Posts tagged Huawei
Mobile Partner වෙනුවට Mobile Connect ???
Mar 19th
අද Huawei E220, Unlock කරමුද? Post එකට ලක්මාල් සහෝදරයා විසින් එවපු එකක් මේක, ඒ තමයි Huawei E220 මොඩම් එකේ Firmware Upgrade එකක් කිරීම තුලින් Mobile Partner වෙනුවට Mobile Connect නමින් වෙනත් මෘදුකාංගයක් ස්ථාපනය කරගැනීම.
මේ Update එක ගැන කාලිංග අයියත් කියල තියෙනවා.
මුලින්ම මේ Update File එක Huawei වෙබ් අඩවියෙන් ලබාගතයුතුයි. ඒ සඳහා මෙම සබැඳුම භාවිතා කරන්න.
ඉන් පසු අන්තර්ජාලයෙන් Disconnect වී මෙය ස්ථාපනය ආරම්භ කරන්න (විනාඩි 2~3ක වැඩක්).
එච්චරයි.
…
My Computer හි පෙන්වන නව අයිකනය 
…
Splash Screen එක

…
අතුරු මුහුණත

…
පොඩි දෙයක්… මේකෙ සැකසුම් ටික නම් තමන්ටම හදාගන්න වෙනවා.

…
Mobile Partner වල තිබුන Download/Upload History එක පෙන්වන Chart එක මේකෙ නෑ. ඒ වුනත් SMS හෝ Contacts වින්ඩෝවලින් එකක විවෘත කිරීම මඟින් දැන් පවතින වේගය හා මෙතෙක් ලද උපරිම වේගය බලාගන්න පුළුවන්

……
පසු සටහන…
- මේකත් Mobile Partner වගේම තමයි.
- මේකෙ මොඩම් එක අඳුරගෙන Initialize වෙන්න Mobile Partner එකට වඩා වෙලා යනවා (ඒ කියන්නෙ මේක Initialize වෙනවා slow)
- Mobile Partner වල තිබුන Upload/Download History පෙන්නන වින්ඩෝව මේකෙදි නෑ
Update කරනව නම් මෙව්වත් සලකා බලන්න…..
Huawei E220, Unlock කරමුද?
Feb 13th
කලින් දැකල තියෙනව වගේ නේද මේ වගේ Title එකක්?
ඔව් ඔව්. තිබුනෙ ElaKiri.com එකේ.
ඒකෙම ‘සිංහල’ කොපිය තමයි. FallenZeraphine අයියගෙන් අහල එහෙම තමයි translate කලේ.
ඉස්සෙල්ලාම කියන්න තියෙන්නෙ මේ කරන දේ පිළිබඳව හෝ ඉන් ඇතිවන අතුරු ඵල සම්බන්ධව වගකීම තමන්ම භාරගත යුතු බවයි.
එහෙනම් වැඩේට බහිමු….
ඕනෙ කරන දේවල්.
E220 firmware update
QMAT – QC Mobile Analysis Tool
A Hex Editor ( like XVI32 )
E220 Simlock Unlocking tool
ඔක්කොම Download කරල ඉවර වුනාට පස්සෙම වැඩ පටන් ගන්න එක නුවණට හුරුයි.
නැතිනම් TV එක බලාගෙන කෑම හැදුව වගේ තියෙයි.
ඉස්සෙල්ලාම E220 Firmware Update එකෙන් Firmware Update කරගන්න. ඒකෙන් තමයි Modem එක සිරා 7.2Mb/s modem එකකට Upgrade වෙන්නේ.

කරල ඉවරයි නම් පහලට යන්න
(මෙම යාවත්කාල කිරීම සම්පූර්ණයෙන්ම කිරීම අත්‍යවශ්‍ය නොවන අතර අවශ්‍ය නම් පමණක් අවසාන වනතුරු සිදුකල හැක. කෙසේ වුවත් මෙය Run කර මොඩමය detect කරන තුරු සිට වසා දැමීම Unlock ක්‍රියාවලිය සඳහා ප්‍රමාණවත් වේ )
—–
දැන් QMAT (QC Mobile Analysis Tool) එක විවෘත කරන්න.

එහි ‘Hardware Forensics’ මෙනුවේ ඇති ‘Use Com/USB Port’ හරහා QC Com Diag Window’ එක විවෘත කරගන්න.
එවිට පහත ආකාරයේ වින්ඩෝවක් දිස්වනු ඇත

එහි ‘Select Com Port:’ හි ඔබගේ මොඩමය තෝරා ගන්න. (අංක 1) [ COMX – HUAWEI Mobile Connect – 3G PC UI Interface (COMX) ]

උදා: මෙහි COM4 – HUAWEI Mobile Connect – 3G PC UI Interface (COM4)
මෙහි Send CMD ක්ලික් කර, මෙම වින්ඩෝවේම පහළට වන්නට (අංක 2) ඇති Status වෙනුවට Successfully send command. යනුවෙන් දිස්වන තෙක් බලා සිටින්න.

