සෑහෙන දවසකට පස්සෙ ඊයෙ හොඳ මැච් එකක් බැලුවා.. මැච් එක පරාද උනාට, කට්ටිය හොඳට සෙල්ලම් කලා.. (y)
අවසාන තරඟයට කලින් තරඟයෙ ලංකාව ගහපු ලකුණු 307 හඹාගෙන ගිය ඉන්දීය කණ්ඩායමට ගන්න පුළුවන් උනේ ලකුණු 168යි.. (puke) ඒ අතින් බලද්දි ලංකාව ඊයෙ හොඳටම සෙල්ලම් කලා.. (flex) (මහේල ගොං විදිහට දැවී නොයන්න සහ සංගක්කාරගෙ අවාසනාවන්න දැවී යාම නොවෙන්නට ගේමක් නැතුව දිනන්නත් තිබ්බා.. ;( )

තව, ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ දැන් සෑහෙන්න ශක්තිමත් පාටක් පේන්නෙ.. (dance) ඕක ඔහොම්මම තියාගත්තොත් නම් ගොඩ.. ![]()

මොනව උනත්, World’s First Digital Trophy එක ගන්න බැරිවෙච්ච එක නම් අපරාදෙ.. කරන්න දෙයක් නෑ, World’s First Digital Trophy තරඟාවලිය, ලංකාවෙ තිබ්බ එක ගැන හිතල වත් හිත හදාගමු.. (chuckle)
දැං ඉතින් ගිය දේ ගියා.. දැන් සැප්තැම්බර් 22 ඉඳලා ICC Champions Trophy එක පටන් ගන්නව නෙ, ඒකට වත් හොඳට සූදානම් වෙලා ගිහින්, ඒකවත් (හොරෙන් හරි (rofl) ) උස්සන්න පුළුවන් වේවා කියල ප්‍රාර්ථනා කරමු..
ශ්‍රී ලංකා කණ්ඩායමට ජය-ශ්‍රී… (flag:LK)


