Posts tagged Deyata Kirula 2009
“ලං.ග.ම”යේ දියුණුව ‘දැයට කිරුලේදී’ දුටිමි…
Feb 9th

අපි දැයට කිරුල බලන්න ගියේ සිකුරාද බව මතක ඇතිනේ, මේ සටහන ලියන්න අද (සඳුදා) වෙනකම් හිටියෙ ඇයි කියල හිතෙනවත් ඇති නේද?
හෙතුව පහළට යනකන්ම කියෙව්වොත් දැනගන්න ලැබේවි..
—–
අපි කවුරුත් දන්න CTB නොහොත් ‘සිලෝන් ටකරන් බස්’ දන්න කාලෙ ඉඳලම මහ ‘අල’ සේවාවක් ලබා දුන්න බව නොරහසක්.
නමුත් දැන් දැන් ඒ තත්වයෙන් මිදිලා පොඩ්ඩක ඔලුව උස්සමින් ඉන්න වග ටිකක් තදට පේන්න තියෙනවා.
දුර ගමන් සේවා සඳහා ‘කිරි කිරි’ බස් රථ එහෙමත් දාලා නොවැ (පොඩි පාරවල් වලටත් දාලා නැතුවම නොවෙයි)


පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොලේ ආකෘතියක්
—–
මේ ඔවුන් හන්ඳුන්වල දෙන්නෙ ඔවුන්ගෙ වෙබ් අඩවියෙන් අපිට ගත හැකි ප්‍රයෝජන ගැනයි.

ඔවුන්ට අනුව මෙම වෙබ් අඩවිය (www.sltb.lk) පෙබරවාරි 07 වන දින දියත් කල යුතු වුවත් මේ වන තුරුත් එය දියත් වෙලා නම් නැහැ.
කෙසේ වෙතත් ඔවුන් සඳහන් කල ආකාරයට නම් මෙමඟින් අපට අප ප්‍රදේශයට අදාල ඩිපෝව පිලිබඳ සියළුම තොරතුරු ලබාගත හැකියි.
එනම් ඩිපෝ පෙලගැස්වීම (ranking)ට අනුව තම ඩිපෝවට හිමි ස්ථානය (රූපයේ පෙනෙන්නේ එහි රූප රාමුවකි), දෛනික ලාභය, ඩිපෝවේ ක්‍රියාකාරකම් (බස් ධාවනය වන මාර්ගයන්, හිමි බස් රථ ප්‍රමාණය ආදිය) වැනි තොරතුරු මේ මඟින් ලබාගත හැකියි.
මෙන්න ඊලඟ item එක,

මේකෙන් පුළුවන් අදාල බස් රථය දැනට මාර්ගයේ කොතැනද තියෙන්නේ කියා දැනගැනීමට. මෙය සිදුකරන්නේ කොන්දොස්තර මහතා අත ඇති ටිකට් යන්ත්‍රයට සිම් එකක් දමා එය GPS device එකක් බවට පත්කිරීම තුලින්. (කොන්දොස්තර වෙන කොහෙ හරි ගියත් බස් එක එතන තියෙන බව පෙන්වීම වෙනමම කතාවක්
). කෙසේ වුවත් මේ තොරතුරු දැනගැනීමට නම් අපිට ‘ලං.ග.ම’ට ඇමතුමක් ලබා දීමට හෝ පණිවුඩයක් (SMS) යැවීමට සිදුවෙනවා. මොකද අපිට කෙලින්ම මේ අඩවියට යන්න බෑ.
මෙන්න දවසේ මාතෘකාව,

මේ තියෙන්නේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොල. දැන් ඒකෙ ආරක්ෂක කැමරා සවි කරලලු තියෙන්නෙ. අපිට බලන්න දෙන්නෙම නෑ ලු. ඒකෙන් බස් නැවතුමට එන්නෙ කවුද, කරන්නෙ මොනවද කියල ඔක්කොම පරිපාලනය අධිකාරියට බලන්න පුළුවන්.
මමත් ඉතින් ගොනා වගේ ඔක්කොම අහගෙන ඉඳල ගෙදර ඇවිල්ල ගියා ඔවුන්ගේ වෙබ් අඩවිය(sltb.lk)ට. ෂික්! වැඩ නෑ!!
ඒ පාර, නිකන් ඉන්න එකේ ඔය screenshot එකේ තියෙන IP Address එකට ගිහින් බැලුවා. අපොයි! Password Protected.
ආපු එකේ හිස් අතින් යන්නෙ මොකටද කියලා එකේ ඉලක්කමෙන් පටන් ගත්තා පොඩි testing ව්‍යාපාරයක්. මෙන්න වැඩ !!!
"දැයට කිරුළ" මාර්ග සිතියම…
Feb 6th
හෙට හෝ අනිද්දා “දැයට කිරුළ” බලන්න යන්න හිතන් ඉන්නවනම් මෙන්න මේ සිතියම අධ්‍යයනය කරල යන්න
අපි අද ගියා “දැයට කිරුළ” බලන්න.
තිබුන ලොකුම ගැටළුව තමයි සිතියමක් පේන්න තිබුනෙ නැති එක.
කොහොම හරි හෙන ගේමක් දීලා එකක් හොයාගත්තා.
Thumbnail එක උඩ ක්ලික් කරල original image එක බලන්න.
හිටවල තිබුන බෝඩ් එකක් ගත්තෙ. quality ඇතිවෙයි නේ?
ප්‍රදර්ශනය ගැන විස්තර සහ කතා කිරීම පසුවට…




