිහින් ඒක නිසා මට 3G speed තරමට speed drop වෙලා තිබුනෙත් නෑ. (මම ඉතින් ඒ බවක් දන්නව යැ) මම ඒක නිසා Dialog එකට කතා කරල ඇහුවා සිද්ධිය. Dialog එකෙන කියාපි “මහත්මයගේ ගිගා 6 ඉක්මවල තියෙන්නේ” කියලා. මට කාටුන් වල වගේ ඩොලර් මාක් (%$&$%&*£^£$$^) පෙනුනෙ ඒ වෙලාවෙ තමයි.

මගෙ SMS වැඩ කරන්නෙත් නෑ. මම කිවුවා මට පාවිච්චි කරපු තරම බලාගන්න MyDialog එකේ register වෙන්න බෑ කියලා. එතකොට එයා කියනවා එහෙනම් MyDialog එකේ register වෙන්න කියලා. (බි.පෙ.සි)

කොහොම හරි පැහැදිලි කරලා දුන්නා මගේ SMS වැඩ නැති නිසා Confirm code එක එන්නෙ නෑ කියලා. එතකොට “එහෙනම් මහත්මයා වෙන දුරකථනයක් භාවිතා කරල ‍register වෙන්න” කියල නම් කිවුවෙ නෑ ;) (නැවත බි.පෙ.සි) කොහොම හරි මාව විනාඩි 10ක් වගේ “මද වෙලාවක්” රඳවා තියල අන්තිමටම කිවුවා SMS අවුල ලිහාගන්න Arcade එකකට එන්න කියලා. (අම්මෝ… ඔයින් ගියා ඇති)

.

කො‍හොමෙන් කොහොමෙන් හරි මෙන්න මේකයි දැන් තත්වේ.

Damn FUP
(මේ පිංතූරෙ අප්ලෝඩ් කරන්නත් විනාඩි 2~3කට වඩා ගියෙ නෑ හො‍ඳේ…)
ම්ම්! නරකමත් නෑ. ‘කිලෝ බිට්’ වලින්ම හැට හතරක උපරිමයක් එනවනේ, සෙල්ලංද :D

.

මම තවම මේක අරං මාස 3ක් විතර. තවම පරිවාස කාලෙ යන්නෙ. මේ විදිහට දිගටම තිබුනොත් නම් ‘සිම්පල් ප්ලෑන්’ එකකට මාරු වෙන්නම වෙයි වගේ…

දැන් ඉතින් මොනව කරන්නද, ඔක්කොම හොඳටයි කියලා හිතල උඩ බලං ඉන්න තමයි තියෙන්නෙ :( .

මටත් FUP බාල්දිය ‘සෙට්’ උනා…

« Newer PostsOlder Posts »

Powered by WordPress