අපි හැමදාම කරන්නෙ කෝච්චිය ආවහම නැගල යන එකයි, අදාල ස්ටේෂමට ගියහම බැහැල යන එකයි.(ආහ්! ඇයි පරක්කු උනහම බනින එක? :P ) ඒත් කෝච්චි පෙට්ටි එකට එකක් සම්බන්ධ වෙච්ච හැටි ගැන කවදාවත් හිතුවද?

මේ තියෙන්නෙ අපි trip එකක් ගිය වෙලාවක නිකං ඉන්න බැරුවට ගහපු පිංතුර වගයක්. (Trip නෙමෙයි, කොහෙ ගිහිල්ල ගැහැවුවත් ඉතින් එකම තමයි. මොකෝ කෝච්චියෙ කෑලි මාරු වෙනව යැ. :P )

පෙනේද කෝච්චියෙ එන්ජිමයි, පෙට්ටියි සම්බන්ධ වෙන විදිහ?
කෝච්චි

මම අධ්‍යයනය කරපු විදිහට නම් සම්බන්ධ කරන ආකාර 2ක් තියෙනවා. රතුපාටින් පෙන්නල තියෙන්නෙ එක ආකාරයක්. කහපාටින් අනික..

(කහ පාට එක පැහැදිලි නැත්නම් ‍පහල පිංතූරය බලන්න. ඒකත් පැහැදිලි මදි නම් click කරල ‍original image එකම බලන්න)
කෝච්චි

බැලූ බැල්මට නම් කහ පාටින් ලකුණු කරල තියෙන විදිහ අලුත් වගේ. සෑම බලවේග කට්ටල (Power-Set) වලත් පාවිච්චි කරන්නෙ ඒ ක්‍රමයයි.

නමුත් Locomotive වලදි මේ Connectors වර්ග දෙක පාවිච්චි කරන්නෙ එන්ජිම අනුවයි. ඒත් පෙට්ටි අතර සම්බන්ධතාවයට ගොඩක් වෙලාවට (මම දැකපුවගෙන් නම් 100%ක්ම) යොදාගන්නෙ කහපාටින් ලකුණු කරල තියෙන අකාරයයි.

ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අනිත් විදිහ පාවිච්චි වෙන්නෙ නෑ කියලා. (පාවිච්චි වෙන්නෙ නැත්නම් ඔය ගහල තියෙන්නෙ මොකටද නේද? අනික ඔය පිංතුරෙ ගත්තෙ බදුල්ල Station එකේදි එන්ජිම සවි කරන්නට පෙර සහ පසු :D )
කොහොම හරි මට කියන්න ඕනෙ උනේ අර කලින් පිංතුරෙ ගැන. ඒකෙ එන්ජිමයි පෙට්ටිය අතරේ සම්බන්ධතාවය යොදාගෙන තියෙන කොක්කෙ size එක පේනවනෙ? අර තරම් පෙට්ටි ගොඩක් මේ පොඩි කොක්කෙන් කොහොම අදිනවා ඇද්ද නේ??? :)