GNS Blog

2011 September 1

වෙබ් අඩවි සඳහා ෆේස්බුක් ලයික් | Facebook LIKE for Websites

Filed under: Public,Technology — Tags: , , , — GNS @ pm 3:00

“ෆේස්බුක් ලයික්“ මේ වන විට ඉතාම ජනප්‍රිය විශේෂාංගයක්. ෆේස්බුක් අඩවිය තුල මෙන්ම, වෙනත් වෙබ් අඩවි තුල පවා දක්නට ලැබෙන ලිපි, තම මිතුරන් හා බෙදාගැනීමට ෆේස්බුක් විසින් මේ අංගය හඳුන්වා දී තිබෙන්නෙ, මෙහි ඇති විශේෂම ලක්ෂණය තමයි තනි ක්ලික් එකකින් (Single Click) ලයික් කිරීම සිදුකල හැකි වීම. ඕනෑම අඩවියකට Like button එකක් යොදාගැනීමේ සරලම ආකාරය තමයි පහතින් දක්වල තියෙන්නෙ,

<iframe src="http://www.facebook.com/plugins/like.php?href=http://link_to_like"></iframe>

LIKE ක්‍රියාවලියෙදි පාර්ශව තුනක් දායක වෙනවා, ඒ ලයික් බොත්තම ඇති පිටුව (Current Page), ෆේස්බුක් අඩවිය, ලයික් කල යුතු පිටුව (Destination Page)

http://www.facebook.com/plugins/like.php?href=http://link_to_like

ඉහත සබැඳුමෙහි නිල් පාටින් දක්වා තියෙන්නෙ Facebook අඩවිය සම්බන්ධ වන ආකාරය, රතු පාටින් දක්වල තියෙන්නෙ ලයික් කල යුතු පිටුව, මේ මුළු සබැඳුම ම තියෙන්න පිටුව තමයි current page එක.
(destination url එක ලෙස current page එකම වුවත් භාවිතා කරල තියෙන්න පුළුවන්)

current page එක තුල ලයික් බොත්තම load කරගැනීමට ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ iFrame එකක් භාවිතයෙන් හෝ, FBML (Facebook Markup Language) භාවිතයෙන්.
පිටුව තුල දැමීමට අදහස් කරන්නෙ එක ලයික් බොත්තමක් පමණක් නම් මින් කුමන ක්‍රමය භාවිතා කලත් ගැටළුවක් නැහැ. නමුත් Like button එකකට වැඩි ගණනක් දැමීමට අදහස් කරනවා නම් FBML බාවිතා කරන එක වඩා උචිතයි.
FBML හි වාසිය නම්,
<script src=”http://connect.facebook.net/en_US/all.js#xfbml=1″></script> ලෙස <head> ඇතුලත් කර,
Like button එක ලෝඩ් කිරීමට අවශ්‍ය වූ විට <fb:like href=”link_to_like”></fb:like> ලෙස යෙදීමෙන් පමණක් ලයික් බොත්තම ලෝඩ් කරගැනීමට හැකිවීමයි.

තමන්ට අවශ්‍ය ආකාරයට ලයික් බොත්තමත් නිර්මාණය කරගැනීමට https://developers.facebook.com/docs/reference/plugins/like වෙත පිවිසෙන්න.


දැන් Like Button එක හදාගෙන ඉවරයි, කොහොමද දැන් වැඩේ වෙන්නෙ?

Facebook LIKE procedure
ඉස්සෙල්ලාම, Like Button එකෙන් ෆේස්බුක් අඩවියට කියනවා “මේ ලින්ක්“ එකට ලයික් එකක් දාන්න කියලා (Step 1),
ඊට පස්සෙ ෆේස්බුක් අඩවියෙන් අදාල destination page එකේ මූලික විස්තර ටික ඉල්ලනවා (Step 2)
අදාල පිටුවෙ මූලික විස්තර (පිටුවේ Title එක, පිටුවට අදාල Thumbnail එක ආදිය) meta tag වල දක්වලා තියෙනව නම් ඒ විස්තරත්, එහෙම දක්වලා නැතිනම් ඒ අවස්ථාවේ පිටුවේ තියෙන Title එක, පිටුවේ කොතන හෝ ඇති පින්තූරයක් thumbnail එක ආදිය මූලික දත්ත  ලෙස නැවත ෆේස්බුක් අඩවිය වෙත යැවෙනවා. (Step 3)