අනතුරුව Com Functions (all in hex) හි ඇති Drop Down මෙනුවෙන් ‘Read EFS’ තෝරා ‘Lets go’ ක්ලික් කරන්න.

එහිදී මතුවන Save as වින‍්ඩෝවේදී Filename එක ලෙස ‘efs.bin’ ලබා දී Save ක්ලික් කරන්න.
දැන් ඔබගේ මොඩමයේ File System එක read කිරීම ආරම්භ වේ.
මේ සඳහා මිනිත්තු කිහිපයක් ගත වේ. මන්ද මෙය මෙගා බයිට් 32ක (32MB) ගොනුවකි.
වැදගත් :
- මෙහිදී යොදාගනු ලැබුවේ QMAT හි Register නොකරන ලද සංස්කරණයකි. එම නිසා මෙය මිනිත්තු 10ක් අවසානයේදී ඉබේම Close වී යයි. එසේ සිදු වුවහොත් නැවත උත්සාහ කරන්න. මූලික පියවරයන් වේගයෙන් කිරීම මඟින් කාලය ඉතිරිකරගත හැක.
- සාමාන්‍ය තත්වයන් යටතේ QMAT හි සියළු කාර්යයන් මිනිත්තු 10 තුලදී අවසන් වේ.
- දිගින් දිගටම Read කිරීම සම්පූර්ණ කරගැනීමට අපොහොසත් වුවහොත් මොඩමය Disconnect කර නැවත Connect කර උත්සාහ කරන්න.
QMAT එකේ වැඩ කටයුතු අවසන්.
—–
දැන් XVI32 Hex Editor එක විවෘත කර QMAT වලදී save කරගත් efs.bin ගොනුව විවෘත කරගන්න.
එහි Search මෙනුවේ ඇති Find වෙත ගොස් Hex String හි ’53 64 2c 00’ යනුවෙන් සඳහන් කර සෙවීම ආරම්භ කරන්න.
සෙවීම අවසන් වන්නේ ’53 64 2c 00′ ඇති ස්ථානය සොයාගැනීමෙන් අනතුරුවය.

එම ’53 64 2c 00′ ඇති ස්ථානය කෙලින්ම දකුණු පැත්තේ ඇති වින්ඩෝවේ ඔබගේ මොඩමයේ Unlock code එක සඳහන් වී ඇත.
(බොහෝ විට එහි
ලකුණට (මෙය හතේ ඉලක්කම නොවේ) පසුව Unlock code එක ඇත) මෙය ඉලක්කම් 8කින් යුක්ත අංකයකි. එම වින්ඩෝවේ එක පෙලට අංක 8ක් ඇත. අනිත් සියලු අංක එක පෙලට ඇත්තේ 3ක් හෝ 4ක් පමණි. එක පෙලට ඇති අංක 8 ඔබගේ Unlock Code එකයි..
—–
දැන් ‘E220 SimLock UnLock’ විවෘත කර ඔබ ලබාගත් unlock code එක ඇතුල් කරන්න.

ඔබ සාර්ථකව සියළු පියවරයන් ඉටු කලේ නම් මොඩමය unlock වූ බව තිරයේ දිස්වෙනු දැකිය හැක.
සුභ පැතුම්
මූලාශ්‍රය :
Guide: How to Unlock the Vodafone Huawei E220 Modem by FallenZeraphine
Proof read කල හා වැරදි තැන් පෙන්වා දුන් ගයාන් අයියාට විශේෂ ස්තුතිය.
Huawei E220 සහ අම්බානකට රත්වීම…
Feb 5th
ඔබගේ මොඩමයත් Huawei E220 (Vodafone) මොඩමයක්ද?
මෙන්න මේ වගේ..

කොහොමද උෂ්ණත්වය එහෙම?
ආයෙ කියල වැඩක් නෑ මගෙ එක නම් රත්වෙනවා පතුරු යන්නම.
මාර දුකයි,
ඒක හින්දා පොඩි ජිල්-මාට් එකක් කරල උෂ්ණත්වේ ටිකක් බැස්සුවා.
හරි හමන් Heat Sink එකක් නම් හොයාගන්න බැරි වුනා. කොහොම උනත් හම්බ වුන එක නම් අකුරට තමන්ගෙ වැඩේ කරනවා.


ටිකක් විතර බය හිතෙනවා නේද?
මෙන්න මේ දැන් ගත්ත SpeedTest Report එකක්
උෂ්ණත්වය අඩු කිරීමේ ව්‍යාපෘතියෙන් වේගයට නම් බලපෑමක් නෑ
(IDM වලින් 180-190KB/s සාමාන්‍යයෙන් එනවා. ඒත් ගිගා 6 නිසා ඒ තරම් ම වැදගත් නැති එක වෙනමම කතාවක්)

දැන් තියෙන ප්‍රශ්නෙ තමයි මේ Heat Sink එක නිසා භෞතිකව මොඩමයට හානියක් වෙනවද කියන එක (Modem එකේ Life Time එක අඩුවෙනවා වගේ දෙයක් ) එහෙම මුකුත් අතුරු විපාක තියෙනව නම් දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න හොඳේ? …