දැන් Destination Page එක ගැන පොඩ්ඩක් හොයල බලමු,
ඉහත සඳහන් කල මූලික විස්තර ෆේස්බුක් අඩවිය විසින් කියවනු ලබන්නේ Open Graph ටැග තුල විස්තර තියෙනවා නම් පමණයි, මෙහි තියෙන වාසිය තමයි, තමන්ට අවශ්‍ය දත්ත ෆේස්බුක් අඩවිය වෙත ලබාදෙන්න හැකි වීම.
පහත දැක්වෙන්නෙ මේ සඳහා අවශ්‍ය මූලික ටැග

<meta property="og:title" content="වෙබ් අඩවි සඳහා ෆේස්බුක් ලයික්  | Facebook LIKE for Websites" />
<meta property="og:type" content="article" />
<meta property="og:url" content="http://blog.gnslk.com/link" />
<meta property="og:image" content="http://www.gnslk.com/image" />
<meta property="og:site_name" content="GNS blog" />
<meta property="fb:admins" content="76399949708" />

මෙහි  og:type එක නිසි ආකාරයෙන් සඳහන් කරල තියෙන්න ඕනෙ, මෙම ලැයිස්තුවෙන් තමන්ගේ ලින්ක් එකට වඩා ගැලපෙන og:type එක තෝරාගන්න, https://developers.facebook.com/docs/opengraph/#types
තවද, මෙහි ඇති වැදගත්ම අංගය තමයි, fb:admins තුලින්, මෙම ලින්ක් එක අයිති කා හටද කියන එක සඳහන් කල හැකි වීම. මෙතනට අයිතිකරුගේ Profile ID එක යෙදීම තුලින් අදාල සබැඳුමට ලයික් කල අය පිළිබඳ විස්තර ලබාගන්න පුළුවන්.

මෙම Open Graph ටැග තිබිය යුත්තෙ Like Button එක මගින් point වෙන Destination Page එකේ <head> කොටස තුල,


Self Hosted WordPress සඳහා open graph දැමීමට අවශ්‍ය නම් පහත කේතය භාවිතා කල හැක.  මේ සඳහා Theme ෆෝල්ඩරය තුල ඇති header.php ගොනුව edit කල යුතුය

<meta property="og:title" content="<?php echo the_title() ?>"/>
 <meta property="og:type" content="article"/>
 <meta property="og:url" content="<?php echo get_permalink(); ?>"/>
 <meta property="og:image" content="fixed_image_url"/> (මෙසේ යෙදීමෙන් හැම විටම පෙන්වන්නෙ එකම පිංතූරය, Theme එක Featured Image සඳහා සහය දක්වයි නම් එක භාවිතා කරන්න)
 <meta property="og:site_name" content="Blog Name"/>
 <meta property="fb:admins" content="your_facebook_id" />

2009 December 29

Good Bye – 2009

Filed under: Miscellaneous — Tags: , , , , , — GNS @ pm 10:25

2009 අවුරුද්දත් ඉවරයි.. මේ අවුරුද්ද මට ටිකක් Online පැත්තට බර වෙච්ච අවුරුද්දක්. ඒකට හේතුව Dial-up එක්ක කොට කොට හිටපු මම බෝඩ්බෑන්ඩ් (chuckle) ගත්ත එක.. ඉස්සෙල්ලම ගත්තෙ Dialog HSDPA එකක්. ඒක සෑහෙන්න වද දුන්න උනත්, ඒ වදේ හින්දම තමයි SLT ADSL ගන්න පෙළඹුනේ. ඒ වෙනකො​ට (Dial-up වලින්) බ්ලොග් කියව කියව විතරක් හිටපු මම Myblog.lk එකේ සිංහල අතුරු මුහුණත දැකල බිලොග් ලියන්නත් පෙළඹුනා. ඒ වෙනකොට සින්ඩිකේටරයක්, බ්ලොග් සංසදයක් තියෙනව කියලවත් දැනගෙන හිටියෙ නෑ. කොහොම කොහොම හරි Myblog එකේ හිටපු මට රුක්ෂාන් අයියගෙ ඔත්තුවකින් මටම කියල Domain එකක් ගන්න චෑන්ස් එකක් සෙට් උනා. අපේ ගම්පහ නගරාධිපතිතුමා තමයි බරපැන ඔක්කොම දැරුවෙ (bow) . Myblog එකේම ඩොමේන් මැප් කරල ටික දවසක් දුවල, පස්සෙ වෙන හොස්ට් එකකට මාරු කලා. මේ වෙද්දි හොස්ටිං දෙතුන්සැරයක්ම මාරු කරල තියෙන්නෙ.. :D (more…)

2009 October 31

මිතුරන්ගෙන් ප්‍රවේසම් වන්න…

Filed under: Internet,Public — Tags: , , , — GNS @ pm 7:02

මේක මම හොදටම දන්න කියන කෙනෙක්ට වෙච්ච සිද්ධියක්.. :S

දවසක් කෝල් එකක් එනවා “මගෙ Fb Hack කරලා, මේල් එකත් හැක් කරලා. දන්න කියන හැමෝටම කියන්න ආපහු කියනකං මගෙ Account එකත් එක්ක ගණුදෙණු කරන්න එපා කියලා” :O  :O

ගිහිල්ලා බලද්දි කතාව ඇත්ත.. රිංගපු එකා එකවුන්ට් එක විනාසම කරල දාලා. (headbang)

Username එක කැලේ (වෙනස් කරලා), හෝ ගාලා විකාර Status දානවා (හැක් කරපු එකක දාන ස්ටේටස් ගැන කියන්න ඕනෙ නෑනේ. |-( )

ලස්සන පිංතූරෙකුත් profile එකට දාලා.. ]:) තව Online ඉන්න අයත් එක්ක chat  කරනවත්ලු.. මමත් එක්කත් එපාකරපු විදිහට chat කලේ නෑලු.. ;) තව අයට “මං මේ හැකර් කෙනෙක් ඉන්නෙ” කියලත් කියල නෑ.. (chuckle)
දැං ඉතින් මොනව කරන්නද කියලා අලුත් Acc එකක් පටං අරං තියෙන්නෙ. කොයි එකටත් කියලා මිනිහ Facebook එකට කතන්දරේ report කරලා.

(පාවිච්චි කලේ ලයිව් මේල් එකක්. ඒකෙ තිබ්බ content ගැන microsoft එකට මේල් එකක් වෙන එකවුන්ට් එකකින් යවලා යන්තම් මේල් එක බේරගත්තා. (whew) Facebook එකෙන් ටික දවසකට කලින් මේල් එකක් ඇවිත් ඒ එකවුන්ට් එක Delete කලා කියලා (flex) )

ආරංචි විදිහට හොදටම දන්න කියන යාළුවො සෙට් එකක්ලු ගේම දීල තියෙන්නෙ. (puke)

හික්.. තවත් ආරංචි විදිහට හැක් එකක් නෙමෙයිලු. පාස්වර්ඩ් එකෙන්මලු (කොහොම හරි හොයාගන්න නැතෑ) ගිහිං පාස් වෙනස් කරගෙන පිස්සු නටල තියෙන්නෙ.. 8-|

ඒක නිසා තම තමංගෙ Online ප්‍රතිරූපය ගැන තමන්ම බලාකියාගෙන ඉන්න එක ඇගට හොදා. නිකං බොරුවට ඉල්ලං කන්නෙ නැතුව.. (wait)

තව, මේ වගේ යාළුවො තමන්ටත් ඉන්නවනම් දැන්ම තියා පරිස්සම් වෙන්න.. (sweat)

2009 July 19

Block unwanted Facebook Apps…

Filed under: Internet — Tags: , , , — GNS @ am 11:07

Facebook වල මේ දවස් වල යන අලුත්ම trend එක තමයි Facebook Apps.. ‍

කොච්චර නැගල යනවද කියනව නම් එකම දේට Apps 4,5 උනත් ‍තියෙන වෙලාවල් දකින්න පුළුවන්.

ඒත් මේ Apps කොච්චර විශ්වාසවන්තද කියල අපිට දැනගන්න පුළුවන් ද?

Facebook Terms වලට අනුව අපි, අපි ගැනම බලාගන්න ඕනෙ.

1. You should have control over your personal information.
Facebook helps you share information with your friends and people around you. You choose what information you put in your Profile, including contact and personal information, pictures, interests and groups you join. And you control the users with whom you share that information through the privacy settings on the Privacy page.

.

ඒක නිසා Apps (Apps විතරක් කෙමෙයි ඕනෙම දෙයක්. නමුත් Apps විශේෂයි) එක්ක ගණුදෙණු කරද්දි පොඩ්ඩක් පරිස්සම් වෙන එක ඇඟට ගුණයි.

ඒක නිසා ඕනෙම App එකක් Add කරගන්න කලිං ඒකට අදාල Application ‘Page’ එකට පොඩ්ඩක් ගිහිල්ල බලන්න.
Facebook App 1

.

එයට අදාල පිටුවෙ විස්තර වලින් හරි අදහසක් ගන්න අමාරු වුනත් ‘කී දෙනෙක් ‍මේක පාවිච්චි කරනවද, Facebook Verifiedද’ වගේ දල අදහසක් ගන්න පුළුවන්...

(Ratings සඳහා ඇති තරු වලින් එච්චර ලොකු අදහසක් ගන්න බෑ. නමුත් තම මනාපය ගොඩක් දෙනෙක් පල කරල තියෙනවනම් සහ ඒවා හොඳ මට්ටමේ පවතිනව නම් ධනාත්මක අදහසක් ලබාගන්න පුළුවන්…)

( Facebook Certified උන නිසාම එය 100%ක් විශ්වාසදායී නොවන බවත් මතක තියාගන්න)

.
කොහොම හරි, ඒ ඉස්සරහට Add කරගන්න Apps නෙ.. දැං Add කරගෙන ඉන්න එවුවට මොකද වෙන්නෙ එතකොට?

Remove කරල දැම්මත් 100%ක්ම ඉවත් වෙන්නෙ නෑ. අපේ විස්තර ගත්ත එවුව උනත් තවම තියාගෙන ඉන්නව වෙන්න පුළුවන්..

ඒකට තියෙන හොඳම විසඳුම තමයි BLOCK කරල දාන එක.

ඒ සඳහා Application Settings වෙතට යන්න..

.

.

Application Settings හි ඇති “Allowed to Post”

තුල අපි එදාමෙදා තුර Add කරගත්

සියළුම Apps,

යන ප්‍රවර්ග යටතේ List වෙලා තියෙනවා.

.

මේ අතරින් ඔබට අනවශ්‍ය App එකෙහි Application Profile එකට යන්න. (Apps ගොඩක් නම් එකින් එකට යන්න වෙනවා)

ඊට පස්සෙ කරන්න තියෙන්නෙ Block ක්ලික් කරන්න විතරයි.

ඉන්පසු එය තහවුරු කරන ලෙස ඉල්ලා සිටීවි. එවිට එය තහවුරු කරන්න.

එච්චරයි… :D

.

[තවත් දෙයක්, Apps සඳහා Privacy Settings හදන්නත් අමතක කරන්න එපා. එය http://www.facebook.com/privacy/?view=platform&tab=other මඟින් කරගන්න පුළුවන්.

ඔබ Block කරන ලද Applications හි ලැයිස්තුව ද මෙහිදී ඔබට බලාගන්න පුළුවන් (පස්සෙ Unblock කරන්න එහෙම ඕනෙ උනොත් ;) )... ]

.

දැන් දැන් විවිධ අනවශ්‍ය කටයුතු සඳහා විස්තර ලබාගැනීමට Facebook හොඳ මාධ්‍යයක් වේගෙන එන කාලෙ, ඉල්ලං කන්නෙ නැතුව Facebook පාවිච්චි කරං හිටියනං අන්තිමට ඔවුවට බනින්න වෙන එකක් නෑනෙ :D

2009 April 26

මුහුණු පොතේ පිටු ඉවත් කිරීම ???

Filed under: Internet — Tags: , — GNS @ pm 2:29

මටත් ඉතිං නිකං ඉන්න බැරුවට මගේ මුහුණු‍පොත් ගිණුමේ ඉන්න යාළුවො (මගෙ යාළුවො නෙමෙයි, ෆේස්බුක් කරයො මගේ යාළුවො කියල හිතන් ඉන්න අය) කීදෙනෙක් ඉන්නවද කියල පොඩ්ඩක් විපරම් කරලා බැලුවා. හප්පේ දෙසීය විසි පහක් ඉන්නවා :D

නරකමත් නෑ වැඩේ. ‍

ඒත් පොඩි ප්‍රශ්නයක්…!!! මම හුඟක් අයව කවුද කියලවත් දන්නෙ නෑ. (මාර යාළුකමක් තමයි ඒකත්). අනික සමහරු මේ පොත මාස ගානකින් ඇරලවත් නෑ. ( ඒක නිසාද කොහෙද Facebook එකෙන්ම අපිට ලඟදි ක්‍රියාකාරී උන අයව වෙනම බලාගන්න විදිහක් හදල තියෙන්නෙ :P )

කොහොම හරි කතාව මේකයි…

මම පොඩි තීරණයක් ගත්තා මගේ පොතේ පිරිල ඉන්න සෙනඟ අඩු කරන්න.

පොඩ්ඩක් ගණන් කරල එහෙම බැලුවා. ඇතුලෙ ඉන්න ටිකට් දෙන්න වෙන්නෙ 83දෙනෙකුට (හරියටම බැලුවෙ නෑ. ඒක නිසා පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන් :) ) විතරයි. ඉතුරු 142ටම සොරි තමයි..

.

මේක ටිකක් දරුණු තීරණයක්. මොක්කු උනත් මිනිස්සු නෙ. සිත් රිදවීම් ඇතිවෙන්න පුළුවන්.

ඒක නිසා මම මේ තීරණය ක්‍රියාත්මක කරන්නද, එපාද කියල Comment එකක දාලා පොඩි සහයෝගයක් දෙන්න.


.

Powered by WordPress